පැහැදිලියි මහත්මයා. බොහොම ස්තුතියි. හැබැයි ඔය කොටසේම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උන් වහන්සේ ආනාපානසති සමාදියෙන් මාස තුනක් වැඩ සිටිය කියල. බුදුපියාණන් වහන්සේට නැවත චන්ද රාගය දුරු කිරීමක් අවශ්‍ය නැහැනේ. එතකොට ඒ ප්‍රකාශයේ තේරුම මොකද්ද වෙන්න ඕනේ?
තථාගතයන් වහන්සේ ආනාපානසති සමාධියෙන් සිටියා මිසක් ආනාපානසතිය වැඩුවා කියල නැහැ මහත්තය. සමාධියෙන් ඉන්නවා කියන්නේ විපාකයෙන් ඉන්නවා කියන එක. මේ ආකාරයටම තමයි රහතන්වහන්සේලා 1,2,3,4 දැහැන් වලට සමවදින්නේත්. උන්වහසේලා සමාධි ගතවෙන්නේ විපාක වශයෙන්. නැතනම් පළමු දැහැනේ අර්ථකථනය අනුව රාගයෙන් මිදිලානෙ පළමු දැහැනට සමවදින්නේ. නමුත් රහතන් වහන්සේට රාගය නැහැනේ.
