නිර්වාණය (නිවන)

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
නිර්වාණය (නිවන)


[FONT=&quot]බුද්ධ ධර්මයේ මූලිකම ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍යය. සංයුක්ත නිකායේ කෝටිගාම සූර්‍තය බැලුවම ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා. මේ චතුරාර්ය සත්‍යයෙන් තුන්වැනි සත්‍යය තමයි නිර්වාණය. බෞද්ධයයි කියා ගන්නා බොහෝ අයට මේ නිර්වාණය කියන දේ ලොකු ප්‍රශ්ණයක් බවට කාලාන්තරයක් තිස්සේ පත්වෙලා තියෙනවා. අද ඊයේක නෙමෙයි මේක ඇති වුනේ. අශෝක රජ්ජුරුවන්ගේ කාලෙදිත් මේ තත්වය ඇති වෙලා තියෙනවා. හුඟක්ම මුලින්ම හින්දු භක්තිකයො ඇති කල මේ ප්‍රශ්නෙ එතනින් එහාට ගැඹුරින් අරන් ගියේ මුස්ලිම් වරු. ඒ ප්‍රශ්නය ලෝකය පුරාම ප්‍රචලිත කරමින් අද අපි අතර ඉන්න මෝඩ බෞද්ධ යයි කියා ගන්නා අයගෙ ඔළුව අවුල් කරන තත්වයට මේක අරන් ආවේ ක්‍රිස්තියානි භක්තිකයෝ. [/FONT]

[FONT=&quot]ස්වර්ගයේ සමාදානයේ සැතපෙන්න, එහෙම නැත්නම් අල්ලාහ් එක්ක එක් වෙන්න, නැත්නම් බ්‍රහ්මයා සමග එක් වෙන්න කියන දේ තමයි මේ අය අදත් මිනිස්සුන්ට කියන්නේ. හැබැයි ඒ දේ කියන්නෙත් අනිත් සතුන්ට හිංසා කිරීමේ අනිත් සතුන්ව මරා දැමීමේ අයිතිය තමන් අදහන දෙවියන්ගේ නාමයෙන් තමන් අතේ තියගෙන. කොයි තරම් ලැජ්ජාවක්ද? අද ලෝකේ පවතින ආගම් 445 ම මේ වගේ මතවාදයන් තමයි දරන්නේ. හැබැයි බුද්ධ ධර්මයේ කියන නිවන මේ හැම දේටම වඩා වෙනස්. ඒ බව නියම බෞද්ධයෝ දන්නවා. [/FONT]

[FONT=&quot]නිර්වාණය කියන දේ තියෙනවාද නැද්ද කියන එක අද මිනිස්සුන්ට ප්‍රශ්නයක්. සමහරු නිවන් දකින්න බයයි. සමහරු හිතන්නේ නිවන් දකින්නේ මැරුණට පස්සේ කියලා. මට හිතාගන්න බෑ සිංහල හාලේ බත් කන බෞද්ධයෝ මේ තරම් මෝඩ වුනේ ඇයි කියලා. [/FONT]

[FONT=&quot]සම්මුති හා පරම සත්‍යයන් අතරෙ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදියට පරම සත්‍යයක් තමයි නිවන කියන්නේ. නිවන කියන දේ තියෙනවා ඇත්තටම. ඒත් ඒක මිනිසුන්ට ඇස් දෙක ලොකු කරන් බැලුවට පේන‍්නේ නෑ. තමන් විසින් අත් කර ගත යුතු දෙයක්. හරියට අර ලී දඬු දෙකක් එකට ඇතිල්ලුවාම එතනින් ඇතිවන ගින්දර වගේ තමයි නිවන කියන්නේ. ගින්දර එක්වෙලා තියෙන තැනක් එතනදි නෑ වගේම තමයි නිර්වාණය පවතින තැනක් නෑ. අර ලී දඬු දෙක ඇතිල්ලීමෙන් ඇති වෙන රශ්නය ගින්න ඇති කරන්න හේතුව වෙනවා වගේම සිතේ තියෙන සියළුම කෙලෙස් වලින් මිදුනම නිවන් සතුට විඳින්න පුළුවන් වාතාවරණය සැලසෙනවා. ඉතින් මේක මේ මැරුණ කියලා ලැබෙන දෙයක් නොවන බව අපි තේරුම් ගන්න ඕනා. [/FONT]

[FONT=&quot]ඊළඟට මේ නිර්වාණය කියන දේ කවදාවත් විස්තර කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එක් එක් අය තමන්ට දැනෙන විදියට නිවන මෙහෙමයි කියලා කිව්වාට ඒ දේ විස්තර කරගන්න පුළුවන් ඒ දේ කවුරුහරි අත් වින්දහමම තමයි.[/FONT]

[FONT=&quot]ඒත් අපි නිර්වාණය තියෙනවාද නැද්ද, එහෙම නැත්නම් අත්කරගන්න පුළුවන් දෙයක්ද නැද්ද කියලා ප්‍රශ්න ඇති කරගන්නවා.

දන්නවාද අපි හැමෝම දන්නවා, දැකලා තියෙනවා, අහලා තියෙනවා මහ මුහුද කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් කවුරු හරි අපෙන් අහනවා මහ මුහුදේ කොයිතරම් නම් වතුර තියෙනවාද කියලා. එහෙම නැත්නම් කොයි තරම් සත්තු මේ මහ මුහුදේ ඉන්නවාද කියලා. එතකොට අපි දෙන උත්තරය මොකක්ද? මෝඩ ප්‍රශ්න අහන්නැතුව ඉන්න කියන එක නොවේද ? අපි කියන්නැද්ද අහන්න ඕනා දේත් තියෙනවා එපා දේත් තියෙනවා ඔය ඇහුවේ අහන්න ඕනා දෙයක් නොවෙයි කියලා. මොකද අපි දන්නවා අපිට ඒකට උත්තර දෙන්න බැරි බව. මේ වගේම තමයි නිර්වාණය කියන දේ තිබුණත් කිසිම කෙනෙක්ට ඒක මෙහෙමයි කියලා දක්වන්න බෑ. [/FONT]


[FONT=&quot]ඉතින් ඒ නිසා නිවන ඇත්ද නැත්ද කියලා හිතන එක් තරම් මෝඩ වැඩක් තවත් නැති බව අපි වටහා ගන්න ඕනා. අපි කරන්න ඕනා ඒක ගැන හොයන එක නෙවෙයි, නිවන් දකින්න උවමනා කරන හේතු ප්‍රත්‍යය හඳුනාගන්න එකයි. මේ සඳහා කරන්න තියෙන එකම දේ තමයි හතර වෙනි ආර්ය සත්‍යය අපි තුල ඇති කරගන්න එක. රාග ද්වේෂ හා මෝහ යන අකුශල මුල් ක්‍රමයෙන් අපි අපේ සිත් තුලින් ඉවත් කරන්න උත්සහ දැරිය යුතුයි. ආත්මාර්ථකාමීත්වය අපි තුලින් ඉවත් කල යුතුයි. භාවනාව (සමථ-විදර්ශනා) වැඩිය යුතුයි. ඒ තුලින් අපිට අපේ අත්දැකීමෙන්ම දැනගන්න පුළුවන් නිර්වාණය කියන්නේ මොකක්ද මොන වගේ දෙයක්ද කොහෙද තියෙන්නේ කියන එක. නැතිව ඒ ගැන ප්‍රශ්න කරමින් වාද කරමින් කොයි තරම් දැඟලුවත් පලක් වෙන්නේ නෑ. [/FONT]

 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

[FONT=&quot]ඊළඟට මේ නිර්වාණය කියන දේ කවදාවත් විස්තර කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එක් එක් අය තමන්ට දැනෙන විදියට නිවන මෙහෙමයි කියලා කිව්වාට ඒ දේ විස්තර කරගන්න පුළුවන් ඒ දේ කවුරුහරි අත් වින්දහමම තමයි.[/FONT]

ලෝකය අත්හැරීමෙන් මිදීමෙන් ලැබෙන සුවය, ලෝකයේ වචන වලින් කෙසේ විස්තර කරන්නද :)

වෙලාව තියෙන කෙනෙක් මේකත් කියවන්න : http://blog.hiddendhamma.net/2010/03/hari-margaya/