නිර්වාණය අතින්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ &#

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
sathara paramarthayan thawa pahadili karanna puluwanda? man kalin ahala na. theruwan saranai.

පරමාර්ථ සතර

සත්වයන් සහිත වු මේ ලෝකය ඉතා සියුම් ලෙස ව්භාග කළාම අන්තිමට ලැබෙන ඉතාම සියුම් ස්ව්භවයෝ ප‍ර‍මා‍ර්‍‍ථ ධ‍ර්‍මයෝ‍ ය.‍ ලො‍ක‍ය‍ට‍ අ‍යත්‍ සි‍ය‍ල්‍ලේම‍ මු‍ලි‍ක‍ ධ‍ර්‍ම‍යෝ ප‍ර‍මාර්ථයෝ ය. ඒවා ගල් කැට, මැටි කැට, ආදිය බදු ධර්මයන් නොව, බල වෙගයෝ ය. එබැවින් දික් බව්, කැටි බව, කුඩා බව, මහත් බව, සත‍රැස් බව, ආදි ස්ටහන් ඒවාට නැත්තෙ ය.

චිත්තය
gena wistharaya ithamath diragaya

පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනිමය. සිතය කියනුයේ ද එයට ය. ඇ‍ස‍, ක‍න‍, නා‍ස‍ය, දි‍ව‍, ක‍ය‍ ය‍න‍ මේ ඉ‍න්‍දි‍ය‍ ප‍ස‍ නි‍සා‍ත්‍, ශු‍ද්‍ධ‍
මනො‍ද්‍වා‍ර‍ය‍ නි‍සා‍ත්‍ එ‍ දැ‍නි‍ම‍ ඇ‍ති‍වෙ‍. ඇ‍ස‍ නි‍සා‍ ඇ‍ති‍ව‍න‍ දැ‍නි‍ම‍ට‍ දැ‍කි‍ම‍ යයි‍ ද‍, ක‍න‍ නි‍සා‍ ඇ‍ති‍ව‍න‍ දැ‍නි‍ම‍ට‍ ඇ‍සි‍ම‍ ය‍යි‍ ද‍ කි‍ය‍ති‍. දැ‍කි‍ම‍
පෙ‍නි‍ම‍ ක‍ල්‍ප‍නා‍ වි‍ම‍ අ‍ද‍හ‍ස්‍ ප‍හ‍ළ‍ වි‍ම‍ ය‍න‍ මෙ‍ ව‍ච‍න‍ව‍ලි‍න්‍ කි‍යැ‍වෙ‍න්නෙ‍ චි‍ත්‍ත‍ය‍ හෙ‍ව‍ත්‍ සි‍ත‍ය‍. දැ‍නෙ‍න‍ දෙ‍ව‍ල‍ට‍ අ‍ර‍මු‍ණු‍ යයි‍ කි‍ය‍නු‍ ලැ‍බෙ‍
අ‍ර‍මු‍ණ‍ක‍ ස‍ම්‍බන්ධ‍ය‍ක්‍ නැ‍ති‍ව‍ කි‍සි‍ ක‍ලෙ‍ක‍ සි‍ත‍ක්‍ ඇ‍ති‍ නො‍වෙ‍. බෙ‍ර‍ය‍ක‍ට‍ ග‍ස‍න‍ ක‍ල්‍හි‍ ව‍දි‍න‍ ප‍හ‍රි‍න්‍ වෙ‍න‍ වෙ‍න‍ ම‍ බෙ‍ර‍ හ‍ඩ‍ ඇ‍ති‍ ව‍න්‍න‍ක්‍
මෙ‍න්‍ ඉන්‍න්‍දි‍ය‍ය‍න්‍හි‍ අ‍ර‍මු‍ණු‍ ගැ‍ටෙ‍න‍ ක‍ල්‍හි‍ එ‍වා‍ ස්‍ම්‍බ‍න්ධ‍යෙ‍න්‍ වෙ‍න‍ වෙ‍න‍ ම‍ සි‍ත්‍ ඇ‍ති‍ වෙ‍. ඒ දැ‍නි‍ම‍ සි‍ය‍ල්‍ල‍ ම‍ කි‍රි‍යා‍වො‍ය‍. එ‍බැ‍වි‍න්‍ ඇ‍ති‍ව‍න‍
සි‍ත්‍ සි‍ය‍ල්‍ල‍ ම එ‍කෙ‍ණෙ‍හි‍ ම‍ නැ‍ති‍ වෙ‍. දැ‍නි‍ම්‍ මා‍ත්‍ර‍ය‍ ම චි‍ත්‍ත‍ය හෙ‍ව‍ත්‍ සි‍ත‍ බව‍ ම‍ත‍ක‍ තබා‍ ග‍ත‍ යු‍තු‍ය.

චෛතසික
gena wistharaya ithamath diragaya

සි‍ත‍ක්‍ හෙ‍ව‍ත්‍ අ‍ර‍මු‍ණු‍ දැ‍නි‍ම‍ක්‍ ඇ‍ති‍ ව‍න‍ ක‍ල්‍හි‍ ඒ දැ‍නි‍ම්‍ කි‍යා‍ව‍ හා‍ මි‍ශ ව‍ ඇ‍ති‍ ව‍න්‍නා‍ වු‍ අ‍න‍්‍ය‍ කි‍යා‍වො‍ චෛතසිකයෝ ය‍.
චෛතසික දෙ‍ප‍න‍ස‍ක්‍ ඇ‍ත‍ (52). සි‍ත‍ ස‍ම‍ග‍ එ‍ක‍ට‍ ඉ‍ප‍දි‍ම‍ ය‍, එ‍ක‍ට‍ නැ‍ති‍ වි‍ම‍ ය‍, සි‍ති‍න්‍ ග‍න්‍නා‍ අ‍ර‍මු‍ණ ගැ‍නි‍ම‍ ය, සි‍ත‍ට‍ නි‍ශය‍ වු‍ ව‍ස්‍තු‍ව‍ ම‍
නි‍ශය‍ ක‍ර‍ ගැ‍නි‍ම‍ ය‍ ය‍න‍ මෙ‍ ක‍රු‍ණු‍ ස්‍ත‍ර‍ චෛතසිකය‍න්‍ ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය. සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නුපදිති.
සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේද නැත. සම්පුරණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදිමේ ශක්තියක් සිතට ද නැත.
ඒහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උප්දි. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත.

රුපය
gena wistharaya ithamath diragaya

සත්ත්ව ශරිර හා බාහිර වස්තුන් සැදි ඇති මුලික ධර්ම රාශිය රුපයෝ ය. රුප විසි අටක් ඇත්තේ ය. ඒයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති
එක් රුපයක් පමණෙකි. ඉතිරි සත්විස්ස 27 ඇසට පෙනෙන රුප නො වේ. රුප යන වචනයේ තේරුම ශි‍තෝෂ්ණාදි විරුද්ධ දෙය හා එක් විමෙන් විකාරයට
පැමිණෙන දෙය ය යනුයි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් ශි‍තෝෂ්ණාදිය ඒවායේ ගැටිමක් සිදු නො වේ.

අටවිසි රුපය (රුප 28)

භුත රුප ස්තර
ප්‍රසාද රුප පස
ගෝචර රුප පස
භාව රුප දෙක
හෞදය රුපය
ජිවිත රුපය
ආහාර රුපය
අකාශ ධාතුව
විඥප්ති රුප දෙක
විකාර රුප තුන
ලක්ෂණ රුප ස්තර

නිර්වාණය gena wistharaya ithamath diragaya

paramaratha sathara abidharamayata ethulath dharama kotasaki wisthara wasayen paramartha satharata aithi dharma ithamath diragaya ekinekata aithi kotas wisala gananki. paramartha sathara gena sulu washayen kiwa hekida nowe

uputa genima abidharma margaya saha abidharmaye mulika karunu rerukane chandha wimala mahana himi
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම පින් Renesas. මං අභිධර්මය කොටස කියවල නැහැ. රේරුකාණෙ හාමුදුරුවන්ගෙ පොත හොයාගෙන කියවන්නම්. මේක හුඟක්ම දීර්ඝ විස්තර සහිත මාතෘකාවක් නේද? රූප කිව්වම මම හිතුවෙ භූත සතර විතරයි. මෙතන විසි අටක් ගැන කියනව. :shocked:

බොහොම පින්. තෙරුවන් සරණයි.
:)
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
බොහොම පින් Renesas. මං අභිධර්මය කොටස කියවල නැහැ. රේරුකාණෙ හාමුදුරුවන්ගෙ පොත හොයාගෙන කියවන්නම්. මේක හුඟක්ම දීර්ඝ විස්තර සහිත මාතෘකාවක් නේද? රූප කිව්වම මම හිතුවෙ භූත සතර විතරයි. මෙතන විසි අටක් ගැන කියනව. :shocked:

බොහොම පින්. තෙරුවන් සරණයි.
:)

ow rupa kotasa wagema චිත්තය, චෛතසික saha නිර්වාණය ta aithi dharma ganana boho wisalai e e dharma thawath boho gananak darma walata bedenawa. obatath bohoma pin theruwan saranai :)
 

Dinushawith

Member
Jan 13, 2009
12
1
0
සිත ගැන තේරුම් ගන්න ලේසිම විදිය තමයි කාලය ගැන තේරුම් ගන්න එක... කාලය කියලා අපට දැනෙන්නෙ වෙනස් වෙන එක.. කෙටියෙන් කියනවනම් කාලය කියන සංකල්පයට තියෙන සරළම සහ නිවැරදිම අර්ථ දැක්වීම තමයි වෙනස් වීම කියන එක... අපේ සිතත් ඒ වගේ තමයි, ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා. නොයෙක් අරමුණු එනවා... කුසල් සිත්, අකුසල් සිත් වගේම උපේක්ෂා සහගත සිත් වගේ සිත් වර්ග ගොඩක් හදුනා ගන්න පුළුවන්.. රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් වල මේ ගැන සරළව සහ නිවැරදිව විස්තර කරල තියනවා.

අපි සිතක් කියලා හදුනා ගන්නේ සිත් පේලියක් ඉතා වේගයෙන් ඇතිව නැතිව යාම නිසා ගොඩාක් අරමුණු සහ හැකියාවන් ඉක්මනට ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒත් සිත දිහා හොදින් පැහැදිලිව බලන්න පුරුදු වෙන කෙනෙකුට මේ ඇතිවෙලා නැතිවෙලා යන සිතේ හැකියාවන් හදුනා ගන්න පුලුවන් වෙනවා. ඒකට මුලින්ම සිත එක අරමුණකට ගන්න පුරුදු වෙන්න සිද්ධ වෙනවා. සමථ භාවනාව කියන්නෙ ඒකට. කරන හැම දෙයක්ම සිහියෙන් කරන එකත් මේකට ඇතුලත්. හුස්ම ඉහල පහල යන එක ගැන විමසිල්ලෙන් සිටින එක ලේසිම විදියක්.

මෙ විදියට සිත එක අරමුණක තියාගන්න පුරුදු වෙනකොට සිත එක එක මට්ටම් වල පවත්වා ගන්න පුරුදු කරන්න පුළුවන්. ධ්‍යාන කියන්නෙ ඒවට තමයි. මේ විදියට දියුණු කරගන්න ගොඩක් හැකියාවන් ලෛාකික දේවල්. ඕනම ආගමක කෙනෙකුට ඒවා දියුණු කර ගන්න පුළුවන්. ගොඩක් ආගම් වල ශාස්තෲ වරු භාවනා කළා කියලා දැක්වෙනවා. ඒ අය ඒ නිසා විශේෂ හැකියාවනුත් දියුණු කරගෙන තියෙන බව ඒවයේ පොත් කියවනකොට පේනවා.

ඒත් නැවත ඉපදෙන එක නවත්තන්න ඒ කලින් කියපු සමථ භාවනාවට බෑ. තමන්ගේ සිතේ ඇතිවෙලා නැතිවෙලා යන විවිධ සිතුවිලි දිහා නැවත හැරිලා බලන්න පුරුදු වෙන එක තමයි ඒකට කරන්න තියෙන දේ. මේකට තමයි විදර්ශනා එහෙම නැත්නම් විපස්සනා කියන්නේ. විපස්සනා කිව්වෙ විශේෂයෙන් දකින එක ගැන. එහෙම බලන්න පුරුදු වෙන කෙනෙකුට ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා තමන්ට දැනෙන කිසිම දෙයක් සදාකාලික නෑ කියලා. ඒ කියන්නේ අනිත්‍යයි කියලා. ඒ වගේම ඒ නැතිවෙන දේවල් තමන්ගෙ කියලා ගත්තහම දුකක් කියලා. අන්තිමට මගේ කියලා කියන්න පුළුවන් දෙයක් නෑ කියලා. මේක තමයි තිලක්ෂණය කියන්නේ. එයා කිසිම දෙයකට ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව මුලාවෙන්නෙත් නැතිව ඉන්න තත්වයට සම්පූර්ණයෙන්ම පත්වෙනවා. මගේ නොවන, නිත්‍ය ‍නොවන දෙයකට ඇලෙන ගැටෙන මුලා වෙන එක තේරුමක් නෑ කියලා එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා. හැම දුකකටම හේතුව තණ්හාව කියලා තේරුම් ගන්නවා, තණ්හාව නැති වුණාම හැම දුකක්ම නැති වෙන බව හරියටම දැන ගන්නවා. කිසිම අන්තයකට බර නොවී විවෘතව තමා දිහාත් ‍ලෝකය දිහාත් බලන්න ගන්නවා. මේ විදියට බලන එකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. මේ මාර්ගයට හරියටම පිවිසුණු කෙනා හැම බැදීමකින්ම මිදෙනවා. මේකට කියනවා රහත් වෙනවා කියලා.