අර එදා උඹ යෝජනා කලා නෙ තේරවාදියෙක් විදිහට ඥාණානන්ද හාමුදුරුවො මහායානය ගැන දීපු කොමෙන්ට්රියක කොටසක්. ඒක පොතක තිබුන එකක්ද?
ඒක යෝගානන්ද කියන භික්ෂුවත් සමග කරපු සාකච්ඡාවක කොටසක්. මෙතනින් PDF එක ගන්න පුලුවන්. ද හෙරටික් සේජ්
ඔව්, මගේ අදසට අනුව, ම්යිල්ස්ටොන් 4 යි, තියෙන්නෙ... ඔබතුම පලමු වෙරිෆිකේශන් ස්ටෙප් එක විදිහට දකින්නෙ මොකක්ද?
මුල් බුදුසමයේ මයිල්ස්ටෝන් දෙකයි භාවිතා කරලා තියෙන්නෙ. පලවෙනි එක සෝතාපන්න බව දෙවනි එක රහත් පලය. කලක් ගිය පසු තමා සකෘදාගාමී සහ අනාගාමී කියන දෙක හඳුන්වා දෙන්නෙ. ඊට පසුව රථ විනීත සූත්‍රය අනුව මයිලිස්ටෝන්ස් හතක් ඉන්ට්‍රඩියුස් වෙනවා. මේ හත තමා ආචාර්ය බුද්ධඝෝෂ මහා තෙරණුවන් විසින් විශුද්ධිමාර්ගය සම්පාදනයට භවිතා කරන්නෙ. ඔය සප්ත විශුද්ධිය තමා අද භාවනා කම්මට්ඨානාචාර්යවරු ගෝලයන්ගෙ ඉදිරියට යාම ගැන "අනුමානයකට" පැමිණීමට භාවිතා කරන්නෙ. සප්ත විශුද්ධිය දහසය (දාහත) ආකාරයකට බෙදලා දක්වන අවස්ථා, ඊටත් එහාට ගියපු බෙදීමුත් තියනවා. (ගිරිමානන්ද සූත්රයෙත් එහෙම පිලිවෙලක් තියනවා)
හැබැයි ඔය එකක් වත් "ලොජිකලි (තර්කයෙන්) වෙරිෆයි/ප්රත්යක්ශ" කරගන්න හෝ කරගෙන 100% නිශ්චිත භාවයකට එන්න පුලුවන් තැන් නෙමෙයි. යෝගියාට කරලා බලලා තමන්ටම අත්දකින්න හම්බෙන දේවල්, තමන්ම ප්‍රායෝගිකව කරලා බැලුවහම තමන්ටම දිටුදැමියෙහි අත්දකින්න ලැබෙන දේවල්. සතර සතිපට්ඨානය නිවැරදිව වැඩුවොත්, බුදුන්ට අවශ්‍ය විදිහට අපේ ඉන්ද්රිය ධර්ම සකස් වුවහොත් පමණක් තමන්ටම තමන්තුලින්ම වෙරිෆයි වෙන දේවල්. බණ ඇහීම තුලින් පමණක් ලැබෙන දේවල් නෙමෙයි. කරලා තමන්ම අත්දකිනකං 100% නිවැරදිව මෙහෙමයි වෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි දේවල්. ඒ වගෙම සමහර යෝගීන් රැවටෙනවා මට විපස්සනා ඥාන පහල උනායි කියලා. සමහරු භාවනාවට වාඩිවෙලා ඥාන ගැන හිත හිතා ඉඳලා එහෙම තීරණ වලට බහිනවා. සමහරුන්ට පහලවෙන විපස්සනා ඥානය දුර්වලයි. තේරුම් ගන්නත් අපහසුයි. ඔන්න ඔය අවිනිශ්චිතභාවය නිසා කමටහන් ගුරුවරයා දල අදහසක් ගැනීමට ඔය පසුකාලීන මයිල්ස්ටෝන්ස් භාවිතා කරනවා විනා එතනින් එහාට ගියපු ප්‍රකාශ කිරීම්, ඒ ගැන යෝගියා දැනුවත් කිරීම් කරන්න යන්නෙ නැහැ. යෝගියා මාර්ගඵලයකට එනතෙක් නිහඬව උපදෙස් දීම කරනවා.
එනිසා අපිට (යෝගියාට) 100% ව්ශ්වාසය තියන්න පුලුවන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරන, සියලු සංස්කාර සමථය කරන නිවන අත්විඳින මොහොත පමණයි. රෝශ් කියන අවස්ථා හතර තමා.
කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවෝ කියන විදිහට නම්,
When we transcend one level of truth, the new level becomes what is true for us. The previous one is now false. What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the highest truth because there is no other truth to transcend it.
Last edited:


