නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    නිවනට පැමිණීම හෙවත් මාර්ග සත්‍යය පුර්ණය වන ආකාරය පිළිබද බොහෝ දෙනෙකුට තම තමන්ගේ මත අදහස් මිස හරියාකාර ධර්ම දැනුමක් නොමැති බව පෙනී ගිය හෙයින් රේරුකානේ චන්දවිමල මහා නාහිමි ගේ ධර්ම ග්‍රන්ථ ඇසුරින් මෙසේ ලිපියක් සකස් කිරීමට තීරණය කළෙමු .එය කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරන හෙයින් වැඩි විස්තර පොත පතින් ඉගෙන ගන්නා මෙන් ඉල්ලා සිටිමු. නමුත් මෙය ඉවසීමෙන් කියවන ඕනෑම කෙනෙකුට මාර්ග ඵල අත්වන ආකාරය පිළිබද නියමකර දැනුමක් ඇති කර ගත හැකිය.

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය (මාර්ග සත්‍යය ) -​

    # ලෝකෝත්තර ඥානය මුලිකව මේ සදහා ධර්ම අටක් චිත්ත සන්තානය තුල සම්පුර්ණ විය යුතුය.
    ලෝකෝත්තර ඥානයට හුදකලාව ම නිවන් දකින්නටත් තෘෂ්ණාව නසන්නටත් නොපිළිවන.එයට විශේෂයෙන් උපකාර වෙමින් එය හා බැදී පවත්නා වූ එක්ව උපදින්න වූ තවත් ධර්ම සතක් ඇත්තේය.ඒ ධර්ම සතද මේ මාර්ග සත්‍යට ඇතුළත් වන්නාහ.

    # ලෝකෝත්තර ඥානය ඇතුළුව( ප්‍රඥා චෛතිසිකය) මේ ධර්ම අටම චෛතිසික ධර්ම අටකි.

    නමුත් මේ ධර්ම අට උගෙන ගැනීමට පෙර චිත්ත,චෛතිසික මොනවාදැයි යම් දැනුමක් අවබෝධයක් තිබිය යුතුය.එම නිසා මුලින්ම ඒ පිළිබද මුලික අදහසක් දීමට බලාපොරොත්තු වෙමු.

    චිත්තය(සිත )-

    චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශ‍යෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍රකාරාර්ත්යන් පිළිබද වූ දනිමටය.
    # ඇසය,කනය,නාසය,දිවය ,කයය ,හෘදය යන ස්ථානයන්හි පහල වේ.
    # සිත ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තියක් ඇති දව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති දව්‍යක් සේ ද ව්‍යවහාර කරනු ලැබේ.
    # සිත ක්‍රියාවක් බැවින් ක්‍රියාවක් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ස්භාවය නොඉක්මවා ඉපිද මොහොතකුදු නොපවතී වහා අභාවප්‍රාප්ත වේ.(සිතට අයත් ක්‍රියා දැන ගැනීමට චිත්ත වීථි පිළිබද දන ගත යුතුය.)
    # එක් සිතක ආයුෂ ය එක් චිත්තක්ෂණයකි. එය අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝට් ලක්ෂ ගණනිකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.
    # එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එකමවර සිත් දෙකක් නුපදන්නේය.දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පුර්ණයෙන්ම අභාවප්‍රාප්ත වූ පසුය.
    # උපන් සිත කොතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන හිස් නොවන ලෙස නිරුද්ධ වන සිත හා බැදී උපදින සේ අලුත් අලුත් සිත් එළඹ සිටින අනේකප්‍රකාර ආරම්මණයන් ගනිමින් උපදින්නේය.
    #සිත ඇසට නොපෙනන කයින් ස්පර්ශ කල නොහෙන පරම සුක්ෂම ධර්මයක් වුවද එහි මහා බලයක් ඇත්තේය.ලොව ඇති අන් සියල්ලම සිතට යටත්ය.එහෙත් දුබල සිත ලොව ඇති සියල්ලටම යටත්ය.

    චෛතිසික:-
    සිත තනිව උපදින දෙයක් නොවේ.තනිව ඉපදිය හැකි ශක්තියක්ද එයට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර බවට පැමිණ එය හා එක වරම ඉපිද එකට පැවතී එකටම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේය.ඒවාට චෛතිසික කියනු ලැබේ.
    #සිත හා එකට ඉපදීමය, එකට බිඳීමය,එක් අරමුණක් ඇති බවය,එක් වස්තුවක් ඇසුරු කොට ඇති බවය යන කරුණු සතර චෛතිසිකයේ ලක්ෂණය යි .
    #ඵස්ස,වේදනා, සඤ්ඤා,චේතනා,එකග්හතා, ජිවිතින්දිය,මනසිකාර යන ආදී වශයෙන් චෛතිසික ප්‍රභේද 52 ක් ඇත.
    # චෛතිසික 52 ම එක සිතක් සමග නුපදිති නමුත් සිතේ අරමුණට අනුව අවම වශයෙන් 7ක් ද වශයෙන් යම් ප්‍රමාණයක් උපදී.

    නමුත් මේ මාර්ග සත්‍යය කතාවේ සලකනු ලබන්නේ එම චෛතිසික 52 අතරින් චෛතිසික 8ක් පිළිබද නිසාවෙන් ඒ මාර්ග සත්‍යය ධර්ම 8 කුමක්දැයි
    මෙනයින් සලකනු ලැබේ.

    1.සම්‍යක් දෘෂ්ටිය( ප්‍රඥා චෛතිසිකය)

    2.සම්‍යක් සංකල්පය 3.සම්‍යක් වචනය 4.සම්‍යක් කර්මාන්තය 5. සම්‍යගාජිවය 6.සම්‍යක් ව්‍යාමය 7.සම්‍යක් ස්මෘතිය 8.සම්‍යක් සමාධිය

    යන මේ චෛතිසික ධර්ම අට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ච් (මාර්ග සත්‍යය ) යයි දක්වා ඇත. මෙහි සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙන්නේ තෘෂ්ණාව නසන්නා වු ප්‍රඥාව ය.සම්මා සංකප්ප යනාදීන් දක්වන ලදුවෝ ඒ ප්‍රඥාව හා බැදී පවතින්නා වු එයට උපකාර ධර්ම 7ය.

    මේ චෛතිසික ධර්ම අට පෘතග්ජන පුද්ගලයන් තුලද උපදනාහු ය. එහෙත් මේ අට ම එක සිතක් සමග එකවර පෘතග්ජන චිත්ත සන්තානයෙහි නුපදිති. පෘතග්ජන සන්තානයෙහි උපදිනුයේ එක් එක් වරකට එයින් කීපයක් කීපයක් බැගිනි. කීපය බැගින් උපදනා වු ඒ ධර්මයන්ට මාර්ගාංග යන නාමය ද මාර්ග යන නාමය ද ලැබෙන නමුත් තෘෂ්ණා නාශක ශක්තිය ඒවාට නැති බැවින් ඒවා නිරෝධගාමිනි අරිය සච්ච නොවෙති. මාර්ග සත්‍යය වනුයේ අට ම එකවර කෙලෙස් නැසිය හැකි ශක්තියෙන් යුක්තව උපන් කල්හිය.

    ක්ලේශ නාශක ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයට පැමිණ අට ම එකවර එක චිත්තයක උපදනා කල්හි ඒ ධර්මයන්ට පළමු වර පහළවීමේ දී සෝවාන් මාර්ගය ය යි ද, දෙවන වර එසේ පහළ වීමේදී සකෘදගාමි මාර්ගය ය යි ද ,තුන්වන වාරයේදී අනාගාමී මාර්ගය ය යි ද ,සතරවන වාරයේදී අරහත් මාර්ගය ය යි ද කියනු ලැබේ.මේ ධර්ම අට ලෝකෝත්තර වශයෙන් එකවර චිත්ත සන්තානෙහි උපදවා ගත හැකි වන්නේ ඒ ධර්ම වෙන් වෙන් වශයෙන් ම සිය සිත් සතන් හි පෘතග්ජන කාලයේදී දියුණු කළ තැනැත්තාටය.

    එබැවින් ලෝකෝත්තර මාර්ගය උපදවා නිවන් පසක් කරනු කැමති සත් පුරුෂයන් විසින් සම්‍යක් දෘෂ්ටියාදී ධර්ම වෙන වෙනම සිය සතන්හි දියුණු කළ යුතුය. එසේ දියුණු කරන්නා වූ තැනැත්තා හට කවදා නමුත් එහි අවසානය වූ ලෝකෝත්තර මාර්ගය පහළ වන අවස්ථාවක් එළබෙන්නේය. එසේ නොකරන්නා වූ තැනැත්තහට ඒ අගනා මොහොත කිසි කලෙක නොඑළඹෙන්නේය. පුර්වභාගයේදී ඒ ධර්ම වෙන් වෙන්ව දියුණු කර ගත හැකි වීමට ද ඒ ධර්ම අට මනා කොට දත යුතුය.

    ඒ ධර්ම අට අතරින් වැදගත්ම චෛතිසික ධර්මය වන සම්‍යක් දෘෂ්ටිය නමැති ප්‍රඥා චෛතිසිකය ලොවට පහළ වන්නේ සම්මා සම්බුදුරාණන් වහන්සේ නමකගේ ලෝ සත්වයන් කෙරෙහි පතළ වූ මහා කරුණාවෙන්ම ම පමණ කි.

    සම්‍යක් දෘෂ්ටිය-
    දශවස්තුක සම්‍යක් දෘෂ්ටිය
    චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ය යි දෙවැදෑරුම් වන බව කිව යුතුය.

    සසර දුකින් මිදෙනු කැමති සත් පුරුෂයෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර වහ වහා මාර්ග සත්‍යය පරිපූර්ණ කරත්වා.!!!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිතින් කොහොමද සිතේ අනිත්‍ය බව දකින්නෙ. මේ මොහොතේ නිරීක්ෂණය කරන්න තව සිතක් නැහැනේ. එහෙනම් කලින් සිතක් තිබුනා(believe) දැන් නෑ එම නිසා අනිත්‍යයි ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,337
    2,192

    Prajnawa indriya mattamata diyunu wunama..ee indriya (pajna asa) thulin tamai balanne..
     
    • Like
    Reactions: Answer and TNHM

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    සිතින් කොහොමද සිතේ අනිත්‍ය බව දකින්නෙ. මේ මොහොතේ නිරීක්ෂණය කරන්න තව සිතක් නැහැනේ. එහෙනම් කලින් සිතක් තිබුනා(believe) දැන් නෑ එම නිසා අනිත්‍යයි ද?
    අරුගේ පොස්ට් එක ඔක්කොම බැලුවේ නෑ. 😊

    මෙහෙම හිතපන්..
    උබ දැන් අනිත්‍ය දකින්න සුදානම් වෙලා ඉන්නවා .
    උබට කලින් කෙල්ලව මතක් උනා එකපාරටම.
    එටපස්සේ උබට ක්ලික් වෙනවා, උබට ඒකිව මතක් උනා කියන එක.
    (ක්ෂණික වම ක්ලික් උනොත් උබගේ සතිය හොදයි )
    අන්න එතැනදී උබ දැනගන්නවා සිතක් ඉපිද, නිරුද්ධ උනා.
    1 ) අන්න ඒ නිසා ඒකීව අරමුණු උන සිත අනිච්චයි කියන එක උබට පැහැදිලියි.
    2) පන්චෝපාදානස්කන්දයන් නිසා දුක්කයි.
    3 ඒ ඉපදීම් බිදීම් ස්වභාවය උබගේ වසගයේ තියාගන්න බැරි නිසා, අනත්තයි, අසාරයි.

    ඔන්න ඔහොම ගලපලගනින්..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අනිත්‍ය වෙන එකේ අවුල මොකක්ද මචෝ..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනිත්‍ය වෙන එකේ අවුල මොකක්ද මචෝ..
    අනිච්ච වෙන එකේ නෙවෙයි අවුල.
    ඒක තෙරුම් ගන්නේ නැති එකෙයි අවුල.
    තව විදියකින්,සබ්බේ සන්ඛාරා අනිච්ච වෙද්දි, සත්වයා තුල නිච්ච සඥ්ඥාව තිබීමෙයි අවුල.

    උබට අවුලක් නැත්තන් ඉතින් අවුලක් නැ. :D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,337
    2,192
    113
    අරුගේ පොස්ට් එක ඔක්කොම බැලුවේ නෑ. 😊

    මෙහෙම හිතපන්..
    උබ දැන් අනිත්‍ය දකින්න සුදානම් වෙලා ඉන්නවා .
    උබට කලින් කෙල්ලව මතක් උනා එකපාරටම.
    එටපස්සේ උබට ක්ලික් වෙනවා, උබට ඒකිව මතක් උනා කියන එක.
    (ක්ෂණික වම ක්ලික් උනොත් උබගේ සතිය හොදයි )
    අන්න එතැනදී උබ දැනගන්නවා සිතක් ඉපිද, නිරුද්ධ උනා.
    1 ) අන්න ඒ නිසා ඒකීව අරමුණු උන සිත අනිච්චයි කියන එක උබට පැහැදිලියි.
    2) පන්චෝපාදානස්කන්දයන් නිසා දුක්කයි.
    3 ඒ ඉපදීම් බිදීම් ස්වභාවය උබගේ වසගයේ තියාගන්න බැරි නිසා, අනත්තයි, අසාරයි.

    ඔන්න ඔහොම ගලපලගනින්..

    Mage adahasata anuwa:

    Oya kiyana dana ganeema dana gannet hitenma tamai.... prajnawak thulin newei.. hariyata green glasses dagena loke green newei kiyanna glasses walinma balala kiyanawa wagei. Manjanawak witharai..

    "සිතක් ඉපිද, නිරුද්ධ උනා" - sithak ipadena nirudda wana swabhawayata kiyanne pabangura swabhawaya kiyala..anicca kiyala newei mama danna tharamata... anicca kiyana eka hethupala wadaya thulin ena deyak..parama shunyathawaya wenne ee thulin..
     
    • Like
    Reactions: Answer

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    සිතින් කොහොමද සිතේ අනිත්‍ය බව දකින්නෙ. මේ මොහොතේ නිරීක්ෂණය කරන්න තව සිතක් නැහැනේ. එහෙනම් කලින් සිතක් තිබුනා(believe) දැන් නෑ එම නිසා අනිත්‍යයි ද?
    මේ ලිපිය මගින් අදහස් කළ කරණයෙන් පිට කාරණයක් වුවද ධර්මය අවබෝධ කිරීමේ අදහසින් අසන ලද්දක් යයි සිතා අප ශක්ති ප්‍රමාණයෙන් කෙටි පිළිතුරක් ලබදෙන්නෙමි,

    චිත්තක්ෂණ එකක් ඇති එක් සිතකින් කිසිම දෙයක් නිරීක්ෂණය නමැති ක්‍රියාව කළ නොහැකිය. ඕනෑම ක්‍රියාවක් කිරීමට සිත් වැලක් අවශ්‍ය වේ.එම සිත් වැලට චිත්ත වීථිය ය යි හදුන්වනු ලැබේ. රුපයක් අරමුණු කරන චිත්ත වීථියක සාමාන්‍යයෙන් සිත් 17 ක් පහල වේ.නමුත් සාමාන්‍ය පුද්ගලයකු දෙයක් දැන ගත්ත යනු එයට අදලාව චිත්ත වීථි ලක්ෂ ගණනක් අඩුම වශයෙන් පහළ වීමෙනි.
    අසුරු සැනක් ගසන කාලයේදී ලක්ෂ කෝටි 10*^12 වාරයක් පහළ වන සිත් අතරින් එක සිතක් තබා චිත්ත වීථියක් වත් නිරීක්ෂණය ප්‍රඥාවෙන් අග්‍ර රහතන් වහන්සේ නමකටවත් නොහැකිය. ප්‍රඥාවේ ප්‍රමාණය අනුව මේවා කෘත්‍ය ඝණ(චිත්ත වීථි බොහෝ ප්‍රමාණයක් එකවිට ) වශයෙන් පමණක් (සාමාන්‍ය ආකාරයට වඩා බොහෝ සියුම් ලෙස )අරමුණු කල හැකිය.
    චිත්තය යනු පරමාර්ථ ධර්ම අතරින් එකක් බැවින් එහි ත්‍රිලක්ෂණයෙන් එකක් වූ අනිත්‍ය ලක්ෂණය ද ක්‍රියාත්මක වේ.

    චිත්ත චෛතිසික රූප යන සියලු පරමාර්ථ ධර්ම සැබෑ ලෙසම විද්‍යාමාන වන්නේ බුදුරජාණන් වහන්සේටම පමණකි. අන් අයට ප්‍රඥාවේ ප්‍රමාණය අනුව සන්තත,කෘත්‍ය ආදී ඝන වශයෙන් පමණක් විද්‍යාමාන වේ. එය සම්මා සම්බුද්ධ යන ගුණයට අයත් වැන්නකි.

    සත්‍ය ඤාණ,කෘත්‍ය ඤාණ,කෘතක් ඤාණ වශයෙන් අකර තුනකින් නිවන් දකිනු කැමති යෝගාචාරය මේ ඤාණ ප්‍රගුණ කල යුතුය.
    මෙහි සත්‍ය ඤාණ යනු අසා දන ගැනීමයි, කෘත්‍ය ඤාණ යනු මාර්ගය දන ගැනීමයි(මාර්ගය ඉහත දක්වා ඇත) කෘතක් ඤාණ යනු මාර්ගය පුර්ණය කිරීමයි.

    එම නිසා සත්‍ය ඤාණ ඉගෙන ගන්න යෝගාචරයා බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්ම පිළිබදත් එහි ලක්ෂණ ගැනත් බුද්ධ වචනය පිළිගෙන පිලිපැදීමෙන් , අනෙකුත් ඤාණ සම්පුර්න කරගනිමින් ඒවා බොහෝ සියුම් ලෙස එහෙත් ඝන ස්භාවයෙන් නමුත් සම්පුර්ණයෙන්ම එහි ලක්ෂණ පිළිබිඹු වන ආකාරයෙන් ප්‍රඥාව දියුණු කර ගත හැකිය.

    සිහි තබා ගත යුත්තේ අනිත්‍ය ලක්ෂණ මෙනෙහි කරනුයේ සක්කාය දුෂ්ටිය බිඳීමෙන් සම්මා දුෂ්ටියට පැමිණීමට මිස පරමාර්ථ ධර්ම වල ලක්ෂණ තහවුරු කර ගැනීමට නොවේ.
     
    Excellent points!!!

    🙏🙏🙏
     
    • Like
    Reactions: Answer

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Mage adahasata anuwa:

    Oya kiyana dana ganeema dana gannet hitenma tamai.... prajnawak thulin newei.. hariyata green glasses dagena loke green newei kiyanna glasses walinma balala kiyanawa wagei. Manjanawak witharai..

    "සිතක් ඉපිද, නිරුද්ධ උනා" - sithak ipadena nirudda wana swabhawayata kiyanne pabangura swabhawaya kiyala..anicca kiyala newei mama danna tharamata... anicca kiyana eka hethupala wadaya thulin ena deyak..parama shunyathawaya wenne ee thulin..

    "prajnawak thulin newei.. "

    ප්‍රඥ්ඥාවෙන් බලනවද, ද්වේශයෙන් බලනවද, නිකන් බලනවද කියන එක පුද්ගලානු බද්ධයි.
    කෙනෙක් යමක්දිහා බලන්නෙ මෙහෙමයි කියලා, තවකෙනෙක්ට කියන්න බෑ.
    බුඩිසම් වල ඉගැන්වීම් ගැන නෙවෙයි සාමාන්‍ය දේවල් උනත් එහෙමනේ.
    අනිත් මිනිස්සුන්ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනාම හිතපු විදියයි, නිවුටන් ගේ ඔලුවට වැටුනම හිතපු විදියයි වෙනස්.
    මම දැකලා තියනවා සමහර අය ඔන්න ඔය නිගමනයේ ඉන්නව.අනුන් හිතන්නේ මෙහෙමයි කියලා එය කියනව.
    එහෙම කියන්න බැ.

    " sithak ipadena nirudda wana swabhawayata... anicca kiyala newei "

    මහා සතිපට්ඨාන සුත්‍රය > චිත්තනුපස්සනා කොටස
    -------------------------------------------------
    සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති,
    වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති,
    සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති,

    ගිරිමානන්‍ද සූත්‍රය
    --------------------
    ‘‘කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති
    - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති.
     
    tfs, මට සතිපට්ටානය වඩන්නෙ කොහොමද, මොනවද කියන පැහැදිලි මදි.
    ත්‍රිවිද්යාව දකින්න ඕන පරමාර්ත දර්ම වලද? සම්මුති දර්ම වලද?
    නාම රූප වල උදය/වය දකින්න පුලුවන්ද?
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    tfs, මට සතිපට්ටානය වඩන්නෙ කොහොමද, මොනවද කියන පැහැදිලි මදි.
    ත්‍රිවිද්යාව දකින්න ඕන පරමාර්ත දර්ම වලද? සම්මුති දර්ම වලද?
    නාම රූප වල උදය/වය දකින්න පුලුවන්ද?
    පිලිතුරක්‌ දෙන්නම්... පසුව

    දැනට..
    ත්‍රිවිද්‍යාව නෙවෙයි, ත්‍රිලක්ෂණය යන්න නේද අදහස් කරේ.
    පරමාර්ථ ධර්ම කියලම අල්ලගන අරමුණු කරගනඒවගේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න බෑනේ.
    නිකන් හිතන්නකෝ එහෙම ගත්තොත්, ලහුතා රුපය අනිච්චයි කියන්නත් වෙනවනේ. අපිට නොපෙනෙන දෙයක් ත්‍රිලක්ෂණයට දාන්න බෑනේ.
    දැම්මට ප්‍රතිපල තියේද..
    අනිච්ච සඥ්ඥාව වැඩෙයිද?

    බුද්ධ දේශනාවේ ප්‍රායෝගිකව යෝගාවචාරයට ඒ සදහා , අරමුණු කරන්න පුළුවන් ඒවා සුත්‍ර වල පෙන්නලා තියනවා.
    i. රූප වේදනා සග්න්ග්නා සංකාර වින්නාන කියන පන්චස්කන්දය මේසදහා ගන්න පුළුවන්..(Girimaananda suthrya)
    ii. කය සංකාර (සතිපට්ටාන සුත්‍රය )
    iii. රාග චිත්තය, මෝහ චිත්තය... ආදී උනා සිත් ආකාර 8ක්‌ කියමු.(සතිපට්ටාන සුත්‍රය )
    iv.සාමිස වේදනා, සුක වේදනා, දුක්ක වේදනා .. ආදී වූ වේදනා 9 ආකාරයක්..(සතිපට්ටාන සුත්‍රය )
    v.මනසට එන ධර්මයන් 10ක්‌ කියමු.(සතිපට්ටාන සුත්‍රය )

    මෙන්න මේවා පාදක කරගන පුලුවන්,
    අනිච්ච සඥ්ඥාව,
    සමුදය වය දකින්න.

    ++
    මෙව හරිද වැරදිද කියල බලන්න පොඩ්ඩක් සූත්‍ර අධයනය කරන්න.
    මම කියන්නේ නැ මේකමයි, මෙකට එහා මොකුත් තියෙන්න බැ කියල.
    මනුස්සයෙක්ට පැක්ටිකල් අප්‍රොච් එකක් ගන්න දෙයක් තියෙන්න එපයි.
    නැත්තන් , අපි කතාකරනව විතරයි එක කකුලක්වත් තියල තියා තියන්න ට්‍රයි කරලවත් නැ.

    පස්සෙ ඔයගෙ ප්‍රශ්නෙට පිලුතුරක් දෙන්නම්.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and gnilukshi

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,337
    2,192
    113
    "prajnawak thulin newei.. "

    ප්‍රඥ්ඥාවෙන් බලනවද, ද්වේශයෙන් බලනවද, නිකන් බලනවද කියන එක පුද්ගලානු බද්ධයි.

    කෙනෙක් යමක්දිහා බලන්නෙ මෙහෙමයි කියලා, තවකෙනෙක්ට කියන්න බෑ.

    Budu hamuduruwo pahadiliwama kiyala tiyenawa meka lokottara dakmak kiyala... lokottara nyanayak thuin tamai dakkinne kiyala... prajna asa thulin dakinne kiyala...

    8 fold path eket clearly kiyala tiyenne kohomoda prajna improve karanne kiyala to see this.

    Oyage understanding walata anuwa lokottara kiyanne mokakda?

    බුඩිසම් වල ඉගැන්වීම් ගැන නෙවෙයි සාමාන්‍ය දේවල් උනත් එහෙමනේ.
    අනිත් මිනිස්සුන්ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනාම හිතපු විදියයි, නිවුටන් ගේ ඔලුවට වැටුනම හිතපු විදියයි වෙනස්.

    Mee deka patalawa ganna epa... everything else in this world (laukika) can be seen by our sensors. But anything beyond (lokottara) can only be seen by prajna. anit hamadema manasika majjanawak witharai.. just logical thinking.

    මම දැකලා තියනවා සමහර අය ඔන්න ඔය නිගමනයේ ඉන්නව.අනුන් හිතන්නේ මෙහෙමයි කියලා එය කියනව.
    එහෙම කියන්න බැ.

    ayet kiyanne...hiutana deyak gana kata karoth majannawak pamanai..lokottara nyanayak kiyanne etanin ehata giya vision ekak.

    " sithak ipadena nirudda wana swabhawayata... anicca kiyala newei "

    මහා සතිපට්ඨාන සුත්‍රය > චිත්තනුපස්සනා කොටස
    -------------------------------------------------
    සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති,
    වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති,
    සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති,

    ගිරිමානන්‍ද සූත්‍රය
    --------------------
    ‘‘කතමා චානන්ද, අනිච්චසඤ්ඤා? ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති
    - ‘රූපං අනිච්චං, වෙදනා අනිච්චා , සඤ්ඤා අනිච්චා , සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ච’න්ති.

    Mee suttra deken ma anicca kiyanne just aathi weemak haa nathi weemak pamanai kiyala naa neda?

    Oya kiyana anicca thulin parama shunyathawaya explain karanne kohomada? I would like to see that.

    Hope we can have a constructive discussion. Thanks!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Budu hamuduruwo pahadiliwama kiyala tiyenawa meka lokottara dakmak kiyala... lokottara nyanayak thuin tamai dakkinne kiyala... prajna asa thulin dakinne kiyala...

    8 fold path eket clearly kiyala tiyenne kohomoda prajna improve karanne kiyala to see this.

    Oyage understanding walata anuwa lokottara kiyanne mokakda?

    Mee deka patalawa ganna epa... everything else in this world (laukika) can be seen by our sensors. But anything beyond (lokottara) can only be seen by prajna. anit hamadema manasika majjanawak witharai.. just logical thinking.

    ayet kiyanne...hiutana deyak gana kata karoth majannawak pamanai..lokottara nyanayak kiyanne etanin ehata giya vision ekak.

    Mee suttra deken ma anicca kiyanne just aathi weemak haa nathi weemak pamanai kiyala naa neda?

    Oya kiyana anicca thulin parama shunyathawaya explain karanne kohomada? I would like to see that.

    Hope we can have a constructive discussion. Thanks!

    "Mee suttra deken ma anicca kiyanne just aathi weemak haa nathi weemak pamanai kiyala naa neda? "

    Mama me suuthra deke thiyenne "just ethivimak nethvimak kiyala" kivvada?
    Oya kivva sithak ethiwi nethivimata anichcha kiyanne ne kiyala.
    Anna enisa mama girimananda suthraya demme oyata eka pennanna.

    "Budu hamuduruwo pahadiliwama kiyala tiyenawa meka lokottara dakmak kiyala... lokottara nyanayak thuin tamai dakkinne kiyala... prajna asa thulin dakinne kiyala...
    8 fold path eket clearly kiyala tiyenne kohomoda prajna improve karanne kiyala to see this."

    pragngnaawen thamayi balanna ona.Eka aye kiyanna deyak naha.
    Mama kivve , kenek anichcha wadanne pragngnaawen neweyi kiyala oyata kiyanna be kiyala.
    "Pragngnaa indriya wedila nenethinisa, pragngnawen neweyi balanne" kiyala kohomada oya kenekge indriya dharma maninne?
    Oya onna othanata thadin drushi gathawela innawa mata pena vidhiyata.
    Eka oppuwena 2nd fact ekathmai .. Ara mulinma prashnaya ahana kenatath ,prashne ahala thiyana deta neweyi oya pilithura denne.
    Ethanadith oya, "Pragngnaa indriya wedenna ona eka dhakinna " kiyala side wenawa.
    Ethandi oya ,eyage pganna indriya dekala wage ekak penawa !
    Etapasse, pranna indriya wedila nethi nisa , eya ahapu deta(sithin kohomada sithe anicca bawa dakinne ? ) pilithurak denne neha.
    Oya eka use karanawa , oyata awashya Gap eka hadanna.

    Ethakota me vidhiyata apita discussion ekak idhiriyata yanna baha.
    Mokada, api certified naha oyata anuwa.
    Mama hithanne hodamade,
    i) a indriya wadana akaraya(prodecure) niravulwa danna methana(without referring other post).
    ii) A procedure eke yaddi , pragngnaa indriya wedena/veduna aakaraya aakaraya pehedili kiriimak karanna(As per ur experince)
    iii) Pranna indriya wedunaama , a prannawen arayage prashnaye (nishchitha kaaranaawa) dakinne kohomada kiyana mothedology eka idiripath karanna

    Anna ethana sita apita puluwan, ape discussion eka meaningfully and effectively continue karanna
    Thanks !!
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    Oya methana mage gana godak dewal "assume" karala tiyenawa. Oya mama leiyapu dee meaning ekata wediya focus karala tiyenne mage personal attitude eka gana unfortunetly. You are not in a position to listen to what I say about the issues about dharma you say thereafter. Please move on. Hope someone will be benefited. Thank you for your reply.