එකඟයි අපි හැමෝටම දෘෂ්ටියක් තියනවා. නමුත් මගේ තර්කය ඒ දෘෂ්ටිය ගොඩ නැගෙන විදිහ අනුව තමයි ආගමික හෝ නිරාගමික වෙන්නේ කියන එක.
ආගමික දෘෂ්ටීන් වල පදනම ආගමික ඉගැන්වීම්. නිරගමික දෘෂ්ටීන් වල පදනම තමන්ටම පරික්ෂා කල හැකි ලොජික්. ඔතන වෙනස ඇවිල්ල මම හිතන්නේ ලොජික් ටෙස්ට් කරලා බලන්න පුළුවන් උනාට ආගමික ඉගැන්වීම් එහෙම බෑ කියන එක.
ඔව් ආගමික හා නිරාගමික කියලා බෙදන්න පුලුවන්. ඒක ඔයාගෙ තර්කය. එතන ගතයුත්තක් තියෙනවා.
annian කරන්නෙ ඒ දෙක වෙනුවට දිට්ඨිය ආදේශ කිරීම සහ "කොයිකත් දිට්ඨියක් කියන තැනට තර්කය අරං යන එක. එයාගෙ තර්කෙ අන්තිමදි ආගම නිරාගම කියන එක දියකරලා ඇරලා ඒකට "දිට්ඨිය" ආදේශ කරනවා. චීප් ට්‍රික් එකක්ද නැද්ද කියලා ඔයා තීරණය කරන්න.
බුදු දහම ගත්තොත් ඔය කියපු පදනම් දෙකම එකට තියනවා කියලයි මට හිතෙන්නේ. දැන් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක ගත්තොත් ඒක පට්ට ලොජිකල් නෙහ්? ටෙස්ට් උනත් කරන්න පුළුවන් නේ? එතකොට ඒක නිරා framework එකට උනත් සෙට් වෙනවා.
ඔව් බලන කෝණය අනුව දෙකම තියනවා කියන්න පුලුවන්.
ඒ වගෙම වෛරයෙන් වෛරය සංසිඳෙන වෙලාවලුත් තියනවා නේ? ඒක තීරණය වෙන්නෙ අපේ මූලික හර පද්ධතිය අනුව. බෞද්ධ ධර්මය අනුව ඔව් වෛරයෙන් වෛරය සංසිඳෙන්නෑ.
නමුත් උග්‍ර භෞතිකවාදී/මානවවාදී නොවන චින්තකයෙකුට තරහ පුද්ගලයෙක් නැවතත් බලපෑම් නොකරන (බහිරුනුත් බලපෑම් නොඑන) පරිදි ඝාතනය/විනාශ කරලා දැම්මොත් ඒ මිනිහාගෙ අර උග්‍ර භෞතිකවාදී/මානවවාදී නොවන හරපද්දතිය නිසාම එයාට දැං සැපතක් වෙනවා. එතකොට ඔය කියන "ලොජික්" යුනිවර්සල් නැතිවෙනවා නේද? එයාගෙ හරපද්දතිය අනුව ඒකතමා පට්ටම ලොජිකල් දේ. ඉතින් එවැනි දේකින්, ඒ කියන්නෙ ලොජික් වලින් හරපද්දති නිර්මාණය කරද්දි අපිට මොකද්ද තියන සහතිකය කියන දේ අහනවා වෙන්න පුලුවන් ආගම්?
ආගම් පරමාදර්ශී චරිත කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන කටයුතු කරන්නෙ හැමෝටම එහෙම උපතින්ම පරමාදර්ශී මානවදායාවාදී වෙන්න බැරිබව දන්න නිසා වෙන්න පුලුවන්.
දැං නිරාගමික ෆ්‍රේම්වර්ක් එකට සෙට්වෙනවායි කිව්වට නිරාගමික පුද්ගලයෙකුට ඉතා හොඳ මානවවාදියෙක් වෙන්නත් පුලූවන්. අර වගේ නරුමයෙක් වෙන්නත් පුලුවන් නේද? එහෙම නැතැයි කියන්න පුලුවන්ද? මම ඕක දැනගන්න තමා මුලදිම ඔයාගෙන් නිරාගමික ඩෙෆිනීශන් එක ඇහුවෙ. ඒක මම දන්නෑ.
අන්තිමටම මුලදිම කියපු දේ ආයෙ කියන්නම්, ආගමික හෝ නිරාගමික සංදර්භ දෙක තුලින්ම බොහොම උසස් මිනිසුන් වගේම බොහොම පහත් මිනිසුන් බිහිවෙන්න පුලුවන්. ඒ වගෙම ලොජික්, ආනුභූතිය, ශ්‍රද්ධාව ඔව්වා ගෙන් හරපද්දති (දිට්ඨි) නිර්මාණයේදී ගතයුත්ත මොකද්ද කියලා අතීතයේ පටන් මහා දාර්ශනිකයො එකිනෙකාට විරුද්ධ, වෙනස් මත ප්‍රකාශ කරලා තියනවා. ඉතින් තව කෙනෙක්ට මෝඩයා නොකියා කියන්නේ හදන්නෙ මොකද්ද කියලා තේරුම්ගන්න උත්සහ කළොත් අර මුල් හරියෙ කියපු දාර්ශනික යුටෝපියාව වත් බිහිවෙයි.
මම මෙතනින් එහාට කතා කරන්නෑ මේගැන. මම හිතනවා කතාකල අයට හිතන්න දෙයක් ඉතිරි උනා කියලා...