නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍ර

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍ර

    නිර්මාංශමය ආහාර වේලක බොහෝ ප්‍රෙයා්ජනයන් ඇත. නමුත් බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ නිර්මාංශමය ආහාර වේලකින් අපට අවශ්‍ය ප්‍රෝටීන ලැබෙනවාද යන්නයි. බොහෝ නිර්මාංශිකයින් ප්‍රෝටීන ගැටළුව නිසා නැවතත් මස් වර්ග ආහාරයට පෙළඹේ. නමුත් නිර්මාශ ආහාර වේලක් හරිහැටි ගැනීමෙන් අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ලබාගත හැකිය. නිර්මාංශමය ප්‍රෝටීන ආහාර අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර, දිරවීම ද පහසුය.

    1120.jpg


    මස් මාළු වලින් තොරවූවන්ට කිරි වැඩිපුර පානය කිරීම ද සුදුසුය. නමුත් සමහර පුද්ගලයින් කිරි පවා පානය කිරීමෙන් වැළකී සිටී.
    මේ සියළුම නිර්මාංශික පුද්ගලයින්ට ප්‍රයෝජනවත් වන ප්‍රොටීන ප්‍රභවයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ගෙන ඒ.
    01. ග්‍රීන් ප‍ීස්
    සළාද වර්ග ආහාරයට ගන්නා විට ඒ සමග ග්‍රීන් පීස් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැන්‍ීම මගින් දිනකට ග්‍රෑම් 4ක් පමණ ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගත හැකි වේ.



    178.jpg


    02. අර්තාපල්
    අර්තාපල් වල ඇත්තෙන්ම ප්‍රෝටීන අන්තර්ගත වේ. මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක ග්‍රෑම් 5ක පමණ ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ.

    255.jpg


    03. Brussels Sprouts
    මේවායේ විටමින් හා ඛණිජ වර්ග වලට අමතරව ප්‍රෝට‍ීන ද අන්තර්ගත වේ.

    346.jpg


    04. නිවිති
    නිවිති කෝප්පයකින් දිනකට අවශ්‍ය ප්‍රෝටීන ග්‍රෑම් 5 – 6ක් පමණ ලබාගත හැකිය.

    spinach-nivithi.jpg


    05. පරිප්පු
    පරිප්පු හොද ප්‍රෝටීන ප්‍රභවයකි‍. ඉන්දියානු ආහාර වර්ග සෑදීමේදී පරිප්පු සෑම විටම වැඩියෙන් භාවිතා වේ. නිර්මාංශික ඔවුන්ගේ සාම්බාර් හා පොංගල් සෑදීමේද්‍ී පරිප්පු වැඩියෙන් භාවිතා වේ.



    543.jpg


    06. ආමන්ඩ්
    ආමන්ඩ් රැය පුරා වතුරේ පෙගෙන්නට දමා උදෑසන ආහාර වේලට එක්කර ගැනීමෙන් ප්‍රෝටීන ලබාගත හැක

    635.jpg



    07. බ්‍රොකොලි
    තන්තුමය ආහාරයක් වන බ්‍රොකොලි, හොද ප්‍රෝටීන ප්‍රභවයක් ද වේ.

    729.jpg


    08. බඩ ඉරිගු
    මේවාද හොද ප්‍රෝටීන් ප්‍රභවයන් ය.

    830.jpg



    Sirasa_online_logo1.jpg





     
    Last edited:
    Nov 27, 2015
    45
    3
    0
    මස් කන අය නිකමට එක සතියක් එලවලු විතරක් කාලා බලන්න.. ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.. ගමේ ක්‍රමේට පොලොස් ඇඹුල උයලා වම්බටු බන්ඩක්කා වගේ එලවලු ටිකක් එක්ක රතු බත් කන්න පුලුවන්නම් ගුනයි. තේ වෙනුවට, බෙලිමල්, වියලි නෙල්ලි තම්බලා බොන්න පුරුදු උනානම් ගැස්ට්‍රයිටිස් තියන අයට හොදයි..
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ගුඩ් පෝස්ට් මචං..:cool:
    නිවිති කියල කංකුං දැම්මෙ ඇයි යකෝ..:lol:

    :confused::confused::confused:
    හැදුවා. Office එකේ ලොක්කන්ට හොරෙන් thread දානකොට ඔහොම වෙනව...
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ගුඩ් පෝස්ට් මචං..:cool:
    නිවිති කියල කංකුං දැම්මෙ ඇයි යකෝ..:lol:


    මාත් ඕක අහන්න හිටියේ කින්ඩියට... අයෙත් හිතුන වැදගත් දෙයක් මහන්සිවෙලා හදල තියෙනවා කියල.....