නිවනට පැමිණීම හෙවත් මාර්ග සත්‍යය පුර්ණය වන ආකාරය පිළිබද බොහෝ දෙනෙකුට තම තමන්ගේ මත අදහස් මිස හරියාකාර ධර්ම දැනුමක් නොමැති බව පෙනී ගිය හෙයින් රේරුකානේ චන්දවිමල මහා නාහිමි ගේ ධර්ම ග්රන්ථ ඇසුරින් මෙසේ ලිපියක් සකස් කිරීමට තීරණය කළෙමු .එය කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරන හෙයින් වැඩි විස්තර පොත පතින් ඉගෙන ගන්නා මෙන් ඉල්ලා සිටිමු. නමුත් මෙය ඉවසීමෙන් කියවන ඕනෑම කෙනෙකුට මාර්ග ඵල අත්වන ආකාරය පිළිබද නියමකර දැනුමක් ඇති කර ගත හැකිය.
# ලෝකෝත්තර ඥානය මුලිකව මේ සදහා ධර්ම අටක් චිත්ත සන්තානය තුල සම්පුර්ණ විය යුතුය.
ලෝකෝත්තර ඥානයට හුදකලාව ම නිවන් දකින්නටත් තෘෂ්ණාව නසන්නටත් නොපිළිවන.එයට විශේෂයෙන් උපකාර වෙමින් එය හා බැදී පවත්නා වූ එක්ව උපදින්න වූ තවත් ධර්ම සතක් ඇත්තේය.ඒ ධර්ම සතද මේ මාර්ග සත්‍යට ඇතුළත් වන්නාහ.
# ලෝකෝත්තර ඥානය ඇතුළුව( ප්‍රඥා චෛතිසිකය) මේ ධර්ම අටම චෛතිසික ධර්ම අටකි.
නමුත් මේ ධර්ම අට උගෙන ගැනීමට පෙර චිත්ත,චෛතිසික මොනවාදැයි යම් දැනුමක් අවබෝධයක් තිබිය යුතුය.එම නිසා මුලින්ම ඒ පිළිබද මුලික අදහසක් දීමට බලාපොරොත්තු වෙමු.
චිත්තය(සිත )-
චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්රකාරාර්ත්යන් පිළිබද වූ දනිමටය.
# ඇසය,කනය,නාසය,දිවය ,කයය ,හෘදය යන ස්ථානයන්හි පහල වේ.
# සිත ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තියක් ඇති දව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති දව්‍යක් සේ ද ව්‍යවහාර කරනු ලැබේ.
# සිත ක්‍රියාවක් බැවින් ක්‍රියාවක් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ස්භාවය නොඉක්මවා ඉපිද මොහොතකුදු නොපවතී වහා අභාවප්‍රාප්ත වේ.(සිතට අයත් ක්‍රියා දැන ගැනීමට චිත්ත වීථි පිළිබද දන ගත යුතුය.)
# එක් සිතක ආයුෂ ය එක් චිත්තක්ෂණයකි. එය අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝට් ලක්ෂ ගණනිකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.
# එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එකමවර සිත් දෙකක් නුපදන්නේය.දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පුර්ණයෙන්ම අභාවප්‍රාප්ත වූ පසුය.
# උපන් සිත කොතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන හිස් නොවන ලෙස නිරුද්ධ වන සිත හා බැදී උපදින සේ අලුත් අලුත් සිත් එළඹ සිටින අනේකප්‍රකාර ආරම්මණයන් ගනිමින් උපදින්නේය.
#සිත ඇසට නොපෙනන කයින් ස්පර්ශ කල නොහෙන පරම සුක්ෂම ධර්මයක් වුවද එහි මහා බලයක් ඇත්තේය.ලොව ඇති අන් සියල්ලම සිතට යටත්ය.එහෙත් දුබල සිත ලොව ඇති සියල්ලටම යටත්ය.
චෛතිසික:-
සිත තනිව උපදින දෙයක් නොවේ.තනිව ඉපදිය හැකි ශක්තියක්ද එයට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර බවට පැමිණ එය හා එක වරම ඉපිද එකට පැවතී එකටම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේය.ඒවාට චෛතිසික කියනු ලැබේ.
#සිත හා එකට ඉපදීමය, එකට බිඳීමය,එක් අරමුණක් ඇති බවය,එක් වස්තුවක් ඇසුරු කොට ඇති බවය යන කරුණු සතර චෛතිසිකයේ ලක්ෂණය යි .
#ඵස්ස,වේදනා, සඤ්ඤා,චේතනා,එකග්හතා, ජිවිතින්දිය,මනසිකාර යන ආදී වශයෙන් චෛතිසික ප්‍රභේද 52 ක් ඇත.
# චෛතිසික 52 ම එක සිතක් සමග නුපදිති නමුත් සිතේ අරමුණට අනුව අවම වශයෙන් 7ක් ද වශයෙන් යම් ප්‍රමාණයක් උපදී.
නමුත් මේ මාර්ග සත්‍යය කතාවේ සලකනු ලබන්නේ එම චෛතිසික 52 අතරින් චෛතිසික 8ක් පිළිබද නිසාවෙන් ඒ මාර්ග සත්‍යය ධර්ම 8 කුමක්දැයි
මෙනයින් සලකනු ලැබේ.
1.සම්‍යක් දෘෂ්ටිය( ප්‍රඥා චෛතිසිකය)
2.සම්‍යක් සංකල්පය 3.සම්‍යක් වචනය 4.සම්‍යක් කර්මාන්තය 5. සම්යගාජිවය 6.සම්‍යක් ව්‍යාමය 7.සම්‍යක් ස්මෘතිය 8.සම්‍යක් සමාධිය
යන මේ චෛතිසික ධර්ම අට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ච් (මාර්ග සත්‍යය ) යයි දක්වා ඇත. මෙහි සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙන්නේ තෘෂ්ණාව නසන්නා වු ප්‍රඥාව ය.සම්මා සංකප්ප යනාදීන් දක්වන ලදුවෝ ඒ ප්‍රඥාව හා බැදී පවතින්නා වු එයට උපකාර ධර්ම 7ය.
මේ චෛතිසික ධර්ම අට පෘතග්ජන පුද්ගලයන් තුලද උපදනාහු ය. එහෙත් මේ අට ම එක සිතක් සමග එකවර පෘතග්ජන චිත්ත සන්තානයෙහි නුපදිති. පෘතග්ජන සන්තානයෙහි උපදිනුයේ එක් එක් වරකට එයින් කීපයක් කීපයක් බැගිනි. කීපය බැගින් උපදනා වු ඒ ධර්මයන්ට මාර්ගාංග යන නාමය ද මාර්ග යන නාමය ද ලැබෙන නමුත් තෘෂ්ණා නාශක ශක්තිය ඒවාට නැති බැවින් ඒවා නිරෝධගාමිනි අරිය සච්ච නොවෙති. මාර්ග සත්‍යය වනුයේ අට ම එකවර කෙලෙස් නැසිය හැකි ශක්තියෙන් යුක්තව උපන් කල්හිය.
ක්ලේශ නාශක ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයට පැමිණ අට ම එකවර එක චිත්තයක උපදනා කල්හි ඒ ධර්මයන්ට පළමු වර පහළවීමේ දී සෝවාන් මාර්ගය ය යි ද, දෙවන වර එසේ පහළ වීමේදී සකෘදගාමි මාර්ගය ය යි ද ,තුන්වන වාරයේදී අනාගාමී මාර්ගය ය යි ද ,සතරවන වාරයේදී අරහත් මාර්ගය ය යි ද කියනු ලැබේ.මේ ධර්ම අට ලෝකෝත්තර වශයෙන් එකවර චිත්ත සන්තානෙහි උපදවා ගත හැකි වන්නේ ඒ ධර්ම වෙන් වෙන් වශයෙන් ම සිය සිත් සතන් හි පෘතග්ජන කාලයේදී දියුණු කළ තැනැත්තාටය.
එබැවින් ලෝකෝත්තර මාර්ගය උපදවා නිවන් පසක් කරනු කැමති සත් පුරුෂයන් විසින් සම්‍යක් දෘෂ්ටියාදී ධර්ම වෙන වෙනම සිය සතන්හි දියුණු කළ යුතුය. එසේ දියුණු කරන්නා වූ තැනැත්තා හට කවදා නමුත් එහි අවසානය වූ ලෝකෝත්තර මාර්ගය පහළ වන අවස්ථාවක් එළබෙන්නේය. එසේ නොකරන්නා වූ තැනැත්තහට ඒ අගනා මොහොත කිසි කලෙක නොඑළඹෙන්නේය. පුර්වභාගයේදී ඒ ධර්ම වෙන් වෙන්ව දියුණු කර ගත හැකි වීමට ද ඒ ධර්ම අට මනා කොට දත යුතුය.
ඒ ධර්ම අට අතරින් වැදගත්ම චෛතිසික ධර්මය වන සම්‍යක් දෘෂ්ටිය නමැති ප්‍රඥා චෛතිසිකය ලොවට පහළ වන්නේ සම්මා සම්බුදුරාණන් වහන්සේ නමකගේ ලෝ සත්වයන් කෙරෙහි පතළ වූ මහා කරුණාවෙන්ම ම පමණ කි.
සම්‍යක් දෘෂ්ටිය-
දශවස්තුක සම්‍යක් දෘෂ්ටිය
චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ය යි දෙවැදෑරුම් වන බව කිව යුතුය.
සසර දුකින් මිදෙනු කැමති සත් පුරුෂයෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර වහ වහා මාර්ග සත්‍යය පරිපූර්ණ කරත්වා.!!!
නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය (මාර්ග සත්‍යය ) -