නිවන් සුව තරිනි සිරිවර්ධන

Jun 23, 2016
1,044
136
0
Maharagama
පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල “පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ” පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?
කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම..
මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් “මිනිස්සුන්ට ජීවත් වෙන්න” අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල…..
ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.
අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..
ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.
අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.
ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්නඋදව්වක් වෙන එකයි කරන්න ඕන..
මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..
ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම..ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්.
අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..
කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..ඒක මහා අමානුෂික පහත් වැඩක්..
ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !

-written by Sanjaya Srikanth-

:(
 

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    yako uba kamathida uba kawadahari malama ube mala kada ballek wage photo gahala internet danawata. photo tika adu gane blur karalawath dapan. manussa jeewitheta respect karapan. balapan kochchara lassanata hitiya kellekda

    :yes: අනිවා බං
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබත් කස්ටමර් කෙනෙක් වෙන්ඩැ.. මැරෙන එක ලෙසියි. ජිවත් වෙන එකයි අමාරු. මේ ගැනි ලෙසි ක්‍රමෙන් ගියා.. බඩුවක් උනත්, පෙට්ටිය ක්ඩුනත්, බඩට දරුවෙක් ආවත් ඒ දරුවා බස්ටට් කෙනෙක් විදියට හරි හදන අම්මා තමා උතුම්. ඉෆ් ශි ඩයි ඔන් ඇන් ඇක්සිඩන්ට් මේ ශි අටෙන්ට් නිබ්බාන ඔ රෙස්ට් ඉන් පීස් විත් 72 වර්ජින් බොයිස්.
    ඒ අතින් උබලගේ අම්මා පින් කදක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    matara C -- thread eka edit karala warning ekak daapan balanna amaruine unexpectedly me wage photos.. photos walata udin liyapan wistara...
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබත් කස්ටමර් කෙනෙක් වෙන්ඩැ.. මැරෙන එක ලෙසියි. ජිවත් වෙන එකයි අමාරු. මේ ගැනි ලෙසි ක්‍රමෙන් ගියා.. බඩුවක් උනත්, පෙට්ටිය ක්ඩුනත්, බඩට දරුවෙක් ආවත් ඒ දරුවා බස්ටට් කෙනෙක් විදියට හරි හදන අම්මා තමා උතුම්. ඉෆ් ශි ඩයි ඔන් ඇන් ඇක්සිඩන්ට් මේ ශි අටෙන්ට් නිබ්බාන ඔ රෙස්ට් ඉන් පීස් විත් 72 වර්ජින් බොයිස්.
    බලු කථා කියන්න එපා මිනිහෝ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    yako uba kamathida uba kawadahari malama ube mala kada ballek wage photo gahala internet danawata. photo tika adu gane blur karalawath dapan. manussa jeewitheta respect karapan. balapan kochchara lassanata hitiya kellekda

    True!! :yes::yes::yes:

    "මනුස්ස මළ සිරුරක් හොයා ගත්තම මුලින්ම රෙද්දක් හරි ඉටි රෙද්දක් හරි මොකක් හරි තොපෙ අම්මගෙ රෙද්දක් හරි හොයාගෙන මළ සිරුර ඔලුවෙ ඉංදන් ආවරණය කරපල්ල. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්න පුරුදු වෙයල්ල.
    බැ.....ගෙ පුතාල මළ කුණක් දැක්කම පොටෝ ගහල මුලින්ම ෆේස් බුක් දාන්නෙ තොපි කැමතිද තොපේ පවුලෙ එකෙක් මැරුණම එක එකා මැරුණ තැනම සත්තු වගේ මළකුණේ ෆොටෝ ගහල දානවට?
    ජඩ මාධ්ය වල ඉන්න බලු වේ...ගෙ පුතාලටත් එක්ක තමයි කියන්නෙ"

    Copied comment..
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ අතින් උබලගේ අම්මා පින් කදක්..
    උබේ තාත්තා සරමේ පිහිදගන්න තිබ්බේ..

    බලු කථා කියන්න එපා මිනිහෝ
    දැන් උබ මොකද කියන්නේ. කොච්ච් පාරේ පයින් ඇවිදින එක දඩුවම් ලැබිය හැකි වරදක් බව නොදන්නෙහුද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශික් බන් මේ ගිය සතියේ කන්වකේෂන් තිබුනෙ පේරා වල :no: මක් උනාද සතියෙන් ජීවිතේ එපා වෙන්න.
     
    • Like
    Reactions: Capital_M

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබත් කස්ටමර් කෙනෙක් වෙන්ඩැ.. මැරෙන එක ලෙසියි. ජිවත් වෙන එකයි අමාරු. මේ ගැනි ලෙසි ක්‍රමෙන් ගියා.. බඩුවක් උනත්, පෙට්ටිය ක්ඩුනත්, බඩට දරුවෙක් ආවත් ඒ දරුවා බස්ටට් කෙනෙක් විදියට හරි හදන අම්මා තමා උතුම්. ඉෆ් ශි ඩයි ඔන් ඇන් ඇක්සිඩන්ට් මේ ශි අටෙන්ට් නිබ්බාන ඔ රෙස්ට් ඉන් පීස් විත් 72 වර්ජින් බොයිස්.

    අඩෝ මගේ තරහා අවුස්සගන්න එපා :angry::angry:
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දැන් උබ මොකද කියන්නේ. කොච්ච් පාරේ පයින් ඇවිදින එක දඩුවම් ලැබිය හැකි වරදක් බව නොදන්නෙහුද?
    දැන් උබ ඔය කියල තියෙන්නේ කොච්චි පාරක ගිහින් හැපුන දෙයකට අදාල කථාවක්ද ?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දොරේ යනකොට පාලමේ වැදිලා වැටිලා බං නිකං බලු කතා කියන්න එපා :angry:
    ඉතින් පරට්ටි දන්නේ නැද්ද පාපුවරුවේ යැම අනතුරුදායකයි කියලා. පකටද කැම්පස් ගියේ.. පල්ලේකැලේ හරි කටුනායක හරි ජුකී මහන්න යන්න තිබ්බේ..
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    දොරේ යනකොට පාලමේ වැදිලා වැටිලා බං නිකං බලු කතා කියන්න එපා :angry:

    එහෙනම් කෝච්චි ye යන un දකිනවා ne
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    මේ photos කොහෙන් කොහෙන් හරි මේ ලමයට ආදරේ මිනිස්සු දකිනව. කාලයක් යද්දි හිත හදාගන්න මිනිස්සු උනත් මේ වගේ දෙයක් ආයිත් දැක්කොත් මොන වගේ හැඟීමක් දැනේවිද? :(:(
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් උබ ඔය කියල තියෙන්නේ කොච්චි පාරක ගිහින් හැපුන දෙයකට අදාල කථාවක්ද ?
    දැන් මේ දැරිය මැරිලා තියෙන්නේ කොච්චි පාරේ ඇවිදලද? කොච්චියේ පා පුවරුවේ ගිහින්ද? නැත්තම් කොල්ලෙක් එක්ක බොට්ටු පැදලද? ඒක කියහන් ඉස්සෙල්ලා
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දොරේ යනකොට මෙහෙම බෙල්ල ගාවින් ගහල යනවද :baffled:
    ෆකී වගේ සෙල්ෆි ගහන්න යන්න ඇති බෙල්ල එලියට දික් කරලා මහවැලිය ලොකේශන් පොට් කරලා. කෙලින්ම පාලම් කනුවේ බෙල්ල සෙට් වෙන්න ඇති. ඒක මම නම් හිතන්නේ නැ. එහෙම උනානම් ඇදුම්වල මජන්, ලේ දූවිලි තැවරෙනවා. මේ උට්ටි කතා දෙකක් නැ. බෙල්ල තියලා..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොම මැරුණත් සුයිසයිඩ් එකක් කරගන්න මානසිකත්වේ එන්නේ නෑ හැමෝටම.
    හැබැයි ජෙනටිකලි ලෝ මූඩ් ඩිප්‍රෙශන් තියෙන අයව හරියට ඩයග්නෝස් නොවුනොත් සහ එයාලට දැනෙන සුලු හිත් රිදවීමකදි පවා අනික් අයට වඩා වෙනස් රියැක්ශන්ස් එන්නේ...

    උගත්කම බුද්ධිය තනතුර මුදලින් පොහොසත්කම් අදාල වෙන්නේ නෑ..

    මේ ළමයට මොන හේතුවක්ද නොදනිමි :(