නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    සමාජයේ ඇති වෙමින් පවතින තවත් එක් ව්‍යසනයක් පිලිබදව කතා කළ යුතුයයි මා සිතමි.මේ නිරාගමිකයන් එහෙම නැත්නම් ආගම් නොඅදහන්නන් යැයි අද සමාජයේ ඇතිවෙමින් සිටින පිරිසකගේ ස්වරූපය පිලිබදවයි.තමන් නිරාගමික කියාගන්නා පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය අදවනවිට හෙලිවෙමින් පවතී.මෙය බෞද්ධ රටකි.අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාස කාලය තුළ අප පෝෂණය වූයේ මෙම බෞද්ධ චින්තන රටාව තුළිනි.අතීතයේ ශේශ්ට ජාතියක් ලෙස නොයෙක් දස්කම් නිමවුම්,ඇලවේලි,වැව් අමුණු සෑදූ අප අදවනවිට ඉදිකට්ට පවා බටහිරින් ගෙන්වන තුරු බලා සිටින නිවට ජාතියක් බවට පත්වී ඇත.වෙනකක් තබා චින්තනයද බටහිරින් අරගෙන එය මහා ඉහලින් වර්ණනා කිරීමට තරම් අප බටහිරට ගැති වී හමාරය .අපට බටහිරට එන නිරාගමික චින්තන අවශ්‍ය නැත.

    මේ රටේ අවුරුදු දෙදහස් පන්සීයක් පුරාවට පෝෂණය වූ බෞද්ධ චින්තනය අප හට මනාව ගැලපේ.නමුත් බටහිර ආධිපත්‍යය නිසා අප කෙමෙන් බෞද්ධ චින්තනය,සිංහල සංස්කෘතියෙන් ඈත් වී බටහිර පුරුදු බටහිර ආහාර රටා,බටහිර ආගම් හා අදවනවිට බටහිර නිරාගමික චින්තනයටද කෙමෙන් ඇදීගොස් අපිටම අපගේ අන්න්‍යතාවය හදුනාගැන්මට නොහැකි තරම් පහත් අඩියකට අද අප පත්වී හමාරය.නිරාගමික චින්තනය වැනි බටහිර රටවල බටහිර සංස්කෘතිය තුළ ඇති වූ චින්තනයන් ලංකාව වැනි බෞද්ධ චින්තනයක් ඇති යම්කිසි සංස්කෘතියක්,සදාචාර පද්ධතියක්,විනයක් ඇති රටකට ගලපාගැනීමම විහිලුවක් පමණි.එසේම නිරාගමිකකරණය වන ගොඩක් රටවල් කතෝලික හා ක්‍රිස්තියානි ආගමික රටවල් වෙති.ඔවුන්ට බුදුදහම ගැන ඇත්තේ සීමිත දැනුමකි.ඔවුන්‍ට එය හුදු නාම මාත්‍රයක් පමණි.

    නිරාගමික චින්තනය යනු ඇත්තටම කුමක්ද,එහි ඉතිහාසය කවරක්ද,අද ලංකාවේ නිරාගමික යැයි බටහිර චින්තනයන්ට හසුවී ඔලු කුරුවල් කරගත් පිරිස ඇත්තටම මේ ගැන දන්නවාද යන්නත් සැකයකි.නිරාගමික චින්තනය කවදා කෙසේ කවුරුන් විසින් ලෝකයට ඇති කරනා ලද සංකල්පයක්ද යන්න එතරම් පැහැදිලි නැත.නමුත් එහි ඉතිහාසය දෙස බැලීමේදී නිරාගමික චින්තනය යනු බුදුදහමටත් වඩා පැරණි චින්තනයක් බව කිව යුතුය.බුදුන් වහන්සේ කලද ආගමක් දහමක් නොඅදහන,පින් පව් විශ්වාස නොකරන,කර්මය-කර්ම පල විශ්වාස නොකරන,ආත්මය විශ්වාස නොකරන(බුදුදහම තුළද ආත්මයක් විශ්වාස නොකරයි),නිවන විශ්වාස නොකරන,දිව්‍ය ලෝක අපාය විශ්වාස නොකරන නිරාගමික පිරිස් ජීවත්ව ඇත.මක්කලීගෝසාල,අජිතකේසකම්බලී,පූරණ කස්සප,චාර්වක යනු එකල සිටි ප්‍රසිද්ධ නිරාගමිකයන් සමහරකි.

    විවිධ වෙනස්කම්,කොටස් තිබුනද ඒ සේරම එකම නිරාගමික චින්තනයක් තුළ ගොඩනැගුණි අදද නිරාගමික චින්තනය විවිධ කොටස්වලට බෙදී ඇත.අදේවවාදය,මානවවාදය,හේතුවාදය වැනි විවිධ කොටස්වලට දැක්වුවද මේ එකම නිරාගමික චින්තනයම වේ.එකලද නිරාගමික චින්තනය එසේ කොටස්වලට බෙදී පැවතුණි.එය මෙසේ දැක්වුවහොත්,පූර්ණ කස්සප=අකිරියවාදී,මක්කලීගෝසාල-අකිරියවාදි/නියතිවාදී,අජිතකේසකම්බල=අකිරියවාදී/භෞතිකවාදී,පකුදකච්ච්යන-අකිරියවාදී,සංජයබෙල්ලත්තපුත්ත-අමරාවික්කේපවාදී,සංශයවාදී ලෙස එකල සිටි ප්‍රධාන නිරාගමික පිරිස් හා ඔවුන්ගේ දර්ශනයවල කොටස් බෙදී ඇති ආකාරයන් දැක්විය හැකිය.

    මුලින්ම අපි මෙහි මුලින්ම සදහන් කර ඇති නිරාගමික පූර්න කස්සප පිලිබද විමසා බලමු.පූර්ණ කස්සපයන්ගේ නිරාගමික චින්තනය තුළ පස්පව් විශ්වාස නොකරයි,පින් පව් පලදීමක් පිලිබද විශ්වාස නොකරයි,අප කරන හොද නරක,හරි වැරදි ක්‍රියාතුළින් අකුසලක්,පවක් හෝ පිනක් සිදු නොවන බව,පින් පව් ලෙසින් දෙයක් නොපවතින බව විශ්වාස කරයි.අප කරනා පින් හා පව්වල විපාකයක් නැතැයි විශ්වාස කරයි,ඉන්ද්‍රිය දමනය,ශීලය,සංයමය,සත්‍ය වචන කීමෙන් කිසිදු පිනක් සිදු නොවනා බවද,කොතරම් අයහපත කරත්,වැරදි ක්‍රියා කළද පවක් සිදු නොවන බවද,පව් විපාක නොදෙන බවද විශ්වාස කරයි.මෙම පූරනකස්සප නම් නිරාගමික ශාස්තෲ ගැන තවත් සදහන් කළහොත් සම්පූර්ණ නිර්වස්ත්‍රව සිට තම වෘතය සිදු කළ නිරාගමික ශාස්තෲ කෙනෙක් බවද සදහන් වේ.මොහුගේ අකිරියවාදය මෙලෙස සරලව දැක්වුවහොත් කුසල් අකුසල්,පින් පව්,මෙලොවක් පරලොවක් යන කිසිම දෙයක් විශ්වාස නොකිරීම දැක්විය හැකිය.

    ඊලග නිරාගමික ශාස්තෲ ලෙස මක්කලීගෝසාල ගැන විමසුවහොත් මොහුගේ ඉගැන්වීම් තුළද හරයක් ලෙස ගැනීමට කිසිවක් නැත,එයද එක්තරා අකිරියවාදී ඉගැන්වීමකි.මොහු මුල් කාලය තුළ නිගන්ටනාථපුත්ත(මහාවීර)නම් ජෛන ශාස්තෲන් යටතේ ගෝලයකු ලෙස වසර හයක් පමණ කාලයක් සිට ඇත.මොහුගේ නිරාගමික දර්ශනය තවත් විස්තර කළ විට පුද්ගලයකු හොද හෝ නරක වීමට,පින්වත්ත වීමට හෝ පව්කාර වීමට කිසිදු හේතුවක්(අහේතුවාදී) බලනොපාන බවද එය සිදුවන්නෙ කිසියම් නියතයකට අනූව, ස්වභාවයකට අනූව බවය.කළ යුතු දෙයක් නැත යන්නය.කෙසේ වුවද මොහුගේ ඉගැන්වීම්ද සමාජයට එතරම් හිතකර නොවන බව කිව යුතුය.බුදුදහම තුළ සෘජුවම මොහුගේ මෙම නිරාගමික දර්ශනය පිලිබද දක්වා ඇත්තේ සමාජ අනර්ථය පිලිබද බලපෑම් කරන දර්ශනයක් ලෙසය.

    ඊලගට අජිතකේසකම්බලී නම් නිරාගමික ශාස්තෲන්ගේ දර්ශනය දෙස විමසුවහොත් එය සැකෙවින් මෙසේය.මොහුගේ ඉගැන්වීම් තුළ උජ්ජේදවාදි,භෞතිකවාදී ලෙස චාර්වක දහම ප්‍රකට කරවයි.එය තව දුරටත්,හොද නරකවල කර්ම විපාක නැත යන්න,මෙලොවක් පරලොවක් නැතයි යන්න,ඕපපාතික සත්වයන් නැත යන්න,සත්වයා මිය ගිය පසුව සියල්ල පොලොවට පස් වන බව හා එතනින් එහාට දෙයක් නැතැයි යන්න,පුර්භවයක් නැතැයි යන්න උගන්වයි,දානයේ පලවිපාක නැත ලෙස දක්වමින් මරණින් මතු උපතක් නැතයි අදහස් දක්වමින් ජීවත් වෙන කාලය තුළ පුළුවන් තරම් කාබී,ශරීරයට සැප දී,ණයට හෝ පුළුවන් තරම් තමන්ගේ ශරීර සුඛ විහරණය පවත්වා ගන්නා ලෙස මොහු මොහුගේ ඉගැන්වීම් තුළ දක්වයි.ඒ නිසාම මොහුගේ ඉගැන්වීම් අකිරියවාදී,උජ්ජේදවාදි,නාස්තිවාදී ලෙසද හදුන්වාදිය හැක.මෙයද සමාජයට අහිතකර වූ නිරාගමික දර්ශනයක් ලෙස එකල ප්‍රතික්ෂේප වූ දර්ශනයකි.

    ඊලගට එකල සිටි තවත් එක් ප්‍රධාන නිරාගමික ශාස්තෲවරයෙක් ලෙස පකුදකච්ච්යන හැදින්වේ.මෙම නිරාගමික ශාස්තෲන් පිලිබද දීග නිකායේ සාමඥපල සූත්‍රය තුළද යම් යම් තොරතුරු සදහන් වේ.මොහුගේ නිරාගමික ඉගැන්වීම් සංකල්පයක් ලෙස මෙසේය. පටවි,ආපෝ,තේජෝ,වායෝ,සුඛ,දුක්ඛ ලෙස සත්ව පදාර්ථයන් තුලින් බවත් එම පදාර්ථයන්ට හානි හානි වුවද කිසිදු පාපයක් සිදු නොවන බවයි.එය මෙලෙස උදාහරණයක් දැක්වූ විට යම්කිසි ආයුධයකින් කෙනෙකුට පහර දුන් විට සිසිදුවන්නෙ මෙම ඉහතින් දැක්වූ සත්ව පදාර්ථයන් තුළින් සෑදුන සත්වයාගේ ශරීරයට එම ආයුධය ගැටීම පමණක් බවත්,එසේම එම පහරදීම කළ පුද්ගලයා හට කිසිදු අකුසලයක් සිදු නොවන බව තවත් එක් අකිරියවාදී ඉගැන්වීමක් සමාජගත කළේය.ජීවිත හානියක් කළද අකුසලක් වන්නේ නැත,පවක් වන්නේ නැත යන්න මොහුගේ දර්ශනයෙහි අන්තර්ගත ඉගැන්වීම් ලෙස දැක්විය හැකිය.

    ඉහත මා දක්වා ඇති එකල සිටි අනෙක් නිරාගමික ශාස්තෲවරයා ලෙස සංජයබෙල්ලත්තපුත්ත ශාස්තෲ හැදින්විය හැකිය.මොහුගේ නිරාගමික දර්ශනය සංචයවාදී,අමරාවික්කේපවාදී නිරාගමික දර්ශනයක් ලෙසද හදුන්වා දිය හැකිය.අනෙකුත් නිරාගමික පුද්ගලයන් තුල මෙන් මොහුගේ ඉගැන්වීම් තුළද කිසිදු හරයක් නොමැත.මොහුගේ ස්වභාවයනම් අසන ලද ප්‍රශ්නවලට ආදෙකු මෙන් ලිස්සා යන ස්වභාවයයි,ඇතද නැතද,ඇත්තේද නැත,නැත්තේද නැත ලෙස දක්වමින් මොන ප්‍රශ්නයක් ඇසුවද හරිහැටි පිලිතුරක් නොදී පුළුවන් තරම් අසන ප්‍රශ්නයෙන් ගැලවීමට ක්‍රමයක් සොයයි,එයට හේතුව ලෙස තමාගේ නුවණ,දැනුම පිලිබද තමාටම තියෙන විශ්වාසයේ මදිකම,තව කෙනෙක් සමග වාද කරවිට තමාද ඔහුගේ දෘෂ්ටියට වැටෙයි කියා සිතේ ඇතිවන භය,අසන ලද ප්‍රශ්නවලට තමා දෙන පිලිතුර නොගැලපේය යැයි ඇති භය මොහුගේ හැසිරීම වී ඇති බව බුදුදහමෙහි දක්වා ඇත.තව කෙනෙකු තමාගේ මතය විවේචනය කරයි හෝ ඊට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරයි යන බය නිසා මොහුගෙන් අසන ලද සෑම ප්‍රශ්නයකටම කුමන හෝ ආකාරයට ගැලවීමට උත්සාහ කරයි,උඋදාහරණයක් ලෙස පරලොවක් පිලිබද මොහුගෙන් ඇසුවහොත් මොහුගේ පිලිතුර වන්නේ පරලොවක් තිබේද යන්න හෝ පරලොවක් නැද්ද යන්නයි,මේ ආකාරයෙන් කෙටි පිලිතුරු දී බොහෝවිට ප්‍රශ්නය අසන කෙනාගෙන්ම පෙරලා ප්‍රශ්නයක් අසා කුමන හෝ ආකාරයට බේරී ප්‍රශ්නයෙන් පලා යෑමට ප්‍රයන්ත දැරීමයි.එකල සිටි අනෙකුත් නිරාගමික ශාස්තෲන් සමග සසදන විට මෝහම පුද්ගලයකු ලෙස සලකනු ලැබේ.පිලිතුරු දීමේදී දික් කෙටි ක්‍රමය වෙනුවට චතුස්කෝටික ක්‍රමය අනුගමනය කරයි.මොහුගේ නිරාගමික දර්ශනය එකල අනෙක් නිරාගමික දර්ශනයන් මෙන් සමාජයට හානිකර නොවුවද කිසිම අර්ථයක් ඇති බවක් එහිද දක්නට නොලැබේ.

    මේ ආකාරයට එකලද නිරාගමික චින්තනය වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයටම ව්විධ ආකාරයට විවිධ නිරාගමික ශාස්තෲන් යටතේ සමාජය තුළ දක්නට ලැබී ඇත.පෙරදිග තිබූ එම නිරාගමික දර්ශනයන්ම අද වනවිට විවිධ නම්වලට පරිවර්තනය වෙමින් හේතුවාදී ලෙසත්,මානවවාදි ලෙසත් අදේවවාදී ලෙසත් තවත් විවිධ නම්වලින් හැදින්වෙන්නේද මෙම අතීතයේ පටන් තිබූ එකල ප්‍රතික්ෂේප වූ නිරාගමික චින්තනයන්මය.මෙහි ආරභයක් පිලිබද හා මෙම නිරාගමික සංකල්පයන්වල නිර්මාතෲ කවරෙක්ද යන්න පිලිබද හරිහැටි විස්තරයක් ලබා ගැනීමට නොහැකි වුවද බුද්ධ කාලයේ සිටි ප්‍රධාන නිරාගමික නායකයන් කිහිප දෙනෙක් හා ඔවුන් ඉදිරිපත් කළ නිරාගමික දර්ශනයන්හි විස්තර මේ පිලිබද සොයා බැලුවොත් අපට ඉතිරි වේ.

    පෙරදිග එලෙස ප්‍රතික්ෂේප වූ නිරාගමික දර්ශනයන් වෙතට බටහිරයන්ගේ අවධානය යොමුවන්නේ ඔවුන්ගේ අදේවවාදී ආගම් වන කතෝලික හා ක්‍රිස්තියානි ආගම්වල ආගමික බලපෑමට විකල්පයක් ලෙස එකතුවූ කණ්ඩායම් මෙම පෙරදිග නිරාගමික දර්ශනයන් පිලිබද සෙවීමට පටන් ගත්විටය. දේවවාදයට ප්‍රබල පහරක් ඔවුන් මෙම නැවතත් නගා සිටුවන ලද නව නිරාගමික සංකල්පය එල්ල කරනු ලබයි.දේවවාදයට එරෙහිව අදේවවාදය බටහිර නැගී සිටින්නෙ මෙලෙසය.හරයක් ලෙස ගැනීමට කිසිවක් නැති වුවද ඔවුන්ගේ ප්‍රධාන දේවවාදී ආගම්වන කතෝලික,ක්‍රිස්තියානි ආගම්වලට යම් බලපෑමක් සිදු කිරීමට මෙම නැවතත් පුනර්ජීවනය ලද නිරාගමික සංකල්පයට හැකිවිය.මෙලෙස බටහිර රටවලින් ලංකාවටද නිරාගමික නම් සංකල්පය පිලිබද දැනගැනීමට ලැබීය.නමුත් ඇත්තටම එය බෞද්ධ දර්ශනයක් බෞද්ධ සංස්කෘතියක් සහිත අපගේ රටට කොතරම් දුරට ගැලපේද යන්න පිලිබද අප සිතා බැලිය යුතුය.බටහිරින් ආ පලියට ඔහේ නිරාගමික වී අහේතුකව ඔහේ කාලකන්නි ලෙස ජීවත් වනවාද නැත්නම් අපගේ උතුම් බෞද්ධ චින්තනය,සිංහල බෞද්ධ සංස්කෘතිය,අපටම ආවේනික සාරධර්ම,සදාචාරයන්,වටිනා ගුණධර්මවලින් තුළින් අපගේ ජීවිතය ආලෝකවත් කරමින් තමාටත් සමාජයටත් යහපත් මිනිසෙකු ලෙසින් ජීවිතය පලදායීව ගත කරනවාද යන්න තෝරාගැනීම ඔබ සතුයි..
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    නිරාගමික දේශපාලනයක් තියෙන්නෙ මාක්ස් ගෙ ගෝලයන්ගේ, එතනින් එහා ඉන්න නිරාගමිකයෙක් නෑ.

    බටහිර නම් ඉස්සරහට ඉන්න බැරි වෙනවා ඔය නිරාගමික දේශපාලකයන්ට අපේ වගේ රටවල පොඩි කඩ අටවගෙන කතා කියන්න තමයි ඉතිරි වෙන්නේ.
     
    • Like
    Reactions: annian

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    උබ ඔය ලියල තියෙන්නෙ ඉන්දියාවෙ එහෙම හිටිය එක එක "ආගමික ශාස්තෲවර" ගැන නෙහ්...
    නිරාගමිකයන්ට කොහොන්ද බන් "ආගමික ශාස්තෲවර"?
    එහෙම හිටියොත් ඒක ආයෙ ආගමක් වෙනවනේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,674
    167,332
    113
    එකමත් එක රටක
    බුදුවෙන්න කලින් සිදුහත් මොන ආගමේද ? නිකන් දන්නා එකෙක් කියපන්.. සියලු ආගම් අත ඇරලා සත්‍ය සොයා ගියාද, නැත්නම් හින්දු ආගමේ වගේ ඉදල බුදු උන ගමන් එකපාර බුද්ධාගමේ උනාද ?
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    බුදුවෙන්න කලින් සිදුහත් මොන ආගමේද ? නිකන් දන්නා එකෙක් කියපන්.. සියලු ආගම් අත ඇරලා සත්‍ය සොයා ගියාද, නැත්නම් හින්දු ආගමේ වගේ ඉදල බුදු උන ගමන් එකපාර බුද්ධාගමේ උනාද ?

    බුදුවෙන්න කලිං සිදුහත් කුමරා මොන ආගමේ ද කියලා නිවැරදිවම කියන්න අපහසුයි නේ. එහෙම කරුණු කාරනා ත්‍රිපිටකයෙත් නැහැ දන්නපරිදි. ඒ වගෙම අද අපි ආගම් කියලා ඩිෆයින් කරන "කන්සෙප්ට්" එකම එදාත් පැවතියා කියලා කියන්න අමාරුයි.

    කොහොම නමුත් එක සූත්‍රයක සඳහන් වෙනවා ශාක්‍ය කුමර කුමරියන් එකල බ්‍රාහ්මණයෙකුට ගරු නොකල බවක්. ඒගැන, ඒ බ්‍රාහ්මණයා බුදු හාමුදුරුවන්ට කරන චෝදනාවක්. ඒකෙන් කියවෙන්නෙ ඉතින් ඒ අයවලුන් බමුණන්ට ගරු කලේ නෑ කියලා තමා. කාටහරි එතනිං යම් උපකල්පනයට එන්න පුළුවන්. නමුත් සාධක සහිතව "කුමන ආගමේ ද" කියලා කියන්න අපහසුයි.

    දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර විදිහට, සිදුහත් කුමරා සත්‍ය සොයාගෙන ගියාට වඩා කියන්න සුදුසුයි "දුක කෙලවර කිරීම/දුකින් ගැලවීම " සොයාගෙන ගියා කියලා.

    ඔය පිලිතුරු දෙකත් එක්ක ඔයා නගපු අන්තිම ප්‍රශ්නයේ පදනම ටිකක් අඩාල වෙනවා. නමුත් මෙහෙම කියන්න පුලුවන්.

    ගිහිගෙය අත්හරින්න පෙර සිදුහත් කුමරුට නිශ්චිත ආගමක් තිබුනාමයි/නොතිබුනාමයි කියන දේ අත හැරලා බැලුවහොත්,

    කුමාරයා ගිහිගෙදර අත්හැරීමත් සමග "ශ්‍රමනයෙක්" උනා කියලා කියන්න පුලුවන්. එකල ශ්‍රමන සම්ප්‍රධායන් බොහොමයක් තිබ්බා ඒ අය විවිධ මත දේශනා කලා. සිදුහත් කුමරුත් අන්න එහෙම විවිධ අය ගාවට ගියා. ආලාර කාලාම, උද්දක රාම පුත්‍ර වගේ.

    ඒවගේම, කවුරුන් හෝ බුද්ධාගමේ වීම අලුත් සංකල්පයක්. එකල තිබ්බෙ බුදුන් සරණ යන උපාසකයෙකූ වීම. ඒවගෙම උන්වහන්සේ දේශනා කලේ ධර්ම විනය. අපිට තමා ඒක බුදුන්ගේ ධර්ම විනය එහෙමත් නැතිනං බුද්ධ ධර්මය වෙන්නෙ. ප්‍රශ්නෙ ගැන ආයෙ හිතලා බලන්න.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,674
    167,332
    113
    එකමත් එක රටක
    ඔය පිලිතුරු දෙකත් එක්ක ඔයා නගපු අන්තිම ප්‍රශ්නය අර්ථ රහිත වෙනවා...
    එහෙම එකක් උනේ කොහොමද ? පලවෙනි එකට හරියටම දන්නේ නෑ කියලා උත්තරයක් දීල තියෙන්නේ. දුකින් ගැලවීම / කෙලවර වීම හරි මොකක් හරි යතාර්ථය අවබෝද කරගැනීමක් ගැන කියන්නේ. "අර්ථ රහිත" වෙනවා කියලා කිව්වට වැඩක් නෑ . එහෙම එකක් මට නම් පෙන්නේ නෑ .. තමන් ඉපදිලා තියන ආගමක් අදහගෙන , ඒකමයි ඇත්ත කියලා හිතන් ඉන්න එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. මම නම් හිතන්නේ සිදුහත් එහෙම උනේ නැති නිසා තමයි යතාර්ථය අවබෝධ කරගන්න පුලුවන් උනේ.
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    උබ ඔය ලියල තියෙන්නෙ ඉන්දියාවෙ එහෙම හිටිය එක එක "ආගමික ශාස්තෲවර" ගැන නෙහ්...
    නිරාගමිකයන්ට කොහොන්ද බන් "ආගමික ශාස්තෲවර"?
    එහෙම හිටියොත් ඒක ආයෙ ආගමක් වෙනවනේ...
    උබල පිලිගන්න අකමැති උනත් නිරාගමික කියන්නෙම එක ආගමක් තමයි බන්,ගස්ගල් මල් පහත් නොපිදුවට නිරාගමික සංකල්පයෙත් ඇදහිමක් තියෙනව,උන් අදහන්නෙ ආගම් නෑ කියන එක ආගම් බොරු කියන එක,අනිත් උන්ට ආගම්වල හිර වෙලා කිව්වට නිරාගමිකයො කියන උන් ඉන්නෙත් උන්ම හදාගත්ත නිරාගමික රාමුව ඇතුලෙ කොටුවෙලා හිරවෙලා,සැබෑ නිදහස් චින්තකයා කරන්න ඕන ඕකෙත් එලියට එනඑක මිසක් ආගම් බොරු කියල නිරාගමික සංකල්පය අදහන එක නෙවෙයි ඒක නිකන් හරියට එක හිර කූඩුවකින් එලියට ඇවිත් තව හිර කූඩුවකට එනව වගේ දෙයක්,කොහොමත් ඉන්නෙ හිර කූඩුවෙ එකම වෙනස ඉන්න කූඩුව වෙනස් වීම විතරයි,මීට වඩා තේරුම් කරල වැඩක් නෑ බන් උබල ඉන්නෙ උබලගෙ මතයෙ,එතනින් එහාට හිතන්න තරම් නිදහස් චින්තනයක් උබලට නෑ,මේ ට්‍රෙඩ් එක දැම්මෙ නිරාගමික කියන සංකල්පය ගැන නොදන්න අයට දෙයක් දැනගන්නයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බටහිර බටහිර කිය කියා හැම දේකම අයිතිය බටහිරට ලියලා දෙන්න යනවා ද කොහෙද.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    උබල පිලිගන්න අකමැති උනත් නිරාගමික කියන්නෙම එක ආගමක් තමයි බන්,ගස්ගල් මල් පහත් නොපිදුවට නිරාගමික සංකල්පයෙත් ඇදහිමක් තියෙනව,උන් අදහන්නෙ ආගම් නෑ කියන එක ආගම් බොරු කියන එක,අනිත් උන්ට ආගම්වල හිර වෙලා කිව්වට නිරාගමිකයො කියන උන් ඉන්නෙත් උන්ම හදාගත්ත නිරාගමික රාමුව ඇතුලෙ කොටුවෙලා හිරවෙලා,සැබෑ නිදහස් චින්තකයා කරන්න ඕන ඕකෙත් එලියට එනඑක මිසක් ආගම් බොරු කියල නිරාගමික සංකල්පය අදහන එක නෙවෙයි ඒක නිකන් හරියට එක හිර කූඩුවකින් එලියට ඇවිත් තව හිර කූඩුවකට එනව වගේ දෙයක්,කොහොමත් ඉන්නෙ හිර කූඩුවෙ එකම වෙනස ඉන්න කූඩුව වෙනස් වීම විතරයි,මීට වඩා තේරුම් කරල වැඩක් නෑ බන් උබල ඉන්නෙ උබලගෙ මතයෙ,එතනින් එහාට හිතන්න තරම් නිදහස් චින්තනයක් උබලට නෑ,මේ ට්‍රෙඩ් එක දැම්මෙ නිරාගමික කියන සංකල්පය ගැන නොදන්න අයට දෙයක් දැනගන්නයි

    Not playing a sport is not a sport!
    It is simple as that.

    Most of your thoughts are just speculations and vague assumptions! You are just saying this is like this, that is like that without any proof.
     
    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    බුදුවෙන්න කලින් සිදුහත් මොන ආගමේද ? නිකන් දන්නා එකෙක් කියපන්.. සියලු ආගම් අත ඇරලා සත්‍ය සොයා ගියාද, නැත්නම් හින්දු ආගමේ වගේ ඉදල බුදු උන ගමන් එකපාර බුද්ධාගමේ උනාද ?
    Ado eka wadagath point ekk
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    එහෙම එකක් උනේ කොහොමද ? පලවෙනි එකට හරියටම දන්නේ නෑ කියලා උත්තරයක් දීල තියෙන්නේ. දුකින් ගැලවීම / කෙලවර වීම හරි මොකක් හරි යතාර්ථය අවබෝද කරගැනීමක් ගැන කියන්නේ. "අර්ථ රහිත" වෙනවා කියලා කිව්වට වැඩක් නෑ . එහෙම එකක් මට නම් පෙන්නේ නෑ .. තමන් ඉපදිලා තියන ආගමක් අදහගෙන , ඒකමයි ඇත්ත කියලා හිතන් ඉන්න එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. මම නම් හිතන්නේ සිදුහත් එහෙම උනේ නැති නිසා තමයි යතාර්ථය අවබෝධ කරගන්න පුලුවන් උනේ.

    හරියටම දන්නෑ කියන්නෙ එවැනි මතයක් කොන්ක්‍රීට් සාධක ගෙනහැරපාලා පෙන්වන්න බෑ කියන එක. දන්නෙ නැහැ කියන එකමම නෙමෙයි ඒ ගැන පැහැදිලි "නිශ්චිත" ප්‍රකාශයක් කරන්න තරම් සාධක මදි කියලා කියන්නෙ.

    මේ උදාහරණෙ බලන්න, දැන් ඔන්න කෙනෙක් ගෙන් අහනවා ඔයා වනාත කියන ගමේ ජගත් කියලා කෙනෙක් දන්නවද? කියලා.

    ඔයා ඔය ගමට ගිහිංවත් නෑ ඉතිං මොන ජගතෙක්ද. ඔයා කියනවා දන්නෙ නෑ කියලා.

    ඔන්න ඒ ප්‍රශ්නෙම අහනවා ඒ ගමගැන ටිකක් දන්න කියන මනුස්සයෙක් ගෙන එයා කියනවා ඔව් මම වනාත හොඳට දන්නවා ජගත්ලා කීපදෙනෙක් ඉන්නවා හැබැයි ඔය කියන ජගත් "හරියටම" කවුද දන්නෙ නැහැ. එයා ජගත් A, ජගත් B, ජගත් C....etc වෙන්න පුලුවන් කියලා.

    ආන්න එහෙම දෙයක් තමා මුල් රිපලයි එකෙ අදහස. එකල විවිද දර්ශන මතවාද තිබ්බා, බ්‍රාහ්මණ, චාර්වක, නිගණ්ඨ... ඒවාගෙ. නමුත් ඒ ඒවායින් කොයිකද කියලා කියන්න නිශ්චිත සාධකද නැහැ. රජපවුලක් නිසා හිතුවෑකි හැම ආගමකටම සලකාගෙන හැමෝටම ටැබ්ස් ඕපන් කරං හිටියා කියලා. ඒක උපකල්පනයක්.
    එහෙම නැතිනම් ප්‍රසිද්ධ මතය වෙන බමුණු මතයට ඉඩදීගෙන හිටියා කියන්නත් පුළුවන්.
    ඒ වගෙම තවත් මතයක් තමා ඔය කියන ක්ශත්‍රීය වංශිකයො හිටපු ප්‍රදේශය ශ්‍රමන සම්ප්‍රධායන් ආධිපත්‍ය දරපු පැති කියන මතය. ඔය ඕනෙ එකක් ඔනෙ කෙනෙකුට වෙනත් වෙනත් සාධක අරං ඩිස්පියුට් කරන්න පුළුවං. අන්න ඒ කාරණයයි මම ඉස්මතු කලේ.

    ඒ ඇරෙන්න සාධක සහිතව මේවන විටත් ප්‍රසිද්ධවෙච්ච තනි නිවැරදි විද්වත් මතයක් නැහැ ඔයගැන.

    ඊලඟ කාරනය,

    එතකොට දැන් සිද්ධාර්ථ ගෝථමයන් "යතාර්ථය" අවබෝධ කලා කියලා අපි විශ්වාස කලොත්,

    ඔන්න උප්පත්ති බෞද්ධයෙකුත් සාම්ප්‍රධායික අම්මා තාත්තාගෙන් ආපු ආගම වෙන බුද්ධාගමම අදහගෙන බණභාවනා කරලා ඔය කියන "යථාර්තයම" අවබෝධ කරනවා. එතකොට එයා යථාර්තය අවබෝධ කරේ ගතානුගතිකව ඉඳලනෙ?එයාගෙයි සිද්ධාර්ථගෙයි ගමන් මාර්ග දෙකක් නමුත් එකම යථාර්තය අවබෝධ කලා.

    මොකද්ද ඔය කියන්න හදන්නෙ? අද අය ඔහේ ආගම කියව කියවා ඉන්නවා ප්‍රායෝගික නෑ කියලද?

    edit
    ඒ වගෙම ඔය "යථා අර්ථය" කියන වචනෙ තියන ඩිෆිනීශන් එක කන්ෆ්ලින්ට් වෙන්න පුලුවන් සත්‍ය/දුක් කෙළවර කිරීම කියන දෙයක් සමග.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,674
    167,332
    113
    එකමත් එක රටක
    එතකොට දැන් සිද්ධාර්ථ ගෝථමයන් "යතාර්ථය" අවබෝධ කලා කියලා අපි විශ්වාස කලොත්.

    ඔන්න උප්පත්ති බෞද්ධයෙකුත් සාම්ප්‍රධායික අම්මා තාත්තාගෙන් ආපු ආගම වෙන බුද්ධාගමම අදහගෙන බණභාවනා කරලා ඔය කියන "යථාර්තයම" අවබෝධ කරනවා. එතකොට එයා යථාර්තය අවබෝධ කරේ ගතානුගතිකව ඉඳලනෙ?එයාගෙයි සිද්ධාර්ථගෙයි ගමන් මාර්ග දෙකක් නමුත් එකම යථාර්තය අවබෝධ කලා.

    මොකද්ද ඔය කියන්න හදන්නෙ? අද අය ඔහේ ආගම කියව කියවා ඉන්නවා ප්‍රායෝගික නෑ කියලද?
    මම කියන්නේ ආගමක් හරි, පුද්ගලයෙක්ව හරි "අදහන්න" ඕනමයි කියලා දෙයක් නෑ .. මිනිස්සු හැම දෙනාම දැනට අවු කීපයකට කලින් ඇතිඋන ආගම් කීපයකට ඉතිරි නැතිව බෙදිලා ඉන්න ඕන නෑ . ආගම් බොරු හෝ මම නිරගමික කියලා නෙවෙයි මම කිව්වේ. අනික මම දන්නා බුදු දහමේ "ඇදහීමක්" නෑ, අවබෝධයක් තියෙන්නේ. බුද්ධාගම කියන ලේබල් එක තිබ්බත් නැතත් යතාර්ථය යතාර්ත්යම තමයි.. මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ මිනිස්සු අනිවාර්යයෙන් ආගමක් අදහන්න ඕනේ වගේ දෙයක් නැත්නම් එහෙම නොවන හැමෝම එක විදියේ මාෆියා කාරයෝ පිරිසක් වගේ දාල. එහෙම එකක් නෑ . එක එක මිනිස්සු හිතන දේවල් එක එක විදියයි. ඔක්කොම එකම කුලකයකට දාන්න බෑ තමන් හිතන විදියේ නෑ කියලා. මම නම් හිතෙන්නේ සිදුහත් සත්‍ය සොයා ගියේ තිබ්බ අනිත් ඇදහීම් , විශ්වාස වලින් වැඩක් නෑ කියලා හිතල. එවලින් අයින් වෙලා. වෙන විදියකින් කිව්වොත් නිරගමික වෙලා. මගදී ගුරුවරු මුණගැහුනත් ඒවා වැරදි කියලා තේරුනාම එතනින් අයින් උනා මිසක් ඒවම අදහගෙන හිටියේ නෑ .. ඉගැන්වීම් , දර්ශන ආගම් / ඇදහිලි කරගන්නේ පස්සේ ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    බුදුවෙන්න කලින් සිදුහත් මොන ආගමේද ? නිකන් දන්නා එකෙක් කියපන්.. සියලු ආගම් අත ඇරලා සත්‍ය සොයා ගියාද, නැත්නම් හින්දු ආගමේ වගේ ඉදල බුදු උන ගමන් එකපාර බුද්ධාගමේ උනාද ?
    නිරාගමික වෙලා දේශානා කරපු ධර්මයක් ආගමක් විදියට අදහනව. මේක මේ ලගක් වෙනකන් දර්ශනයක් විදියට තමා තිබ්බෙ ලන්කාවෙත්.
     
    • Like
    Reactions: annian and dilann

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    උබල පිලිගන්න අකමැති උනත් නිරාගමික කියන්නෙම එක ආගමක් තමයි බන්,ගස්ගල් මල් පහත් නොපිදුවට නිරාගමික සංකල්පයෙත් ඇදහිමක් තියෙනව,උන් අදහන්නෙ ආගම් නෑ කියන එක ආගම් බොරු කියන එක,අනිත් උන්ට ආගම්වල හිර වෙලා කිව්වට නිරාගමිකයො කියන උන් ඉන්නෙත් උන්ම හදාගත්ත නිරාගමික රාමුව ඇතුලෙ කොටුවෙලා හිරවෙලා,සැබෑ නිදහස් චින්තකයා කරන්න ඕන ඕකෙත් එලියට එනඑක මිසක් ආගම් බොරු කියල නිරාගමික සංකල්පය අදහන එක නෙවෙයි ඒක නිකන් හරියට එක හිර කූඩුවකින් එලියට ඇවිත් තව හිර කූඩුවකට එනව වගේ දෙයක්,කොහොමත් ඉන්නෙ හිර කූඩුවෙ එකම වෙනස ඉන්න කූඩුව වෙනස් වීම විතරයි,මීට වඩා තේරුම් කරල වැඩක් නෑ බන් උබල ඉන්නෙ උබලගෙ මතයෙ,එතනින් එහාට හිතන්න තරම් නිදහස් චින්තනයක් උබලට නෑ,මේ ට්‍රෙඩ් එක දැම්මෙ නිරාගමික කියන සංකල්පය ගැන නොදන්න අයට දෙයක් දැනගන්නයි

    අනෙ අම්බේ උබේ ලොජික් එක...
    උබ ඔය කියල තියන ඒවා ඔක්කොම කරනවනම් ඌ නිරාගමිකයෙක් නෙමේ බන්...
    ඒක ඔච්චර හෑලි ලිය ලිය තර්ක කරන්න තරම් දෙයක් නෙමේ...
    හරිම සරල දෙයක්...
     
    • Like
    Reactions: Gihanjs

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    උබල පිලිගන්න අකමැති උනත් නිරාගමික කියන්නෙම එක ආගමක් තමයි බන්,ගස්ගල් මල් පහත් නොපිදුවට නිරාගමික සංකල්පයෙත් ඇදහිමක් තියෙනව,උන් අදහන්නෙ ආගම් නෑ කියන එක ආගම් බොරු කියන එක,අනිත් උන්ට ආගම්වල හිර වෙලා කිව්වට නිරාගමිකයො කියන උන් ඉන්නෙත් උන්ම හදාගත්ත නිරාගමික රාමුව ඇතුලෙ කොටුවෙලා හිරවෙලා,සැබෑ නිදහස් චින්තකයා කරන්න ඕන ඕකෙත් එලියට එනඑක මිසක් ආගම් බොරු කියල නිරාගමික සංකල්පය අදහන එක නෙවෙයි ඒක නිකන් හරියට එක හිර කූඩුවකින් එලියට ඇවිත් තව හිර කූඩුවකට එනව වගේ දෙයක්,කොහොමත් ඉන්නෙ හිර කූඩුවෙ එකම වෙනස ඉන්න කූඩුව වෙනස් වීම විතරයි,මීට වඩා තේරුම් කරල වැඩක් නෑ බන් උබල ඉන්නෙ උබලගෙ මතයෙ,එතනින් එහාට හිතන්න තරම් නිදහස් චින්තනයක් උබලට නෑ,මේ ට්‍රෙඩ් එක දැම්මෙ නිරාගමික කියන සංකල්පය ගැන නොදන්න අයට දෙයක් දැනගන්නයි

    වැරදිනේ පුතා.

    නිරාගමිකයෝ කියන්නේ ආගමික සංකල්ප පිලිගන්න තරම් සාධක නෑ කියල. දෙය්යන්ගේ සිද්දිය වගේම තමයි.

    දෙය්යෝ නෑ කියල කියන එකයි දෙය්යෝ පිළිගන්න තරම් සාක්ෂි නෑ ඒ නිසා විස්වාස කරන්නේ නෑ කියන එකයි දෙකක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,977
    1
    58,287
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊලගට අජිතකේසකම්බලී නම් නිරාගමික ශාස්තෲන්ගේ දර්ශනය දෙස විමසුවහොත් එය සැකෙවින් මෙසේය.මොහුගේ ඉගැන්වීම් තුළ උජ්ජේදවාදි,භෞතිකවාදී ලෙස චාර්වක දහම ප්‍රකට කරවයි.එය තව දුරටත්,හොද නරකවල කර්ම විපාක නැත යන්න,මෙලොවක් පරලොවක් නැතයි යන්න,ඕපපාතික සත්වයන් නැත යන්න,සත්වයා මිය ගිය පසුව සියල්ල පොලොවට පස් වන බව හා එතනින් එහාට දෙයක් නැතැයි යන්න,පුර්භවයක් නැතැයි යන්න උගන්වයි,දානයේ පලවිපාක නැත ලෙස දක්වමින් මරණින් මතු උපතක් නැතයි අදහස් දක්වමින් ජීවත් වෙන කාලය තුළ පුළුවන් තරම් කාබී,ශරීරයට සැප දී,ණයට හෝ පුළුවන් තරම් තමන්ගේ ශරීර සුඛ විහරණය පවත්වා ගන්නා ලෙස මොහු මොහුගේ ඉගැන්වීම් තුළ දක්වයි.ඒ නිසාම මොහුගේ ඉගැන්වීම් අකිරියවාදී,උජ්ජේදවාදි,නාස්තිවාදී ලෙසද හදුන්වාදිය හැක.මෙයද සමාජයට අහිතකර වූ නිරාගමික දර්ශනයක් ලෙස එකල ප්‍රතික්ෂේප වූ දර්ශනයකි.
    අජිත් අයිය ටොප් කොල්ලෙක්. මම විශ්වාස කරන්නෙත් එයාව (y) (y) 🥰
     
    • Love
    Reactions: BadBlueGenius

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    මම කියන්නේ ආගමක් හරි, පුද්ගලයෙක්ව හරි "අදහන්න" ඕනමයි කියලා දෙයක් නෑ ..

    ඇදහිල්ලක් නැහැ බුදුදහමෙ. තියෙන්නෙ ශ්‍රද්ධාව. ඕක සරල තේරෙන සිංහලෙන් කිව්වොත් "විශ්වාසය, පැහැදීම" කියන අර්ථ කිහිපයක්ම තියනවා. නමුත් පසුකාලීනව ධාර්මික සම්ප්‍රධායක් වූ බුදුදහම ආගමික ස්වරූපයක් ගන්නවා. ඕක ගැන මෙහෙම හිතන්න ඕනෙ. ධර්මාවබෝධය කන්දක මුදුනකනම් එකට තියෙන පඩිපෙල තමා ආගම. කන්දමුදුනෙදි ආගමක ස්වරූපය හැලිලා යනවා. හැබැයි ඒක පෞද්ගලික කාරණයක්. සමාජීය වශයෙන් ප්‍රායෝගිකත්වය උදෙසා ආගම සකස් වෙනවා.

    මිනිස්සු හැම දෙනාම දැනට අවු කීපයකට කලින් ඇතිඋන ආගම් කීපයකට ඉතිරි නැතිව බෙදිලා ඉන්න ඕන නෑ .

    එකඟයි. ‌අපිත් කැමති ලෝකය දාර්ශනික/ධාර්මික මතවාද පැත්තෙන් හරි යුටෝපියා එකක් වෙනවනං

    ආගම් බොරු හෝ මම නිරගමික කියලා නෙවෙයි මම කිව්වේ.

    මෙහෙම දෙයක් ඔයා කිව්වායි කියලා මම මගේ රිප්ලයි වල ඉමම්ප්ලයිවත් කරලා නෑ.

    බුද්ධාගම කියන ලේබල් එක තිබ්බත් නැතත් යතාර්ථය යතාර්ත්යම තමයි..

    බුද්ධ දේශනාව තිබ්බත් නැතත් පටිච්චසමුප්පාද ධර්මය එලෙසමයි කියන එකනම් බුදුහාමුදුරුවොත් දේශනා කලා.

    ඔය "යථාර්තය" කියන වචනයෙන් මොකද්ද ඔයා අදහස් කරන්නෙ කියලා හරියට නොදැන එතනිං එහාට අදහසක් පලකරන්න බෑ.

    මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ මිනිස්සු අනිවාර්යයෙන් ආගමක් අදහන්න ඕනේ වගේ දෙයක් නැත්නම් එහෙම නොවන හැමෝම එක විදියේ මාෆියා කාරයෝ පිරිසක් වගේ දාල. එහෙම එකක් නෑ . එක එක මිනිස්සු හිතන දේවල් එක එක විදියයි. ඔක්කොම එකම කුලකයකට දාන්න බෑ තමන් හිතන විදියේ නෑ කියලා.

    ඔව් මාත් බොහෝදුරට එකඟයි ඒකට. එහෙම මාෆියා කාරයො වෙන්නෙ නැහැ.

    මම නම් හිතෙන්නේ සිදුහත් සත්‍ය සොයා ගියේ තිබ්බ අනිත් ඇදහීම් , විශ්වාස වලින් වැඩක් නෑ කියලා හිතල. එවලින් අයින් වෙලා. වෙන විදියකින් කිව්වොත් නිරගමික වෙලා. මගදී ගුරුවරු මුණගැහුනත් ඒවා වැරදි කියලා තේරුනාම එතනින් අයින් උනා මිසක් ඒවම අදහගෙන හිටියේ නෑ .. ඉගැන්වීම් , දර්ශන ආගම් / ඇදහිලි කරගන්නේ පස්සේ ..

    ඒ කියන්නෙ මිනිස්සුන්ට ප්‍රායෝගිකව තම තම ඇදහිලි පරීක්ශා කරන්න කියන එකද? ඔව් සහේතුකයි, නිවැරදියි.

    මෙතන තියන ගැටලුව ඔයාගෙ නිරාගමික කියන නිර්වචනයයි ඔය ආටිකල් එක ලියපු කෙනා ඒකට කවන්න හදන නිර්වචනය යි අතරෙ ගැටුම නේ? ඒකට නම් මම උත්තරයක් දෙන්න නෑ. මොකද ඔය ගැන මගේ දැනුම අඩුයි. ඒ වගෙම නිරාගමික කියන අම්බ්‍රෙල්ලා ටර්ම් එකක් නේ?

    නිරාගමික තත්වයක් යටතෙ මානවවාදයටත් තර්ක ඉදිරිපත් කරන්න පුලුවන් මිනීමරලා හෝ ගිතෙල් බොන්න කියලා තර්ක කරන්නත් පුලුවන්(මේකම ආගමික මතවාදයක් යටතෙත් කරන්න පුලුවන්). මට හිතෙන්නෙ ආටිකල් එක ලියන කෙනා නිරාගමික කියන අම්බ්‍රෙල්ලා ටර්ම් එකේ සෘණාත්මක පැත්තටත් ඔයා ධනාත්මක පැත්තටත් කතාකරනවා කියලා. දෙපැත්තටම සාධක තියෙනවා.

    වැරදිනේ පුතා.
    නිරාගමිකයෝ කියන්නේ ආගමික සංකල්ප පිලිගන්න තරම් සාධක නෑ කියල. දෙය්යන්ගේ සිද්දිය වගේම තමයි.
    දෙය්යෝ නෑ කියල කියන එකයි දෙය්යෝ පිළිගන්න තරම් සාක්ෂි නෑ ඒ නිසා විස්වාස කරන්නේ නෑ කියන එකයි දෙකක්.

    නිරාගමික කියන එකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේශන් එක මොකද්ද?
     
    Last edited:

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    වැරදිනේ පුතා.

    නිරාගමිකයෝ කියන්නේ ආගමික සංකල්ප පිලිගන්න තරම් සාධක නෑ කියල. දෙය්යන්ගේ සිද්දිය වගේම තමයි.

    දෙය්යෝ නෑ කියල කියන එකයි දෙය්යෝ පිළිගන්න තරම් සාක්ෂි නෑ ඒ නිසා විස්වාස කරන්නේ නෑ කියන එකයි දෙකක්.
    සාධක තිබුනත් නිරාගමික දෘෂ්ටියක හිර උන අය පිලිගන්නෙ නෑ,පිලිගත්තත් නැතත් ඒකත් එක රාමුවකට චින්තනය කොටු කිරීමක්ම තමයි බන්,අනික බෞද්ධ දර්ශනයක් තියෙන අපිට ඔය බටහිරින් එන කුනුගොඩවල් ඕන නෑ බන්
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මං කිව්වෙ නිරාගමික කියන සංකල්පය ගැන ගොඩක් අය නොදන්න පැත්තක් හොයල බලල විස්තර අනුව එහෙම නැතුව මේක මං හදපු කල්පිතයන් නෙවෙයි ,ගොඩ දෙනෙක් නිරාගමික සංකල්පය කියල අදහන(පිලිම වන්දනා,පූජා නොකරත් ඒකත් එක ඇදහිල්ලක්)කන්සෙප්ට් එකේ නොපෙනෙන ඇත්ත,චින්තනයට වහල් උන අයට මේක ටිකක් දිරවගන්න අපහසුවුනාට මේතමයි නිරාගමික සංකල්පයෙ යථාර්ථය,බනින අය පොඩ්ඩක් ඔය ගැන හොයල බලල අදහස් දක්වන්න කියල මං ඉල්ලා සිටිනව,නිරාගමික නමින් මාෆියාවක් යනව කියන එක පිලිගන්නවත් කැමති නැති මොල සේදුන අයටනම් මේ ගැන මීටත් වඩා එවිඩන්ස් එක්ක ඔප්
    10 happiest countries in the world are among the least religious

    https://www.christiantoday.com/arti...orld-are-among-the-least-religious/127465.htm
    පැහැදිලියි ඔය රටවල් සේරම කලින් ක්‍රිස්තියානි නැත්නම් කතෝලික රටවල් නේද,නිරාගමික සංකල්පය තියෙන්නෙ දේවවාදී ඇදහිලි තියෙන රටවලනෙ,ඒක නැවත ආවෙත් ඒ රටවලමනෙ,අහල තියෙනවද කවදාවත් ඔය රටවල බෞද්ධ දර්ශනය තිබුන කතාවක්,මං අහන්නෙ බටහිරට විතරක් සෙට් වෙන දෙයක් ඇයි අපි බලෙන් අපිට ආදේශ කරගන්නෙ,අපිට මොකටද නිරාගමික කන්සෙප්ට්,අපිට ඊට වඩා ප්‍රායෝගික බෞද්ධ දර්ශනයක් තියෙද්දි,මට ඒකට උත්තර දෙන්නකො,නිරාගමික කන්සෙප්ට් එක හැදෙන්නෙ බටහිර රටවල සංස්කෘතියට අනූව ආගමට අනූව(ඒ රටවල බුදුදහම නෑ කතෝලික හෝ ක්‍රිස්තියානි තමයි)ඒ රටවල අයගෙ සිතුම් පැතුම් අනූව,එහෙම හැදුන කන්සෙප්ට් එකක් කොහොමද මේ ඊටවඩා සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියක් තියෙන,ආගමක් දහමක් තියෙන,ඊට වඩා වෙනස් සිතුම් පැතුම් තියෙන රටකට ගැලපෙන්නෙ,මං අහන්නෙ විහිලුවක් නෙවෙයිද,ඔබ ඔය පෙන්නුව රටවලින් කිහිපයක් අයත් වන්නෙ ස්කැන්ඩිනේවියානු රටවල්වලට,අහල තියෙනවද දන්නෙ නෑ ඒ රටවල අතීතයේ බල පිහිටුවා හිටපු අය ගැන,නෝර්ත් වයිකින්වරු,ලෝකෙ හිටිය මිලේච්ඡම ජන වර්ගයක්,අතීතයේ ඒ අය ඇදහුවේ මිත්‍යා දෙවිවරු කොටසක්,නෝර්ත් දෙවිවරු කියන්නෙ එයාලට(තෝර්,ඔඩින්,ෆ්‍රේයා)පසුව ඒ රටවල් ක්‍රිස්තියානිකරණය උනා,හැබැයි කවදාවත් ඒ රටවලට බුදුදහම ආපු බවක් සදහන් නෑ,කොටින්ම එයාල බුදුදහම ගැන දැනගත්තොත් එයාල ඒකට ආගමක් කියල කියන එකකුත් නෑ,පොඩ්ඩක් හොයල බලන්නකො,අපිට ඔය නිරාගමික කුනුගොඩවල් ඕන නෑ බන් අපිට ඊට වඩා බෞද්ධ දර්ශනයක් තියෙනව අපේ ජීවිතය සාර්ථක කරගන්න,මං කියන්නෙ ආගමින් ඔබ්බට බුදුදහම කියන දේ ගැන උබ තේරුම් ගත්තොත්,බුදුදහම කියන්නෙ තවත් එක් ආගමක් නෙවෙයි අවබෝධ කරගතයුතු දර්ශනයක් සහෝ