නිවනේ නිවීම

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @MalSeven උඩ අදහස් කරෙ තේරෙන කොට ඔක්කොම තේරෙනවා කියන එකද? චතුර්‍යාය සත්‍ය වගෙ. ඒත් බුදුන්වහන්සේත් ඔක්කොම කියනවනෙ ඒවගෙ .
    ඔව් මහත්තය, ඔතන ප්‍රශ්නය ජාතිය සහ ජාති ධර්ම, ජාතිය සහ ජාති ධර්ම අන්‍ය මන්‍ය ලෙස එකිනෙක ප්‍රත්‍ය වෙනව (තවත් සූවිසි ප්‍රත්‍යන් ගෙන් එකක්) ඒ කියන්නෙ සරලව කිව්වොත් එකක් තියෙනකොට අනික තියෙනව.
    මෙතන ජාතිය කිව්වෙ භව ප්‍රත්‍යයෙන් වෙන ජාතිය (මම කියන හැගීම) ජාති ධර්මයෝ කිව්වේ මගේ කියන හැගීම (ex. අඹුදරුවෝ, දැසි දස්සෝ, එළුවෝ බැටලුවෝ ...අරියපරියෙසන සූත්‍රය). ඔය ඔබතුමා 2,3 සහ 4 කිව්වෙ ජාති ධර්ම ගැන ඔවා එක එක අරන් බලන්න දෙයක් නැහැ. ජාතිය ක්ෂය වුන තැන ජාති ධර්මයෝ පනවන්න බැහැ.

    මෙහෙම කරාම මෙහෙම / causal knowledge
    මෙහෙම කරන්න ,මෙහෙම කරානම් හරි.
    අපි "දැනුම" තියෙන කෙනෙක් කියලා කියන්නේ මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන බවට .
    ගොඩක් දැනුම ඔය model එකට ගන්න පුළුවන් (IMHO).

    ඔය model එකම challenge වෙන තැනක් හමුවෙන්නෙ ඕන 😊.

    ඔව් මහත්තය එක ධර්මතාවයක් හැරෙන්න අනික් ඔක්කොම ඔය model එකේ challange වෙනව, ඒ එක ධර්මතාවය බුදු කෙනෙක් අකුරු අටකින් සහ පද තුනකින් දේශනා කරනව...

    @greenthunder @ek_rosh @MalSeven
    නිකමට ප්‍රශ්නයක් අහන්න ද?
    ඇයි ඔයා මගෙ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නෙ?
    බොහෝ විට ඔබතුමා කෙරෙහි අනුකම්පාවෙන්, මානය නිසා උත්තර දීපු අවස්ථාත් තියෙනව.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    @MalSeven සමහර විට ,සමහර විට ඒකත් challenge වෙනවා ඇති . සබ්බ and self reference එක අපි දෙන්නගෙ කතාව තුල වෙනස් වෙන්නෙ එතනින් . just consider the possibility .

    අන්තිමට අහපු එකෙ "මගෙ" කතාව අනිත් අය ආවම කියන්නම්. 😊
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113

    මම හිතුවෙ නැහැ ඔච්චර දන්න ඔබතුමා මෙහෙම වචනයක් අල්ලගෙන දඟලයි කියල...sorry අමතකවුනා, පදයටනේ මුල් තැන,:lol::lol:
    අනික මම කොහෙද කිව්වේ "බණ අහල පමණක් සෝවාන් වෙනව කියල", මම කිව්වේ මෙන්න මේක.View attachment 197970

    greenthunder said:
    බුදුන් කියූ ආර්ය සත්‍යය "ප්‍රත්‍යක්ෂව දැනගන්න" බණ අහලා කියවලා බැහැ. ලොජික් හෝ වචනය භාවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නත් බැහැ. ඒකට බුදුන් කියූ සත්තිස්බෝධිපාක්ශික ධර්ම වඩන්න. එතකොට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඇත්තක්ද කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ වේවි. එතෙක් තියෙන්නෙ අනුමානයක්. එහෙම ගිහින් කවදා හරි ධර්මාවබෝධය ලැබුනොත් තමන්ටම වැටහේවි මම අනුගමනය කරපු පුද්ගලයා "බුද්ධ" කියන ඩෙසිග්නේශන් එකට සුදුසු කෙනාද නැත්ද කියලා.

    Malseven: "මෙතනම වැරදියි නෙ greenthunder මහත්තය බණ අහලා කොච්චර නම් පිරිසක් මාර්ගඵල ලබල තියෙනවද?"

    මහත්තය මෙතනනෙ මුල. මෙතන greenthunder මහත්තය, බන අහල බැ කියන එකේ තෙරුම, බන අහල පමනක් බැ කියන එක කියල තෙරුම් ගන්න තරම් මොලයක් නැති ද?.. අනික ඔබතුමත්, බන අහල පමනක් බැ කියල එකග වෙනවනම්, මොකටද, greenthunder මහත්තය කියපු දෙය වරදි කියන්නෙ...මේව තමයි මහත්තය කියන්නෙ, වහගන්න බැරි උනාම හත් පොලේ ගා ගන්නව කියල :lol::lol:

    ඔව් ඒ ශ්‍රද්ධාව එන්නෙ experement එකෙන්, ඔබතුමා කියන යාළුවා කිව්වහම එන ශ්‍රද්ධාව නෙමෙයි, experement කරන්න මොලේ තියෙන්න ඒපායැ. :rofl: :rofl:

    Edit: කියන්නකො බලන්න මේකෙ හැටියට මොකක්ද පූර්වාංගම කියල
    View attachment 198028

    මහත්තයො, නිවරදි දුශ්ටිය නිකම්ම ඇති වෙනවද... කෙනෙක් බන අහන්න එපයි...බන අහන්න පුර්වාන්ගම වෙන එක ශ්‍රද්දාව කියල තමයි කියල තියෙන්නෙ...ඉතින් ඔය මොකක් පෙන්නුවත් ශ්‍රද්දාව නැතිව වෙන්නෙ කොහොමද... අය්යො සාමිනේ :no:

    පෙන්න ගන්න බැ නෙමෙයි පෙන්නල වැඩක් නැහැ. අඩු ගානේ බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නෙ හුස්ම ඉහල පහළ ගැනීම උගන්නන්න නෙමෙයි කියල තේරුම් ගිය දවසට කියල දෙන්නම් ;-)
    ------ Post added on Feb 22, 2023 at 11:13 AM

    කමක් නැ මහත්ටයො, වෙන කෙනෙකුට වත් බලා ගන්ට දාන්නකො ඉතින් අගේ නොකර ඔය තියෙනව කිව්ව එක...:rofl::rofl: මහත්තයට නැති නම් අත්තටම නැත් ද? :lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @MalSeven සමහර විට ,සමහර විට ඒකත් challenge වෙනවා ඇති . සබ්බ and self reference එක අපි දෙන්නගෙ කතාව තුල වෙනස් වෙන්නෙ එතනින් . just consider the possibility .
    ඔව් මහත්තය එකත් challange වෙනව කියල ගන්න පුළුවන් මොකද මේ ධර්මයත් මන ඉන්ද්‍රිය ගොචරයිනෙ නමුත් අපි බලන්න ඕනි මේ ඔක්කොගෙන්ම අපි මොකක්ද achive කරන්න යන්නෙ කියල. අපිට පෙනෙන්න තියන විදියට මේ මම සහ මගෙ යන හැගීම තමයි සියලු ප්‍රශ්න වලට මුල. මේක නිරෝධවූ අවස්ථාව ගැන අපිට අවබෝධයක් නැහැ නමුත් අපි දන්නව problem එක. ඉතිං ඔබතුමා කිව්ව විදියට ධර්මයත් challange වෙනව කියල මුල ඉඳන්ම ගත්තොත් IMHO ඔබතුමා නිමිත්ත ඉක්‌මවා යනවා. ඒකයි මේ දහම සියුම් කියන්නෙ ඕනවට වඩා වැඩියෙනුත් බැහැ අඩුවෙනුත් බැහැ,. අන්තිමට හරි මාර්ගය කෙලවර ඔය challange වෙන දේවල් පනවන්න බැරිවෙනව.

    Malseven: "මෙතනම වැරදියි නෙ greenthunder මහත්තය බණ අහලා කොච්චර නම් පිරිසක් මාර්ගඵල ලබල තියෙනවද?"

    මහත්තය මෙතනනෙ මුල. මෙතන greenthunder මහත්තය, බන අහල බැ කියන එකේ තෙරුම, බන අහල පමනක් බැ කියන එක කියල තෙරුම් ගන්න තරම් මොලයක් නැති ද?.. අනික ඔබතුමත්, බන අහල පමනක් බැ කියල එකග වෙනවනම්, මොකටද, greenthunder මහත්තය කියපු දෙය වරදි කියන්නෙ...මේව තමයි මහත්තය කියන්නෙ, වහගන්න බැරි උනාම හත් පොලේ ගා ගන්නව කියල :lol::lol:
    again පදයට මුල් තැන, කමක් නැහැ හරි බණ අහල පමණක් සෝවාන් වෙනව කියල මම කියන්නෙ නැහැ, දැන් හරි නේද මහත්තය?
    :lol:
    මහත්තයො, නිවරදි දුශ්ටිය නිකම්ම ඇති වෙනවද... කෙනෙක් බන අහන්න එපයි...බන අහන්න පුර්වාන්ගම වෙන එක ශ්‍රද්දාව කියල තමයි කියල තියෙන්නෙ...ඉතින් ඔය මොකක් පෙන්නුවත් ශ්‍රද්දාව නැතිව වෙන්නෙ කොහොමද... අය්යො සාමිනේ :no:
    ඔබතුමා කියන්නෙ තථාගතයන් වහන්සේ හිරුගේ අරුණෝදය අරගෙන ඔය මනාව දේශනා කරල තියෙන දේ වැරදියි කියලද? කමක් නැහැ ඉතිං බුදු වෙන්න යන අයනේ. මම නම් කියන්නෙ ඔය greenthunder මහත්තය කියන experiential trust/experiential faith කියන එක, ඒකෙදි මුලින් තියෙන්නෙ කුතුහලය නැත්නම් challange කරන්න තියෙන උවමනාව. නැතුව ඔය යාළුවා කිව්ව නිසා එන ශාද්ධාව නෙමෙයි. කවුරු හරි මොකක් හරි කිව්වහම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එහෙයි කියන්නෙ නිවටයොනෙ මහත්තය. :rofl:
    කමක් නැ මහත්ටයො, වෙන කෙනෙකුට වත් බලා ගන්ට දාන්නකො ඉතින් අගේ නොකර ඔය තියෙනව කිව්ව එක...:rofl::rofl: මහත්තයට නැති නම් අත්තටම නැත් ද? :lol::lol:
    වෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අහයිනෙ මහත්තය, ඔබතුමා දැනට කරගෙන යන විදියට යන්නකො ;-)
    ඔබතුමා නම ඒක ඇත්තටම නෑ කියල හිතාගත්තත් කමක් නැහැ, අලුතෙන් හොයාගන්නනෙ හදන්නෙ :lol:
    ------ Post added on Feb 23, 2023 at 4:30 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කමක් නැහැ හරි බණ අහල පමණක් සෝවාන් වෙනව කියල මම කියන්නෙ නැහැ, දැන් හරි නේද මහත්තය

    ඔව්, "සෝවාන් වෙන්නෙ බණ අහලයි" කියලා දුර්මතයක් සමාජගත කරන්න උදව් කරපු භික්ෂු වේශධාරියෙක් ආශ්‍රය කරපු කෙනෙක් " නැහැ බණ අහලා පමණක් සෝවාන් වෙනවා කියලා කියන්නෑ" කියන තැනට පත්වීම වටිනවා.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්, "සෝවාන් වෙන්නෙ බණ අහලයි" කියලා දුර්මතයක් සමාජගත කරන්න උදව් කරපු භික්ෂු වේශධාරියෙක් ආශ්‍රය කරපු කෙනෙක් " නැහැ බණ අහලා පමණක් සෝවාන් වෙනවා කියලා කියන්නෑ" කියන තැනට පත්වීම වටිනවා.
    ඔව් මහත්තය, මම මේක කලිනුත් කිව්ව, දෙයක් ත්‍රිපිටක ධර්මය අනුව හරි නම් ඒක පිළිගන්න පැකිලෙන්නෙ නැහැ.
    හැබැයි මෙතන කවුරු හරි කියනවනම්, ශ්‍රාවක පාරමිතාවක් තියෙන කෙනෙක් චතුරාර්‍ය සත්‍ය දේශනාවක් අහන්නෙ නැතුව භාවනාවෙන් පමණක් සෝතාපන්න වෙනව කියල, අන්න ඒක ගැලපෙන්නෙ නැහැ.

    මේ රතු පාටින් කොටු කරල තියෙන එකත් බලන්න හැබැයි, ඔය කියන භාවනාව (යෝනිසෝමනසිකාරය) වෙන්නේ දහම් දෙසන කල්හි
    1677118352870.png

    Edit: Added more content.
     
    Last edited:
    • Like
    Reactions: nipund

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව් මහත්තය, මම මේක කලිනුත් කිව්ව, දෙයක් ත්‍රිපිටක ධර්මය අනුව හරි නම් ඒක පිළිගන්න පැකිලෙන්නෙ නැහැ.
    හැබැයි මෙතන කවුරු හරි කියනවනම්, ශ්‍රාවක පාරමිතාවක් තියෙන කෙනෙක් චතුරාර්‍ය සත්‍ය දේශනාවක් අහන්නෙ නැතුව භාවනාවෙන් පමණක් සෝතාපන්න වෙනව කියල, අන්න ඒක ගැලපෙන්නෙ නැහැ.
    භාවනා කරන අය භාවනා කරනවට අමතරව කමටහන් සුද්ද කිරීමක් කරනවනෙ මල්හත. මේ කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ලඟත් මම කමටහන් සුද්ද කරගෙන තියනවා. මේ අවස්ථාවෙදි කමටහන් ගුරුවරයා යෝගියාට අවශ්‍ය උත්ප්‍රේරණය ලබාදෙනවා. බොහෝවිට පිරිස අඩුනම් එක් එක්කෙනාට කෙටිව අවශ්‍ය උපදෙස දෙනවා. පිරිස ගොඩාක් නම් සමූහ ධර්ම දේශනාවකින්. මේක තමා ආචින්නව පැවතගෙන එන සතිපට්ඨාන භාවනා සම්ප්‍රදාය. ලංකාවෙ බුරුමයේ ආදී සියලුම රටවල සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරයින් යන්නෙ මේ පොදු ක්‍රමයට. ඉතින් භාවනාවෙන් පමණක් නිවන් දකිනවා කියලා ඔයා ඉදිරිපත් කරන එක සාමාන්‍ය දෙස් විදෙස් යොගාවචර බෞද්ධයන් දරණ මතයක් නෙමෙයි. ඒක ඔයාගෙ හිතේ ඇතිකරගත් දෙයක්. තමන්ම ප්‍රත්‍යක්ෂ (කරලා බලලාම) කරගන්නකං අපිට කොයි චතුරාර්‍ය සත්‍ය දැම්මත් අපි තේරුං ගන්නෙ අපිට තේරෙන චතුරාර්‍ය සත්‍යක් නෙ. ආන්න ඒකයි අපි තමන් දන්නා දේ ඉවත් කරන්න ඕනෙ. දන්නා දේ ඉවත් කරලා බුදුන් කියන අපිට නොතේරෙන දේ ශ්‍රද්ධාව නිසා පිලි අරගෙන කියන විදිහටම හැසිරෙන්න ඕනෙ. බුදුන් කියපු විදිහට පිලිවෙලින් දාන ශීල භාවනා එහෙමත් නැතිනම් ශීල සමාධි පංඥා පිලිවෙලින් වඩන්න ඕනෙ. බුදුන් ගහලා තියන ෆ්‍රේම්වර්ක් එකේම ඉදිරියට යන්න ඕනෙ. එතකොට තමා බුදුන් අවබෝධ කරපු බුදුන් කියපු "චතුරාර්‍ය සත්‍ය" අපිට අවබෝධ වෙන්නෙ. එහෙම නැතිව මමයි ජගතා මමයි උගතා කියලා ගියොත් යන්න වෙන්නෙ අපි විසින් ගහගන්න ලද ෆ්‍රේම්වර්ක් එකක. අවබෝධ වෙන්නෙ අපෙන් හැදුනු ප්‍රඥාවක්. අපිට තේරෙන චතුරාර්‍ය සත්‍යක්.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    හොඳමයි මහත්තය... ඔව්, මම කාටවත් චෝදනා කළා නෙමෙයි, මම කිව්වෙ එහෙම කෙනෙක් කියනව නම් ඒක වැරදියි කියල. අනික මහත්තය මම කලින් කිව්ව වගෙ මේ මමයි ජගතා මමයි උගතා කියන්න යන දෙයක් නෙමෙයි, එකෙන් අපි කාටවත් වැඩක් නැහැනෙ. මම මගේ අදහස ප්‍රකාශ කරනව විතරයි.

    ශීල සමාධි පංඥා පිලිවෙලින් වඩන්න ඕනෙ කියල ඔබතුමා කියනව එතකොට, ඔබතුමා කලින් කිව්ව experiential trust/experiential faith සහ මේ පහත ත්‍රිපිටක ධර්මය වැරදිද?
    1677119603847.png
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    View attachment 198114මෙකමද මන්ද උනේ 🤔. හැමදේම වගෙ .😉

    නිපුන්ගෙ කලින් ප්‍රශ්නයට මම පිලිතුරු නොදුන්නෙ ඒක මට "ජිබරිශ්" සහ ප්‍රශ්නයන්ගෙ සීමාවන් වලින් එහාට යනවා කියලා හැඟුන නිසා.

    මේක කොමික් එකට නම් මම එකඟයි. අපි හැමෝම විනිශ්චය කරන්නෙ අපේම මනසේ ඉන්න නඩු කාරයො නීතිඥයො එක්ක. අපි මනසින් තේරුම් ගන්න "දේවල්" පුංචි කාලෙ ඉඳන් අපි ඉගෙනගත් දේවල් වලට සාපේක්ෂව තමා නිර්ණය වෙන්නෙ. එනිසා "දේවල්" හැම විටම සාපේක්ෂයි. එනිසා මාර්ගය ප්‍රායොගික අර්ථයකින් පමණක් ගත යුතුයි. පුංචි කාලෙ ඉඳන් ඉගෙනගත්ත දේවල් ඉවත් කරලා බුදුන්ට ඕනෑ දේවල් පැලකරන ක්‍රමය තමා සතර සතිපට්ඨානය වැඩීම. එතකොට අපිට අවබෝධ වෙන්නෙ සංසාරය කෙලවර කරවන බුදුන්ට අපිට පෙන්වන්න අවශ්‍ය චතුරාර්‍ය සත්‍ය.
     
    • Like
    Reactions: ek_rosh and nipund

    එතකොට greenthunder මහත්තය ඔය නිපුන් මහත්තය කියනව වගේම "බුදුන්ට ඕනෑ දේවල්" කියලත් "සතර සතිපට්ඨානය" කියලත් අපි inteprit කරගන්නේ අපේම දෙයක් නේද? එහෙනම් ඔතනත් ප්‍රශ්නයක් නොවේද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හොඳමයි මහත්තය... ඔව්, මම කාටවත් චෝදනා කළා නෙමෙයි, මම කිව්වෙ එහෙම කෙනෙක් කියනව නම් ඒක වැරදියි කියල. අනික මහත්තය මම කලින් කිව්ව වගෙ මේ මමයි ජගතා මමයි උගතා කියන්න යන දෙයක් නෙමෙයි, එකෙන් අපි කාටවත් වැඩක් නැහැනෙ. මම මගේ අදහස ප්‍රකාශ කරනව විතරයි.

    ශීල සමාධි පංඥා පිලිවෙලින් වඩන්න ඕනෙ කියල ඔබතුමා කියනව එතකොට, ඔබතුමා කලින් කිව්ව experiential trust/experiential faith සහ මේ පහත ත්‍රිපිටක ධර්මය වැරදිද?
    View attachment 198116

    වැරදි නැහැ මල් හත. ඔය තියෙන්නෙ ධර්මාවබෝධය ලබන මොහොත ගැන. සූර්යා උදාවෙන්න කලින් අරුණ නැගෙනවා කියන්නෙ කහපාට හිරු එලිය ඈත ක්ශිතිජයෙ දර්ශනය වීමනෙ. ඒකත් එක්කම තමා ඉර උදාව වෙන්නෙ.

    ඉර ක්ශිතිජයට ඇවිත් අරුණ නැගීම කියන්නෙ බොහොම සුලු කාලයකදි සිදුවෙන දෙයක්. නමුත් බැහැපු ඉර වටයක් ගහල පොලව වටේ ගිහින් ඔය අරුණ නගින්න කලින් තැනට එනකම් කොච්චර දුරක් ඇවිත් තිය ද? ඒ දුර තමා ශීල සමාධි ප්‍රඥා වැඩීම.

    ශීලය සමාධිය යත් සමාධිය ප්‍රඥාවටත් හේතු වෙවී ටික ටික පර්ෆෙක්ට් කරගෙන ඇවිත් යම් මොහොතක ප්‍රඥාව බුදුන්ට අවශ්‍ය තැනට පැමිණියේද ඒ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සියල්ලම බුදුන්ට අවශ්‍ය විදිහටම අංශු මාත්‍රයකදු වෙනසක් නැතිව සකස්වී නිවන් ස්පර්ශ කිරීම සිදුවෙනවා. භාවනාව භාවිතෝ බහුලීකතෝ කිරීම තුල බුදුන්ට අවශ්‍ය විදිහට සකස්වීමට අවස්ථා සලසාදීම තමා යෝගාවචරයා උත්සහ කරන්නෙ. බුදුන් කෙරෙහි ව්ශ්වාසයෙන්මයි එහෙමනම් මේ ගමන ගිහින් තියෙන්නෙ.

    එතකොට greenthunder මහත්තය ඔය නිපුන් මහත්තය කියනව වගේම "බුදුන්ට ඕනෑ දේවල්" කියලත් "සතර සතිපට්ඨානය" කියලත් අපි inteprit කරගන්නේ අපේම දෙයක් නේද? එහෙනම් ඔතනත් ප්‍රශ්නයක් නොවේද?
    ලොකුම ප්‍රශ්නයක් මල් හත.

    ඒකයි ප්‍රපංචයෙන් නිපංචයට යන්න ඕනෙ කියලා කටුකුරුන්දේ හාමුදුරුවො නිවනට යනවානම් මෙවැන් දෙයක් විය යුතුයි කියල නිර්ණායක ගහල දෙන්නෙ. "දේවල් වල දේවල් ගතිය" ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන බව කාලයත් සමග දැනෙනකොට තමන්ගෙ experiential trust, එහෙමත් නැතිනම් ශ්‍රද්ධාව තව තවත් තහවුරු වෙන්නෙ.

    දැන් අහන්නෙපා කටුකුරුන්දේ හාමුදුරුවො කියන එකත් අපේ ඉන්ටර්පිටේශන් එකක් නේද කියලා. ඒක තමා ග්‍රීන්තන්ඩර් හැමවෙලේම කියන්නෙ "කරලා බලන්න, කරලා බලන්න, කරලා බලන්න" කියලා. වචනයෙන්, තර්කයෙන් කොච්චර ගත්තත් කරලා බලනකං ප්‍රත්‍යක්ෂයකට එන්න බැහැ. ඒක තමා මල්හත තමන්ම කරලා බලලා ලැබෙන ප්‍රත්‍යක්ශයම උතුම් වෙන්නෙ.
    ------ Post added on Feb 23, 2023 at 8:34 AM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වැරදි නැහැ මල් හත. ඔය තියෙන්නෙ ධර්මාවබෝධය ලබන මොහොත ගැන. සූර්යා උදාවෙන්න කලින් අරුණ නැගෙනවා කියන්නෙ කහපාට හිරු එලිය ඈත ක්ශිතිජයෙ දර්ශනය වීමනෙ. ඒකත් එක්කම තමා ඉර උදාව වෙන්නෙ.

    ඉර ක්ශිතිජයට ඇවිත් අරුණ නැගීම කියන්නෙ බොහොම සුලු කාලයකදි සිදුවෙන දෙයක්. නමුත් බැහැපු ඉර වටයක් ගහල පොලව වටේ ගිහින් ඔය අරුණ නගින්න කලින් තැනට එනකම් කොච්චර දුරක් ඇවිත් තිය ද? ඒ දුර තමා ශීල සමාධි ප්‍රඥා වැඩීම.

    ශීලය සමාධිය යත් සමාධිය ප්‍රඥාවටත් හේතු වෙවී ටික ටික පර්ෆෙක්ට් කරගෙන ඇවිත් යම් මොහොතක ප්‍රඥාව බුදුන්ට අවශ්‍ය තැනට පැමිණියේද ඒ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සියල්ලම බුදුන්ට අවශ්‍ය විදිහටම අංශු මාත්‍රයකදු වෙනසක් නැතිව සකස්වී නිවන් ස්පර්ශ කිරීම සිදුවෙනවා. භාවනාව භාවිතෝ බහුලීකතෝ කිරීම තුල බුදුන්ට අවශ්‍ය විදිහට සකස්වීමට අවස්ථා සලසාදීම තමා යෝගාවචරයා උත්සහ කරන්නෙ. බුදුන් කෙරෙහි ව්ශ්වාසයෙන්මයි එහෙමනම් මේ ගමන ගිහින් තියෙන්නෙ.
    හොඳමයි මහත්තය, තියෙන්නේ නම් "කුසල් දහම් වලට මුල්ම නිමිත්ත" කියල, නැතුව සෝවාන් වීමට කියල නෙමෙයි...කමක් නැහැ, අදහස් දැක්වුවට ස්තුතියි මහත්තය.

    ලොකුම ප්‍රශ්නයක් මල් හත.

    ඒකයි ප්‍රපංචයෙන් නිපංචයට යන්න ඕනෙ කියලා කටුකුරුන්දේ හාමුදුරුවො නිවනට යනවානම් මෙවැන් දෙයක් විය යුතුයි කියල නිර්ණායක ගහල දෙන්නෙ. "දේවල් වල දේවල් ගතිය" ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන බව කාලයත් සමග දැනෙනකොට තමන්ගෙ experiential trust, එහෙමත් නැතිනම් ශ්‍රද්ධාව තව තවත් තහවුරු වෙන්නෙ.

    දැන් අහන්නෙපා කටුකුරුන්දේ හාමුදුරුවො කියන එකත් අපේ ඉන්ටර්පිටේශන් එකක් නේද කියලා. ඒක තමා ග්‍රීන්තන්ඩර් හැමවෙලේම කියන්නෙ "කරලා බලන්න, කරලා බලන්න, කරලා බලන්න" කියලා. වචනයෙන්, තර්කයෙන් කොච්චර ගත්තත් කරලා බලනකං ප්‍රත්‍යක්ෂයකට එන්න බැහැ. ඒක තමා මල්හත තමන්ම කරලා බලලා ලැබෙන ප්‍රත්‍යක්ශයම උතුම් වෙන්නෙ.
    ------ Post added on Feb 23, 2023 at 8:34 AM
    දේවල් වල දේවල් ගතිය ක්‍රම ක්‍රමයෙන් නැතිවීම නිවනට ක්‍රම ක්‍රමයෙන් ලඟා වෙනව කියල ඔබතුමා inteprit කලේ කොහොමද? මමත් කලින් භාවනා කරනවිට ඔයිට සමාන අත්දැකීම් තිබුන මහත්තය. ඔබතුමාගෙ ඔය අත්දැකීම අඩුම තරමින් ත්‍රිපිටකයේ තියෙන නිවනේ difinition එකට ගැලපෙනවද බලන්නකො. මම කරල බලන්නෙ නැතුව කියනව නෙමෙයි මහත්තය...කොහොම නමුත් ඔබතුමාගෙ අදහස් වලට නැවත වරක් ස්තුතියි!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දේවල් වල දේවල් ගතිය ක්‍රම ක්‍රමයෙන් නැතිවීම නිවනට ක්‍රම ක්‍රමයෙන් ලඟා වෙනව කියල ඔබතුමා inteprit කලේ කොහොමද?

    මම ඇතිවෙන්නෙ යමකට සාපේක්ෂව. සබ්ජෙක්ට් එක තියෙන්නෙ ඔබ්ජෙක්ට් එකට සාපේක්ෂව. ඔබ්ජෙක්ට් එක තියෙන්නෙ සබ්ජෙක්ට් එකට සාපේක්ෂව. "දේවල්" තව දුරටත් දේවල් නොවෙනා විට දේවල් නිසා පැනනගින මම කෙසේ නම් පනවාගන්නද (ඊනියා එකත්වයක් නෙමෙයි මේ). කටුකුරුන්දේ ස්වාමීන්වහන් නිවනේ නිවීම දේශනාමාලාවෙදි ඉහත කාරණය සහේතුක බව පෙන්වන්න උත්සහ කරනවා.
     
    • Like
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම ඇතිවෙන්නෙ යමකට සාපේක්ෂව. සබ්ජෙක්ට් එක තියෙන්නෙ ඔබ්ජෙක්ට් එකට සාපේක්ෂව. ඔබ්ජෙක්ට් එක තියෙන්නෙ සබ්ජෙක්ට් එකට සාපේක්ෂව. "දේවල්" තව දුරටත් දේවල් නොවෙනා විට දේවල් නිසා පැනනගින මම කෙසේ නම් පනවාගන්නද (ඊනියා එකත්වයක් නෙමෙයි මේ). කටුකුරුන්දේ ස්වාමීන්වහන් නිවනේ නිවීම දේශනාමාලාවෙදි ඉහත කාරණය සහේතුක බව පෙන්වන්න උත්සහ කරනවා.
    මහත්තය ඔබතුමා ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ල ඔබතුමාගෙ පෞද්ගලික අත්දැකීමක් කිව්ව නිසා මම මේක කියන්නෙ. මටත් ඔය සමානම අත්දැකීමක් තියනව. ඔබතුම හොඳට බලන්න මහත්තය ඔය "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව" කියල ඔබතුමාට දැනෙන්නේ සංඥාව දුර්වල වීම. මේක විනිවිද දකින්න. අපිට ඕනි දේවල් වල සංඥාව නැති කරන්න නෙමෙයි අපිට ඕනි ඔය මම සහ දේවල් කියන විද්‍යමාන වෙන සංසිද්ධියම ඇතිවීම නවත්වන එක - ඇතිවෙච්ච එකක් නැති කරන එක නෙමයි. ඔබතුමා ඔය කරන දෙය තුල "ගතිය නැතිවෙන දේවල් තියෙනව"... ඇත්තටම එහෙම තියෙන්න බැහැ නේද? අවසානයේ වෙන්න ඕනි ඔය මම සහ බාහිර වෙන්වීමක් විද්‍යමාන නොවීම නේද? පොඩ්ඩක් හිතල බලන්න... සංඥාව නැති කිරීම භයානක දෙයක්.

    Edit:
    අන්‍ය මණ්‍ය ප්‍රත්යෙන් බැඳිලා තියෙන විද්‍යමාන වීමක් තුල entity එකක් නැතිකිරීමෙන් අනික නැතිකිරීම කියල දෙයක් නැහැ මහත්තය ඔය සංසිද්ධියම ගෙඩිය පිටින් නැතිවෙන්නෙ. මම වෙනම, පිට වෙනම කියල පවතින දෙයක් නැහැ මේ මොහොතෙ විද්‍යමාන වීමක් පමණයි.
     
    Last edited:
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    @greenthunder @MalSeven
    මන් අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නෙ ඇයි කියන එකට උත්තරයක් දීපු එකට ස්තුතිය.

    මේ මොහොත ගත්තොත් . මේක දැන් කියවන බව විද්‍යාමාන වෙන්නෙම කර්ම පල මට්ටමින් , ලියවෙන එකත් ඔය වගේමයි . ඒ වෙන දේට අයිතිකාරයෙක් විද්‍යාමාන උනාම අනුකම්පාවෙන් / මාන්නයෙන් ලියුවා කියලා ගැනෙන්නෙ.
    ලියන තැනින් ලියවෙන බවට එතනින් නොලියවීමට යන්න ලැබෙවා..
    @greenthunder ප්‍රශ්නය ඉක්මවා යනවා කියන්න ඇත්තෙ මෙතැනට නම් 😍🙏🙏🙏🙏
    ඇයි ඔයා උත්තරයක් දෙන්නෙ කියන එක යෙදෙන්නෙ නෑ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මහත්තය ඔබතුමා ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ල ඔබතුමාගෙ පෞද්ගලික අත්දැකීමක් කිව්ව නිසා මම මේක කියන්නෙ. මටත් ඔය සමානම අත්දැකීමක් තියනව. ඔබතුම හොඳට බලන්න මහත්තය ඔය "දේවල් වල දේවල් ගතිය නැතිවෙනව" කියල ඔබතුමාට දැනෙන්නේ සංඥාව දුර්වල වීම. මේක විනිවිද දකින්න. අපිට ඕනි දේවල් වල සංඥාව නැති කරන්න නෙමෙයි අපිට ඕනි ඔය මම සහ දේවල් කියන විද්‍යමාන වෙන සංසිද්ධියම ඇතිවීම නවත්වන එක - ඇතිවෙච්ච එකක් නැති කරන එක නෙමයි. ඔබතුමා ඔය කරන දෙය තුල "ගතිය නැතිවෙන දේවල් තියෙනව"... ඇත්තටම එහෙම තියෙන්න බැහැ නේද? අවසානයේ වෙන්න ඕනි ඔය මම සහ බාහිර වෙන්වීමක් විද්‍යමාන නොවීම නේද? පොඩ්ඩක් හිතල බලන්න... සංඥාව නැති කිරීම භයානක දෙයක්.

    මම කිව්වෙ පෞද්ගලික අත්දැකීමක් නෙමෙයි, කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගෙ විවරණය. ඒක තුල සංඥාව නැති කිරීමකුත් නැහැ. ඒ ඔයා මම කියන එක තේරුම් ගන්න හැටි. මලහත කොච්චර කීවත් ඕක තේරුම් ගනීවි කියලා මට විශ්වාසයකුත් නැහැ.

    We are now in a position to appreciate meaningfully that much-vexed riddle-like verse we had quoted earlier from the Kalahavivādasutta.

    "He is not conscious of normal perception, nor is he unconscious (Na saññasaññī, na visaññasaññī,)

    He is not devoid of perception, nor has he rescinded perception (no pi asaññī na vibhūtasaññī)

    It is to one thus constituted that form ceases to exist (evaṃ sametassa vibhoti rūpaṃ)

    For reckonings through prolificity have perception as their source"(saññānidānā hi papañcasaṅkhā)

    Perception is the source of all prolific reckonings, such as those that impelled the audience at the magic show to respond with the 'Ahs', and 'Ohs' and whistles. One is completely free from that prolific perception when one is in the arahattaphalasamādhi.
    - නිවනේ නිවීම ධර්ම දේශනා අංක 26.
     
    • Like
    • Love
    Reactions: nipund and ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @greenthunder @MalSeven
    මන් අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නෙ ඇයි කියන එකට උත්තරයක් දීපු එකට ස්තුතිය.

    මේ මොහොත ගත්තොත් . මේක දැන් කියවන බව විද්‍යාමාන වෙන්නෙම කර්ම පල මට්ටමින් , ලියවෙන එකත් ඔය වගේමයි . ඒ වෙන දේට අයිතිකාරයෙක් විද්‍යාමාන උනාම අනුකම්පාවෙන් / මාන්නයෙන් ලියුවා කියලා ගැනෙන්නෙ.
    ලියන තැනින් ලියවෙන බවට එතනින් නොලියවීමට යන්න ලැබෙවා..
    අනේ එහෙම වෙන්න නම් ඕනි නැහැ මහත්තය, ඔය විදියට ගත්තොත් හිතන්නකෝ ආර්යන් වහන්සේලා අනුකම්පාවෙන් නොදෙසන තැනට පත්වූනොත්?
    ඔයවගෙ එලියෙ දේවල් එක්ක ඔබතුමා කොච්චරනම් ඔට්ටු වෙන්නද මහත්තය?
    @greenthunder ප්‍රශ්නය ඉක්මවා යනවා කියන්න ඇත්තෙ මෙතැනට නම් 😍🙏🙏🙏🙏
    ඇයි ඔයා උත්තරයක් දෙන්නෙ කියන එක යෙදෙන්නෙ නෑ
    ප්‍රශ්නයකින් පැනල යන්න හොඳ ක්‍රමයක් මගෙ හිතේ ;-)

    මම කිව්වෙ පෞද්ගලික අත්දැකීමක් නෙමෙයි, කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගෙ විවරණය. ඒක තුල සංඥාව නැති කිරීමකුත් නැහැ. ඒ ඔයා මම කියන එක තේරුම් ගන්න හැටි. මලහත කොච්චර කීවත් ඕක තේරුම් ගනීවි කියලා මට විශ්වාසයකුත් නැහැ.

    We are now in a position to appreciate meaningfully that much-vexed riddle-like verse we had quoted earlier from the Kalahavivādasutta.

    "He is not conscious of normal perception, nor is he unconscious (Na saññasaññī, na visaññasaññī,)

    He is not devoid of perception, nor has he rescinded perception (no pi asaññī na vibhūtasaññī)

    It is to one thus constituted that form ceases to exist (evaṃ sametassa vibhoti rūpaṃ)

    For reckonings through prolificity have perception as their source"(saññānidānā hi papañcasaṅkhā)

    Perception is the source of all prolific reckonings, such as those that impelled the audience at the magic show to respond with the 'Ahs', and 'Ohs' and whistles. One is completely free from that prolific perception when one is in the arahattaphalasamādhi.
    - නිවනේ නිවීම ධර්ම දේශනා අංක 26.
    මම මෙන්න මේ නිසා (පහල) ඒක ඔබතුමාගෙ අත්දැකීමක් කියල හිතුවෙ. කමක් නැහැ මහත්තය මේක මට තේරුම් ගන්න දෙයක් නැහැ අත්දැකීමෙන් දන්නව... ඔබතුමා කැමති නම හිතල බලන්න නැත්නම් ඔය ගුරු කුලේ follow කරන්න... ගොඩක් අය මේ දවස්වල කරන දේවල් වලට වඩා නම් ඔබතුම කරන දෙය හොඳයි. මට එපමණයි කියන්න තියෙන්නෙ, මම ආවේ අදහස් කියන්න මිසක් මිනිස්සුන්ගෙ දෘෂ්ටි වෙනස් කරන්න නෙමෙයිනෙ :-)

    දැන් අහන්නෙපා කටුකුරුන්දේ හාමුදුරුවො කියන එකත් අපේ ඉන්ටර්පිටේශන් එකක් නේද කියලා. ඒක තමා ග්‍රීන්තන්ඩර් හැමවෙලේම කියන්නෙ "කරලා බලන්න, කරලා බලන්න, කරලා බලන්න" කියලා. වචනයෙන්, තර්කයෙන් කොච්චර ගත්තත් කරලා බලනකං ප්‍රත්‍යක්ෂයකට එන්න බැහැ. ඒක තමා මල්හත තමන්ම කරලා බලලා ලැබෙන ප්‍රත්‍යක්ශයම උතුම් වෙන්නෙ.
    ------ Post added on Feb 23, 2023 at 8:34 AM
    ------ Post added on Feb 23, 2023 at 11:08 AM
     
    Last edited: