නිරුවත්_දෑසින්
සමාජයේ අප බොහෝ විට වැඩිහිටියන්ගේ තිරිසන් ආශාවන් වෙනුවෙන් හිරිමල් කැකුළු බිලිගන්නා පුවත් නොඇසෙන දවසක් හෝ වෙලාවක් නැති තරම්ය. මේ ගීය තුලින් කියවෙන්නේ පාසලක සංගීත ගුරුවරයෙකු යයි සිතන්න . තමාගෙන් වෙණ වැයුමට පැමිණෙන හිරිමල් යුවතියදෙස රාගයෙන් මුසපත්වූ නිරුවත් වූ දෑසින් බලන ගුරුවරයෙකු දෙස ලුෂන් දකින්නේ මෙලෙසය …
මේ මිනිසා ඉදිරියේ ඇත්තේ මරණ තුනකි. තමා , බිරිඳ හා දරුවන්ය . මොහු විවාහක පියෙකි. තමන්ගේ ආත්මය තුල සැරිසරන රාගික සිතුවිලි මෝහනය වන්නේ තම ගෝලයාගේ වීණාවෙන් නැගෙන මධුර ස්වරයෙනි. ඔහුගෙන් නැගෙන අසංවේදී සුසුම් පොද වීණාවේ රිද්මය පරයා නැගී ඒ…යතාර්ථයට අනුව අති අමානුෂික සිදුවීමකට ඉස්මත්තේ සිටිමින් ලුෂන් වඩා ඉස්මතු කරන්නේ මිනිසාගේ සිතය. මේ ගීය පියදෝර් දොස්තොව්ස්කිගේ පොතක් බඳුය. තම දියණිය විය යුතු හිරිමල් කැකුල ඔහුගේ නග්න වූ ආශාවන් ඉදිරියේ මෝහයෙන් අන්ධවී ඇත. වීණාවේ තත් අතර වේගයෙන් දිවයන සියුමැලි අතැඟිලි ඔහු ගේ වත ස්පර්ශකරන්නාක් මෙන් දැනෙනු ඇත. තව තවත් වයන්න …කන්‍යාවී ….අසන්වාදී රිද්මයෙන් ….යැයි ලියවෙන්නේ ඒ නිසා විය හැක.
මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය . මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.
– චූලක බණ්ඩාරවත්ත –

” මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා ..බලාසිටී …
නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී …
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී පයෝදර තුඩු ඉකිබිඳිද්දී …සන්තාශයෙන් …”

” නියඟලා මල් පාට දේදුනු
දෙබෑ කරගෙන එනු …
ගිරා පොව්වන් පියුම් කැකුලක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා …..
බලන්න නිරුවත් දෑසින් .”
දෙබෑ කරගෙන එනු …
ගිරා පොව්වන් පියුම් කැකුලක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා …..
බලන්න නිරුවත් දෑසින් .”
මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය . මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.
“ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා
වයන්න වීණා …කන්‍යාවී ….”
රසා තලය කල එලි ගන්වා
වයන්න වීණා …කන්‍යාවී ….”
තම ලෞකික ආශ්වාදයන් පිරිමසා ගැනීමට , මිනිසාගේ සියලු බැඳීම් නිමේෂයකින් සිඳ දමන ආකාරය මේ ගීය තුල සිත්තම් කර ඇත. මෙවන් සිදුවීම් මේ ජරාපත් , වියපත් සමාජය තුල අපගේ දෑස් පෙනෙන මානයේ කොතෙක් නම් දිස්වී ඇතිද? මේ රටේ පාසල් තුල ගුරුවරුන් අතින් කෙතරම් සිසුසිසුවියන් කෙළසී ඇතිද ? ඒ පිළිබඳව සමාජය තුල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇතිද ?
ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.