නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉ&a

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මම කියන්නේ වැරදි දේට වැරදි කියන්න ඕන. නමුත් හමුදාවක සේවය කරන කොට අපි සිවිල් නීතිය හා හමුදා නීතිය යන දෙකකට යටත් වෙනවා. එක නිසා හමුදාව සේවය කරන කොට මේ වගේ දේවල් කරන එක නීති විරෝධියි. හිතට එකගව හමුදාවක සේවය කරන්න බැරි නම් අයින් වෙන්න පුලුවන්.

    පවතින ආණ්ඩුවට කඩේ යන්න රට ජාතිය පාවා දෙන්නෙ නැති උනුත් ඉන්නවා බන්. අනික උතුරෙ යුද්දෙදි කාපු පරිප්පුව හොදට දන්න උන් ආයෙ ඒ වගේ කාලයක් ූදා වෙනවට කැමති නැ බන්...
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචන් මේකා කරලා තියෙන්නේ වැරදි වැඩක්. රජයේ හමුදාවන්ට බැහැ පවතින රජයට විරුද්ධ ක්‍රියා කරන්න. මොකද හමුදාවට බැදෙන කොට දිවුරුම් දීමක් සිදු කරනවා. :angry::angry::angry:

    oi army ekak badenne thamange rata jathiya agama beraganna... nathuwa me avurudu kipayakata maru vena anduwak araksha karanna newei..

    :yes::yes::yes::yes::yes::yes:
    Ow ban Army eka weda karanna oni rata reka gannai. Paksha reka ganna nemei
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලක්ෂ 62 ක් පැතූ අපමණ අගයද මේ?
    යාපනේදී සිංහල සංස්කෘතික අංගයකට ඉඩනොදී සිසුවෙකු‍ට බරපතල තුවාල සිදුකල දමිළයාට ජනපතිගෙන් කෑම වේලක්?
    උසස් නාවික නිළධාරියෙකුට බැන වැදුනු නැගෙනහිර මහඇමතිට නාවිකයන්ගෙන් කෑම වේලක්..
    සත්‍ය පොටෝ එකක් දුන්න වරදට නාවික සෙබලෙක් අවමන් සහිතව පහ කරනවා...
    කුජීතයි හිටන්....
    අන්තවාදීන් කව්දැයි ඔබ නොදන්නවාද? ඔවුනට බයේ මේ දේවල් කරනවාද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි දෑන් කෑම්ප් එක අයින් කරන කතාව ඈත්තද බොරුද?
     
    ලක්ෂ 62 ක් පැතූ අපමණ අගයද මේ?
    යාපනේදී සිංහල සංස්කෘතික අංගයකට ඉඩනොදී සිසුවෙකු‍ට බරපතල තුවාල සිදුකල දමිළයාට ජනපතිගෙන් කෑම වේලක්?
    උසස් නාවික නිළධාරියෙකුට බැන වැදුනු නැගෙනහිර මහඇමතිට නාවිකයන්ගෙන් කෑම වේලක්..
    සත්‍ය පොටෝ එකක් දුන්න වරදට නාවික සෙබලෙක් අවමන් සහිතව පහ කරනවා...
    කුජීතයි හිටන්....
    අන්තවාදීන් කව්දැයි ඔබ නොදන්නවාද? ඔවුනට බයේ මේ දේවල් කරනවාද?
    නියම කතාව ..
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    ලක්ෂ 62 ක් පැතූ අපමණ අගයද මේ?
    යාපනේදී සිංහල සංස්කෘතික අංගයකට ඉඩනොදී සිසුවෙකු‍ට බරපතල තුවාල සිදුකල දමිළයාට ජනපතිගෙන් කෑම වේලක්?
    උසස් නාවික නිළධාරියෙකුට බැන වැදුනු නැගෙනහිර මහඇමතිට නාවිකයන්ගෙන් කෑම වේලක්..
    සත්‍ය පොටෝ එකක් දුන්න වරදට නාවික සෙබලෙක් අවමන් සහිතව පහ කරනවා...
    කුජීතයි හිටන්....
    අන්තවාදීන් කව්දැයි ඔබ නොදන්නවාද? ඔවුනට බයේ මේ දේවල් කරනවාද?
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පවතින ආණ්ඩුවට කඩේ යන්න රට ජාතිය පාවා දෙන්නෙ නැති උනුත් ඉන්නවා බන්. අනික උතුරෙ යුද්දෙදි කාපු පරිප්පුව හොදට දන්න උන් ආයෙ ඒ වගේ කාලයක් ූදා වෙනවට කැමති නැ බන්...

    අනිවාර්යෙන්ම මචන්. මොකද මමත් ඔය පරිප්පුව හොදට කාලා ඉන්නේ. පසුගිය ආණ්ඩුව තියෙන කොටත් හමුදාව කරේත් කඩේ යන එක (යුද්දෙන් පස්සේ) එක නිසා තමයි ඒ ආණ්ඩුවට ගෙදර යන්න වුනේ. දැනුත් හමුදාව කරන්නේ කඩේ යන එක. හැබැයි දැන් කඩේ යන්න වෙලා තියෙන්නේ නැට්ට පුකේ ගහගෙන. හමුදා නීතියයි, පක්ෂ වලට කඩේ යන එකයි, දේශපාලනයයි පටලව ගන්න එපා මචන්. එහේම පටලව ගන්න එකාට කෙළවෙනවා.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ලක්ෂ 62 ක් පැතූ අපමණ අගයද මේ?
    යාපනේදී සිංහල සංස්කෘතික අංගයකට ඉඩනොදී සිසුවෙකු‍ට බරපතල තුවාල සිදුකල දමිළයාට ජනපතිගෙන් කෑම වේලක්?
    උසස් නාවික නිළධාරියෙකුට බැන වැදුනු නැගෙනහිර මහඇමතිට නාවිකයන්ගෙන් කෑම වේලක්..
    සත්‍ය පොටෝ එකක් දුන්න වරදට නාවික සෙබලෙක් අවමන් සහිතව පහ කරනවා...
    කුජීතයි හිටන්....
    අන්තවාදීන් කව්දැයි ඔබ නොදන්නවාද? ඔවුනට බයේ මේ දේවල් කරනවාද?

    වෙලාව ආවට පස්සේ සලකන එකයි තියෙන්නේ. එතකන් :sorry::sorry:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නාවික හමුදා රහස්‌ බෞද්ධ අන්තවාදී සංවිධානයකට දුන්නා කියා එළියට දැමූ මුදිත කතා කරයි

    සිරිමන්ත රත්නසේකර

    * මම රට වෙනුවෙන් මගේ යුතුකම කළා
    * අන්තවාදී බෞද්ධ සංවිධාන මොනවද කියන එකයි මටත් තියෙන ප්‍රශ්නය

    බෞද්ධ අන්තවාදී සංවිධාන සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ නාවික හමුදා රහස්‌ පිටතට දුන්නේ යෑයි චෝදනා කරමින් බලනැවි මුදිත කෞෂල්‍ය සමරනායක විදානගමගේ නමැති නාවික සෙබළකු සේවයෙන් පහ කිරීමට නාවික හමුදාපතිවරයා පසුගියදා කටයුතු කර තිබිණි.

    රජය විසින් බෞද්ධ අන්තවාදී සංවිධාන යෑයි නම් කළ කිසිදු සංවිධානයක්‌ මෙරට ක්‍රියාත්මක නොවන පසුබිමක මෙම චෝදනාව සම්බන්ධයෙන් සමාජය තුළ යම් කතිකාවක්‌ නිර්මාණය විය.

    මේ බලනැවි මුදිත කෞෂල්‍ය සමඟ "දිවයින ඉරිදා සංග්‍රහය කළ සම්මුඛ සාකච්ඡාවකි.

    ප්‍රශ්නය ( ඔබගේ නම

    පිළිතුර ( මුදිත කෞෂල්‍ය සමරනායක විදානගමගේ

    ප්‍රශ්නය ( උපන් දිනය

    පිළිතුරු ( 1987.06.30 වැනිදා

    ප්‍රශ්නය ( ඔබගේ ගම කොයිබද?

    පිළිතුරු ( මාතර අකුරැස්‌ස, බෝපාගොඩ.

    ප්‍රශ්නය ( අධ්‍යාපනය ලැබුවේ කුමන පාසලේද?

    පිළිතුර ( අකුරැස්‌ස මහා විද්‍යාලයේ.

    ප්‍රශ්නය ( අධ්‍යාපන සුදුසුකම් කොහොමද?

    පිළිතුරු ( උසස්‌ පෙළ සඳහා වාණිජ අංශයෙන් පෙනී සිටියා.

    ප්‍රශ්නය ( ඒ. කුමන වසරේදීද?

    පිළිතුරු ( 2006 වසරේදී.

    ප්‍රශ්නය ( පවුලේ තොරතුරු කොහොමද?

    පිළිතුරු ( මගේ පවුලේ අම්මයි, තාත්තායි නංගියි ඉන්නවා.

    ප්‍රශ්නය ( ඔබ නාවික හමුදාවට එක්‌වුණේ කුමන වසරේදීද?

    පිළිතුරු ( 2008 වසරේදී තමයි නාවික හමුදාවට ගියේ.

    ප්‍රශ්නය ( යුද ගැටුම් ප්‍රබල ලෙස තිබූ අවිධියක නාවික හමුදාවට එක්‌වීමට ගෙදරින් අවසරය ලැබුණද?

    පිළිතුරු (අපෝ නෑ.... ගෙදරට හොරෙන් තමයි මුල් වැඩ ටික කර ගත්තේ. සේරම වැඩ ටික අවසන් කරලා තමයි ගෙදරට කිව්වේ.

    ප්‍රශ්නය ( නාවික හමුදාවට එක්‌වන්න හිතුවේ ඇයි?

    පිළිතුර ( ඒ කාලය තරුණ අපේ සේවය රටට අවශ්‍යව තිබූ කාලයක්‌. රට වෙනුවෙන් සේවයක්‌ කරන්න ඕන නිසයි නාවික හමුදාවට එක්‌ වුණේ. මගේ රට ගැනත් මගේ ආගම වන බෞද්ධාගම ගැනත් මට ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. ඒ ගෞරවය මාව හමුදාවට කැන්දාගෙන ගියා.

    ප්‍රශ්නය - ගෙදරින් අකැමැති නිසා නාවික හමුදාවට එක්‌වීම ප්‍රශ්නයක්‌ වුණේ නැද්ද?

    පිළිතුර - ප්‍රශ්න නොවුණ නෙමෙයි. නමුත් මම ගෙදරට රටේ අවශ්‍යතාව ගැන පැහැදිලා දුන්නා. අපි ගමේ පන්සලත් සමඟ ඉතා කිට්‌ටු සම්බන්ධතාවක්‌ පවත්වන උදවිය. මෙවැනි තීන්දු තීරණ ගන්න පන්සලෙන් ලැබුණු උත්තේජනය සෑහෙන්න වැදගත් වුණා.

    ප්‍රශ්නය ( පන්සලෙන් ලැබූ උත්තේජනය ලෙස හැඳින් වූයේ....?

    පිළිතුර - අපේ පන්සලේ හාමුදුරුවෝ නිතරම රට මුහුණ දී ඇති අනතුරු ගැන දායකයන් දැනුවත් කළා. තම තමන්ගෙන් රටට සිදුවිය යුතු සේවාවන් ගැන නිතර දෙවේලේ මතක්‌ කළා. මේ සියලු අනුශාසනා මගේ හිතේ තදින්ම තැන්පත් වෙලා තිබුණා සහ තවමත් තිබෙනවා. මා උත්තේජනය ලෙස සඳහන් කළේ එයයි.

    ප්‍රශ්නය - පළමුව නාවික හමුදා පුහුණුව ලැබුවේ කොයිබද?

    පිළිතුර - ත්‍රිකුණාමලය තිස්‌ස නාවික හමුදා කඳවුරේ.

    ප්‍රශ්නය - පුහුණුව අවසන් කළේ කුමන කාල වකවානුවකද?

    පිළිතුර - 2009 අප්‍රේල් 09 වැනිදා පුහුණුව අවසන් කළා.

    ප්‍රශ්නය ( පළමු රාජකාරියට වාර්තා කළේ කොයිබටද?

    පිළිතුර ( මන්නාරම ගජබා නාවික හමුදා කඳවුරට.

    ප්‍රශ්නය - එහි කොපමණ කාලයක්‌ සේවය කළාද?

    පිළිතුර - එහි මාස 11 ක්‌ සේවය කළා.

    ප්‍රශ්නය ( ඔබ නිලාවේලි කඳවුරේ සේවයට වාර්තා කළේ කවදාද?

    ප්‍රශ්නය - ගිය වසරේ (2015) නොවැම්බර් මාසයේ.

    ප්‍රශ්නය ( ඔබට යම් චෝදනාවක්‌ එල්ල වන්නේ එම කඳවුරේදී.

    පිළිතුර ( ඔව්.

    ප්‍රශ්නය ( ඒ කවදාද?

    පිළිතුර ( මේ වසරේÊ මැයි මාසයේදී 10 වැනිදා.

    ප්‍රශ්නය ( එහිදී කුමක්‌ද සිදු වුණේ?

    පිළිතුර ( මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇවිත් නිලාවේලි කෑම්ප් එකේ මැනුම් කටයුතු සිදු කළා.

    ප්‍රශ්නය - අවසරයෙන්ද? අනවසරයෙන්ද?

    පිළිතුරු ( රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අවසර ඇතුව තමයි මැනුම් කටයුතු සිදු කළේ. එහි ඡායාරූප වගයක්‌ මම ලබා ගත්තා.

    ප්‍රශ්නය ( අවසර ඇතිව කරන මැනුම් කටයුත්තක්‌ ඔබ ඡායාරූපයට නැඟුවේ ඇයි

    පිළිතුර ( මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෑම්ප් එක මනින විට පිට සිවිල් පුද්ගලයනුත් කම්බිවැටෙන් රිංගලා ඇවිත් ඊට එක්‌ වුණා. ඒ නිසයි මම ඡායාරූප ගත්තේ. මෙතන යම් නීති විරෝධී කටයුත්තක්‌ සිදුවන බව මම සිතුවා.

    ප්‍රශ්නය - මේ ඡායාරූප ගැනීම ඔබට ප්‍රශ්නයක්‌ වුණේ කොහොමද?

    පිළිතුර - ඒ. ඡායාරූප ඊට පසුදින එක්‌තරා පුවත් වෙබ් අඩවියක පළ වුණා.

    ප්‍රශ්නය - එහෙම වුණේ කොහොමද?

    පිළිතුර ( ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මම ඡායාරූප දුන්නේ නැහැ. මොනයම් ක්‍රමයකින් හෝ එම ඡායාරූප පිටවෙලා තිබෙනවා.

    ප්‍රශ්නය - ඔබත් සමග එදා වෙන කවුරුවත් සිටියේ නැද්ද?

    ප්‍රශ්නය - මගෙත් සමග තවත් විදුලි කාර්මිකයන් හයදෙනකු සිටියා.

    ප්‍රශ්නය ( ඔබට පමණක්‌ චෝදනාව එල්ල වුණේ.

    පිළිතුර ( මම ඡයාරූප ගත්ත බව ඇත්ත. නමුත් පිට කළේ නැහැ. අනිත් අය සියලු දෙනා දරු පවුල්කාරයන්. මේ චෝදනාව භාර ගන්නේ මම ඡායාරූප ගත්ත නිසයි.

    ප්‍රශ්නය - ඔබට එල්ල වූ චෝදනාව කුමක්‌ද?

    පිළිතුර - නාවික හමුදා රහස්‌ පිටට දීම සහ අන්තවාදී බෞද්ධ සංවිධාන සමග කටයුතු කිරීම.

    ප්‍රශ්නය - අන්තවාදී බෞද්ධ සංවිධාන ලෙස හඳුන්වා ඇත්තේ කුමන සංවිධානයක්‌ද?

    පිළිතුර -ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ අප රට බෞද්ධ රටක්‌. අප රටේ ඕන තරම් බෞද්ධ ආගමික සංවිධාන තියෙනවා. නමුත් මම දන්න තරමින් අන්තවාදී යෑයි නම් කළ කිසිම බෞද්ධ සංවිධානයක්‌ නැහැ.

    ප්‍රශ්නය ( බෞද්ධ සංවිධාන සමග ගනුදෙනු නොකළ යුතු බවට නාවික හමුදාව තුළ යම් නීතියක්‌ තිබෙනවාද?

    පිළිතුර - එහෙම කිසිම නීතියක්‌ මම දන්නා තරමින් නැහැ. මේ අය අන්තවාදී බෞද්ධ සංවිධාන ලෙස හඳුන්වන්නේ කුමක්‌ද කියලා දන්නේ නැහැ. මෙහෙම හැඳීන්වීම කොපමණ අනුචිත දැයි එසේ හඳුන්වන අයවත් දන්නේ නැතුව ඇති. අන්තවාදීන්ට කියාගන්න ඕන දේවල් නාවික හමුදාව තුළින්ම කියවීම ගැන මට ඇත්තේ විශාල කනගාටුවක්‌.

    ප්‍රශ්නය ( පින්තූර පිටතට දුන්නා යෑයි ඔබ පිළිගත්තාද?

    පිළිතුර - නැහැ නැහැ. මම පිටතට දුන්නෙත් නැහැ. එහෙම පිළිගත්තෙත් නැහැ. ඒ අයටත් මම පින්තූර පිටතට දුන්න බව ඔප්පු කරන්න බැරි වුණා. ඒ අය මගේ ෙµaස්‌ බුක්‌ ගිණුම පරීක්‍ෂා කළා. එහි මම ආගමික සිද්ධීන් ප්‍රවෘත්ති ශෙයාර් කරන ඒවා බලලා ඒ අය කිව්වේ මම අන්තවාදී ආගමික සංවිධාන සමඟ ගනුදෙනු කරන බවයි. මෙය කොතරම් අමනෝඥ කතාවක්‌ද?

    ප්‍රශ්නය - කොතරම් කාලයක්‌ නාවික සිර භාරයේ සිටියද?

    පිළිතුර ( මැයි 12 සිට ජුනි 28 දක්‌වා සිරගතව සිටියා.

    ප්‍රශ්නය ( පරීක්‍ෂණ කීයක්‌ කළාද?

    පිළිතුර ( පරික්‍ෂණ තුනක්‌ කළා. ජුනි 28 වැනිදා නාවික හමුදා පහළ අධිකරණයක්‌ තුළින් තීන්දුව ප්‍රකාශ කළා. එහි ලිපිගොනු නාවික හමුදා මූලස්‌ථානයට ඔවුන් යොමු කළා. එදා මාව යාපනය වෙත්තිලයිකේනි කඳවුරට මාරු කළා. පසුව සති දෙකකින් පමණ නාවික හමුදාව විසින් දඬුවම අනුමත කරලා එවලා තිබුණා.

    ප්‍රශ්නය ( දඬුවම වුණේ කුමක්‌ද?

    පිළිතුර (නාවික හමුදා තොරතුරු පිටතට දීම සහ බෞද්ධ අන්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පැවැත් වූ නිසා නාවික හමුදාවෙන් අවමන් සහිතව පහ කිරීම දඬුවම වුණා.

    ප්‍රශ්නය - අවමන් සහිතව පහ කළා යෑයි කියන්නේ කුමක්‌ද?

    පිළිතුර (ආපසු මට රජයේ රැකියාවකට යන්න බැහැ. මගේ අධ්‍යාපන සහතික පමණයි දෙන්නේ. අනිත් ඒවා දෙන්නේ නැහැ. තවම අධ්‍යාපන සහතිකවත් ලැබුණේ නැහැ. අවුරුදු අටක සේවා කාලයට මට කිසිදු දීමනාවක්‌, වන්දියක්‌ ලැබෙන්නේ නැහැ. මට දැන් රස්‌සාවකට යන්නත් බැහැ.

    ප්‍රශ්නය ( ආපසු හැරිලා බලනකොට මොකද හිතෙන්නේ.

    පිළිතුර ( මම මගේ යුතුකම රටට කළා. මගේ ජීවිතේ හොඳම කාලය නාවික හමුදා සේවයට කැප කළා. මට දැන් අවුරුදු විසිනවයයි. අවුරුදු අටකට පෙර කාලය තුළ කිසිම කැළලක්‌ රටටත් හමුදා සේවයටත් කළේ නැහැ. රටටවත්, රජයටවත් ෙද්‍රdaහි වුණේ නැහැ. ඇත්තටම මේ ගැන හිතද්දී ලොකු කලකිරීමක්‌ දැනෙනවා. රට බෞද්ධ ආගම ලොකු අනතුරක ඇති බව දැනෙනවා. බෞද්ධ අන්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වූවේ යෑයි කියා සේවයෙන් ඉවත් කළ පළමු වැනි සෙබළා මම වෙන්න ඇති. මීට කලින් එහෙම දෙයක්‌ මම නම් කිසිදා අහලා නැහැ.

    ප්‍රශ්නය - සේවයෙන් පහ කිරීම පිළිබඳ ඔබ ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද?

    පිළිතු=ර - මම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්‌ කළා. ඒ නාවික හමුදාපති සහ ආරක්‍ෂක ලේකම් වගඋත්තරකරුවන් කරමින්.