නිවනේ නිවීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    ජීවත් වෙන කාලෙ කොච්චරද කියල අපි කාටවත් කියන්න බැහැනෙ මහත්තය... ඒක හින්ද කරල ඉවර වෙනකල් ජීවත් වෙනව කියල sure එකක් නැහැ නමුත් sure දෙයක් කලොත් ජීවත් වෙන ටික කාලේ තුලදි අවසාන ප්‍රතිපලයට යන්න තියෙන සම්භාවිතාව වැඩියි කියන එක තමයි මගෙ අදහස.

    Yes no more mega threads :yes:

    නිකන් මෙහෙම හිතල බලන්න..අපිට මේක කර ගන්න කොපමන කාලයක් යයිද කියල දන්නෙත් නැතිනම්, අපි ඊට කලින් මැරෙන්නත් හොදටම ඉඩත් ඇතිනම්..ඒ කියන්නෙ, මේක කරගන්න බැරි වෙන ඉඩකඩ හොදටම ඇති නම්.. ඔබතුමා කියනව වගේ ඇයි අපි උපරිම කට්ටක් කාගෙන, ඉවරකර ගන්නවත් පුලුවන් ද සුවර් නැති වැඩකට අත ගහන්න යන්නෙ? ඔබතුමා කියන විදිහටම තේරුමක් නැති වැඩක් නෙවේ ද?

    දැන දැනත් ඇයි?

    ධර්මය අතහැරෙන්නෙනෙ ඒක සමස්තයෙම /ලෝකෙම කොටසක් කියන එක අහුවුණොත් .
    නැට්ට පාගගෙන ද නැද්ද කියන එක ගැන යම් මිම්මක් ගන්න පුළුවන් . ඒකට තියෙන්න ගරුත්වය වැඩි වෙනවාද නැද්ද කියන එක උඩ.
    සමස්තයෙම තියෙන නිවෙන සුලුම දේ හින්දා . ඒකට තියෙන ගරුත්වය අඩුවෙන්නෙ නෑ. 🙂

    මට පේන්නෙ ඕක මෙහෙම, හරියට මඩ වලේ ඉන්න මිනිහ වගේ...මිනිහට හොදටම තේරෙනව, මඩ වලම ගොන් පාට් එකක් කියල, හැබයි මිනිහ දන්නව, මඩ වලේම තියෙන ඉනිමගම තමයි මිනිහට මෙතනින් එතෙර වෙන්න උදව් කරන්නෙ කියල...එතෙර උන දාට, ඒකත් මඩ වලේම කොටසක් විතරයි..
    ------ Post added on Feb 17, 2023 at 10:16 AM
     
    • Like
    Reactions: nipund

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මෙහෙම ඇහැව්වොත් sure දෙවල් තියෙනවා ද? එහෙම sure කියලා හිතන් ඉන්න දෙවල් වල base එකෙ assumptions නැද්ද ? ඒ assumptions sure ද?

    අපි හිතන් ඉන්නවාට වඩා assumptions ගොඩක් අපි හිතන් ඉන්න යථාර්ථය යට දුවනවා. උදා හෙට හම්බවෙමු කිව්වම . හෙට උදාවෙවි,මම නොමැරි ඉදී, ඔයා නොමැරි ඉදී , වගේ assumptions තියෙනවා .
    ------ Post added on Feb 17, 2023 at 8:46 AM
    අනිවාර්යෙන්ම assumptions තියෙනව මහත්තය, හැබැයි ඒවා reasonable වෙන්න ඕනිනෙ. දැන් ඔබතුමාගෙ උදහර්ණයේ "හෙට උදාවෙවි" කියන assumption එක ගත්තොත්. අපිට ගෝචර වෙන පැත්තේ වැඩිපුර හේතු තියෙන්නෙ හෙට උදාවෙන්නද? නොවෙන්නද?
    නමුත් ඔබතුමා කියන දේ තේරෙනව philosophically කෙනෙක්ට ඕක තර්ක කරන්න හොඳටම පුළුවන් නමුත් අපිට දැනෙන යථාර්තය හැමවෙලාවෙම philosophical රාමුවක් තුලද තියෙන්නෙ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    @greenthunder මෙහෙම pitch කරොත්
    ධර්මය අතහැරෙන්නෙනෙ ඒක සමස්තයෙම /ලෝකෙම කොටසක් කියන එක අහුවුණොත් .
    නැට්ට පාගගෙන ද නැද්ද කියන එක ගැන යම් මිම්මක් ගන්න පුළුවන් . ඒකට තියෙන්න ගරුත්වය වැඩි වෙනවාද නැද්ද කියන එක උඩ.
    සමස්තයෙම තියෙන නිවෙන සුලුම දේ හින්දා . ඒකට තියෙන ගරුත්වය අඩුවෙන්නෙ නෑ. 🙂

    එහෙමත් කියුවාම පැහැදිලි වෙන අය ඉන්න පුලුවන්. කොහොමත් ධර්මය පාරුවක් කියනවනෙ. මතක විදිහට විසුද්ධි මාර්ගයෙහි තියනවා උපමාවක් මේ කන්දෙ ඉඳන් එහා කන්දට පනින්න උපකාර කරගන්නා වැල කඳු දෙක මැදදි අත්හරින්න වෙනවා කියන එක. වැල අතෑරගන්න බැරිව එහාටත් මෙහාටත් පැද්දි පැද්දි ඉඳලා දවසක වැල අතාරින්න හිත හැදුනු දවසට වැල අතෑරලා එහා කන්ද වෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරනවා. පාරුව අත්හැරියාට පාරුව වැදගත් කම එගොඩ වුන කෙනා දන්නවා. වැල අත්හැරියාට ආවෙ වැලේ එල්ලිලා කියලා දන්නවා. ධර්මය සාපේක්ෂයි, ප්‍රායෝගිකයි...
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    අනිවාර්යෙන්ම assumptions තියෙනව මහත්තය, හැබැයි ඒවා reasonable වෙන්න ඕනිනෙ. දැන් ඔබතුමාගෙ උදහර්ණයේ "හෙට උදාවෙවි" කියන assumption එක ගත්තොත්. අපිට ගෝචර වෙන පැත්තේ වැඩිපුර හේතු තියෙන්නෙ හෙට උදාවෙන්නද? නොවෙන්නද?
    නමුත් ඔබතුමා කියන දේ තේරෙනව philosophically කෙනෙක්ට ඕක තර්ක කරන්න හොඳටම පුළුවන් නමුත් අපිට දැනෙන යථාර්තය හැමවෙලාවෙම philosophical රාමුවක් තුලද තියෙන්නෙ?
    Reasonable වෙන දේවල් සාමාන්‍යකරණය නැත්නම් normal දේවල් කියලා සලකන දෙවල් කියලා ගන්න පුළුවන් නේද ? ඒවා සහ assumptions නිකමට ප්‍රශ්න කරලා බලන්න .
    ඊනියා යතාර්ථය උඩ නේද philosophy ,religion ඕන දෙයක් හමුවෙන්නෙ .

    රාමුව ගැන කලින් ලියපු දෙයක්

    හිර ගෙදර
    හිර ගෙදරක් නැත්නම් හිරකරු කියලා කෙනෙක් නෑ
    හිර ගෙදරක් නැත්නම් නිදහස කියලා කතා කරන්න දේකුත් නෑ
    😊
    අපිට තියන ලොකුම හිර ගෙදර දන්නවා ද?
    හිර ගෙදර කිව්වෙ සීමා කිරිම කියන අර්තයකින්
    ඇස්,කන්,දිව,ස්ප්‍ර්ශ් හා හිත. මොකද එකෙන් තමා තනිකරම limit වෙන්නෙ🙃
    ඔය ටිකෙන් අනන්ත රාමු/ හිරගෙවල් ගොඩක් හදාගන්න පුළුවන්
     
    • Like
    Reactions: MalSeven

    ඔව් මහත්තය පුළුවන්, ඒක නිසානෙ අපිට මම සහ මගෙ කියල වෙන් කරගන්න පුළුවන් වෙල තියෙන්නෙ, නැත්නම් ඔබතුමා හිතන්න අපිට කිසිම දෙයක් assume කරන්න බැරිනම්, ඔය මම සහ මගෙ කියන දේවල් අතාත්වික වෙනව. ඔබතුමාගෙ "හෙට උදාවෙවි" උදාහරණයේ "හෙට උදාවීම" assume කරන්න බැරිනම් හෙටට සම්බන්ධ මම සහ මගෙ කියන දේවල් ටිකට මොකද වෙන්නෙ?

    මම හිතන්නෙ නම් මහත්තය, මොකක්ද යතාර්ථය කියල assume කරන එක අනුව ඒ යතාර්ථය තුල හමුවෙන දේවල් වෙනස් වෙනව.

    ඔව් ඔය හිර ගෙදර කතාව හරි, ඕකේ හිරකරු "මමත්" හිර ගෙවල් කියන්නෙ "මගෙ" කියල ගත්ත ටික කියලත් කියන්න පුළුවන් නේද?
     
    ඒහෙම බැරි "උනොත් " හෙටට නෙමේ, මෙ දැන් මෙතන අතාත්වික වෙනවා 😉. (නෑ හො තියෙනවා නෙමේ)

    හිරගෙ හො හිරකරු තියෙන කම් හිරකරු හා හිරගෙ තියෙනවා .
    තියෙන කම් ඔබතුමා කියපු විදිහට ගන්න පුළුවන් 🙏

    ගොඩක් අය "හිරගෙ" කඩන්න හදන්නෙ
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒහෙම බැරි "උනොත් " හෙටට නෙමේ, මෙ දැන් මෙතන අතාත්වික වෙනවා 😉. (නෑ හො තියෙනවා නෙමේ)
    ඔව් මහත්තය හරියටම හරි, පච්චුප්පන්න මොහොත (ප්‍රත්‍ය උපන් මොහොත) හැර ඉතුරු ටික අතාත්විකයි. ඔබතුමා බුද්ධ ධර්මය follow කරන කෙනෙක් නම්, භද්දේකරත්ත සූත්‍රයේ මේක ගැන විස්තරයක් තියෙනව.
    හිරගෙ හො හිරකරු තියෙන කම් හිරකරු හා හිරගෙ තියෙනවා .
    තියෙන කම් ඔබතුමා කියපු විදිහට ගන්න පුළුවන් 🙏

    ගොඩක් අය "හිරගෙ" කඩන්න හදන්නෙ
    🙏
    ඔව්, හිර කරු නැති කරගන්න එක ගැන වැඩිය හිතන්නෙ නැහැ :-)
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ප්‍රත්‍යුප්පන්න මොහොත ඇරෙන්නට වෙන මොකවත්මම තියෙනවා ද? එහෙම "නැත්නම්" අතාත්වික කියලා අහුවෙන්නෙ මේ දැන් මේක කියවන බවම නේද ?

    imho ,දෙකෙන් එකක් තියෙන කම් දෙකම තියෙනවා , ගැලවෙන කොට දෙකම ගැලවෙනවා. 🙂
     
    • Love
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ප්‍රත්‍යුප්පන්න මොහොත ඇරෙන්නට වෙන මොකවත්මම තියෙනවා ද? එහෙම "නැත්නම්" අතාත්වික කියලා අහුවෙන්නෙ මේ දැන් මේක කියවන බවම නේද ?
    ඔව් ඒක හරි මහත්තය, අපි අතීත හෝ අනාගත මොහොත ගැන හිතන්නෙත් පච්චුප්පන්නවූ මේ මොහොතෙම තමයි . සමහර අය නොයෙකුත් වැරදි දෘෂ්ටි නිසා හිතනව මේ හිතට අතීතයට සහ අනාගතයට යන්න පුළුවන් කියල නමුත් මන ඉන්ද්‍රියත් අනික් ඉන්ද්‍රිය වගේම පච්චුප්පන්න මොහොතේ පමණයි විද්‍යමාන වෙන්නෙ. අනෙක් ඉන්ද්‍රිය වගේම "මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං" ආකාරයට අතීත මොහොත ධම්ම රූපයක් හැටියට මේ මොහොතේ මන ඉන්ද්‍රියට ගෝචර වෙනව. ඒ නිසා භද්දේකරත්ත සූත්‍රටත්, අභිධර්මය්ටත් මේක match වෙනව...

    ඒ වගේම ඔබතුම කිව්ව හැටියට මේක තනි process එකක් නිසා එකක් නැතිවෙනකොට අනිකත් නැතිවෙනව.
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ඔව් ඒක හරි මහත්තය, අපි අතීත හෝ අනාගත මොහොත ගැන හිතන්නෙත් පච්චුප්පන්නවූ මේ මොහොතෙම තමයි . සමහර අය නොයෙකුත් වැරදි දෘෂ්ටි නිසා හිතනව මේ හිතට අතීතයට සහ අනාගතයට යන්න පුළුවන් කියල නමුත් මන ඉන්ද්‍රියත් අනික් ඉන්ද්‍රිය වගේම පච්චුප්පන්න මොහොතේ පමණයි විද්‍යමාන වෙන්නෙ. අනෙක් ඉන්ද්‍රිය වගේම "මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං" ආකාරයට අතීත මොහොත ධම්ම රූපයක් හැටියට මේ මොහොතේ මන ඉන්ද්‍රියට ගෝචර වෙනව. ඒ නිසා භද්දේකරත්ත සූත්‍රටත්, අභිධර්මය්ටත් මේක match වෙනව...

    ඒ වගේම ඔබතුම කිව්ව හැටියට මේක තනි process එකක් නිසා එකක් නැතිවෙනකොට අනිකත් නැතිවෙනව.
    🙏🙏🙏
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    නිකන් මෙහෙම හිතල බලන්න..අපිට මේක කර ගන්න කොපමන කාලයක් යයිද කියල දන්නෙත් නැතිනම්, අපි ඊට කලින් මැරෙන්නත් හොදටම ඉඩත් ඇතිනම්..ඒ කියන්නෙ, මේක කරගන්න බැරි වෙන ඉඩකඩ හොදටම ඇති නම්.. ඔබතුමා කියනව වගේ ඇයි අපි උපරිම කට්ටක් කාගෙන, ඉවරකර ගන්නවත් පුලුවන් ද සුවර් නැති වැඩකට අත ගහන්න යන්නෙ? ඔබතුමා කියන විදිහටම තේරුමක් නැති වැඩක් නෙවේ ද?

    දැන දැනත් ඇයි?

    @MalSeven ඔබතුමාට මේ ගැන මොකක්ද හිතෙන්නෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @MalSeven ඔබතුමාට මේ ගැන මොකක්ද හිතෙන්නෙ?
    මේක පොදුවේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මහත්තය, මොකද නිවණ වුනත් එක එක අයට විව්ධාකාරයිනෙ, ඉතිං මගෙ පෞද්ගලික අත්දැකීම උදාහරණයකින් කියන්නම්...

    හිතන්න ඔබතුමාට කුඹුරක් කරන්න හිතුන කියල. ඔබතුමාගෙ අවසාන අභිප්‍රාය හොඳ අස්වැන්නක්... ඔබතුමාගෙ මේ කුඹුරෙ වී ඉහල x number of days වලින් light එකක් on කළා වගෙ මේ ඔබතුමා බලාපොරොත්තුවෙ අස්වැන්න ලැබෙන්නෙ නැහැනෙ. ඒක process එකක්, ඔබතුමා වී ඉස්සට පස්සෙ දින කීපයකින් වී පැලවෙනවා, ඊට පස්සෙ පොඩි ගොයම් පැල හැදෙනව, ඊටත් පස්සේ තව සති කීපයකින් ලොකු ගොයම් පැල, මාස කීපයකින් ගොයම් පූදිනව...මේ වගෙ ඔබතුමාට මේ process එක every step of the way monitor කරන්න පුළුවන්. ඉතිං ඔබතුමාට වී කියන්නෙ මොනවද, පැල වුනු වී මොන වගෙද, ගොයම් පැල මොන වගෙද යනාදී වශයෙන් ගුරුවරයෙක් කියල දීල තියෙනව නම්... ඔබතුමා අර ගුරුවරය කිව්ව වී ඉහල මුං අට පැල උනොත් ගුරුවරය කිව්ව දේ verify වෙන්නෙ නැහැ නමුත් ඔබතුමා වී ඉස්සට පස්සේ ගුරුවරය කිව්ව ආකාරයටම process එක සිද්ධ වෙනවනම් ප්‍රශ්නයක් නැහැනෙ.
    මට මේ මාර්ගයත් ඔන්න ඔය කුඹුර වගෙ, මේක process එකක් ඉතිං මම දන්නව නොමැරී හිටියොත් හොඳ අස්වැන්නක් ලැබෙනව කියල... මැරුනොත් කරන්න දෙයක් නැහැ... නමුත් මම අර ඉස්සෙල්ල කිව්ව වගෙ, sure නැති දෙයක් follow කරනවට වඩා මේක හොඳ නැද්ද? Sure නැති දෙයක් කරනව කියන්නෙ හරියට හොඳ වී අස්වැන්නක් ගන්න නොයෙකුත් අට ජාති ඉහල try කරල බලනව වගෙ වැඩක්නෙ.
     
    ඔබතුමා, කුබුරට වී ගන්න විදිහට ගහල පැලවුන කෙනෙක් දෙන්නෙත් නැතිනම්, කුබුරට වී ගැහුවාම පැලවෙනන කොපමන කාලයක් යයිද දන්නෙත් නැති නම්, මහත්තයගෙ කුබුරෙ පැල වෙයිද කියලත් හරියට දන්නෙ නැති නම්, ඔය ඔක්කොටම කලින් මහත්තය මැරෙයිද දන්නෙත් නැති නම්...හෙන කටක් කාගෙන වී ගහන එක වැඩක් තියෙයි ද?. ඔබතුමා, විස්වාසයකින් එහා කිය වෙරිෆිකේශන් එකක් නැතුව වැඩක් පටන් ගන්න එක තේරුමක් නැ කිව්ව නිසා ඇහුවෙ..
     
    step එකෙන් step එකට ප්‍රතිඵල verify වෙනවනම් ඒක විශ්වාසය මත යන ගමනක් නමෙයිනෙ මහත්තය. ගුරුවරය වී කියන්නෙ මෙන්න මේවා කිව්වහම ඊට අදාළ ගති තියෙන දේ පෙනෙන්න තියනවනම්...ඒ වී කියන අයුරින්ම පැලවෙනවනම්...etc. ඒක විශ්වාසයක් නෙමෙයිනෙ...
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ජීවිතය බොහෝ විට සංකීර්ණ වන්නේ, දුක් ගැහැට කරදර බහුල වන්නේ, එතනම අත හරින්නට තිබූ දේවල්,එතනම අමතක කරන්නට තිබූ දේවල්, පොඩියෙන් සිතන්නට තිබූ දේවල්, මහා ලොකු දේවල් සේ ගෙන, ඒවායේම එල්බ සිට , ඒවා ගැනම සිත සිතා ඒවාටම එකට එක කරන්නට, පළිගන්නට, දිනන්නට කියන කරන දේවල් නිසාය.
    අන් අයගෙන් ලැබුණ බැනුමක්, හිත් රිදවීමක් ඒ මොහොතේම හෝ පසුව හෝ අමතක කරන්නට හැකි නම්, සුළුවෙන් සිතන්නට හැකි නම්... සැහැල්ලු වන්නේ ලිහිල් වන්නේ අපේ සිතය. සරල වන්නේ පහසු වන්නේ සැනසිලිදායක වන්නේ අපේ සිතය...අපේ ජීවිතයය..
    කියන කරන දේවල් ඒ කියන කරන කෙනා සතුය. ඒ ඔවුන්ගේ ස්වභාවයය. ඔවුන්ගේ සිතය... අපේ සිතින් ඒවා ලිහිල්ව ගන්නේ නම් ( අත් හැරීමට සාමාන්‍ය අයට නොහැකි නිසා) ජිවිතය සැහැල්ලුය.
    වැල්ලේ ඇදි ඉරක් මෙන් සියල්ල දෙස දකින්න. සත්‍යයය නම් වැල්ලේ ඇදි ඉරක් පමණ වෙලාවත් ඒ එකදු දෙයක්වත් පවතින්නේ නැති බවය . පිටවූ වචන, දෝෂාරෝපණ ඒ මොහොතේම නැතිවිය. අප ඒවා සිතින් අල්ලාගෙන ක්‍රියා කරන නිසාම ඒවා නැවත නැවත අප වටාම කැරකෙයි. අලුත් සංස්කාර නැවත නැවත ඉපදීමක් පමණි.
    සියල්ල අත හරින්නට නම්,සිත ඔබ පුරුදු කළ යුත්තේ සියල්ල සිතෙන් ඉක්මනින් අමතක කරන්නටය..
    ලිහිල් කොට ජීවිතය දකින්න.
    අප කවුරුත් අවුරුදු කීපයක් ගත කොට මිය යන අයය..
    මේ අල්ලා බදාගෙන වෙහෙස වෙන සියල්ල එක හුස්මක දුරකින් ඔබට සදහටම අහිමි වෙයි.
    එදා සක්විති රජ සැප දැරූවන් අද අපා ගිනි දැල් මතය.
    එදා මහා දැනුම් සම්භාර කර පින්නාගෙන සිටි අය අද ප්‍රේත ලෝකයේ සෙම් සොටු සොයමින් ඇවිදියි. එදා හැදි ගෑරුප්පුවලින් කෑම ගත් අය අද හොම්බකින් ආහාර ගනී.
    නිය සිලට පැමිණි අතලොස්සක් සසරින් මිදී යයි හෝ සුගති ගාමි වෙයි..
    විද්‍යාව යනු සත්‍යය සොයන්නට දිනෙන් දින අලුත් වන පර්‍යේෂණයකි. අද හරි දේ හෙට වැරදි ලෙස් ඔප්පු වී තවත් දෙයක් මත සියල්ලෝම එල්බ ගනී.
    නමුත් තථාගත ධර්මය යනු සත්‍යයයි. සදාතනික සත්‍යය තුළ යලි සොයාගන්නට දෙයක් නැත.
    සම්මා සම්බුදු රජාණන් වහන්සේ නැමැති සර්වඥතා ඥාණයෙන් හෙබි උන් වහන්සේ සියලු සත්‍යය සොයාගෙන ලොවට එලි කොට හමාරය. ඒ ගම්භීර සත්‍යය තේරුම් ගත නොහැකිව තවමත් සියල්ලෝම වෙහෙස වන්නේ සොය සොයා යන්නටය.
    දැනටමත් සොයාගෙන ඇති දේ පසෙකලා ඔවුන් තවමත් සොය සොයා ළතවෙයි..
    එයට ප්‍රඥාව අවශ්‍යයය.
    සියලු සත්වයන්ට ප්‍රඥාලෝකය පහල වේවා...!!!
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    step එකෙන් step එකට ප්‍රතිඵල verify වෙනවනම් ඒක විශ්වාසය මත යන ගමනක් නමෙයිනෙ මහත්තය. ගුරුවරය වී කියන්නෙ මෙන්න මේවා කිව්වහම ඊට අදාළ ගති තියෙන දේ පෙනෙන්න තියනවනම්...ඒ වී කියන අයුරින්ම පැලවෙනවනම්...etc. ඒක විශ්වාසයක් නෙමෙයිනෙ...

    පලමු ස්ටෙප් එකේ ප්‍රතිපලය, කොහේ කොතනක, කවදාක ලැබෙයිද දන්නෙත් නැති නම්. මැරෙන්න කලින් ලබෙය්ද කියල දන්නෙත් නැති නම්, ඔය ගුරුවරයව ෆලෝ කරල පලමු ස්ටෙප් එකට ආව අය දන්නෙත් නැති නම්. පලමු ස්ටෙප් එක ට්‍රය් කරන එක තේරුමක් තියෙනවද?. ට්‍රය් කලත්, ගුරුවරයාට තියෙනෙ විස්වාසය අරෙන්න, පලමු ස්ටෙප් එකේ ප්‍රතිපලයක් ලබෙයි කියන්න තියෙන ශුවර් එක මොකක්ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පලමු ස්ටෙප් එකේ ප්‍රතිපලය, කොහේ කොතනක, කවදාක ලැබෙයිද දන්නෙත් නැති නම්. මැරෙන්න කලින් ලබෙය්ද කියල දන්නෙත් නැති නම්, ඔය ගුරුවරයව ෆලෝ කරල පලමු ස්ටෙප් එකට ආව අය දන්නෙත් නැති නම්. පලමු ස්ටෙප් එක ට්‍රය් කරන එක තේරුමක් තියෙනවද?. ට්‍රය් කලත්, ගුරුවරයාට තියෙනෙ විස්වාසය අරෙන්න, පලමු ස්ටෙප් එකේ ප්‍රතිපලයක් ලබෙයි කියන්න තියෙන ශුවර් එක මොකක්ද?
    ඔය ඔබතුමා පළමු step එක කියල හිතාගෙන ඉන්නෙ සෝවාන් පලය මගෙ හිතේ? නැහැ මහත්තය ඊට කලින් පෘතක්ජනයෙක් විදියට achive කරන්න පුළුවන් දේවල් තියෙනව. මටනම් ඒවා හොඳටම ඇති ඉතුරු ටික verify කරගන්න
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    ඔය ඔබතුමා පළමු step එක කියල හිතාගෙන ඉන්නෙ සෝවාන් පලය මගෙ හිතේ? නැහැ මහත්තය ඊට කලින් පෘතක්ජනයෙක් විදියට achive කරන්න පුළුවන් දේවල් තියෙනව. මටනම් ඒවා හොඳටම ඇති ඉතුරු ටික verify කරගන්න

    ඔව්, මගේ අදසට අනුව, ම්යිල්ස්ටොන් 4 යි, තියෙන්නෙ... ඔබතුම පලමු වෙරිෆිකේශන් ස්ටෙප් එක විදිහට දකින්නෙ මොකක්ද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අර එදා උඹ යෝජනා කලා නෙ තේරවාදියෙක් විදිහට ඥාණානන්ද හාමුදුරුවො මහායානය ගැන දීපු කොමෙන්ට්‍රියක කොටසක්. ඒක පොතක තිබුන එකක්ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්, මගේ අදසට අනුව, ම්යිල්ස්ටොන් 4 යි, තියෙන්නෙ... ඔබතුම පලමු වෙරිෆිකේශන් ස්ටෙප් එක විදිහට දකින්නෙ මොකක්ද?
    අර මම ඉස්සෙල්ල thread එකේ කිව්ව වගේ ධර්මය අහල තමන් තුලින් එය දැකීම... හරියට වී හඳුනාගෙන, ඒවා පැලවෙනව දකිනව වගෙ.
     
    • Like
    Reactions: ek_rosh