නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24606453 said:
    යාලු.. කොහොමද බන් ඔච්චර බොරු කියන්නේ?
    ධර්මය සොයන පෙර පින අයට නියම ධර්මය හම්බවෙනවා.
    මේකෙ 122 බණ අහපන්.. ආශ්වාදය ,ආදිනවය,නිස්සරණය ගැන 1997 කියපු බණක්..
    ඔය වලස්මුල්ලේ අභයගෙ මුලාව අත ඇරලා ඇත්තටම ධර්ම මාර්ගයෙ යන්න ඕනෙනම් ඒකත් කියපන්. උදව් කරන්න පුලුවන්.:)

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    ඔබ කියපු දේශනාව මම ඇහුවා. තව කෙනෙකුට අහන්න ඕනේ නම් මේ ලින්ක් එකේ තියනවා
    https://drive.google.com/file/d/1LTOGu_SxfFfWjOVB_BQ1J-okLaOTrXex/view

    අනිච්චයි, අනත්තයි වරවා ගත්තේ නැත්නම් හොඳ දේශනාවක්. අනිච්ච කියන්නේ ස්ථිර නැති කතා කියන නිසා දේශනාවේ වටිනාකම අඩු වෙලා...

    ඒක නෙවෙයි, හොඳම ටික තියෙන්නේ මේ දේශනාවේ 27:57 ඉඳන් 28:55 වෙනකම් ටිකේ. ඒ ටිකේ කියනවා මෙහෙම

    "බුද්ධ දේශනාවේ මතුපිටින් පෙනන අර්ථයයි, ගැඹුරු අර්ථයයි කියලා 2ක් තියනවා. ඒක තෙරුම් ගත යුතුයි. බුදුරජානවහන්සේගේ ධර්මයේ තියන ගාම්භීරත්වය ඒකයි .

    (පාලි පාඨයක් කියයි. එහි තේරුම නම්)

    *මතුපිටින් පෙනන අර්ථයක් තියනවා
    *පමුණුවාගත යුතු අර්ථයක් තියනවා
    *මතුපිට අර්ථය පාධක කරලා ගත යුතු තවත් අර්ථයක් තියනවා

    අත්ථ පටිසම්භිධා ඇති අයෙකුට ඒවා දැනගන්න පුළුවන්

    නොදන්න කෙනෙක් මතුපිට අර්ථයට එල්බගන්නවා, එල්බගන ඒකම හරි කියලා කටයුතු කරනවා
    "

    ගැඹුරු අර්ථ නොදන්නා කෙනෙක් මතුපිට අර්ථය අල්ලගන ඒකම හරි කියලා කටයුතු කරනවා කිව්වේ පෝරිසාදයා, Harvard-Bio, ex-muslim Ahmed ගැනයි :yes::yes::yes:

    මෙන්න මේ තෙඩ් දෙකේ ලෝකෝත්තර ගැඹුරු අර්ථ ගැන කියලා තියනවා. තේරුම් ගන්න උත්සාහ කරපල්ලා

    8.0 ත්‍රිපිටකයේ වැසී තිබෙන ලෝකෝත්තර අර්ථ
    නිවන්_මඟ_මෙන්න-(14/20)
    නිවන්_මඟ_මෙන්න-(15/20)
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24606550 said:
    No.122 අහපන්.. මගෙ රිප්ලයි එකෙ දේශනා අංකය දාල තියෙනවා .

    පෝරිසාදයා මහත්තයා මම මේ ස්වාමින් වහන්සේගේ 122වෙනි දේශනාව ඇහුව, මට හිතාගන්න බැරි ඇයි ඔබතුමා මේ වගේ බණක් අහලත් තවම පද පරම සෙට් එකේ ඉන්නේ කියල. අනිත්‍ය ගැන කියනව තමයි නමුත් මමනම් හිතන්නේ ඒ උන්වහන්සේට ඒ කලේ හැටියට වෙන විකල්පයක් නැති නිසා (මම වැරදි වෙන්න පුළුවන්). මොකද පද පරම set එකෙන් බේරෙන්නන්ත් ඕනිනේ. මම දන්නේ නෑ මේ ස්වාමින් වහන්සේගේ අනිත් දේශනා කොහොමද කියල නමුත් බලන්න;

    • උන්වහන්සේ පැහැදිලිව කියනවා පංචස්කන්ධය මත අපි අතින් දාල ගොඩනගාගන්න ආශ්වාදය හෙවත් පංචඋපාදානස්කන්ධය ගැන.
    • උන්වහන්සේ පැහැදිලව කියනවා එහි අනත්ත හෙවත් අසාර ස්වභාවය (අසාර කියන වචනයෙන්ම).
    • උන්වහන්සේ තවදුරටත් කියනවා යමක් දැකීම, දැනීම, ඇසීම අපි හැම විටම කරන්නේ අවිද්‍යාවෙන් නොවෙයි කියල
    හරිම සතුටයි ඒ කාලෙත් මේ බණ කියපු ස්වාමින් වහස්න්සේ කෙනෙක් සිටීම ගැන. අනේ මේ ස්වාමින් වහසේට නම් දැන් මඩ ගහන්න හදන්න එපා. ඔබතුමා මේකවත් අහලා තේරුම් ගන්න. අර කාල සිටු පුත්‍රයට අදහස වැටහේවා, වචන අමතක වේවා කිව්වා වගේ ඔබතුමා අනිත්‍ය, දුක්ඛ, අනාත්මම ඕනි නම් ගන්න නමුත් අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරඛට්ඨෙන යන අර්ථයෙන්.

    TFS
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    කරුණාකරලා ඔබ ඔය කියන කොටස උපුටා දක්වන්න පුළුවන්ද?

    උපුටා දක්වන්න දෙයක් නෑ, පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න, ඔබ පෙන්වපු අනිච්ච් සුත්‍රයේ විස්තරය අනුව බලන්න. ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥානය දුකයි. මේටික ගන්න. රූපය දුකයි නම් අම්මා දැක්කත් දුකයි, තේ කෝප්පෙ දැක්කත් දුකයි, ගැඩවිලා දැක්කත් දුකයි, තරහකාරයා දැක්කත් දුකයි නේද?

    o9Tj86w.jpg

    :lol::lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලොල්! වලක් කපාගෙන ගිහිල්ලා ගොඩට ආව විතරයි ගැහුවා පයින්! ඌ ඌම කපපු වලේ පතුලේ! පව් බං හිපෝලටත් නින්දාවක්!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උපුටා දක්වන්න දෙයක් නෑ, පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න, ඔබ පෙන්වපු අනිච්ච් සුත්‍රයේ විස්තරය අනුව බලන්න. ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥානය දුකයි. මේටික ගන්න. රූපය දුකයි නම් අම්මා දැක්කත් දුකයි, තේ කෝප්පෙ දැක්කත් දුකයි, ගැඩවිලා දැක්කත් දුකයි, තරහකාරයා දැක්කත් දුකයි නේද?

    :lol::lol::lol:

    දුක්ඛ සූත්‍ර 12ක් තියනවා මේ වගේ ත්‍රිපිටකයේ.
    ඒකයි ඇහුවේ ඒ කොටස උපුටාදක්වන්න කියලා

    ඔබ අහන දේ තේරුණා. ඔබේ තර්කය හරිම ප්‍රාථමිකයි. ඒකට වෙනම පිළිතුරක් දෙන්නම්

    Eu9Jlgx.jpg
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    දුක්ඛ සූත්‍ර 12ක් තියනවා මේ වගේ ත්‍රිපිටකයේ.
    ඒකයි ඇහුවේ ඒ කොටස උපුටාදක්වන්න කියලා
    ඔබගේ තර්කය හරිම ප්‍රාථමිකයි. ඒකට වෙනම පිළිතුරක් දෙන්නම්

    බොරුවට රඟපාන්න දෙයක් නෑනේ. මෙච්චරවෙලා කතා කලේ මොන දුක්ඛ සුත්‍රය ගැනද කියලා ඔබත් දන්නවා මමත් දන්නව. ඔය දාල තියෙන්නේ ඔබ දාපු ස්ක්‍රීන් ශොට් එකක්, එහෙම දාල තියෙද්දිත් දුක්ඛ සුත්‍ර ගොඩාක් ගැන කතා කරන්න දෙය්ක් නෑනෙ

    උපුටා දක්වන්න දෙයක් නෑ, පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න, ඔබ පෙන්වපු අනිච්ච් සුත්‍රයේ විස්තරය අනුව බලන්න. ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥානය දුකයි. මේටික ගන්න. රූපය දුකයි නම් අම්මා දැක්කත් දුකයි, තේ කෝප්පෙ දැක්කත් දුකයි, ගැඩවිලා දැක්කත් දුකයි, තරහකාරයා දැක්කත් දුකයි නේද?

    o9Tj86w.jpg

    :lol::lol::lol:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    මහතයෝ ඔබතුමා එක වෙලාවක කියනවා

    ඊළඟට කියනවා

    එතකොට දිග සුසුම්,කෙටි සුසුම් දැනෙන්නේ සුශුම්නාවටද? මහත්තයෝ මේ වගේ ගොං කතා කියල මේ උතුම් ධර්මය හෑල්ලුවට ලක්කරන්න එපා. ඔබතුමා දිග සුසුම්,කෙටි සුසුම් යනුවෙන් අදහස් කලේ හුළං නැතුව වෙන දෙයක් නම් ඒ ගැන පැහැදිලිව කියන්න. මට නම් පෙනේනේ ඔබතුමා සැරියුත් මහ රහතන් වහන්සේගේ අස්සාස සුත්‍රය සම්පුර්ණයෙන් බැහැර කරල කයනුපස්සනාවේ තියෙන්නේ හුළං ඉහල පහල අදින එක කියල අරගෙන. මමත් ඉස්සර කිව්වේ ඔය ඔබ තුමා කියන ටිකම තමයි නමුත් ඔබතුමාට කයනුපස්සනාවේ අස්සාසය, පස්සාසය හරියට තේරුනොත් ඇඟේ මයිල් කෙලින් වෙයි. ඔබ තුමා නිකන් හිතල බලන්න, අනාපාන සතිය හතරවන දැහැනෙන් උඩ අරූප දැහැන් වලටත් පනවනවා, නමුත් අරූප දැහැන් වල සියලු චිත්ත වීථි මනොද්වරිකයි (පංචෙන්ද්‍රිය off), මෙහෙම ඉන්නකොට කොහොමද ඔබතුමා කියන භාවනාව කරන්නේ?
    අනික මහත්තයෝ මේක අපි දෙන්නගේ අහිත පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඔබ තුමාට කැමති දේ දරාගෙන ඉන්න ඔබතුමාට අයිතියක් තියනවා. මම කරන්නේ මේ මාර්ග දෙකම අධ්‍යයනය කල කෙනෙක් හැටියට මගේ අදහස ප්‍රකාශ කිරීම විතරයි. ඔබතුමා ඔය කරගෙන යන දෙය කරගෙන යන්න නමුත් පුලුවන්නම් ටිකක් ගැඹුරට හිතන්න. ඔබතුමාට ලෞකික හෝ දැහනක් තියනවා නම් එකේ සමාපත්තියට ගිහිල්ලා මේ ගැන සවිස්තරව විදර්ශනා කරන්න.

    අයෙත් කියවන්න

    කමෙන්ට් එකක් කියවද්දී හිතේ තියන දේ නැතුව ලියපු දේ කියවන්න,තමුන්ට ඔනේ උත්තරේ ඒක තුල ගන්න ගිහින් ටැපලිලා ඉන්නේ
    :yes:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බොරුවට රඟපාන්න දෙයක් නෑනේ. මෙච්චරවෙලා කතා කලේ මොන දුක්ඛ සුත්‍රය ගැනද කියලා ඔබත් දන්නවා මමත් දන්නව. ඔය දාල තියෙන්නේ ඔබ දාපු ස්ක්‍රීන් ශොට් එකක්, එහෙම දාල තියෙද්දිත් දුක්ඛ සුත්‍ර ගොඩාක් ගැන කතා කරන්න දෙය්ක් නෑනෙ

    උපුටා දක්වන්න දෙයක් නෑ, පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න, ඔබ පෙන්වපු අනිච්ච් සුත්‍රයේ විස්තරය අනුව බලන්න. ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥානය දුකයි. මේටික ගන්න. රූපය දුකයි නම් අම්මා දැක්කත් දුකයි, තේ කෝප්පෙ දැක්කත් දුකයි, ගැඩවිලා දැක්කත් දුකයි, තරහකාරයා දැක්කත් දුකයි නේද?
    [/IMG]

    :lol::lol::lol:

    ඔබගේ තර්කය හරිම ලාමකයි කිව්වේ මෙන්න මේ නිසයි

    රූපයක් නිසා දුක සතුට ඇති වෙන හැටි තියන පහත තියන පාලි වල තියන දේයි, පරිවර්තනයයි බලන්න.

    පාලි වල "පටිච්ච", "පච්චයා" කියන වචන 2ටම සිංහල පරිවර්තනය "නිසා" කියලා දාලා තියෙන්නේ. ඒක පරිවර්තන දෝෂයක්
    නිල් පාටින් තියෙන්නේ "පටිච්ච"
    රතු පාටින් තියෙන්නේ "පච්චයා"

    1) "පච්චයා" කියන්නේ මොකක්ද බලමු

    පටිච්චසමුප්පාද චක්‍රයේ හැමතැනම තියනව පච්චයා, පච්චයා කියලා
    අවිද්‍යා -> පච්චයා -> සංඛාරා ඔය වගේ

    මොකක්ද මේ පච්චයා කියන්නේ ? "ප්‍රත්‍ය වෙනවා" කියන එකයි

    කොහොමද ප්‍රත්‍ය වෙන්නේ?
    අභිධර්මපිටකයේ පට්ටානප්ප්‍රකරණයේ තියනවා ප්‍රත්‍ය වෙන ක්‍රම 24ක්
    • හේතු ප්‍රත්‍යය
    • ආරම්මන ප්‍රත්‍යය
    • සමනන්තර ප්‍රත්‍යය
    • අමඥ්ඥමමඥ්ඥ ප්‍රත්‍යය.... ඔය වගේ 24ක් තියනවා

    ඒවගෙන් දැනගතයුතුම එක තමයි "හේතු ප්‍රත්‍යය"

    අවිද්‍යා -> හේතු පච්චයා -> සංඛාරා

    මොනවද මේ හේතු? පට්ඨානප්‍රකරණයට අනුව හේතු 6යි

    ලෝභ, ද්වේෂ, මෝහ (අකුසල )
    අලෝභ, අද්වේෂ, අමෝහ (කුසල )

    ඔය කිව්ව කුසල අකුසල හේතු වල ඵල තමයි "කෙලෙස්" කියන්නේ

    "ප්‍රත්‍යයෙන්" කියන එකයි "නිසා" කියලා දාලා තියෙන්නේ

    2) "පටිච්ච" කියන්නේ මොකක්ද බලමු

    ත්‍රිපිටකයේ පාලි වල "පටිච්ච" කියලා තියන හැම තැනටම සිංහල පරිවර්තනයේ තියෙන්නේ "නිසා" කියලා

    රූපයක් නිසා කවදාවත් සතුටක්, සොම්නසක්, දුකක් උපදින්නේ නෑ. මොකද රූපයේ එහෙම එකක් නෑ.
    රූපයේ එහෙම එකක් තියනවා නම් දුක නැති කරන්න රූප නැති කරන්න වෙනවා.

    රහතන් වහන්සේටත් රූප පෙනන නිසා රූපයක් දැක්කම රහතන් වහන්සේටත් දුකක් එන්න ඕනේ රූපය නිසා සතුට, දුක එනවා නම්.
    ඔය සතුට හෝ දුක රූපයේ තියන එකක් නෙවෙයි.

    අපි ඒ රූපයට රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් තමයි පටිච්ච වෙන්නේ

    රාගයෙන් නම් පටිච්ච වුනේ ඒක රාග පටිච්චයක්
    ද්වේෂයෙන් නම් පටිච්ච වුණේ ඒක ද්වේෂ පටිච්චයක්

    ඔබ ලාමක තර්කයක් ගෙනාවේ සිංහල පරිවර්තනය විතරක්ම ඔලුව උඩ තියාගන ඉන්න නිසයි

    FxsiJZS.jpg

    ඉහත තිබෙන්නේ දුක ඇති වෙන හැටි වෙනත් දුක්ඛ සූත්‍රයක තිබෙන ආකාරයයි
    https://pitaka.lk/main/?n=24100

    ඔබ කියන දුක්ඛ සූත්‍රයේ පාලියෙන් නැති නිසා දුක ඇති වෙන අයුරු පැහැදිළි කිරීමට එම සූත්‍රය යොදාගන නෑ. එම සූත්‍රයේ පාලියෙන් තිබුනා නම් තියෙන්නෙත් ඔය විදිහටම තමා
    (පටිච්ච කියන වචනය පාලියෙන් තිබිලා, සිංහල පරිවර්තනයේ "නිසා" කියලා තියෙයි)

    මොකද දුක ඇති වෙන හැටි සූත්‍රයෙන් සූත්‍රයට වෙනස් වෙන්නේ නෑ
    ත්‍රිපිටකයේ කිසිම දෙයක් එකකට එකක් පරස්පර නෑ
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔබගේ තර්කය හරිම ලාමකයි කිව්වේ මෙන්න මේ නිසයි

    රූපයක් නිසා දුක සතුට ඇති වෙන හැටි .....blah blah yada yadaa[/B]

    මට පේන්නේ මහත්තයා මෙතන හොඳටම එරිලා ඉන්නේ. අනිත් එක මගෙ තර්කයක් දැම්මේ නැහැ. මේ කෙලින්ම බුදු බණ. දැන් පේනවනේ සබ්බං දුක්ඛං කියන එක ට 'සියල්ල" "අරකයි" මේකයි" ගෑවට අභයගේ මතය ඩිෆෙන්ඩ් කරන්න බැහැ කියලා. දුක ඇතිවෙන හැටිවත්, පටි-ඉච්ච වගේ පාලි නොදන්න අයගේ විසුලු කතා ගැන නොවෙයි මම ඇහුවේ! කෙලින් උත්තර දෙන්න හැංගෙන්නේ නැතුව ! ප්‍රාතමික තර්කයක් මෙතන නැහැ! ඔබට උත්තර දෙන්න බැරි වුනාම "ප්‍රාතමික' ගාන්න එපා! මම අහන්නේ බුදු බණ ගැන ඩිරෙක්ට් ප්‍රශ්නයක්! ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි. මේ දුක්ඛ සුත්‍රයේ තියෙන, විඩියෝ වේ පෙන්වන පැහැදිලි බුදු බණ!. අභය හාමුදුරුවන් වහන්සේගේ අන්-ඉච්ච තර්කයත් ඉවරයි! කවුරුහරි කියනවනම් දැන් ඉච්ච රූප විතරයි දුක කියා එය බුදු බණ ට විරුද්ධ ප්‍රකාශයක්!. බොරුවට වැල්වටරම් ලියන්න එපා. දැන් තේරෙනවාද විඩියෝ එකේ මතු කරන කරුන හරියටම හරි, ඔබයි මිත්‍යාදෘෂ්ටියේ ඉන්නේ කියා!:rofl::rofl::rofl:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අයෙත් කියවන්න

    කමෙන්ට් එකක් කියවද්දී හිතේ තියන දේ නැතුව ලියපු දේ කියවන්න,තමුන්ට ඔනේ උත්තරේ ඒක තුල ගන්න ගිහින් ටැපලිලා ඉන්නේ
    :yes:

    මහත්තයෝ ඔබතුමාගේ ගොං කතා වහන්න දැන් වැල් බයිලා ගහන්න එපා. ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරිනම් බෑ කියන්න කමක් නැහැ. මොකද අපි මෙතන ඉන්නේ ධර්මය සාකච්චා කරන්න මිසක් මිනුස්සුන්ව force කරන්න නෙමෙයිනෙ :)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මට පේන්නේ මහත්තයා මෙතන හොඳටම එරිලා ඉන්නේ. අනිත් එක මගෙ තර්කයක් දැම්මේ නැහැ. මේ කෙලින්ම බුදු බණ. දැන් පේනවනේ සබ්බං දුක්ඛං කියන එක ට 'සියල්ල" "අරකයි" මේකයි" ගෑවට අභයගේ මතය ඩිෆෙන්ඩ් කරන්න බැහැ කියලා. දුක ඇතිවෙන හැටිවත්, පටි-ඉච්ච වගේ පාලි නොදන්න අයගේ විසුලු කතා ගැන නොවෙයි මම ඇහුවේ! කෙලින් උත්තර දෙන්න හැංගෙන්නේ නැතුව ! ප්‍රාතමික තර්කයක් මෙතන නැහැ! ඔබට උත්තර දෙන්න බැරි වුනාම "ප්‍රාතමික' ගාන්න එපා! මම අහන්නේ බුදු බණ ගැන ඩිරෙක්ට් ප්‍රශ්නයක්! ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි. මේ දුක්ඛ සුත්‍රයේ තියෙන, විඩියෝ වේ පෙන්වන පැහැදිලි බුදු බණ!. අභය හාමුදුරුවන් වහන්සේගේ අන්-ඉච්ච තර්කයත් ඉවරයි! කවුරුහරි කියනවනම් දැන් ඉච්ච රූප විතරයි දුක කියා එය බුදු බණ ට විරුද්ධ ප්‍රකාශයක්!. බොරුවට වැල්වටරම් ලියන්න එපා. දැන් තේරෙනවාද විඩියෝ එකේ මතු කරන කරුන හරියටම හරි, ඔබයි මිත්‍යාදෘෂ්ටියේ ඉන්නේ කියා!:rofl::rofl::rofl:

    Hipapotemas මහත්තය, මේ ගොං මොළ වලට තවම එක වචනයකට අර්ථ දෙකක් තියෙන්න පුළුවන් කියල වටහගන්න බෑ ඉතිං වචන අල්ලාගෙන නටනවා (පද පරම කියන්නේ කට කහනවටය?) :lol::lol::lol:
    මෙහෙමවත් කියල බලමු:
    උදා:
    කන - බුදිනවා කියන අර්ථයෙන් සහ ඇසීමට භාවිතා කරන ඉන්ද්‍රිය අර්ථයෙන්
    ex-muslim Ahmed මහත්මයා පුන්නක්කු කන ශබ්ධය Harvard-බයෙන් මහත්තයාගේ කනට ඇහුනා

    මෙන්න මේ වගේ සබ්බ කියල සියල්ලටත් කියනවා, සියලු අභිසංකාර වලටත් කියනවා (ඒ කුමන සියල්ලක්ද කියල තියෙන්නේ ඒ ටික තමයි) යෙදෙන තැන අනුව අදහස ගන්න ඕනි. මේ වචන පැත්තක දාලා අදහස ගන්න මහත්වරුනි...
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට පේන්නේ මහත්තයා මෙතන හොඳටම එරිලා ඉන්නේ. අනිත් එක මගෙ තර්කයක් දැම්මේ නැහැ. මේ කෙලින්ම බුදු බණ. දැන් පේනවනේ සබ්බං දුක්ඛං කියන එක ට 'සියල්ල" "අරකයි" මේකයි" ගෑවට අභයගේ මතය ඩිෆෙන්ඩ් කරන්න බැහැ කියලා. දුක ඇතිවෙන හැටිවත්, පටි-ඉච්ච වගේ පාලි නොදන්න අයගේ විසුලු කතා ගැන නොවෙයි මම ඇහුවේ! කෙලින් උත්තර දෙන්න හැංගෙන්නේ නැතුව ! ප්‍රාතමික තර්කයක් මෙතන නැහැ! ඔබට උත්තර දෙන්න බැරි වුනාම "ප්‍රාතමික' ගාන්න එපා! මම අහන්නේ බුදු බණ ගැන ඩිරෙක්ට් ප්‍රශ්නයක්! ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි. මේ දුක්ඛ සුත්‍රයේ තියෙන, විඩියෝ වේ පෙන්වන පැහැදිලි බුදු බණ!. අභය හාමුදුරුවන් වහන්සේගේ අන්-ඉච්ච තර්කයත් ඉවරයි! කවුරුහරි කියනවනම් දැන් ඉච්ච රූප විතරයි දුක කියා එය බුදු බණ ට විරුද්ධ ප්‍රකාශයක්!. බොරුවට වැල්වටරම් ලියන්න එපා. දැන් තේරෙනවාද විඩියෝ එකේ මතු කරන කරුන හරියටම හරි, ඔබයි මිත්‍යාදෘෂ්ටියේ ඉන්නේ කියා!:rofl::rofl::rofl:

    හයියෝ... මෙච්චර කියලත් තේරෙන්නේ නැති හැටියක්. "රූප නිසා දුක එන්නේ නෑ". රූප වල දුක කියලා දෙයක් නෑ. දුක පටිච්චසමුප්පන්නව අපි තමයි හදාගන්නේ.

    මගේ උඩ දාපු කමෙන්ට් එක අනේ ඇස්දෙක ඇරලා කියවපන්කෝ. සිංහල පරිවර්තනයේ තමයි "රූප නිසා දුක එනවා" කියලා පටලවලා තියෙන්නේ. ඒක පරිවර්තන දෝෂයක්. පාලි වල තියෙන්නේ "රූපයකට පටිච්ච වුනාම" දුක එන්නේ කියලා

    පටිච්ච වුනේ රාගයෙන් නම් "සුඛං සෝමනස්සං". ඒකට තමයි කියන්නේ "ආශ්වාදය" කියලා. රූපයකට රාගයෙන් පටිච්ච වෙලා අපි ආශ්වාදයක් හදාගන තනියෙන් චූන් වුනාට හරියන්නේ නෑ. ඕකෙන් තමයි සසර ගෙනියන්නේ. ඔන්න ඔය ආශ්වාදය ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. ඒකට කියනවා අනිච්ච කියලා. ඔන්න ඒ ආශ්වාදය නැති වුනාට පස්සේ ඔබට දුක එනවා. ආශ්වාදය දුකක් නෙවෙයි, ආශ්වාදය විපරිනාම වෙන එකයි දුක. අනිච්ච වෙන එකයි දුක. දුක සමුදය වෙන්නේ ඔහොමයි.

    පටිච්ච සමුප්පාද චක්‍රයේ "වේදනා" කියන තැන තමයි ආශ්වාදය තියෙන්නේ.

    ද්වේෂයෙන් නම් පටිච්ච වුනේ ඒත් එහෙමයි. ද්වේෂයෙන් පටිච්ච වෙලත් අපි හොයන්නේ සැපයක් ම තමා. අපිට කවුරු හරි ගැහුවොත් අපිත් ආපිට ගහන්නේ ඒකයි. ආපහු ගැහුවම අපිට ඒක ආශ්වාදයක්. ආපහු ගහගන්න බැරි වුනා නම් අපි ඉන්නේ පිච්චි පිච්චි. ආපහු ගැහුවා නම් අපි හරි උජාරුවෙන් කියන්නේ "ආපහු දුන්නා ඌට දුවන්න" කියලා.

    පටිච්චසමුප්පාද චක්‍ර 10-12ක් විස්ට්ගර කරලා තියනවා "ප්ටච්චසමුප්පාදය යටතේ. ඔය හැම එකක්ම විස්තර කරලා තියනවා. කියවලා බලන්න

    ඔබගේ ප්‍රශ්ණයට ඕනෑවටත් වඩා පිළිතුරු දීලා තියනවා. තමන්ගේ ගොං තර්කය බිඳවැටිලා ඉවරයි. ආයේ ආයේ ඒකම අහන එකේ තේරුමක් නෑ... අලුත් ගොං තර්කයක් අවශ්‍යයි.

    වීඩියෝ එක හදපු එකා අමු ගොනෙක්. ඒකා ත්‍රිපිටකය පෙරලලා තියෙන්නේ වීඩියෝ හදන්න කරුණු හොයන්න විතරමයි. කොටින්ම "සබ්බං දුක්ඛං" ට පස්සේ තියන dot 3 ගැන වත් අවබෝධයක් තිබිලා නෑ. ඌ හිතලා තියෙන්නේ ඔය සූත්‍රයේ කියලා තියෙන්නේ වචන 3-4යි කියලා.

    උඹලා පඹ ගාලක පැටලිලා ඉන්නේ.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හයියෝ... මෙච්චර කියලත් තේරෙන්නේ නැති හැටියක්. "රූප නිසා දුක එන්නේ නෑ". රූප වල දුක කියලා දෙයක් නෑ. දුක පටිච්චසමුප්පන්නව අපි තමයි හදාගන්නේ.

    මගේ උඩ දාපු කමෙන්ට් එක අනේ ඇස්දෙක ඇරලා කියවපන්කෝ. සිංහල පරිවර්තනයේ තමයි "රූප නිසා දුක එනවා" කියලා පටලවලා තියෙන්නේ. ඒක පරිවර්තන දෝෂයක්. පාලි වල තියෙන්නේ "රූපයකට පටිච්ච වුනාම" දුක එන්නේ කියලා

    පටිච්ච වුනේ රාගයෙන් නම් "සුඛං සෝමනස්සං". ඒකට තමයි කියන්නේ "ආශ්වාදය" කියලා. රූපයකට රාගයෙන් පටිච්ච වෙලා අපි ආශ්වාදයක් හදාගන තනියෙන් චූන් වුනාට හරියන්නේ නෑ. ඕකෙන් තමයි සසර ගෙනියන්නේ. ඔන්න ඔය ආශ්වාදය ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. ඒකට කියනවා අනිච්ච කියලා. ඔන්න ඒ ආශ්වාදය නැති වුනාට පස්සේ ඔබට දුක එනවා. ආශ්වාදය දුකක් නෙවෙයි, ආශ්වාදය විපරිනාම වෙන එකයි දුක. අනිච්ච වෙන එකයි දුක. දුක සමුදය වෙන්නේ ඔහොමයි.

    පටිච්ච සමුප්පාද චක්‍රයේ "වේදනා" කියන තැන තමයි ආශ්වාදය තියෙන්නේ.

    ද්වේෂයෙන් නම් පටිච්ච වුනේ ඒත් එහෙමයි. ද්වේෂයෙන් පටිච්ච වෙලත් අපි හොයන්නේ සැපයක් ම තමා. අපිට කවුරු හරි ගැහුවොත් අපිත් ආපිට ගහන්නේ ඒකයි. ආපහු ගැහුවම අපිට ඒක ආශ්වාදයක්. ආපහු ගහගන්න බැරි වුනා නම් අපි ඉන්නේ පිච්චි පිච්චි. ආපහු ගැහුවා නම් අපි හරි උජාරුවෙන් කියන්නේ "ආපහු දුන්නා ඌට දුවන්න" කියලා.

    පටිච්චසමුප්පාද චක්‍ර 10-12ක් විස්ට්ගර කරලා තියනවා "ප්ටච්චසමුප්පාදය යටතේ. ඔය හැම එකක්ම විස්තර කරලා තියනවා. කියවලා බලන්න

    ඔබගේ ප්‍රශ්ණයට ඕනෑවටත් වඩා පිළිතුරු දීලා තියනවා. තමන්ගේ ගොං තර්කය බිඳවැටිලා ඉවරයි. ආයේ ආයේ ඒකම අහන එකේ තේරුමක් නෑ... අලුත් ගොං තර්කයක් අවශ්‍යයි.

    බීරි අලින්ට වීණා වැයීම, ගලෙන් පට්ට ගැනීමට තැත් කිරීම, ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම, ගඟට ඉනි කැපීම, පද පරමයන්ට ධර්මය ඉගැන්වීම.

    ඔබතුමා බොහොම අපහසු වැඩකට අත ගහලා තියෙන්නේ.;):):)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හයියෝ... මෙච්චර කියලත් තේරෙන්නේ නැති හැටියක්. "රූප නිසා දුක එන්නේ නෑ". රූප වල දුක කියලා දෙයක් නෑ. දුක පටිච්චසමුප්පන්නව අපි තමයි හදාගන්නේ.

    මගේ උඩ දාපු කමෙන්ට් එක අනේ ඇස්දෙක ඇරලා ...Yada Yada..Blah Blah
    හතර බීරි කතා කියන්නේ මේවට. ඔබෙන් කවුරුවත් දුක එන හැටි ඇහුවෙත් නෑ, රුප වල දුක තීයනවද ඇහුවෙත් නෑ. අපට දුක එන විදිය ගැන දැන්ගන්න ඕනෑතරම් දැනුම තියෙන හාමුදුරුවරු ඉන්නවා. බොරුවට වටේ යන්න එපා. දුක එන විදිය ගැන කතාවක් නෙවෙයි මේක! :lol::lol:

    බුදුන් වහන්සේ දුක්ඛ සූත්‍රයේ දෙශනා කරනවා මහණෙනි සියල්ල දුකයි! සියල්ල කවරේද යත් ඇස දුකයි, රූපය දුකයි, චක්කු විඥ්ඥනය දුකයි...ආදී වශයෙන්. මේක බුද්ධ දේශනාව! කාගෙවත් තර්ක නෑ. දැන් මම අහන්නේ මේ දේශනාව අනුව රූප සියල්ල දුකයි, ඒකේ ආයි හෝදන්න පෙරන්න, බේරන්න දෙයක් නෑ! එහෙමනම් කැමති රූප විතරයි දුක කියන ප්‍රකාශය බුද්ධ දේශණාවට පටහැනියි!.

    බොරුවට දුක එන හැටි ගැන ලෙක්චර් දෙන්න ලෑස්තිවෙන්න එපා. ඔබ දුක කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති බව පැහැදිලියි. බොරුවට කතාව රෝන්ග් සයිඩ් ගෙනියන්ඩ එපා! අවංකව උත්තර දෙන්න , බොරුවට දුක එන එක ගැන වැල්වටාරම් කියන්න එපා. ඉතා සරල ප්‍රශ්නයක් ඇහුවේ.:lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම අහන්නේ බුදු බණ ගැන ඩිරෙක්ට් ප්‍රශ්නයක්!
    ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි.
    :rofl::rofl::rofl:

    ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි කියන ඔබගේ මේ ගොං තර්කය අනුව රහතන්වහන්සේටත් දුකයි. උන්වහන්සේ රහත් වුන දා ඉඳන් දුකෙන් නේ ඉන්නේ . මොකද ඇසත් තියනවා රූපත් පේනවනේ

    හයියෝ සංසාරේ....!!!!!

    බුදුහාමුදුරුවොත් දුක සේ ඉන්න ඇති බුදුවුනාට පස්සේ නේද? මොකද ඇස තියනවා, රූපත් පේනවනේ

    ඔය තියෙන්නේ පාරාශරිය බ්‍රාහ්මනයගේ ඉගැන්වීමයි

    ඔබලා පිලිපදින්නේ බමුණන්ගේ ඉගැන්වීමක්

    පාරාශරිය බ්‍රාහ්මණයා ඇවිත් කියනවා එයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව ගැන
    ඇස් වලින් රූප බලන්නේ නෑ, කන් වලින් ශබ්ධ අහන්නේ නෑ...ඔය වගේ

    "ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්‍රියභාවනා දෙසා’ යයි."
    (මජ්ජිම නිකාය-3, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය)

    ඊට පස්සේ තමයි බුදුරජානන්වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශානා කළේ
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දැන් මම අහන්නේ මේ දේශනාව අනුව රූප සියල්ල දුකයි, ඒකේ ආයි හෝදන්න පෙරන්න, බේරන්න දෙයක් නෑ! එහෙමනම් කැමති රූප විතරයි දුක කියන ප්‍රකාශය බුද්ධ දේශණාවට පටහැනියි!.

    ඕකම තමයි පාරාශරිය බ්‍රාහ්මනයගේ ඉගැන්වීම

    උඹ ඉන්නේ බමුණන්ගේ මතයකයි

    ඉන්ද්‍රියභාවනා සූත්‍රය
    https://thripitakaya.org/tipitakaya/Index/91?s=251

    උඹ වගේම එකක්ට ඔන්න බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරලා තියනවා ඔය විදිහට. කියවලා බලපන්
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේකයි මචං කොමන් සෙන්ස් කියන එක හැමෝටම නෑ. අපි අතර ඉන්න සමහරක් අයට හැකියාව තියෙනවා "මැන්ටල් ඩයල්" අඳුන ගන්න එක වචනේ දෙක කතා කරන කොට. ...... උඹට මීටර් වුනා මූ අන්බැලන්ස් පොරක් කියලා. තව බොහෝ දෙනෙක්ට ඕක මීටර් වුනා. හැබැයි තව කට්ටියකට මීටර් වෙනකොට ඌත් එක්ක, ඌ කියන එවත් එක්ක බැඳීමක් ඇතිකරං, ගමනක් ගිහින්, උන්ට දැන් ආපසු හැරෙන්න බැහැ. ඉතිං එලිපිට පෙනෙන දේ ප්‍රතික්ශේප කරනවා. :lol::lol::lol::lol:

    මම ඉස්සෙල්ල මේකට මොකුත් කිව්වේ නැහැ, මෙහෙම පෙනි පෙනි බොරු කතා කියන කොට නම් මට පැහැදිලියි ඔබ කියන එක හරි!:yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඕකම තමයි පාරාශරිය බ්‍රාහ්මනයගේ ඉගැන්වීම

    උඹ ඉන්නේ බමුණන්ගේ මතයකයි

    ඉන්ද්‍රියභාවනා සූත්‍රය
    https://thripitakaya.org/tipitakaya/Index/91?s=251

    උඹ වගේම එකක්ට ඔන්න බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරලා තියනවා ඔය විදිහට. කියවලා බලපන්

    හැබයි ඉතිං බුදු හාමුදුරුවොත් දේශනා කරනවා 'සියල්ල දුකයි! සියල්ල කවරේද යත්, ඇස, රූප චක්ඛු විඥ්ඥාන්..ආදී වශයෙන් සියල්ල දුකයි! එතකොට බුදු හාමුදුරුවොත් බමුණෙක් වෙන්ඩ ඇති, අභය ගොන් වහන්සේ බුදු හාමුදුරුවන්ටත් උඩින්ද? මෙන්න මේවට තමයි කන්න ඕනේ වුනාම කබරගොයාත් තලගොයා කරගන්නවා කියන්නේ! උඹ දැන් අඩියක් පිටිපස්සට අරන් බලපන්. උඹ චෝදනා කරන්නේ බුද්ධ වචනයටයි!
     
    • Like
    Reactions: tas

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි කියන ඔබගේ මේ ගොං තර්කය අනුව රහතන්වහන්සේටත් දුකයි. උන්වහන්සේ රහත් වුන දා ඉඳන් දුකෙන් නේ ඉන්නේ . මොකද ඇසත් තියනවා රූපත් පේනවනේ

    හයියෝ සංසාරේ....!!!!!

    බුදුහාමුදුරුවොත් දුක සේ ඉන්න ඇති බුදුවුනාට පස්සේ නේද? මොකද ඇස තියනවා, රූපත් පේනවනේ

    ඔය තියෙන්නේ පාරාශරිය බ්‍රාහ්මනයගේ ඉගැන්වීමයි

    ඔබලා පිලිපදින්නේ බමුණන්ගේ ඉගැන්වීමක්

    පාරාශරිය බ්‍රාහ්මණයා ඇවිත් කියනවා එයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව ගැන
    ඇස් වලින් රූප බලන්නේ නෑ, කන් වලින් ශබ්ධ අහන්නේ නෑ...ඔය වගේ

    "ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්‍රියභාවනා දෙසා’ යයි."
    (මජ්ජිම නිකාය-3, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය)

    ඊට පස්සේ තමයි බුදුරජානන්වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශානා කළේ[/SIZE]

    :lol::lol:රහතන් වහන්සේ ගැන කියන්න උඹ මොන පොල්කාවයියෙක්ද? උඹට ලෝකය තියෙනවා, ඒකේ ආශ්වාද තියෙනවා කියන තැනක ඉඳන් රහතන් වහන්සේ ගැන කියවන්න එනවා. ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය ඇති කරගනින්, අනිත්‍ය හරියට ඉගෙන ගනිං.! හපෝයි සංසාරේ!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හැබයි ඉතිං බුදු හාමුදුරුවොත් දේශනා කරනවා 'සියල්ල දුකයි! සියල්ල කවරේද යත්, ඇස, රූප චක්ඛු විඥ්ඥාන්..ආදී වශයෙන් සියල්ල දුකයි! එතකොට බුදු හාමුදුරුවොත් බමුණෙක් වෙන්ඩ ඇති, අභය ගොන් වහන්සේ බුදු හාමුදුරුවන්ටත් උඩින්ද? මෙන්න මේවට තමයි කන්න ඕනේ වුනාම කබරගොයාත් තලගොයා කරගන්නවා කියන්නේ! උඹ දැන් අඩියක් පිටිපස්සට අරන් බලපන්. උඹ චෝදනා කරන්නේ බුද්ධ වචනයටයි!

    අනේ බං ඇහැට පේන සේරම රූප දුකයි වෙන්නේ නෑ..

    ඒවත් එක්ක රාගයෙන් පටිච්ච වෙලා ආශ්වාද හදාගන ඒ ආශ්වාදය අනිච්ච වෙලා ගිහාම තමයි පටිච්චසමුප්පන්නව දුක එන්නේ

    උඹලා වචනයක් පෙනුනම ඒ වචනේ අල්ලගන නටනවා

    අර පෝරිසාදයා දුන්න ධර්ම දේශනාවේ ඒ ස්වාමින්වහන්සේ කියනවා වගේ වචනයේ උඩින් පේන අර්ථය අරගන නටන අඥානයෝ රැලේ තමයි තාමත් උඹලා ඉන්නේ :yes::yes::yes: