නිරාගමික අය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ආගම් නිසා තිරිසන් වෙනව අඩුයි.

    අරාබිය ගැන අහලා නැද්ද උබ ඉන්නෙ අගහරු ලෝකෙ ද?
    ආගම් නිසා නෙමෙයිද කුරුස යුද්ධ ආවෙ?
    ආගම් නිසා නෙමෙයි ද යුරෝපෙ ඉන්දියවෙ සමහර ආගම් අදහන උන්ව සමූල ඝාතනය උනේ?
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    1596515282700.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    මම දෙයක් කියන්නද

    ආගම වඩා මිනිස්සුන්ගේ හික්මීම ඇති වෙන්නේ නිතිය හරියට තියෙන නිසා උද: දකුණු කොරියාවේ ඉස්සරහ බහුතරය බෞද්ධ, දැන් බහුතරකට ආගමක් නැහැ. හැබැයි උන් නීතියට පට්ට බයයි.. මුනට මුණ තියාගෙන රන්ඩු උනත් කෙලගන්නේ නම් නෑ විශේෂයෙන් ඌදුප්පත් එකෙක් නම් . මොකද ගුටිකාපු එකා ඉස්පිරිතාලේ ගිහිල්ල නැවතුනොත් ගහපු එකාගේ සේසතම මදි අරුට බෙහෙත් කරන්න

    ආගමික හික්මීම තියෙන්නේ තමාට තමන්ගේ අධ්‍යාත්මිකව ගමනක් යන්න

    අපේ රටේ මට හිතෙන්නේ ඔය දෙක පටලවාගෙන නිරා ලා නිකන් ෆෙමස් වෙන්න හදනවා උන් නිරා ල කියල ආගම් අදහන අය ෆෙම්ස් වෙන්න හදනවා උන්ගේ ආගම තමයි අංක එක කියල

    ඉතින් අපේ රටේ පැටලිලා තියන් අවුල ලෙහන්න මම දන්නේ නෑ. හැබැයි ඒ මිනිස්සු නීතියට යටත් ව ආගම වලට ගරු කරල බොහොම නිදහසේ ජිවත් වෙනවා අපේ රටේ නිරාල පුක ඉරාගෙන මැරෙන්න හදනවා වගේ එකක් මට තේරෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,144
    166,218
    113
    එකමත් එක රටක
    ආගම අපි ඉපදෙන කොට අපිට බලෙන්ම ලැබෙන දෙයක් බන්. අපි තේරුමක් නැතිව ඒකම තමයි ඇත්ත කියලා හිතන් ඉන්නවනම් තේරෙන කාලෙදිත් ඉතින් වැඩක් නෑ .. අනිත් ආගම්, දර්ශන දිහා බලලා එවල අපිට හරි දේවල් අනුගමනය කරල වැරදි දේ අතහැරලා ඉන්න ඕනේ ආගම් ඔලු උඩ තියාගෙන ඒකම මිනිස්සු බෙදන්න පාවිච්චි කරන්නේ නැතිව. තමන් ඉපදුන ආගම/දර්ශනයම හරි කියලා හිතන් හිටියනම් සිද්දාර්ථ රජ වෙනවා නේ..
    කොහොම හරි ආගමක් කියන්නේ හිතේ තියෙන්න ඕන දෙයක්. ඔය මුස්ලිම් වගේ අන්ද භක්තික වෙන්න හොද නෑ . බෞද්ද උනුත් මුස්ලිම් උන් ගොඩක් පල්ලි යන එක, අන්ද විශ්වාසය පෙන්නලා කියනවා ඒ වගේ වෙන්න ඕනේ කියලා. :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    1. උප්පැන්නේ ආගම සඳහන් වෙන්නේ නෑ කාගෙවත් ආගම උපතින් තීරණය වෙන්නේ නෑ නේ දෙමව්පියන්ගේ ආගම නේ ළමයට එන්නේ
    2. නියම නිරගමික උන් රඟන්නේ නෑ උන් කිසිම ආගමක් අදහන්නේ නෑ අදහන උන්ට මුකුත් කියන්නේ නෑ උන්ගේ මතයේ උන් ඉන්නව එහෙම උන් ලංකාවේ අඩුයි. ලංකාවේ ඉන්නේ නිරගමික රැඩිකල් උන් බහුතරය බුද්ධියෙන් නිරගමික උන් නෙවි කිසියම් වාසියකට එහෙම වෙලා (ngo වගේ සීන්)
    3. සිංහලු අතීතයේ පිරිසිදුව ඉඳල තීනවා සමහර අව්ල් සහගත තැන් තිනවනේ ඒවා වෙනුවට පස්සේ සුද්දන්ගේ ක්‍රම හොඳ උන වෙලාවල් තීනවා කිසිම ජාතියක් සර්ව සම්පුර්ණ නෑ අඩුපාඩු ගොඩක් තීනවා සිංහල-බෞද්ධ කියන්නෙත් එහෙම එකක්. උන්ගේ හොඳ වගේම නරකත් තීනවා
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බුද්ධාගම අදහන අපි ගැන හිතල බලපන් අපි කොතනද ඉන්නෙ කියල. අපේ හාමුදුරුවරු නිකායන්ට බෙදිල නැද්ද? මල්වතු අස්ගිරි කියල එක එක ඒව අටවගෙන කුල බේදෙ ඇති කරල. තව පිරිසක් සල්ලි පස්සෙ යනව. හොඳම වැඩේ තමයි බුද්ධාගම දර්ශනයක් හැටියට පිළිපදින එක මට නම් හිතෙන්නෙ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හැම පෝයටම සිල් ගන්න උන්ට වඩා ඔයාගේ හිත පිරිසිදුයි කියන නිගමනයට ආවේ කොහොමද මචං?
    ඒකෙන් සිල් ගන්න බණ අහන එක වැඩක් නෑ කියන අර්ථයත් එනවා. මමත් එහෙම සිල් අරන් තියෙනවා. මට බොහොම හොඳ මිනිස්සු ඒ අතර මුණ ගැහුණා. ඒ නිසා සාමාන්‍යකරණය (generalize) කරන්න එපා.
    ලංකාවේ බුදු දහමේ ප්‍රයෝගික දේවල් මිනිස්සු අතරට ගෙනිහින් තියෙන විදිහේ අවුලක් තියනවා. උදා- භාවනාවේ මූලික දෙයක් තමයි පුහුණුවේ ස්ථායී බව.
    හුඟක් අය භාවනා කරන්න ගියාට බන ඇහුවට ඒ පුහුණුව එතනින් ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒක කරන එකේ තමයි මැජික් එක තියෙන්නේ.
    උදා - කේන්ති යන දේවල් අතරේ කේන්ති නොගෙන ඉන්නේ කොහොමද? බොන මිනිස්සු අතරේ නොබී ඉන්නේ කොහොමද?

    හරි, බුදු දහම ආගමක් නෙවෙයි, අපේ හුඟක් අය ආගමක් විදිහට අල්ලාගෙන හිටියට.

    නමුත් වෙන ආගමකිනුත් බලාපොරොත්තු වෙන්නේ මිනිහෙක් හොඳ කරන එක. මිනිස්සු ආගමේ නාමෙන් වැරදි කළාට ඒක ආගමේ වැරැද්ද නෙවෙයි.
    උදා - පන්සලක හාමුදුරු නමක් හොඳ නෑ කියල බුදු දහමට ගරහනවානං ඒක ඉතාම වැරදියි.

    අනික් දේ සමහර ආගම් වලින් ඉතාම හොඳ දේවල් වෙලා තියෙනවා. කතෝලික පාසල් ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඉස්කෝල විදිහට. ඒ වගේම යහපත් අරමුණු ඇතුව ආධාර කරන කතෝලික ය ගොඩක් ඉන්නවා. ඒ වගේම හැම ආගමකම ඉන්නවා හරිම හොඳ මිනිස්සු.

    ලෝකේ ආගම් කීපයක් තියෙන්න හේතුව තමයි, විවිධාකාර මිනිස්සුන්ට, යහපත් වෙන්න ගැලපෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන් කම. ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඉතිං කොච්චර හරි දෙයක් උනත් කෙනෙකුට තේරෙන්නේ නැත්තන් කියන්න ගියොත් වෙන්නේ ඒ මනුස්සයාට එපා වෙන එක. ඒ නිසා ආගමක් තියන එක හොඳයි. ඉතින් සමහරුන්ට බුදු දහම හොඳයි, සමහරුන්ට, ක්‍රිස්තියානි හොඳයි, සමහරුන්ට ඉස්ලාම් හොඳයි, ඉතින් ආගමක් නැතුව ඉන්නවා නං ඒකත් හොඳයි. හැබැයි තමන් තමයි හරි අනිත් අයට වඩා හොඳයි කියන්න එපා.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    බුද්ධාගම අදහන අපි ගැන හිතල බලපන් අපි කොතනද ඉන්නෙ කියල. අපේ හාමුදුරුවරු නිකායන්ට බෙදිල නැද්ද? මල්වතු අස්ගිරි කියල එක එක ඒව අටවගෙන කුල බේදෙ ඇති කරල. තව පිරිසක් සල්ලි පස්සෙ යනව. හොඳම වැඩේ තමයි බුද්ධාගම දර්ශනයක් හැටියට පිළිපදින එක මට නම් හිතෙන්නෙ.
    අනිවරෙන්ම කොහොමත් බුදු හමාදුරුවෝ දේශනා කරේ දර්ශනයක් ඒක ආගමක් කර ගෙන තියෙන්නේ අපේ මිනිස්සුම තමා. බුද්ධ දර්ශණය කියන්නේ මනස ගැන කරපු ගැඹුරු අධ්‍යනයක්. ගොඩාක් මිනිස්සු මේ වගේ දේවල් වලට කැමති නෑ. මිනිස්සුන්ට ඕන ඇදහීම ටිකක් සහ පූජා ක්‍රම ටිකක් මොකද ඒව කරන එක ලේසි නිසා. ගොඩාක් බටහිර රටවල් වල බුදු දහම දැන් ජනප්‍රිය විගෙන යනවා ඒ මේ පූජා ක්‍රම නිසා නෙමේ බුද්ධ දර්ශනය නිසා.
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    මිනිස්සු දර්ශනය හා සංස්කෘතිය හදුනන්නේ නැතිකම තමයි ඔතන තියෙන ලොකුම ගැට්ළුව විදිහට මම දකින්නේ.

    උදාහරණයක් විදිහට බුද්ධාගම ගන්නකො. එතනදි බෞද්ධ සංස්කෘතිය කියන්නේ එක දෙයක්. බෞද්ධ දර්ශනය කියන්නේ තව දෙයක්. දැන් ථෙරවාදි බුදු දහම තායිලන්තයෙත් තියෙනවා.. අපේ බෞද්ධ දර්ශනයමයි. හැබැයි සංස්කෘතියේ අපිට වඩා වෙනස් කම් තියෙනවා.

    හැම ආගමකම දාර්ශනික කොටසක් තියෙනවා. ඒ වගේම සංස්කෘතික කොටසක් තියෙනවා. උදාහරණයක් විදිහට ආගම් කිහිපයක දාර්ශනික කොටස් අරන් බැලුවොත්-

    "නහි වේරෙන වේරානි" (වෛරයෙන් වෛරය නොසංසිදේ.)- ධම්මපදය.
    "Love your neighbor as yourself " - බයිබලය
    "I am responsible for my deeds and you are responsible for yours"- කුරාණය 109 :6

    හැබැයි බහුතරයක් නිරාගමික පිරිස ආගම විවේචනය කරද්දී අල්ලා ගන්නේ දාර්ශනික කොටසින් නෙවෙයි. සංස්කෘතික කොටසින්. මොකද ගොඩක් උදවියට ආගමක දාර්ශනික කොටස ගැන ගැඹුරු අවබෝධයක් නෑ. දාර්ශනික කොටස එලියට පෙනෙන්නෙ නෑ.

    ඉතින් නිරාගමිකයෝ අහන ප්‍රශ්න- පිළිම වලට වදින්නේ ඇයි?, බෝධි පූජා තියන්නේ ඇයි? පාංශකූල දෙන්නේ ඇයි?, දෙවියෝ කොහොමද ලොකේ මැව්වේ? ඇයි මෙහෙම මැව්වේ? ඇයි අර විදිහට මැව්වේ නැත්තේ? ඇයි ආගමෙන් ගෑනුන්ට නිදහසක් දෙන්නේ නැත්තේ, ඇයි කොන කපන්නේ? ඇයි අහවල් දෙවියෝ මේ සුනාමිය නැවැත්තුවේ නැත්තේ? බ්ලා බ්ලා බ්ලා..

    බුද්ධාගම කියන්නේ කොහොමත් ඇදහිල්ල මත බිහිවූ ආගමක් නෙවෙයි, දර්ශනයක්. ඒ දර්ශනය වටා බිහි වුනු සංස්කෘතිය නොහදුනන පිරිස බුද්ධාගම විවේචනය කරනවා. අයහපත් දේ අතහැර යහපත් දේ තෝරා ගන්න තරම් උසස් මනසක් තියෙන මිනිස්සුන්ට ඕවා ප්‍රශ්න නෙවෙයි.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ලංකාවේ බහුතරය නිරාගමික තමා ආගමක් පිළිපදින උන් නං මෙච්චර හොර මැරකන් සිද්ද වෙයිද ඔක්කොම බෝ පැල වාගේ ඉන්න එපැයි.
    ඔයා ආගම් නළලේ ගහන් අදහන උන් තමා කරන්න පුළුවන් ඔක්කොම ජාරා වැඩ ටික කරන්නේ. රටින් කුඩු ටික ගෙන්නලා ඒ සල්ලි වලින් පොඩි ගානක් පන්සලට දීලා මොකක් හරි හදවනවා එදා ඉඳන් ඒ මිනිහා මාර උපාසකයා. වැඩිය ඕන නෑ මේ රට කාපු දේශපාලකයෝ ටික බලපන්කෝ බැලුවොත් පන්සලක. පන්සලේ ලොකු හාමුදුරුවෝ සාමණේර හිමි නමවල් දූෂණය කරන සමාජයක් දැන් තියෙන්නේ. චිනේ වගේ ආගම් නැති උනා නම් සමහර විට මීට වඩා හොඳ සමාජයක් ඇති වෙන්නත් පුළුවන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    නිරාගමික බව නම් කෙසෙ වෙතත් බුද්ධාගම කියන්නෙත් තනිකර නිරාගමක් තමා.
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    මන් දන්නෙ නැහැ මේ දේ බුද්ධාගමෙම ඇති උනාත් පස්සෙ ඇඩ් උනාද කියලා
    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.

    දේවවාදි ආගම් වල එහෙම නැහැ. එකෙදි ලයිෆ් එකට මීනින් එකක් තියෙනවා.
    හැබැයි මීනින් එක වගෙම දර්ශනයත් තියෙන්න ඔනි.
    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා

    මිතිකල් ෆිගර් එකක් උනත් රාවණා කියන්නෙත් හින්දු භක්තිකයෙක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,144
    166,218
    113
    එකමත් එක රටක
    නිරාගමික බව නම් කෙසෙ වෙතත් බුද්ධාගම කියන්නෙත් තනිකර නිරාගමක් තමා.
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    මන් දන්නෙ නැහැ මේ දේ බුද්ධාගමෙම ඇති උනාත් පස්සෙ ඇඩ් උනාද කියලා
    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.

    දේවවාදි ආගම් වල එහෙම නැහැ. එකෙදි ලයිෆ් එකට මීනින් එකක් තියෙනවා.
    හැබැයි මීනින් එක වගෙම දර්ශනයත් තියෙන්න ඔනි.
    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා

    මිතිකල් ෆිගර් එකක් උනත් රාවණා කියන්නෙත් හින්දු භක්තිකයෙක්

    නෑ එහෙම කියලා නෑ බන්..

    සතුට උපරිම ධනයයි
    නිවන පරම සැපතයි

    කියලා තියන්නේ. බුදු දහමේ උගන්නන්නේ දුකක් ගැන හිත හිත ඉන්න එක නෙවෙයි. දුක නැති කරගන්න හැටි. :)
    ඕනවට බැදීම ඇතිකර ගන්නේ නැතිව ජිවත් වෙන විදිය. සතුටෙන් ඉන්න විදිය.
    උබ කිව්වා වගේ දැන් බුදු දහම ප්‍රයෝගිකව අමතක කරලා subject එකක් කරල තියෙන්නේ.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    agamakin prashna ati unata darshanayakin prashna athi wenne na.. agamaka adahanawa darshanyak awaboda kara gannawa.. hama agamak ma mulin darshanyak passe tamai eka eka dewal ekatu wela agamk wenne..