නිරුවත් ජායාරූප අන්තර්ජාලයට මුදා හළ මාලබ
මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ශිෂ්‍යාවකගේ නිරුවත් ජායාරූප 25ක් අන්තර්ජාලයට මුදා හළ එම විශ්වවිද්‍යාලයේ ඉහළ වසරක අධ්‍යාපනය ලබන සිසුවකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (02) නියම කළේය.
RELATED
රහස් පොලිසිය වෙත ලද ලිඛිත පැමිණිල්ලකට අනුව උපාය දුතයකු යොදා ගනිමින් සිදු කරන ලද විමර්ශනයක දී ඇයගේ නිරුවත් ජායාරූප පෙන්වා ඇයට තර්ජනය කළ අවස්ථාවේ දී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු ශිරාන් මලික් සාලි නමැති රත්මලානේ පදිංචිකරුවෙකි.
තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරුවරියක ලෙස අධ්‍යාපනය ලබන පැමිණිලිකාරියට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වු දින ජ්‍යෙෂ්ඨ සිසුන් ලබා දුන් නවක වදයේ දී සැකකාර සිසුවා හමු වු බවත් එම අවස්ථාවේ දී ඔහු තමාගේ දුරකථන අංකය ලබා ගෙන තමාට නිතර කථා කොට තමා හා ප්‍රේම සබඳතාවයක් පැවැත්වු බවට ඇය පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
විශ්වවිද්‍යාලය අසල තිබෙන තනායමකට තමා ගෙන ගිය බව පවසන ඇය එහිදී කෝකා කෝලා බෝතලයක් පානය කිරිමට දුන් බවත් ශරිරයට අධික වෙහෙසක් දැනෙන බැවින් තමා තද නින්දක වැටුණු බවට ඇය වැඩිදුරටත් පවසා තිබේ. වසර දෙකහමාරක කාලයක් මෙසේ ඇසුරු කළ තමා ඔහු මුස්ලිම් ජාතිකයකු බවට දැනගත් අවස්ථාවේදී හා මවුපිය විරෝධය පල වු බැවින් එම ඇසුර නැවැත්වු පසුව සැකකරු තමාට දුරකථනයෙන් තර්ජනය කොට තමා සතු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට ප්‍රකාශ කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.
මෙසේ තර්ජනය කළ සැකකරු ඇගේ නිරුවත් ජායාරුප 25ක් යූ ටියුබ් වෙබ් අඩවිය වෙත හා සහෝදරියකගේ අන්තර්ජාල ගිණුමකට ද මුදා හැර ඇත. ඉකුත් මස 28 වන දින විශ්වවිද්‍යාල භුමියේ දී හමු වු සැකකරු තමා සතුව තිබෙන ඉතුරු නිරුවත් ඡායාරුප ද අන්තරුජාලයට මුදා හරින බවට තර්ජනය කළ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු සතුව තිබි අත්අඩංගුවට ගනු ලැබු ලැප්ටොප් පරිගණකය හා දුරකථනය විශ්ලේෂණ වාර්තා සඳහා විශ්වවිද්‍යාලය වෙත යොමු කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
සැකකරු විශ්වවිද්‍යාල සිසුවකු විම සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඔහු ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළේය.
සැකකරු වෙනුවෙන් නිතිඥ ආනන්ද විමලවීර මහතා පෙනී සිටියේ ය.