නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනේ හිපෝ මහත්තයෝ මේව දානකොට පොඩ්ඩක් කියල දාන්න. හිනාවෙලා ඉල ඇට තුනකුත් ඇදිල හක්කත් පැන්නා! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D:D

    මට හිතෙනවා උඹේ දින චර්යාව මෙහෙමයි කියලා. වැරදි නම් නිවැරදි කරපන්

    • උදේ 5.30 - අවදි වීම

    • 5.30-7.30 - අත පය හොල්ල හොල්ල සිහියෙන් සිටීම (බමුණු කායානුපස්සනාව)

    • 7.30-8.00 - හොල්ලපු අත පය වල සිඬාලේප හෝ ගිනිරාජ තෛලය ආලේපනය

    • 8.00-8.30 - බලු වමනයක් මේ කන්න කියලා හිත හිත උදේට කෑම (බමුණු පටිකූල සඥ්ඥාව වැඩීම)

    • 8.30-9.30 - රූප වලින් දුක් එනවා කියලා හිතාගන ඉන්න නිසා රූප නොබලා ඇස් පියාගන සිටීම (පාරාශරීය බමුණගේ ඉගැන්වීම පිලිපැදීම)

    • 9.30-10.30 - ඇටකට්ටක් දිහා බලා සිටීම (බමුණු අට්ඨික සඥ්ඥාව)

    • 10.30-11.30- වේද ග්‍රන්ථ කියවීම

    • 11.30-12.00 - අනුන්ගේ ශරීර දිහා බලා සිරීම (බමුණු කායානුපස්සනාව)

    • 12.00-12.30 - බලු වමනයක් මේ කන්න කියලා හිත හිත දවල්ට කෑම (බමුණු පටිකූල සඥ්ඥාව වැඩීම)
    හවස
    • 12.30-2.30- අභය හාමුදුරුවන්ගේ වීඩියෝ බල බල "දවසේ මඩ වීඩියෝව" සඳහා කොටසක් සෙවීම (ද්වේෂ සඥ්ඥාව වැඩීම)

    • 2.30-4.30 - වැසිකිලි වලේ ලෑල්ල ඇරලා බලා සිටීම (බමුණු පිළිකුල් භාවනාව කිරීම)

    • 4.30-6.00 - මඩ වීඩියෝවක් නිර්මානය, අප්ලෝඩ් කිරීම හා එයින් ආශ්වාදයක් ලැබීම

    • 6.00-7.00- Elakiri එකේ කමෙන්ට් දැමීම (ද්වේෂ සඥ්ඥාව වැඩීම)

    • 7.00-8.00- ගිනි පෙළෙල්ලෙක් හෝ මැටි ගුලියක් දිහා බලා සිටීම (බමුණු ලෞකික භාවනා කිරීම)

    • 8.00-9.00- මල මිනී සිහි කිරීම (බමුණු අසුබය වැඩීම)

    • 9.00 - පරාශරීය, ආලාරකාලාම, උද්දකරාමපුත්තට පිං අනුමෝදම් කර නින්දට යාම
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේක නේද මෙගොල්ලන්ට වුනේ ඇත්තට. බුදුන්වහන්සේ එක එක එක්කෙනාට වචන කඩල තෝර ගන්න "සැඟවුන දර්මයක්: දේශනා කලේ නැනේ. මුල මැද අග නොඅඩු දර්මයක් තමයි දේශනා කලේ. ඒකේ ඔය තුන් තේරවිලි නෑ.:yes::yes:

    :rofl::rofl::rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යකෝ අනුන්ගේ ශරීර දිහා බල බල හිටපුවහම උඹේ කායේ කායානුපස්සනාවක් වැඩෙනවද?

    වැලක් බලනවා කියලා කරන්නෙත් ඕකමනේ.
    අනුන්ගේ ශරීර දිහා බල බල ඉන්න එකනේ.

    අනිත් එක තමයි උඹට කැලේක තනියම ඕක වඩන්නත් බෑ අනිත් උන්ගේ කය බලන්න එකෙක් නැති නිසා.
    උඹ සතරසතිපට්ඨානය වඩන්න කැලේකට යනවා නම් Harvard-Bio වත් එක්කගන පලයන් එතකොට ඌ ඉන්නවනේ බලන්න :rofl::rofl::rofl:
    ඌ මඩ වීඩියෝ හදන දිහා බලන් හිටපන්

    "අනුපස්සනා" කියන වචනයේ අර්ථය දන්නේ නැත්නම් "වාසය කරන්නේය" කියලා තියන නිසා කැලෑ කොල ටිකක්, අලයක්, ගෙඩියක් කකා ඔහේ වාසය කරන්නයි තියෙන්නේ

    උඹට පේනවද උබේ ශරීරයේ හටගැනීම? පරමානු එකින් එක බිඳිලා ඇති වෙන හැටි උඹට පේනවද? ප්‍රෝටෝන කැරකි තියනවා එහෙම උඹ දැකලා තියනවද?

    ඔය කියන්නේ ඇඟ නෙවෙයි බං. සමුදය සූත්‍රයේ ඔය කියන කයේ හටගැනීම ගැන තියනවා

    "මහණෙනි, සිවුසීවටන් හි සමුදයත් අත්ථගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කයෙහි සමුදය කිමෙක් ද යත්: ආහාරසමුදයයෙන් කයෙහි හට ගැනීම වේ, ආහාරනිරොධයෙන් කයෙහි අස්තඞ්ගමය වේ. ඵස්ස සමුදයයෙන් වෙදනාවන්ගේ හට ගැනීම වේ. ඵස්ස නිරොධයෙන් වෙදනාවන්ගේ අස්තඞ්ගමය වේ. නාමරූපසමුදයයෙන් සිතේහටගැනීම වේ. නාමරූපනිරොධයෙන් සිතේ අස්තඞ්ගමය වේ. මනසිකාරසමුදයයෙන් ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරනිරොධයෙන් ධර්මයන්ගේ අස්තඞ්ගමය වේ යි."
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සතිපට්ඨාන සංයුක්තය, සමුදය සූත්‍රය)

    සිවුසීවටන් කියන්නේ- සතර සතිපට්ඨානය
    මේ ආහාර කියන්නේ කන ආහාර නෙවෙයි. බත් පාං කවුපි මුං ඇට නෙවෙයි
    ආහාර කියන්නේ බත් පාං කවුපි මුං ඇට කියලා ගත්තොත් "ආහාර නිරෝධයෙන් කයෙහි අත්තංගමය වේ" කියන නිසා කය නිරෝධය කරන්න නම් කන්නේ නැතුව හිටියම හරි වෙන්න ඕනේ.

    පංචනීවරනයට ආහාර තමයි "ආශ්වාදය" හෙවත් රාග ද්වේෂ මෝහ

    "ආහාර නිරෝධයෙන් කයෙහි අත්තංගමය වේ" කියලා කිව්වේ භෞතික කය නෙවෙයි. රහතන්වහන්සේ භෞතික කය තියනවා ආශ්වාද කයයි නැත්තේ

    "ඵස්ස සමුදයෙන් වේදනාවේ හටගැන්ම වේ. ඵස්ස නිරෝධයෙන් වේදනාවන්ගේ අත්තංගමය වේ"
    මේ කිව්වේ මොකක්ද
    රහතන්වහසේට වේදනා තියනවා, ස්ඵර්ශයත් දැනෙනවා. එහෙනම් මේ කියන්නේ ඔය වේදනා නෙවෙයි

    රාග ද්වේෂ මෝහ වලින් හටගන්නා වේදනාවයි ඔය කියන්නේ
    ඒ කියන්නේ "සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛදුක්ඛ" ගැනයි

    HARVE BIO- අපි දන්නවා උඹට මේවට උත්තර නැහැ කියලා. ඉතින් අනුන්ට බැන බැන හිටපන්... හැබැයි ඔච්චර පච වෙන්න එපා බන්. මල මිනි බලලා නිවන් දකින්න පුලුවන් නම් කනත්තෙ බුවා ගොඩේ ගොඩ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක නේද මෙගොල්ලන්ට වුනේ ඇත්තට. බුදුන්වහන්සේ එක එක එක්කෙනාට වචන කඩල තෝර ගන්න "සැඟවුන දර්මයක්: දේශනා කලේ නැනේ. මුල මැද අග නොඅඩු දර්මයක් තමයි දේශනා කලේ. ඒකේ ඔය තුන් තේරවිලි නෑ.:yes::yes:

    ඒකනේ! පුදුම වැඩේ කියන්නේ, එහෙම මුල මැද අග නොඅඩු ධර්මයක් තිබිලත් සමහරක් මළමිනී, ඇටකටු දිහා බලන් අත පය හොල්ල හොල්ල නිවන් යන්න try කරන එකනේ. :rofl::rofl::rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේක නේද මෙගොල්ලන්ට වුනේ ඇත්තට. බුදුන්වහන්සේ එක එක එක්කෙනාට වචන කඩල තෝර ගන්න "සැඟවුන දර්මයක්: දේශනා කලේ නැනේ. මුල මැද අග නොඅඩු දර්මයක් තමයි දේශනා කලේ. ඒකේ ඔය තුන් තේරවිලි නෑ.:yes::yes:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනුන්ට පද පරම කියන "සැඟවුන ධර්මය, පාලි " වචන දෙකට තුනට කඩා "සිංහලෙන්ම" සොයාගත් මුගේ ප්‍රඥාවක තරම!:rofl::rofl::rofl:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේක නේද මෙගොල්ලන්ට වුනේ ඇත්තට. බුදුන්වහන්සේ එක එක එක්කෙනාට වචන කඩල තෝර ගන්න "සැඟවුන දර්මයක්: දේශනා කලේ නැනේ. මුල මැද අග නොඅඩු දර්මයක් තමයි දේශනා කලේ. ඒකේ ඔය තුන් තේරවිලි නෑ.:yes::yes:

    බුදුහාමුදුරුවෝ මේ අවබෝධ කරගත්ත දහම දේශනා කරන්න වෙනම භාෂාවක් හැදුවේ නෑ. උන්වහන්සේ ඒ කාලේ තිබුණු භාෂාවෙන්ම තමයි ධර්මය දේශනා කලේ. ජනපද නිරුක්තියෙන් බණ කිව්වේ.

    ඒ වගේම ඒ වෙද්දී බමුණන්ගේ තිබුණු "ලෞකික භාවනා" ඒ නම් වලින්ම "ලෝකෝත්තර අර්ථයෙන්" දේශනා කලා.

    බුදුහාමුදුරුවෝ ඇවිත් පන්සිල් අලුතෙන් දේශනා කළා නෙවෙයි. සිදුහත් කුමාරයා මවු කුස පිළිසිඳගද්දිත් මහාමායා දේවිය පන්සිල් සමාදන් වෙලා හිටියේ. 
    https://www.thripitakaya.org/tipitakaya/Index/89?s=222
    (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සුඤ්‌ඤත වර්ගය, අච්ඡරියබ්භුත සූත්‍රය බලන්න)
     
    ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ බමුණන්ගේත් පංච නීවරණ, සප්ත බොජ්ජංග එහෙමත් තිබුණා. හාමුදුරුවරු බමුනන්ගේ ආරාමයකට ගිහාම එයාලා අහනවා

    "අපිත් සප්ත බොජ්ජංග දේශනා කරනවා. ඔබ වහන්සේලාගේත් සප්ත බොජ්ජංග තියනවා. ඔබලා දේශනා කරන සප්ත බොජ්ජංග වලයි අපේ ඒවගෙයි වෙනස මොකක්ද" කියලා

    (ඒ ගැන වැඩි විස්තර ඕනේ නම් "පරියාය සූත්‍රය" මෙතනින් බලන්න )
    https://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202   

    අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ තිබුණු භාවනා ඒ නම් වලින්ම ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළා.

    දැන් ආපහු භාවිතා වෙන්නෙත් ඒ ලෝකෝත්තර අර්ථ වැහිලා වචනයේ අර්ථය උඩින් පල්ලෙන් අරන් ලෞකික අර්ථයෙන්

    අන්න එතනයි ඔබට ගෝචර නොවෙන තැන.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා අද නැත්තේ කෙම්මුර නිසාද?
    නැත්නම් කමෙන්ට් දානවට Harvard-Bio ගෙන් දවස් පඩිය ලැබුනේ නැති නිසාවත් ද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බුදුහාමුදුරුවෝ මේ අවබෝධ කරගත්ත දහම දේශනා කරන්න වෙනම භාෂාවක් හැදුවේ නෑ. උන්වහන්සේ ඒ කාලේ තිබුණු භාෂාවෙන්ම තමයි ධර්මය දේශනා කලේ. ජනපද නිරුක්තියෙන් බණ කිව්වේ.

    ඒ වගේම ඒ වෙද්දී බමුණන්ගේ තිබුණු "ලෞකික භාවනා" ඒ නම් වලින්ම "ලෝකෝත්තර අර්ථයෙන්" දේශනා කලා.

    බුදුහාමුදුරුවෝ ඇවිත් පන්සිල් අලුතෙන් දේශනා කළා නෙවෙයි. සිදුහත් කුමාරයා මවු කුස පිළිසිඳගද්දිත් මහාමායා දේවිය පන්සිල් සමාදන් වෙලා හිටියේ. 
    https://www.thripitakaya.org/tipitakaya/Index/89?s=222
    (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සුඤ්‌ඤත වර්ගය, අච්ඡරියබ්භුත සූත්‍රය බලන්න)
     
    ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ බමුණන්ගේත් පංච නීවරණ, සප්ත බොජ්ජංග එහෙමත් තිබුණා. හාමුදුරුවරු බමුනන්ගේ ආරාමයකට ගිහාම එයාලා අහනවා

    "අපිත් සප්ත බොජ්ජංග දේශනා කරනවා. ඔබ වහන්සේලාගේත් සප්ත බොජ්ජංග තියනවා. ඔබලා දේශනා කරන සප්ත බොජ්ජංග වලයි අපේ ඒවගෙයි වෙනස මොකක්ද" කියලා

    (ඒ ගැන වැඩි විස්තර ඕනේ නම් "පරියාය සූත්‍රය" මෙතනින් බලන්න )
    https://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202   

    අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ තිබුණු භාවනා ඒ නම් වලින්ම ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළා.

    දැන් ආපහු භාවිතා වෙන්නෙත් ඒ ලෝකෝත්තර අර්ථ වැහිලා වචනයේ අර්ථය උඩින් පල්ලෙන් අරන් ලෞකික අර්ථයෙන්

    අන්න එතනයි ඔබට ගෝචර නොවෙන තැන.

    බුදු හාමුදුරුවෝ ඒ භාවිතා වෙච්ච සමහර භාවනා වලට පෙර තිබු නම ම යොද ගත්තා කියන එක කවුරුත් දන්න දෙයක් නේ. ඒක මේ ඔයා විතරක් දන්න මැජික් එකක් නෙවෙයි. බුදුන් ධර්මය දේශනා කලේ පෘතග්ජනයාට සහ රහත් නොවු පුද්ගලයන්ට. ඔය කියන "ලෝකෝත්තර අර්තේ " කවුද හොයා ගත්තේ? කොහොමද බුදුන් දේශනා කරපු දර්මයේ අර්තය වැහුනේ? අර්තය නැවත මතු කරගත්තේ මේ ලෝකෙම ඉන්න බෞද්ධ හාමුදුරුවරුන්ගෙන් වහරක හාමුදුරුවෝද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බුදු හාමුදුරුවෝ ඒ භාවිතා වෙච්ච සමහර භාවනා වලට පෙර තිබු නම ම යොද ගත්තා කියන එක කවුරුත් දන්න දෙයක් නේ. ඒක මේ ඔයා විතරක් දන්න මැජික් එකක් නෙවෙයි. බුදුන් ධර්මය දේශනා කලේ පෘතග්ජනයාට සහ රහත් නොවු පුද්ගලයන්ට. ඔය කියන "ලෝකෝත්තර අර්තේ " කවුද හොයා ගත්තේ? කොහොමද බුදුන් දේශනා කරපු දර්මයේ අර්තය වැහුනේ? අර්තය නැවත මතු කරගත්තේ මේ ලෝකෙම ඉන්න බෞද්ධ හාමුදුරුවරුන්ගෙන් වහරක හාමුදුරුවෝද?

    ධර්මය පෙනී පෙනී තියෙද්දී එකේ උප්පැන්න සහතිකේ කොහෙද, හාමුදුරුවො ඒක දැනගත්තේ කොහොමද, ඒ හාමුදුරුවොම ඒක දැනගත්තේ ඇයි කියන රටේ නැති බයිලා හොයනවා. තමුන්ගේ නැණ පමණට වැටහෙනවනන් ගන්නයි වැටහෙන්නේ නැත්තන් ප්‍රතික්ෂේප කරන්නයි කියන එකවත් කරන්න දන්නේ නෑ LOL
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ධර්මය පෙනී පෙනී තියෙද්දී එකේ උප්පැන්න සහතිකේ කොහෙද, හාමුදුරුවො ඒක දැනගත්තේ කොහොමද, ඒ හාමුදුරුවොම ඒක දැනගත්තේ ඇයි කියන රටේ නැති බයිලා හොයනවා. තමුන්ගේ නැණ පමණට වැටහෙනවනන් ගන්නයි වැටහෙන්නේ නැත්තන් ප්‍රතික්ෂේප කරන්නයි කියන එකවත් කරන්න දන්නේ නෑ LOL

    මේක පබ්ලික් ෆොරම් එකක්. පබ්ලික් ෆෝරම් වල පෝස්ට් දාන්නේ ඩිස්කස් කරන්න, සංවාද කරන්න. එහෙයියෝ වගේ කවුරුහරි දාපු පොස්ට් එකක් දොහොත් මුදුන් දී ලා පිලිගන්න නෙවෙයි. එහෙම පල් මෝඩයොත් ඉන්න බව නම් දැන් මට පැහදිලියි. ලක්ෂගානක් බෞද්ධ හාමුදුරුවරු හිටියා, ඉන්නව, ඒ අතරින් කිසිවෙක් ඔය කියන වහරක සහ අභය කියනකම් බුදුන් දෙසූ ධර්මය අතුරුදහන් වෙලා කියලවත්, අතුරු දහන් වෙච්ච එකක් හොයාගත්තේ වත් නෑ. එහෙම නම් සාධාරණ සැකයක් එනවා වහරකට, අභයටතියෙන අමුතු ඥානය මොකද්ද කියලා! ඒවගේ ප්‍රශ්න කරන එකට කියන්නේ කොමන් සෙන්ස් කියලායි. කවුරු හරි ලක්ෂගානක් උගත් ධර්මදර භික්ෂුන් අතරින් අමුතු යමක් කියන කොට සැක කර ප්‍රශ්නකිරීමට කියන්නේ ප්‍රැග්මැටික් කියායි. දැනටමත් ඔය කියන හාමුදුරුවරු දෙන්නගේ විශ්වසනීය බව මේ ෆෝරම් එකෙත් ඉන් පිටත් ප්‍රශ්න කරලා තියෙන්නේ. පුද්ගලිකව මේ දක්වා මට නම් තියෙන කරුණු අනුව වහරක සහ අභය කියන දෙන්නම පොඩි ජෝක් එකක්. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න කරනකොට ඔබට අමුතු රිදිල්ලක් එනව නම් මේකට එන්න එපා. මට ඔබේ උපදෙස් අවශ්‍යනම් මම ඉල්ලන්නම්, පැනල දෙන්ඩ එපා.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ වහරක කියන පිළිකාව ලංකාවෙබුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ දරන අන්‍යාගමික වයිරසයක්. පිරිසිදු බුදු දහම කියලා වැරදි අර්ථ කතන දිලා නිවන් සොයන බෞද්ධයන්ව අවුලෙන් වියවුලට පත් කරනවා. ඔය වලස්මුල්ලෙ අභය කියන චීවර ධාරියා ක්‍රිස්තියානි ආගමේ ඉදන් සිවුරු දාගෙන වෙනත් උවමනාවක් ඉටු කරනව කියන එක මගෙ හැගිමයි.. ගැඹුරු දහම් කරුණු වලට ත්‍රිපිටකෙ පෙන්නලා හරිම ලාමක බොළද තේරුමක් කියනවා..ඉතින් මිනිස්සු හිතෙන්නෙ තේරුනා කියලා.
    මේ ත්‍රෙඩ් එක දැක්කමත් වලස්මුල්ල්ලෙ අභයගෙ අනුගාමිකය්යො ගොඩක් අය පටලගෙන කියලා පැහැදිලිව පේනවා.

    එදා ඉදන් භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන සම්ප්‍රදාය, භාවනාක්‍රම වැරදි වලස්මුල්ලෙ අභය චීවරධාරියා තමා හරි කියලා අනුගාමිකයන්ගෙ මොලයට කිදා බැහල තියෙනවා.. ඒ මතේම හිටියොත් නම් නිරය නියතයි..
    ඔය අභයගෙ නිර- අපේක්ෂයක්ත්වගේ නමත් නියමෙටම ගැලපෙනවා. :)
    සර්පයා ඔලුවෙන් අල්ලගන්නෙ නැතුව වලිගෙන් අල්ල ගත්තම දෂ්ඨ කරනවා වගෙ වැරදි කෙනෙක් ගුරු තැනේ තියාගෙන සේරම අවුල් කරගෙන.

    මේ වගෙ අලුත් රැඩිකල් බණ වලට මුලා වෙලා ධර්මය දන්නවා කියලා ඔලුව උදුම්මගෙන බුදුන්ටත් මෑත කාලිනව නිවන් දැකපු උතුම් තෙරුන් වහන්සේලාටත් ගරහලා
    අපාය ගාමි වෙන්නෙ නැතුව තෙරුවන් සමා කරගෙන හරි ස්වාමින් වහන්සෙ කෙනෙක්ගෙන් ධර්මය හදාරන්න.

    වහරක, වලස්මුල්ලෙ අභය, මීවනපලානෙ, සිරි සමන්තබද්‍ර , අරිය අසංකතය, හදපාන්ගොඩ නිවාතාප, ඔය කොයිකත් සද්ධර්මය නැමැති කිරි කලේට වැටිච්ච ගොම බිදු.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේක පබ්ලික් ෆොරම් එකක්. පබ්ලික් ෆෝරම් වල පෝස්ට් දාන්නේ ඩිස්කස් කරන්න, සංවාද කරන්න. එහෙයියෝ වගේ කවුරුහරි දාපු පොස්ට් එකක් දොහොත් මුදුන් දී ලා පිලිගන්න නෙවෙයි. එහෙම පල් මෝඩයොත් ඉන්න බව නම් දැන් මට පැහදිලියි. ලක්ෂගානක් බෞද්ධ හාමුදුරුවරු හිටියා, ඉන්නව, ඒ අතරින් කිසිවෙක් ඔය කියන වහරක සහ අභය කියනකම් බුදුන් දෙසූ ධර්මය අතුරුදහන් වෙලා කියලවත්, අතුරු දහන් වෙච්ච එකක් හොයාගත්තේ වත් නෑ. එහෙම නම් සාධාරණ සැකයක් එනවා වහරකට, අභයටතියෙන අමුතු ඥානය මොකද්ද කියලා! ඒවගේ ප්‍රශ්න කරන එකට කියන්නේ කොමන් සෙන්ස් කියලායි. කවුරු හරි ලක්ෂගානක් උගත් ධර්මදර භික්ෂුන් අතරින් අමුතු යමක් කියන කොට සැක කර ප්‍රශ්නකිරීමට කියන්නේ ප්‍රැග්මැටික් කියායි. දැනටමත් ඔය කියන හාමුදුරුවරු දෙන්නගේ විශ්වසනීය බව මේ ෆෝරම් එකෙත් ඉන් පිටත් ප්‍රශ්න කරලා තියෙන්නේ. පුද්ගලිකව මේ දක්වා මට නම් තියෙන කරුණු අනුව වහරක සහ අභය කියන දෙන්නම පොඩි ජෝක් එකක්. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න කරනකොට ඔබට අමුතු රිදිල්ලක් එනව නම් මේකට එන්න එපා. මට ඔබේ උපදෙස් අවශ්‍යනම් මම ඉල්ලන්නම්, පැනල දෙන්ඩ එපා.

    දැන් උබමනේ කිව්වේ මේක පබ්ලික් ෆෝරම් එකක් කියල. එහෙමනං මොනවද යකෝ පැනල දෙන්න එපා කියන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් උබට. මගේ රිදිල්ල කෙසේ වෙතත් උබට නං වහරක හාමුදුරුවොයි අභය හාමුදුරුවොයි ගැන මොකක් හරි රිදිල්ලක් තියෙනවා කියල පේනවා. අපිට ලොකු කියන ධර්මය මිසක් කියන පුද්ගලයා නෙමෙයි. ධර්මය හිතට වැටහෙන නිසා, එකෙන් හිත නිවෙන නිසා ඒ මාර්ගේ යනවා. කියල දෙන කෙනාට ගරු කරනවා. Anyway තොපි වගේ එවුන්ට නිවන් දක්වන්න අපිට කොහෙත්ම උවමනාවක් නෑ. තමුන්ගේ නැණ පමණට තේරෙනවනන් ගන්න නැත්තන් ප්‍රතික්ෂේප කරන්න කියන එකවත් තේරෙන්නේ නැති පකයෙක්. ජෝක් එකක් නං හොදට හිනා වේවි හිටපන්. එහෙම යනකොට නිවන් දකියි. BTW, Thanks for teaching me about common sense and how to become pragmatic. Lol. උබල වගේ ඔලුවේ ගූ ගොඩවල් පුරවා ගත්තු එවුන්ට කොහොමත් නිවන ගොඩක් දුරයි. නිවන තියෙන්නේ තොපි හිතාගෙන ඉන්න සම්මත frame එක ඇතුලේ නෙමෙයි. එකෙන් එහා දකින්න පින තියෙන්න ඕනේ. නැත්තන් මේ ලෝකේ PHD ගහල ඉන්න එවුන් තමයි මුලින්ම නිවන් දකින්න ඕනේ. මොකද ගොඩක් උගත්නේ.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉතිං ඔය වචන උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව පාලි වලින් තියන එක බලපන්කෝ ඇස් ඇරලා

    බුද්ධ ශාසනයේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි. "කායේ කායානුපස්සනා"

    කායේ කායානුපස්සනා කිව්වම කාය 2ක් තියනවා. මොකක්ද මේ කාය 2?

    විපාක කය+ ආශ්වාද කය
    (පංචස්කන්ධ කය + පංච උපාධානස්කන්ධ කය)

    අපි නිරෝධ කරන්න ඕනේ විපාක කය ආශ්වාදයට යොදවලා හදාගත්ත ඔය "දෙවෙනි කය" යි

    රහතන්වහන්සේ පිණ්ඩපාතයේ යන්නේ විපාක කය පවත්වගන්න
    අපි චයිනීස් රෙස්ටූරන්ට් එකකට ගිහින් "දෙන්නම් අද බඩ පැලෙන්න" කියලා යන්නේ "ආශ්වාද කයයි, විපාක කයයි දෙකම" පවත්වාගන්නයි

    පුදුම පැහැදිලි කිරීමක් නෙ ඒක..:frown:
    කයේ කායනුපස්සනා කියන එකෙන් අදහස් කරන්නෙ කය ගැන කය අනුව ගිය සිහියෙන් බලනවා කියන එකයි. සරලයි.
    ආනාපානසති කලත්, ඉදගත්තත් ,හිටගත්තත්, අතක් පයක් සෙලෙව්වත් ඒ ගැන සිහියෙන් කරනවා කියන එකයි.:)
    ඔය විපාක කය වල් ආශ්වාද කයවල් ගැන නෙමේ මෙතන කියන්නෙ, තමන්ගෙ ශරීරය හෙවත් රූපකය පිලිබදව.

    රහතන් වහන්සේ ගැන කියලා නෑ මෙතන. අමතක කරන්න එපා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ කුරු රට කම්මාසධම්ම නියම් ගමේ මිනිස්සුන්ට..

    මේක තමා කියන්නේ පාලි ඉගෙන ගත්තු හොද හාමුදුරුවරු ලියපු සිංහල ග්‍රන්ථ පරිහරණය කරන්න කියලා. අර්ථය හරියට තේරෙන විදියට වටහා ගැනීමයි වැදගත්.
    පටලවන්න එපා.:):)
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    පුදුම පැහැදිලි කිරීමක් නෙ ඒක..:frown:
    කයේ කායනුපස්සනා කියන එකෙන් අදහස් කරන්නෙ කය ගැන කය අනුව ගිය සිහියෙන් බලනවා කියන එකයි. සරලයි.
    ආනාපානසති කලත්, ඉදගත්තත් ,හිටගත්තත්, අතක් පයක් සෙලෙව්වත් ඒ ගැන සිහියෙන් කරනවා කියන එකයි.:)
    ඔය විපාක කය වල් ආශ්වාද කයවල් ගැන නෙමේ මෙතන කියන්නෙ, තමන්ගෙ ශරීරය හෙවත් රූපකය පිලිබදව.
    රහතන් වහන්සේ ගැන කියලා නෑ මෙතන. අමතක කරන්න එපා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ කුරු රට කම්මාසධම්ම නියම් ගමේ මිනිස්සුන්ට..

    මේක තමා කියන්නේ පාලි ඉගෙන ගත්තු හොද හාමුදුරුවරු ලියපු සිංහල ග්‍රන්ථ පරිහරණය කරන්න කියලා. අර්ථය හරියට තේරෙන විදියට වටහා ගැනීමයි වැදගත්.
    පටලවන්න එපා.:):)

    මේකටත් අර කලින් එකා වගේ මගෙන් ඇහුවේ නෑ කියයි ද දන්නේ නෑ. එත් කමක් නෑ. ඔය ඔක්කොම රට පැටලෙන දේවල් පැත්තකින් තියල, මාර්ග පල ලබන එකත් පැත්තකින් තියල ඉස්සෙල්ලම නිවෙනවා කියන්නේ මොකද්ද කියල හොයල බලල පැහැදිලි අවබෝදයකට එන්න. එතකොට යන්න ඕන මාර්ගෙ මොකද්ද කියල අවබෝද වෙයි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක පබ්ලික් ෆොරම් එකක්. පබ්ලික් ෆෝරම් වල පෝස්ට් දාන්නේ ඩිස්කස් කරන්න, සංවාද කරන්න. එහෙයියෝ වගේ කවුරුහරි දාපු පොස්ට් එකක් දොහොත් මුදුන් දී ලා පිලිගන්න නෙවෙයි. එහෙම පල් මෝඩයොත් ඉන්න බව නම් දැන් මට පැහදිලියි. ලක්ෂගානක් බෞද්ධ හාමුදුරුවරු හිටියා, ඉන්නව, ඒ අතරින් කිසිවෙක් ඔය කියන වහරක සහ අභය කියනකම් බුදුන් දෙසූ ධර්මය අතුරුදහන් වෙලා කියලවත්, අතුරු දහන් වෙච්ච එකක් හොයාගත්තේ වත් නෑ. එහෙම නම් සාධාරණ සැකයක් එනවා වහරකට, අභයටතියෙන අමුතු ඥානය මොකද්ද කියලා! ඒවගේ ප්‍රශ්න කරන එකට කියන්නේ කොමන් සෙන්ස් කියලායි. කවුරු හරි ලක්ෂගානක් උගත් ධර්මදර භික්ෂුන් අතරින් අමුතු යමක් කියන කොට සැක කර ප්‍රශ්නකිරීමට කියන්නේ ප්‍රැග්මැටික් කියායි. දැනටමත් ඔය කියන හාමුදුරුවරු දෙන්නගේ විශ්වසනීය බව මේ ෆෝරම් එකෙත් ඉන් පිටත් ප්‍රශ්න කරලා තියෙන්නේ. පුද්ගලිකව මේ දක්වා මට නම් තියෙන කරුණු අනුව වහරක සහ අභය කියන දෙන්නම පොඩි ජෝක් එකක්. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න කරනකොට ඔබට අමුතු රිදිල්ලක් එනව නම් මේකට එන්න එපා. මට ඔබේ උපදෙස් අවශ්‍යනම් මම ඉල්ලන්නම්, පැනල දෙන්ඩ එපා.

    දැන් ඔබතුමා කියන විදියට දෙයක් ලක්ෂ ගානක් කිව්වොත් ඒ දෙය හරිද? මෙහෙම ගත්තොත් මහත්තය අපිට ජිහාඩ් කියන එකත් ඇත්ත කියල අරගන්න වෙනව, ඇයි ලක්ෂ ගානක් කියනවනෙ ඒක ඇත්ත කියලා. නමුත් අපි එහෙමද දෙයක් හරිද වැරදිද කියල ගන්න ඕනි නැත්නම් යම් දෙයක් අපිට මේ ලෝකේ දරනවා කියල ප්‍රත්‍යක්ෂ උනහමද? අර හිපෝ මහත්තය නිතරම කියනව වගේ ඔබතුමා තථාගතයන් වහ්සේගේ කාලේ හිටියනම් කියයි.
    "අන්න ගෞතම කියනවලු සියල්ල කාර්ම විපාක නෙමෙයි කියල, එහෙම කොහොමද වෙන්නේ, ලක්ෂ ගානක් නිඝන්ටනාථපුත්ත අනුගාමිකයො කියනවනේ සියල්ල කාර්ම විපාක කියල"
    ඔබතුමාට සැකයක් එන එක සාධාරනයි නමුත් මම හිතන්නේ ඒ සැකය වෙන්න ඕනි කියන කෙනාට ඥානය තියනවද කියන එකට වඩා, ඒ කියන දේ මේ ලෝකේ දරනවද කියන එක. සමහරවිට ඔබතුමාට ඒක ගෝචර කරගන්න බුද්ධියක් නැතිවෙන්න පුළුවන්, එහෙම නම් ඔබතුමාට ඒක එක්ක ගැටෙන්න හෝ ඉවත දාන්න පුළුවන් නැත්නම් මේ ලෝකේ ඔබතුමාට නොතේරෙන දේවල් තියනවා කියල හිතල බුද්ධිය වැඩෙන යමක් කරන්න පුළුවන්. මේ දෙකටම ඔබතුමාට අයිතිය තියනවනෙ.:)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදු හාමුදුරුවෝ ඒ භාවිතා වෙච්ච සමහර භාවනා වලට පෙර තිබු නම ම යොද ගත්තා කියන එක කවුරුත් දන්න දෙයක් නේ. ඒක මේ ඔයා විතරක් දන්න මැජික් එකක් නෙවෙයි. බුදුන් ධර්මය දේශනා කලේ පෘතග්ජනයාට සහ රහත් නොවු පුද්ගලයන්ට. ඔය කියන "ලෝකෝත්තර අර්තේ " කවුද හොයා ගත්තේ? කොහොමද බුදුන් දේශනා කරපු දර්මයේ අර්තය වැහුනේ? අර්තය නැවත මතු කරගත්තේ මේ ලෝකෙම ඉන්න බෞද්ධ හාමුදුරුවරුන්ගෙන් වහරක හාමුදුරුවෝද?

    1956 කරපු පණ්ඩිත කම හින්දන්නේ ලෝකෝත්තර අර්ථය වැහුනේ. හැබැයි මේ පණ්ඩිත කම හින්ද හොඳකුත් උනා, ඒ තමයි බොහොමයක් පාලි ගැන හසල දැනුමක් නැති අයට ත්‍රිපිටකය කියවන්න ලැබිච්ච එක. ඉතිං, යම් පාරමිතාවක් තියන මොලයක්, බුද්ධියක් තියෙන කෙනෙක් මේක කියවන කොට පරිවර්තනයේ තියෙන පරස් පර අහුවෙන එක සාමන්‍ය දෙයක්. කව්රුවත්, කොහෙවත් කියල නැහැ පාලි පෙළ දහමේ මෙහෙම වැරදි අර්ථ හෝ පරස්පර තියනව කියල. අනික කව්රුවත් කොහෙවත් කියල නැහැ මේක වහරක ස්වාමින් වහන්සේට විතරක් හමුවෙච්ච දෙයක් කියල, තව නැණවත් ස්වාමින් වහහ්සේල ඇති මේ දෙය හොයාගත්ත.
     
    :lol::lol::lol:
    කාටද මේ ගරහන්නේ ඉතින්. අභය කිව්වා කියලා එතුම විදියටම කියන්න යන්න එපා.. ඒ කාලේ තමා හොදම ධර්ම ග්‍රන්ථ එලි දැක්වුනේ...වහරකට අහුවුනා කියන්නෙ ඉතින් සංසාරෙම අදුරේ කියන එකයි. ඔය අලුතෙන් හොයාගත්තා, සැගවුනු දහම එලි වුනා කියලා තමා ප්‍රසිද්ධ වෙන්න බැලුවෙ, එතනත් මානය.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේකටත් අර කලින් එකා වගේ මගෙන් ඇහුවේ නෑ කියයි ද දන්නේ නෑ. එත් කමක් නෑ. ඔය ඔක්කොම රට පැටලෙන දේවල් පැත්තකින් තියල, මාර්ග පල ලබන එකත් පැත්තකින් තියල ඉස්සෙල්ලම නිවෙනවා කියන්නේ මොකද්ද කියල හොයල බලල පැහැදිලි අවබෝදයකට එන්න. එතකොට යන්න ඕන මාර්ගෙ මොකද්ද කියල අවබෝද වෙයි.

    ඒව හොයල බලලා පැහැදිලි අවබෝධයක් තියෙන නිසා තමා වහරක-වලස්මුල්ලෙ අභය කියන අමුම අමු අතේ පැලවෙන බොරු කියන මිත්‍යාවට අහු නොවුනේ..
    :):):)