ආත්මයක් ඇතැයි ආත්මයක් නැතැයි කියල ගන්න එක වැරදී. (සබ්බාසව සූත්‍රය - මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. )
ආයෙ කියවල බලන්න කියල තියන එක.
මම කියල තියෙන්නෙ "ආත්මයක් කියා දෙයක් ගැනීමත් ආත්මයක් නැතැයි කියා ප්‍රතික්ශේප කිරීමත් යන දෙකම නිවැරදි නෑ"
හොඳට බලන්න මුල එකට "කියා දෙයක් ගැනීම" කියලයි කියන්නෙ. දෙවනි එකට ආත්මයක් නැත කියල ප්‍රතික්ශේප කරන්න බැහැයි කියලයි කියන්නෙ. එතනට දෙයක කතාවක් කියල නෑ.
අන් අය ආත්මය හොයනකොට බුදුන් "ආත්මයක් කොට දෙයක් ගැනීම සුදුසු නෑ, එසේ ගන්න පුලුවන් දෙයක් නෑ" කියන දේ තමා කියන්නෙ. ඒ වගෙම ආත්මයක් නෑ කියන අය රඟනකොට, බුදුන් ආත්මයක් නෑ කියල කිසිම තැනක කියන්නෑ.
ඔහේ උඩින් පල්ලෙන් මම ලියපු එක කියවල හිතුව " ආ මේ කියන්නෙ ආත්මයක් කියල ගන්න දෙයකුත් නෑ ආත්මයක් කියල නොගන්න දෙයකුත් නෑ " වගේ මොංගල් තර්කයක්.
එතන මම කිව්වදේ හරියට තේරුනා නම් පැහැදිලි වෙනව මම කියල තියෙන්නෙ ආත්මයක් කියා ගතහැකි දෙයක්/ගතයුතු දෙයක් නැහැ සහ ආත්මයක් නැතැයි කියල නොකීමක් විතරයි.
මේක නොතේරෙනවනම් එතනින් එහාට මට කරන්න දෙයක් නෑ.
හරි, සබ්බාසව සූත්‍රයේ කියනවා ආත්මය ඇත, ආත්මය නැත යන අන්ත දෙක ගන්න එපා කියල ඉතින් ඒක කව්රුත් නැහැ කියන්නේ නෑ. ඊළඟට ඔබතුමා කියනවා අනාත්ම (අනත්ත) කියන්නේ "ආත්මයක් කියා ගතහැකි දෙයක්/ගතයුතු දෙයක් නැහැ සහ ආත්මයක් නැතැයි කියල නොකීමක්" දැන් මේක කොහෙන්ද ගත්තේ? මෙහෙම දෙයක් කොහෙද සබ්බාසව සූත්‍රයේ කියල තියෙන්නේ?
මහත්තය, මිනිස්සුන්ට නිකන් ඉන්නකොට නොයෙකුත් දේවල් හිතෙනව නමුත් ලොවුතුරා බුදු කෙනෙකුට හිතෙන දේවල් අපි, ඔබතුමා වැනි අයට හිතන්න බැහැ. ඒක හින්ද මේ වගේ ගොං කතා කියන්න එපා. අනික මහත්තයො ඔබතුමා රූපයක් දැක්කහම එකේ ඔබතුමාගේ ආත්මය ඇත හෝ නැත කියල අදහසක් (දෘෂ්ටියක්) එනවද? එහෙම එනවනම් පරක්කු නොකර මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න.








