නිරුවතින් ‍ගෙවීමට දින 21 ක් - Game for Scurvy

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
නිරුවතින් ‍ගෙවීමට දින 21 ක් - Game for Scurvy

නිරුවතින් හා බියෙන් ‍ගෙවීමට දින 21 ක්

අපේ scurvy ට කියාපු තරගය.නොමිලේ ඇදුම් නැතිව කෑල්ලකුත් හම්බවෙනව.රම්බෝ Knife එකත් අරගෙන තරගෙට ගිහෑකි:rofl:. scurvy ලෝකෙම ප්‍රසිද්ද වෙන්ඩ යන්නේ.කාටද ආඩම්බර :lol::lol::lol:
සියලු වාදබේද අමතක කරල අපි scurvy ව දිරිමත් කරමු.:yes::yes::yes::rofl:


nude-01.jpg












ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍යය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී ස්වකීය සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාවද විකිණෙමින් සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්ය " වැඩසටහන්මය" ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහලවෙමින් ඇත. ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දීමට නියමිත " නිරුවත සහ බිය" නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මෙම නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.






"නිරුවත සහ බිය" රියැලිටි වැඩසටහනට එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු ලෙස යුගල තරඟකරුවන් තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සහතික කරමින් තරඟය නිමා කළ යුතුය. මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළඹෙන ජූනි මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය උපුටා දක්වයි.


" තරඟකරුවන්ට තරඟයට ඇතුළත්වීමේදී තමන්ගේ කැමත්ත පරිදි එක් උපකරණයක් අතරමග භාවිතය සඳහා රැගෙන යන්නට පුළුවන්. ඒ වගේම අපි විසින් මග ලකුණු දක්වන අසම්පූර්ණ සිතියමක්ද ලබාදීමට කටයුතු කරනවා. ගමන් මූලාරම්භයේ සිට අවසානය දක්වාම සියල්ල කෙසේ හෝ කොතැනක හෝ සිට රූගත වෙනවා. හැම ‍මොහොතක්ම සුවිශේෂීයි.."
වැඩසහටනේ විධායක අධ්‍යක්ෂ ඩෙනිස් කොන්ටිස් පවසයි.



nude-02.jpg



නිරුවතින් ගමන නිමාකිරීම පමණක් නොව මාලදිවයින, පැනමා සහ බොරියෝ ජලාශ්‍රීත ප්‍රදේශවල යාත්‍රා කිරීම, සිතියම් ගත නොකළ මඩ වගුරු තරණය කිරීම ආදිය ඇතුළත්ව රියැලිටි වැඩසටහන්වලට සහභාගීවන තරඟකරුවන්ට පළමු වරට දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම ලබාගත හැකිය.

"අපට අවශ්‍ය වුණා සැබෑ නොවුණු යථා පිටපතක් ..",
"නිරුවත සහ බිය" උපුටා දක්වමින් කොන්ටිස් පවසයි.



"කේබල් නෙට් වර්ක්" විසින් නිෂ්පාදනය කරන ලද "ප්ලැනන්ට් අර්ත්" සහ "අප්‍රිකා" යන වාර්තා චිත්‍රපට මෙන්ම ප්‍රබන්ධයක් නොවුණු වැඩසටහනක් වුණු "ශාක් වීක්" වැඩසටහන තුළින් වාර්තා චිත්‍රපට මෙන්ම පිටපත් රහිත වැඩසටහන් ප්‍රේක්ෂකයින් වඩාත් කැමැත්තෙන් භාරගන්නා ලදී. ඒවා අතිශය ජනප්‍රියවීම හේතුවෙන් මෙලෙස නවමු ආකාරයේ රියැලිටි වැඩසටහනක් දියත් කිරීම දක්වා ‍ඩිස්කවරි නාලිකා‍ව පෙළඹී ඇති බව කියැවෙයි.
nude-03.jpg































" අපි ප්‍රධාන චරිතද්වයක් මගින් වෙනස් ආකාරයේ දේශ ගවේෂණයන් ගැන අයස්කාන්ත කතාවක් කියමින් ඉන්නවා..අපගේ වැඩසටහන්වල මූලික සංරචකයන් සියල්ල හෝ බොහෝ ප්‍රමාණයක් ‍"නිරුවත හා බිය" තුළින් ප්‍රකාශයට පත්වෙනවා.."
වැඩසටහන් අධ්‍යක්ෂවරයා පෙන්වාදෙයි.


තරඟකරුවන්ගේ සෑම ඉරියව්වක්ම, සෑම මොහොතක්ම සිව්දෙනකු‍ගෙත් යුත් කැමරා ශිල්පීන්ගේ කණ්ඩායමකින් දර්ශන ගත කෙරෙන අතර සෑම දිනෙකම ඒ ඒ තරඟකරුවන් යුවළට අදාළ නිෂ්පාදකවරයා සියලුම කැමරා දර්ශන එකතුකර ගැනීමට කටයුතු කරනු ලබයි. එසේම සියලුම කැමරාවල වියළි කෝෂ, මෙමරිකාඩ් පත් පරීක්ෂා කිරීමද දිනපතා සිදුකිරීමට අපේක්ෂිතය.

වැඩසටහනේ සුවිශේෂත්වය නිසාම ඇතැම්විට එය ප්‍රේක්ෂකයාට දරාගත නොහැකි තැනට තල්ලුවී යාහැකි වුවහොත් අනුගමනය කරනු ලබන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද යන්න සංවිධායකයින්ට මේවන තුරු ඇදහසක් නොමැත.

nude-05.jpg

" කිසිදු ගණන් තැබීමක් නෑ. සිදුවීම් මාලාවට පිටපතක් නෑ..."
ඔවුන් කියන්නේ එබැවිනි.
තරඟකරුවන්ගේ ආරක්ෂාව හා ජීවිත අවදානම පිළිබඳවද ඇත්තේ විචිකිච්චාවකි.

" මං දන්නේ නෑ. ඔවුන් දැනගෙන ඉන්නවා මේ ගමනේ භයංකාරත්වය. අදාළ ගමනට තල්ලු කළ පසු යා යුතු විදිහ යා යුතු ගමන තීරණය කරන්නේ ඔවුන් විසින්මයි. ඔවුන් දැනගත යුතුයි නොමැරී දින 21 ක් තුළ ගමනාන්තයට ළඟාවීමට.."
වැඩසටහන් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

මාස 10 ක කාලයක් තිස්සේ මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ. එක්සත් ජනපදයේ මිලියන 100 ක පමණ නිවාසවල ජනගහණයක් ඩිස්කවරි නාලිකාව නරඹන අතර එයින් පිටත රටවල් 180 ක පමණද එය එකසේ ජනප්‍රියය. එහෙත් ලොව විවිධ සංස්කෘතීන් හා දේශපාලන - සමාජීය තත්ත්වයන් සමග දිවි ගෙවන මිලියන ගණනාවක් වන ජනතාවක් "නිරුවත සහ බිය"ට කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්න අනාවැකි පළකළ හැකි නොවේ.


nude-07.jpg


The Wall Street Journal - ඇසුරිණි.


















 

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
another revolutionary survival program n im extremely hungry for watch it... but i ve doubt on these competitors ve any experience about surviving before.. if not ,im pretty sure that they cant perform well as bear grylls do on man vs wild and also they wont b able to amaze the viewers as well..
 

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    camera manuth ee wadema karanawa ne :D
    uta sammanayak denna one marenne nathuwa ee tika video karanawata :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තරඟකරුවන්ට තරඟයට ඇතුළත්වීමේදී තමන්ගේ කැමත්ත පරිදි එක් උපකරණයක් අතරමග භාවිතය සඳහා රැගෙන යන්නට පුළුවන්.

    durex_from_blue25net.jpg

     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දවස් 21 තිස්සේ කොඩි ගහ උස්සගන ඉන්න එක තමා පුරස්නේ
     

    Similar threads