නිවන කියන්නේ මොකක්ද?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    hint එකක් නෙමෙයි රෝෂ්, මම දන්න/experience කරපු විදියට කතාව වැරදි නිසා reply කලේ, තරහ ගන්න අවශ්‍ය නැහැ.... මට වරදින්නත් පුළුවන්නෙ 🤷‍♂️ . කොහොමත් ඔයා බුද්ධ වචනය කියන්නෙ, ඔයා බුද්ධ වචනය කියල හිතාගෙන ඉන්න එකනෙ... ඒක ප්‍රශ්නයක් නැහැ. ලොකු පොඩි කතාවක් මෙතන නැහැ. Blair මල්ලි අපි ඔක්කොගෙම අදහස් නෙ අහන්නෙ :-).

    ත්‍රිපිටකයෙන් දාපු දේ හරිද වැරදිද කියල කියන්න කලින් ඔබතුමා කරන්න ඕනෙ ඔබතුමාගේ එක්ස්පිරියන්ස් එක හරිද කියල බලා ගන්න එක...බුද්ද කාලෙත් හිටිය නොවැ...තමගේ එක්ස්පිරියන්ස් එක තමයි හරි කියල..බුදු උනාය කියලත් හිතාගත් අය... :shocked:

    අනික...කෙනෙක් හිතනව නම් නිසියම් අද්යනයක් නැතුව ගාම්බිරවු අභිදම්මෙ ගිරව දාල කියන්න පුලුවන් කියල..ඒ කෙනාගේ මානසිකත්වය ගැන හිතා ගන්න පුලුවන්.....විහිලුවකටවත්..නිකමටවත් අබිදර්මය පිලිබද කිසිම අදහසක් නැති බව...:lol:
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මු මෙතන අතෙ පාරක් ගහලා ඇවිල්ලා දුක් වෙලා regretted, දැන් නිවන හොයනවා අඬාගෙන.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    ඔව්, වෙන විදියකින් ශ්‍රාවකයෙක්ට සෝවාන් වෙන්න බැහැ... ඒ නිසා තමයි මේ සාසනය 100% කල්‍යාණ මිත්‍රයන් මත රඳා පවතිනව කියල දේශනා කලේ ... දැන් පොත් තිබුනට බුද්ධ වචනය වෙනස් වෙන්නෙ නැහැ. :-)

    PS: looking forward for the කඩු ෆයිට් :rofl:

    ඇයි මහත්තයො, කල්යාන මිත්‍රයගෙන් බන අහන කෙනා ශ්‍රාවකයෙක් නෙවේ ද? :rofl: :rofl: :rofl:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    නිකන් අහන්නේ, @nuwan9999 @ek_rosh @nipund
    ඔයාලට මේක හොයන්න පොඩි කාලෙම idea එක ඇවිත්, හෙව්වද, නැත්තම් ජීවිතේ යම් මට්ටමක ලෞකික ස්ථාවරත්වයකට ආවට පස්සේද හොයන්න හිතුනේ?
    හ්ම්ම්. ඉස්සරත් කැමැති. කාලේකට හොයනවා ආයේ යට යනවා. ඔහොම තිබ්බෙ.
    එක පාරට ෂෝක් එකක් ආවා. Science ගැන තිබ්බ විශ්වාසය කැඩෙන්න . කරපු ජොබ් එකත් විකාරයක් වෙන. එතකොට ගොඩක් මහන්සි වෙලා හෙව්වා. කලින් හොයපු එකත් වැදගත් . අභිධර්මය එහෙම මුලින් කියෙව්වේ ගොඩක් කාලේකට කළින්.
    දිගටම හොයලා තියෙනවා. පුරුද්දක් තියෙන්න ඇති
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ත්‍රිපිටකයෙන් දාපු දේ හරිද වැරදිද කියල කියන්න කලින් ඔබතුමා කරන්න ඕනෙ ඔබතුමාගේ එක්ස්පිරියන්ස් එක හරිද කියල බලා ගන්න එක...බුද්ද කාලෙත් හිටිය නොවැ...තමගේ එක්ස්පිරියන්ස් එක තමයි හරි කියල..බුදු උනාය කියලත් හිතාගත් අය... :shocked:

    අනික...කෙනෙක් හිතනව නම් නිසියම් අද්යනයක් නැතුව ගාම්බිරවු අභිදම්මෙ ගිරව දාල කියන්න පුලුවන් කියල..ඒ කෙනාගේ මානසිකත්වය ගැන හිතා ගන්න පුලුවන්.....විහිලුවකටවත්..නිකමටවත් අබිදර්මය පිලිබද කිසිම අදහසක් නැති බව...:lol:

    ත්‍රිපිටකයෙන් ඕනි කෙනෙක්ට, ඕනි දෙයක්, කැමති විදියට interpret කරන්න පුළුවන්නෙ. ඕව අල්ලාගෙන දඟලන එක වැඩක් නැහැ.... ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක් ත්‍රිපිටකය එක්ක සසඳලා බලන එක වඩා ප්‍රායෝගිකයි IMHO, එහෙම බලපු දෙයක් තමයි කියවන කෙනෙක්ට උදවුව්වක් වෙයි කියල කිව්වෙ. ඒක ඔයාගෙ දෘෂ්ටියට tally වුණේ නැතිවුනාට මට කරන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසක ඔයත් බලන්න, මෙතන වාද කරල වැඩක් නැහැ. අනික ප්‍රත්‍යක්ෂ වෙච්ච දේක ආයෙත් හරි වැරදි බලන ක්‍රමය මොකක්ද?

    ඔලුවෙන් හිටගෙන කිව්වත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් තොරව කියන බණ කියන්නෙම දැනුම/ගිරව තමයි. ඇත්තම කිව්වොත් ඔය කිසිදෙයක් හරිද වැරදිද කියන්න මට අයිතියක් නැහැ. මම කිව්වනම් ඒ කිව්වෙ මගෙ අත්දැකීමට සාපේක්ෂව ඒ හින්ද ගන්න දෙයක් තියෙනවනම් ගන්න, නත්නම් ඒත් ගන්න මොකද ඔයා ඔය අභිධර්මය එක්ක ලොකු "මමෙක්" හදාගෙන ඉන්නෙ, කාලයක් තිස්සේ effort එකක් දාල කරගත්ත හින්ද බිමින් තියන්නත් බැහැ, එකෙන් අරක පුළුවන්, මේක පුළුවන් කියල self - justifications කර කර ඉන්නව... ඇත්තටම අපරාදෙ කාලෙ IMHO. 🤷‍♂️
    අභිධර්මය එපා කියනව නෙමෙයි... use කරන විදිය වැරදියි (again IMHO).

    ඇයි මහත්තයො, කල්යාන මිත්‍රයගෙන් බන අහන කෙනා ශ්‍රාවකයෙක් නෙවේ ද? :rofl: :rofl: :rofl:
    ශ්‍රාවකයෙක් තමයි.. ඒකනෙ මම කිව්වෙ :-)
    ------ Post added on Dec 28, 2025 at 3:55 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    අනාපනසති භාවනාව කරන්න

    ආනපනසති සූත්‍රයේ සඳහන් වන පියවර ( බුද්ධ වචනය )
    සහ, ථේරවාද යේ සඳහන් වන පියවර හාත්පස වෙනස්.

    පෙළේ, සූත්‍රයේ සඳහන් වන්නේ භාවනා කරන්න හිත ඒකාග්‍ර කරගන්න හුස්ම ගද්දී ඇතිවන සම්පූර්ණ ශරීර චලනයන්ට ( සබ්බකාය පටිසංවේදි ) අවධානය යොමු කරන්න කියලා.

    ඒත් ථෙරවාදී ඉගැන්වීම් වල ( විශුද්ධි මාර්ගය නේ ථෙරවාද යේ අඩිතාලම එහි, ) සඳහන් වන්නේ නාසික අග්‍රය ට අවධානය යොමු කරන්න කියලා. + ගොඩක් ථෙරවාද භික්ෂූන් සඳහන් කරන්නේ ඒ විදිය.

    මේ දෙකෙන් මොකද්ද හරි, ඔබලාගේ පෞද්ගලික අත්දැකීම් අනුව ?

    සහ ධ්‍යාන මට්ටමට පැමිණීමට මේ කුමන ක්‍රමයද නිවැරදි සහ ඉක්මනින් පල නෙළාගන්න පුළුවන් ?

    ස්තූතියි !

    @nuwan9999 @ek_rosh @nipund @Blair Solari
     
    Last edited:

    සබ්බකාය කියන්නෙ සම්පූර්ණ ශරීරය වත් නාසික අග්‍රය කියන්නෙ නහයේ කෙලවර වත් නෙමෙයි - මේ දෙකම අති ගාම්භීර ධර්මයකට දුන්න ඉතාම ලාමක අර්ථ දැක්වීම් දෙකක්. ධර්මය සහ මාර්ගය සියලු ත්‍රිහේතුක සත්වයන්ට වලංගුයි... ඔයාම හිතල බලන්නකො මෙහෙම අර්ථ දක්වුවාම ඒක එහෙමද කියල... ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපි බලමු මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මොකක්ද අනාපනසතිය කියන්නෙ කියල... මොකද ඒක ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993

    තව elaborate කරන්න. මෙහෙම මදි.
    කෝ ඔයාලගේ අදහස් @nipund @ek_rosh
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    උඹ හිතන විදියට මොකක්ද අනාපනසතිය කියන්නෙ මල්ලි? I mean, මොකක් වෙන්න ඕනිද?

    අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින එක.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    සබ්බකාය කියන්නෙ සම්පූර්ණ ශරීරය වත් නාසික අග්‍රය කියන්නෙ නහයේ කෙලවර වත් නෙමෙයි - මේ දෙකම අති ගාම්භීර ධර්මයකට දුන්න ඉතාම ලාමක අර්ථ දැක්වීම් දෙකක්. ධර්මය සහ මාර්ගය සියලු ත්‍රිහේතුක සත්වයන්ට වලංගුයි... ඔයාම හිතල බලන්නකො මෙහෙම අර්ථ දක්වුවාම ඒක එහෙමද කියල... ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපි බලමු මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මොකක්ද අනාපනසතිය කියන්නෙ කියල... මොකද ඒක ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි...
    මම එච්චර ධර්මයේ අත්දැකීම් ඇති කෙනෙක් නෙවේ... මට ආපු එකම ප්‍රාථමික ප්‍රශ්නය

    අනපනසති කරද්දී සිහිය පිහිටුවන්න ඕනි
    නාසික අග්‍රයේද ?
    සියලු ශරීර චලනය ට ද ( නාසය උදරය කර පපුව )
    කියලා 🙂

    මට අනුව අනාපනසතීය කියන්නේ ...

    නිවන නම් වූ අග්‍රපලය ලබාගැනීමට
    භාවිතා කරන එක මෙවලමක් ...

    අනාපනසිය කියන්නේ, සිහිය එක ස්ථානයකට ගෙන, ඒ අනුව සිතෙහි ඒකාග්‍රතාව වඩා, පිළිවෙලින් සතර ධ්‍යාන ලබා, ඉන් පසුව ඒ ලැබෙන මානසික හික්මීම,

    විදර්ශනාව ට යොමු කර ඒ මගින් නිවන සාක්ෂාත් කර ගැනීම.
     
    • Like
    Reactions: ek_rosh

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    මට තේරුන විදිහට ඔය ආශ්වාස ප්‍රාශ්වාස කියන්නේම කාය සංඛාරයක්. සතිය පිහිටවන්නේ ඒකට. වෙන දේට.

    ශුෂ්ක විදර්ශක කෙනෙක් නෙමෙයි නම් පංච නීවරණ යටපත් කරගැනීම ද අරමුණ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    වෙන දේට.

    ඔව්, imho

    ශුෂ්ක විදර්ශක කෙනෙක් නෙමෙයි නම් පංච නීවරණ යටපත් කරගැනීම ද අරමුණ?

    නීවරණ ධර්ම පවතින්න පුලුවන් අරමුණ එක්කමයි. අරමුණ කිව්වට, අරමුණ පමණකින්ම අවිද්‍යාව අපි ඔය අරමුණ කියලා අල්ලන්නේ/ දැනගන්නේ. අරමුණේ යථා ස්වභාවයෙදි, සංඛත අරමුණක් ලෙස දිට්ටියෙන් අල්ලන්නත් බැරි වෙනවා. සංඤාව අනිච්ච, අනාත්ම, දුක්ඛ වෙනවා. එතකොට කොහොමත් නීවරණ ධර්මවලට පිහිටන්න බැරි වෙනවා, imho.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මම එච්චර ධර්මයේ අත්දැකීම් ඇති කෙනෙක් නෙවේ... මට ආපු එකම ප්‍රාථමික ප්‍රශ්නය

    අනපනසති කරද්දී සිහිය පිහිටුවන්න ඕනි
    නාසික අග්‍රයේද ?
    සියලු ශරීර චලනය ට ද ( නාසය උදරය කර පපුව )
    කියලා 🙂

    මට අනුව අනාපනසතීය කියන්නේ ...

    නිවන නම් වූ අග්‍රපලය ලබාගැනීමට
    භාවිතා කරන එක මෙවලමක් ...

    අනාපනසිය කියන්නේ, සිහිය එක ස්ථානයකට ගෙන, ඒ අනුව සිතෙහි ඒකාග්‍රතාව වඩා, පිළිවෙලින් සතර ධ්‍යාන ලබා, ඉන් පසුව ඒ ලැබෙන මානසික හික්මීම,

    විදර්ශනාව ට යොමු කර ඒ මගින් නිවන සාක්ෂාත් කර ගැනීම.
    මේ මම දන්නා ආනාපානසතිය, වෙන ඒවත් ඇති... ඒව හරිද, වැරදිද කියන්න මම දන්නෙ නැහැ නමුත් මට හොඳටම sure බුදු කෙනෙක් ලෝකෙට පහල වෙල හුස්ම ඉහල පහල ගන්න එකයි ඇඟ චලනය වෙන එකයි බලන් ඉන්න නම් කියන්නෙ නැහැ කියල. ශරීරයක් නැති, හුලං රැල්ල නැති ශුද්ධාවාසයේ ඉන්න අනාගාමි බ්‍රහ්මයෙක් අනාපනසතිය වඩන හැටි පොඩ්ඩක් හිතල බලන්න...

    ඉතාම සරලව කිව්වොත්ම, ම දන්නා ආනාපානසතිය පනවන්නෙ ආර්‍ය ශ්‍රවකයෙක්ට ඒ කියන්නෙ සෝවාන් හෝ ඊට ඉහල මාර්ග ඵලයක ඉන්න කෙනෙකුට. අනාපනසතියේ ඉන්න ආර්‍ය ශ්‍රවකයා අවශ්‍ය කමටහන් තමන්ගේ කල්‍යාණ මිත්‍රයාගෙන් ලබාගෙන; අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙස ඇසුරු කල යුත්ත ඇසුරු කරයි (අස්සාස). අනිච්ච, දුක්ඛ සහ අනත්ත ලෙස පහ කල යුත්ත පහ කරයි (පස්සාස).

    ආනාපානසතිය එසේ වඩන ආර්‍ය ශ්‍රවකයාට, සතර සතිපට්ඨානය වැඩෙයි, පංච බල වැඩෙයි... ඔය වගෙ සත් තිස් මහා බෝධිපාක්ෂික ධර්මම වැඩෙයි....
     
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ශරීරයක් නැති, හුලං රැල්ල නැති ශුද්ධාවාසයේ ඉන්න අනාගාමි බ්‍රහ්මයෙක් අනාපනසතිය වඩන හැටි පොඩ්ඩක් හිතල බලන්න...

    ශරීර තියෙනවා නේද සුද්ධාවාස වල?

    මේ අදහසනම් මටත් තියෙනවා. ඒත් විදර්ශනාව ලෞකිකව වඩන කෙනාටත් යෝනිසෝ මනසිකාරය පිහිටනන් background එක හැදෙනවා, imho.

    @nipund @ek_rosh අදහස්
    ------ Post added on Dec 28, 2025 at 1:49 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    ශරීරයක් නැති, හුලං රැල්ල නැති ශුද්ධාවාසයේ ඉන්න අනාගාමි බ්‍රහ්මයෙක් අනාපනසතිය වඩන හැටි පොඩ්ඩක් හිතල බලන්න...

    අවශ්‍ය ද?
    ධ්‍යාන ලබපු කෙනෙක්ට ඕන වෙලාවක ක්ශනිකව කසිනයට සමාධිගත වෙන්න පුලුවන් නේ. ඕවා කරකර ඉන්න දෙයක් නෑ නේද ඊට පස්සේ?
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ශරීර තියෙනවා නේද සුද්ධාවාස වල?

    මේ අදහසනම් මටත් තියෙනවා. ඒත් විදර්ශනාව ලෞකිකව වඩන කෙනාටත් යෝනිසෝ මනසිකාරය පිහිටනන් background එක හැදෙනවා, imho.

    @nipund @ek_rosh අදහස්
    ------ Post added on Dec 28, 2025 at 1:49 PM
    මං දන්න තරමින් නැහැ... අඩේ එච්චර යන්න ඕනිත් නැහැ.... ධ්‍යාන සමාපත්ති වලදී කාය සංකාර නැති වුනාම කොහොමද කරන්නෙ? මනෝ සංකාර විතරනෙ run වෙන්නෙ...ඔය හුස්ම/ඇඟ දිහා බලන් ඉන්න එක fundamentally wrong කියල ඒකෙන්ම කියන්න පුළුවන්නෙ....
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    මං දන්න තරමින් නැහැ... අඩේ එච්චර යන්න ඕනිත් නැහැ.... ධ්‍යාන සමාපත්ති වලදී කාය සංකාර නැති වුනාම කොහොමද කරන්නෙ? මනෝ සංකාර විතරනෙ run වෙන්නෙ...ඔය හුස්ම/ඇඟ දිහා බලන් ඉන්න එක fundamentally wrong කියල ඒකෙන්ම කියන්න පුළුවන්නෙ....

    ඕන අරමුණක විදර්ශනාව වඩන්න පුලුවන්නේ ඉතින්? මොකක්ද අවුල?