නිරෝධායන මධ්‍යස්ථානවල තත්වය

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නිවන් සුව ලැබේවා .. කියලා තමයි හැමෝම කියලා තියෙන්නේ..
     
    • Like
    Reactions: TNHM and dilann

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එක දොස්තර පකෙක් එලියට ආවෙ නෑ

    නිරෝධායන මධ්‍යස්ථාන වලට තියා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝහලේ covid වාට්ටු වලටවත් දවසකට දෙවතාවක්වත් දොස්තරලා එන්නෙ නෑ. nurse ලා වුණත් එන්නේ දවසට 3 වතාවක් විතර බෙහෙත් ටික දීලා saline ටික දාලා යන්න. Isolation කියලා තියෙන බරපතල ලෙඩ්ඩු ඉන්න වාට්ටු වල විතරයි හදිස්සියකට ලෙඩෙක්ව බලන්න දොස්තරලා, නර්ස්ලා වාට්ටුව ඇතුලේ ඉන්නේ.

    සාමාන්‍ය වාට්ටුවක වගේ ලෙඩෙක්ට මොනවාහරි අමාරුවක් වෙද්දි දුවගෙන එන්න කවුරුත් නෑ covid වාට්ටුවල. saline එක නැවතුනාට හදලා දෙන්න කවුරුත් නෑ. එහෙම දේකට දොස්තර කෙනෙක් නර්ස් කෙනෙක් එන්න ඕනි නම් PPE kit එකක් ඇඳගෙනෙ එන්න ඕනි. එකපාරක් ඇඳපු kit එක ආයේ අඳින්න බැරි ලු. වාට්ටුවේ ලෙඩෙක් කෑගහන පාරක් ගානේ ඇවිත් බලන්න තරම් PPE kit රෝහල්වල නෑ ලු.

    ඉස්සර covid ලෙඩෙක්ට තිබුණ සැලකිලි දැන් නෑ. පහසුකම් ඇත්තෙත් නෑ. ලෙඩ්ඩුන්ට ඇඳන් නෑ, බඩු ටික තියාගන්න ලොකර් නෑ, නාන්න රෙදි සෝදලා වේලගන්න විදියක් නෑ. covid හැදිලා එන ගොඩක් අයට වෙන රෝගත් තියෙනවා, ඒත් ඒවා ගැන බැලෙන්නෙ නෑ. ඒකට ඉස්පිරිතාලේ වැඩකරන දොස්තරලා නර්ස් ලා පලිත් නෑ. covid වාට්ටු වල duty වැටුන දොස්තරලා නර්ස්ලා සමහරු දැනටම ආසාදනය වෙලා, එයාලගේ ගෙවල් වල අයත් නිරෝධායනයට දාලා.

    ඒ හින්දා තමයි මිනිස්සුන්ටත් තේරෙන බාසාවෙන් කිව්වේ ICU ඇඳන් මෙච්චරයි තියෙන්නෙ, රටේ දොස්තරලා මෙච්චරයි ඉන්නේ, රෝහල්වල ධාරිතාව මෙච්චරයි ඊට වඩා වැඩි වුනොත් කරන්න දෙයක් නෑ කියලා. දැන් ඉතින් වෙන දෙයක් බලන් ඉන්න තමයි කාට වුණත් වෙලා තියෙන්නෙ.

    බනිනවා නම් අර experiment කරන්න virus එක රට ඇතුලට ගෙන්නපු කොවින්ටයි, virus එක පැතිරෙන්න දීලා බලන් හිටිය රට රකින විරුවාටයි, සංචරණ සීමාවක්වත් හරියට දාගන්න බැරි task force එකේ ලොක්කාටයි, vaccine ගෙන්නන්න පරක්කු කරපු වියත්තු ටිකයි, සමාජ පැතිරීමක් නෑ කියලා මිනිස්සු රවට්ටපු එවුනුයි ඉන්නවා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකට දොස්තරට බැනලා වැඩක් නෑ. සෞක්‍ය සේවා වල ධාරිතාව පැනල දැන් ටිකක් කල්.

    සෞඛ්‍ය සේවාවට මේක දරාගන්න පුලුවන් වෙන මට්ටමට ගේන්න වෙනවා ලොක්ඩව්න් එකකින්, ඒත් මුන්ට ඒක කරන්න ඕනේ කමක් නෑ.
     
    • Like
    Reactions: xVOLDYx and proceso