සමාජයේ ඇති වෙමින් පවතින තවත් එක් ව්‍යසනයක් පිලිබදව කතා කළ යුතුයයි මා සිතමි.මේ නිරාගමිකයන් එහෙම නැත්නම් ආගම් නොඅදහන්නන් යැයි අද සමාජයේ ඇතිවෙමින් සිටින පිරිසකගේ ස්වරූපය පිලිබදවයි.තමන් නිරාගමික කියාගන්නා පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය අදවනවිට හෙලිවෙමින් පවතී.මෙය බෞද්ධ රටකි.අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාස කාලය තුළ අප පෝෂණය වූයේ මෙම බෞද්ධ චින්තන රටාව තුළිනි.අතීතයේ ශේශ්ට ජාතියක් ලෙස නොයෙක් දස්කම් නිමවුම්,ඇලවේලි,වැව් අමුණු සෑදූ අප අදවනවිට ඉදිකට්ට පවා බටහිරින් ගෙන්වන තුරු බලා සිටින නිවට ජාතියක් බවට පත්වී ඇත.වෙනකක් තබා චින්තනයද බටහිරින් අරගෙන එය මහා ඉහලින් වර්ණනා කිරීමට තරම් අප බටහිරට ගැති වී හමාරය .අපට බටහිරට එන නිරාගමික චින්තන අවශ්‍ය නැත.
මේ රටේ අවුරුදු දෙදහස් පන්සීයක් පුරාවට පෝෂණය වූ බෞද්ධ චින්තනය අප හට මනාව ගැලපේ.නමුත් බටහිර ආධිපත්‍යය නිසා අප කෙමෙන් බෞද්ධ චින්තනය,සිංහල සංස්කෘතියෙන් ඈත් වී බටහිර පුරුදු බටහිර ආහාර රටා,බටහිර ආගම් හා අදවනවිට බටහිර නිරාගමික චින්තනයටද කෙමෙන් ඇදීගොස් අපිටම අපගේ අන්න්‍යතාවය හදුනාගැන්මට නොහැකි තරම් පහත් අඩියකට අද අප පත්වී හමාරය.නිරාගමික චින්තනය වැනි බටහිර රටවල බටහිර සංස්කෘතිය තුළ ඇති වූ චින්තනයන් ලංකාව වැනි බෞද්ධ චින්තනයක් ඇති යම්කිසි සංස්කෘතියක්,සදාචාර පද්ධතියක්,විනයක් ඇති රටකට ගලපාගැනීමම විහිලුවක් පමණි.එසේම නිරාගමිකකරණය වන ගොඩක් රටවල් කතෝලික හා ක්‍රිස්තියානි ආගමික රටවල් වෙති.ඔවුන්ට බුදුදහම ගැන ඇත්තේ සීමිත දැනුමකි.ඔවුන්‍ට එය හුදු නාම මාත්‍රයක් පමණි.
නිරාගමික චින්තනය යනු ඇත්තටම කුමක්ද,එහි ඉතිහාසය කවරක්ද,අද ලංකාවේ නිරාගමික යැයි බටහිර චින්තනයන්ට හසුවී ඔලු කුරුවල් කරගත් පිරිස ඇත්තටම මේ ගැන දන්නවාද යන්නත් සැකයකි.නිරාගමික චින්තනය කවදා කෙසේ කවුරුන් විසින් ලෝකයට ඇති කරනා ලද සංකල්පයක්ද යන්න එතරම් පැහැදිලි නැත.නමුත් එහි ඉතිහාසය දෙස බැලීමේදී නිරාගමික චින්තනය යනු බුදුදහමටත් වඩා පැරණි චින්තනයක් බව කිව යුතුය.බුදුන් වහන්සේ කලද ආගමක් දහමක් නොඅදහන,පින් පව් විශ්වාස නොකරන,කර්මය-කර්ම පල විශ්වාස නොකරන,ආත්මය විශ්වාස නොකරන(බුදුදහම තුළද ආත්මයක් විශ්වාස නොකරයි),නිවන විශ්වාස නොකරන,දිව්‍ය ලෝක අපාය විශ්වාස නොකරන නිරාගමික පිරිස් ජීවත්ව ඇත.මක්කලීගෝසාල,අජිතකේසකම්බලී,පූරණ කස්සප,චාර්වක යනු එකල සිටි ප්‍රසිද්ධ නිරාගමිකයන් සමහරකි.
විවිධ වෙනස්කම්,කොටස් තිබුනද ඒ සේරම එකම නිරාගමික චින්තනයක් තුළ ගොඩනැගුණි අදද නිරාගමික චින්තනය විවිධ කොටස්වලට බෙදී ඇත.අදේවවාදය,මානවවාදය,හේතුවාදය වැනි විවිධ කොටස්වලට දැක්වුවද මේ එකම නිරාගමික චින්තනයම වේ.එකලද නිරාගමික චින්තනය එසේ කොටස්වලට බෙදී පැවතුණි.එය මෙසේ දැක්වුවහොත්,පූර්ණ කස්සප=අකිරියවාදී,මක්කලීගෝසාල-අකිරියවාදි/නියතිවාදී,අජිතකේසකම්බල=අකිරියවාදී/භෞතිකවාදී,පකුදකච්ච්යන-අකිරියවාදී,සංජයබෙල්ලත්තපුත්ත-අමරාවික්කේපවාදී,සංශයවාදී ලෙස එකල සිටි ප්‍රධාන නිරාගමික පිරිස් හා ඔවුන්ගේ දර්ශනයවල කොටස් බෙදී ඇති ආකාරයන් දැක්විය හැකිය.
මුලින්ම අපි මෙහි මුලින්ම සදහන් කර ඇති නිරාගමික පූර්න කස්සප පිලිබද විමසා බලමු.පූර්ණ කස්සපයන්ගේ නිරාගමික චින්තනය තුළ පස්පව් විශ්වාස නොකරයි,පින් පව් පලදීමක් පිලිබද විශ්වාස නොකරයි,අප කරන හොද නරක,හරි වැරදි ක්‍රියාතුළින් අකුසලක්,පවක් හෝ පිනක් සිදු නොවන බව,පින් පව් ලෙසින් දෙයක් නොපවතින බව විශ්වාස කරයි.අප කරනා පින් හා පව්වල විපාකයක් නැතැයි විශ්වාස කරයි,ඉන්ද්‍රිය දමනය,ශීලය,සංයමය,සත්‍ය වචන කීමෙන් කිසිදු පිනක් සිදු නොවනා බවද,කොතරම් අයහපත කරත්,වැරදි ක්‍රියා කළද පවක් සිදු නොවන බවද,පව් විපාක නොදෙන බවද විශ්වාස කරයි.මෙම පූරනකස්සප නම් නිරාගමික ශාස්තෲ ගැන තවත් සදහන් කළහොත් සම්පූර්ණ නිර්වස්ත්‍රව සිට තම වෘතය සිදු කළ නිරාගමික ශාස්තෲ කෙනෙක් බවද සදහන් වේ.මොහුගේ අකිරියවාදය මෙලෙස සරලව දැක්වුවහොත් කුසල් අකුසල්,පින් පව්,මෙලොවක් පරලොවක් යන කිසිම දෙයක් විශ්වාස නොකිරීම දැක්විය හැකිය.
ඊලග නිරාගමික ශාස්තෲ ලෙස මක්කලීගෝසාල ගැන විමසුවහොත් මොහුගේ ඉගැන්වීම් තුළද හරයක් ලෙස ගැනීමට කිසිවක් නැත,එයද එක්තරා අකිරියවාදී ඉගැන්වීමකි.මොහු මුල් කාලය තුළ නිගන්ටනාථපුත්ත(මහාවීර)නම් ජෛන ශාස්තෲන් යටතේ ගෝලයකු ලෙස වසර හයක් පමණ කාලයක් සිට ඇත.මොහුගේ නිරාගමික දර්ශනය තවත් විස්තර කළ විට පුද්ගලයකු හොද හෝ නරක වීමට,පින්වත්ත වීමට හෝ පව්කාර වීමට කිසිදු හේතුවක්(අහේතුවාදී) බලනොපාන බවද එය සිදුවන්නෙ කිසියම් නියතයකට අනූව, ස්වභාවයකට අනූව බවය.කළ යුතු දෙයක් නැත යන්නය.කෙසේ වුවද මොහුගේ ඉගැන්වීම්ද සමාජයට එතරම් හිතකර නොවන බව කිව යුතුය.බුදුදහම තුළ සෘජුවම මොහුගේ මෙම නිරාගමික දර්ශනය පිලිබද දක්වා ඇත්තේ සමාජ අනර්ථය පිලිබද බලපෑම් කරන දර්ශනයක් ලෙසය.
ඊලගට අජිතකේසකම්බලී නම් නිරාගමික ශාස්තෲන්ගේ දර්ශනය දෙස විමසුවහොත් එය සැකෙවින් මෙසේය.මොහුගේ ඉගැන්වීම් තුළ උජ්ජේදවාදි,භෞතිකවාදී ලෙස චාර්වක දහම ප්‍රකට කරවයි.එය තව දුරටත්,හොද නරකවල කර්ම විපාක නැත යන්න,මෙලොවක් පරලොවක් නැතයි යන්න,ඕපපාතික සත්වයන් නැත යන්න,සත්වයා මිය ගිය පසුව සියල්ල පොලොවට පස් වන බව හා එතනින් එහාට දෙයක් නැතැයි යන්න,පුර්භවයක් නැතැයි යන්න උගන්වයි,දානයේ පලවිපාක නැත ලෙස දක්වමින් මරණින් මතු උපතක් නැතයි අදහස් දක්වමින් ජීවත් වෙන කාලය තුළ පුළුවන් තරම් කාබී,ශරීරයට සැප දී,ණයට හෝ පුළුවන් තරම් තමන්ගේ ශරීර සුඛ විහරණය පවත්වා ගන්නා ලෙස මොහු මොහුගේ ඉගැන්වීම් තුළ දක්වයි.ඒ නිසාම මොහුගේ ඉගැන්වීම් අකිරියවාදී,උජ්ජේදවාදි,නාස්තිවාදී ලෙසද හදුන්වාදිය හැක.මෙයද සමාජයට අහිතකර වූ නිරාගමික දර්ශනයක් ලෙස එකල ප්‍රතික්ෂේප වූ දර්ශනයකි.
ඊලගට එකල සිටි තවත් එක් ප්‍රධාන නිරාගමික ශාස්තෲවරයෙක් ලෙස පකුදකච්ච්යන හැදින්වේ.මෙම නිරාගමික ශාස්තෲන් පිලිබද දීග නිකායේ සාමඥපල සූත්‍රය තුළද යම් යම් තොරතුරු සදහන් වේ.මොහුගේ නිරාගමික ඉගැන්වීම් සංකල්පයක් ලෙස මෙසේය. පටවි,ආපෝ,තේජෝ,වායෝ,සුඛ,දුක්ඛ ලෙස සත්ව පදාර්ථයන් තුලින් බවත් එම පදාර්ථයන්ට හානි හානි වුවද කිසිදු පාපයක් සිදු නොවන බවයි.එය මෙලෙස උදාහරණයක් දැක්වූ විට යම්කිසි ආයුධයකින් කෙනෙකුට පහර දුන් විට සිසිදුවන්නෙ මෙම ඉහතින් දැක්වූ සත්ව පදාර්ථයන් තුළින් සෑදුන සත්වයාගේ ශරීරයට එම ආයුධය ගැටීම පමණක් බවත්,එසේම එම පහරදීම කළ පුද්ගලයා හට කිසිදු අකුසලයක් සිදු නොවන බව තවත් එක් අකිරියවාදී ඉගැන්වීමක් සමාජගත කළේය.ජීවිත හානියක් කළද අකුසලක් වන්නේ නැත,පවක් වන්නේ නැත යන්න මොහුගේ දර්ශනයෙහි අන්තර්ගත ඉගැන්වීම් ලෙස දැක්විය හැකිය.
ඉහත මා දක්වා ඇති එකල සිටි අනෙක් නිරාගමික ශාස්තෲවරයා ලෙස සංජයබෙල්ලත්තපුත්ත ශාස්තෲ හැදින්විය හැකිය.මොහුගේ නිරාගමික දර්ශනය සංචයවාදී,අමරාවික්කේපවාදී නිරාගමික දර්ශනයක් ලෙසද හදුන්වා දිය හැකිය.අනෙකුත් නිරාගමික පුද්ගලයන් තුල මෙන් මොහුගේ ඉගැන්වීම් තුළද කිසිදු හරයක් නොමැත.මොහුගේ ස්වභාවයනම් අසන ලද ප්‍රශ්නවලට ආදෙකු මෙන් ලිස්සා යන ස්වභාවයයි,ඇතද නැතද,ඇත්තේද නැත,නැත්තේද නැත ලෙස දක්වමින් මොන ප්‍රශ්නයක් ඇසුවද හරිහැටි පිලිතුරක් නොදී පුළුවන් තරම් අසන ප්‍රශ්නයෙන් ගැලවීමට ක්‍රමයක් සොයයි,එයට හේතුව ලෙස තමාගේ නුවණ,දැනුම පිලිබද තමාටම තියෙන විශ්වාසයේ මදිකම,තව කෙනෙක් සමග වාද කරවිට තමාද ඔහුගේ දෘෂ්ටියට වැටෙයි කියා සිතේ ඇතිවන භය,අසන ලද ප්‍රශ්නවලට තමා දෙන පිලිතුර නොගැලපේය යැයි ඇති භය මොහුගේ හැසිරීම වී ඇති බව බුදුදහමෙහි දක්වා ඇත.තව කෙනෙකු තමාගේ මතය විවේචනය කරයි හෝ ඊට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරයි යන බය නිසා මොහුගෙන් අසන ලද සෑම ප්‍රශ්නයකටම කුමන හෝ ආකාරයට ගැලවීමට උත්සාහ කරයි,උඋදාහරණයක් ලෙස පරලොවක් පිලිබද මොහුගෙන් ඇසුවහොත් මොහුගේ පිලිතුර වන්නේ පරලොවක් තිබේද යන්න හෝ පරලොවක් නැද්ද යන්නයි,මේ ආකාරයෙන් කෙටි පිලිතුරු දී බොහෝවිට ප්‍රශ්නය අසන කෙනාගෙන්ම පෙරලා ප්‍රශ්නයක් අසා කුමන හෝ ආකාරයට බේරී ප්‍රශ්නයෙන් පලා යෑමට ප්‍රයන්ත දැරීමයි.එකල සිටි අනෙකුත් නිරාගමික ශාස්තෲන් සමග සසදන විට මෝහම පුද්ගලයකු ලෙස සලකනු ලැබේ.පිලිතුරු දීමේදී දික් කෙටි ක්‍රමය වෙනුවට චතුස්කෝටික ක්‍රමය අනුගමනය කරයි.මොහුගේ නිරාගමික දර්ශනය එකල අනෙක් නිරාගමික දර්ශනයන් මෙන් සමාජයට හානිකර නොවුවද කිසිම අර්ථයක් ඇති බවක් එහිද දක්නට නොලැබේ.
මේ ආකාරයට එකලද නිරාගමික චින්තනය වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයටම ව්විධ ආකාරයට විවිධ නිරාගමික ශාස්තෲන් යටතේ සමාජය තුළ දක්නට ලැබී ඇත.පෙරදිග තිබූ එම නිරාගමික දර්ශනයන්ම අද වනවිට විවිධ නම්වලට පරිවර්තනය වෙමින් හේතුවාදී ලෙසත්,මානවවාදි ලෙසත් අදේවවාදී ලෙසත් තවත් විවිධ නම්වලින් හැදින්වෙන්නේද මෙම අතීතයේ පටන් තිබූ එකල ප්‍රතික්ෂේප වූ නිරාගමික චින්තනයන්මය.මෙහි ආරභයක් පිලිබද හා මෙම නිරාගමික සංකල්පයන්වල නිර්මාතෲ කවරෙක්ද යන්න පිලිබද හරිහැටි විස්තරයක් ලබා ගැනීමට නොහැකි වුවද බුද්ධ කාලයේ සිටි ප්‍රධාන නිරාගමික නායකයන් කිහිප දෙනෙක් හා ඔවුන් ඉදිරිපත් කළ නිරාගමික දර්ශනයන්හි විස්තර මේ පිලිබද සොයා බැලුවොත් අපට ඉතිරි වේ.
පෙරදිග එලෙස ප්‍රතික්ෂේප වූ නිරාගමික දර්ශනයන් වෙතට බටහිරයන්ගේ අවධානය යොමුවන්නේ ඔවුන්ගේ අදේවවාදී ආගම් වන කතෝලික හා ක්‍රිස්තියානි ආගම්වල ආගමික බලපෑමට විකල්පයක් ලෙස එකතුවූ කණ්ඩායම් මෙම පෙරදිග නිරාගමික දර්ශනයන් පිලිබද සෙවීමට පටන් ගත්විටය. දේවවාදයට ප්‍රබල පහරක් ඔවුන් මෙම නැවතත් නගා සිටුවන ලද නව නිරාගමික සංකල්පය එල්ල කරනු ලබයි.දේවවාදයට එරෙහිව අදේවවාදය බටහිර නැගී සිටින්නෙ මෙලෙසය.හරයක් ලෙස ගැනීමට කිසිවක් නැති වුවද ඔවුන්ගේ ප්‍රධාන දේවවාදී ආගම්වන කතෝලික,ක්‍රිස්තියානි ආගම්වලට යම් බලපෑමක් සිදු කිරීමට මෙම නැවතත් පුනර්ජීවනය ලද නිරාගමික සංකල්පයට හැකිවිය.මෙලෙස බටහිර රටවලින් ලංකාවටද නිරාගමික නම් සංකල්පය පිලිබද දැනගැනීමට ලැබීය.නමුත් ඇත්තටම එය බෞද්ධ දර්ශනයක් බෞද්ධ සංස්කෘතියක් සහිත අපගේ රටට කොතරම් දුරට ගැලපේද යන්න පිලිබද අප සිතා බැලිය යුතුය.බටහිරින් ආ පලියට ඔහේ නිරාගමික වී අහේතුකව ඔහේ කාලකන්නි ලෙස ජීවත් වනවාද නැත්නම් අපගේ උතුම් බෞද්ධ චින්තනය,සිංහල බෞද්ධ සංස්කෘතිය,අපටම ආවේනික සාරධර්ම,සදාචාරයන්,වටිනා ගුණධර්මවලින් තුළින් අපගේ ජීවිතය ආලෝකවත් කරමින් තමාටත් සමාජයටත් යහපත් මිනිසෙකු ලෙසින් ජීවිතය පලදායීව ගත කරනවාද යන්න තෝරාගැනීම ඔබ සතුයි..