නිවන කියන්නේ මොකක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඔය හේතු සකස් වීමට සතිපට්ටානය හේතුවක් වෙන්න බැරි ඇයි?
    සතිපට්ටානය කියන්නෙම සෝවාන් හින්ද, අකුණ ගහනකොටම එලිය තිබුන, අකුණ ඉස්සෙල්ල ඇවිල්ල එලිය පස්සෙ ආවා නෙමෙයි.

    ඉතින් යොගියට කාලයක් තියෙනවනෙ...එහෙනම් බන අහනව කියන එකත් වැරදි ප්‍රශ්නයක් නෙ..මොකද බන අහනව කියන එකත් කාලයට යටත් නෙ.?
    යොගියට කාලයක් තිබුනට, පරමාර්ථ ධර්මයන් කාලයෙන් පනවන්න බැහැ යෝගියා (මම) සෝවාන් වෙනව කියල එකක් නැහැ

    දහමෙ අකාලිකත්වය කියන්නෙ මොකක්ද? ඇයි අකාලිකත්වය ලෙෆ්ට් වෙන්නෙ මේ සුට්‍රයෙන්?
    ඔන්න ඕක තමයි රෝෂ් අයියෙ මට මේකෙ කියල දෙන්න අමාරු... කෙනෙක් පනවගෙන දහම දිහා බැලුවොත් කොහොමත් අකාලිකත්වය ලෙෆ්ට්. දහම තුල දේවල් කාලයෙන් පනවන්න බැහැ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    යොගියට කාලයක් තිබුනට, පරමාර්ථ ධර්මයන් කාලයෙන් පනවන්න බැහැ යෝගියා (මම) සෝවාන් වෙනව කියල එකක් නැහැ

    ඕක පෘථග්ජනයට කියලා වැඩක් තියෙද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,496
    113
    වචන වල එල්ලෙන්න එපා ඉතිං සෝවාන් වෙල මග වඩන්න කියල කියන්නෙ :-)

    ඕකෙ අනික් පැත්ත නෙමෙයි ද කරන්න කියන්නේ?
    මග වඩලා ඵල ලැබීම

    සෝවාන් මගලාභී -> සෝවාන් ඵල ලාභී
    සකෘදාගාමී මගලාභී -> සකෘදාගාමී ඵලලාභී...
     
    • Like
    Reactions: ek_rosh

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඔන්න ඕක තමයි රෝෂ් අයියෙ මට මේකෙ කියල දෙන්න අමාරු... කෙනෙක් පනවගෙන දහම දිහා බැලුවොත් කොහොමත් අකාලිකත්වය ලෙෆ්ට්. දහම තුල දේවල් කාලයෙන් පනවන්න බැහැ.

    කෙනා පනවනවා.. කියලා එකක් නෑ. පෙනෙන, ඇහෙන, දැනෙන පමණකින්ම කෙනා නැත්තම් මමත්වය තියෙනවා. ඔය 'කෙනෙක්' විදිහට පනවන්නේ මමත්වය නෙමෙයි. ඒ පස්සේ හිතන එකක්. ආයේ පුලුවන් 'කෙනෙක් නැහැ..' කියලා හිතන්නම තමයි.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    සොවාන් වෙන විදිහ තමයි අහන්නේ මුකුත් වඩන්නැතුව. බන අහන්නවත් බැහැ ආයාසයක් නැතුව, imho. බන අහන එක සතිපට්ඨානය නෙමෙයි කියන්නත් බැහැ, imho.

    සකස් නොවීම, හේතුන්ගේ ඵලයක් කියන්නත් බැහැ, imho.
    ඔය එකක් වත් මම කියන්නෙ නෑ මල්ලි, මොකද ඕව interpret කරන්න වෙන්නෙ ලෝකෙ තුල. ...
    හැබැයි ඉතින් generally speaking:
    • බන අහන එක සතිපට්ඨානය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... අහන පුද්ගලය අනුව.
    • ආයාසයක් අරන් සෝවාන් වෙන්න බැහැ, හේතු සැකසෙන්න ඕනි, බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනෙ හේතු සකස් කරගන්න විදිය... ඕකට බණ අහන්න ඕනි
    • "සකස් නොවීම" කියන සිතුවිල්ල හේතූන්ගේ සකස් වීමක් තමයි, සකස් නොවීමම හේතූන්ගෙන් පනවනව කියන එක අතාත්විකයිනෙ...

    කෙනා පනවනවා.. කියලා එකක් නෑ. පෙනෙන, ඇහෙන, දැනෙන පමණකින්ම කෙනා නැත්තම් මමත්වය තියෙනවා. ඔය 'කෙනෙක්' විදිහට පනවන්නේ මමත්වය නෙමෙයි. ඒ පස්සේ හිතන එකක්. ආයේ පුලුවන් 'කෙනෙක් නැහැ..' කියලා හිතන්නම තමයි.
    බණ අහන්න මල්ලි, මේක මෙහෙම කරන්න බැහැ, ඔයා කියන එක නෙමෙයි මම තේරුම් ගන්නෙ, මම කියන එක නෙමෙයි ඔයා තේරුම් ගන්නෙ.
    ------ Post added on Dec 30, 2025 at 6:18 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    හේතු සකස් කරගන්න විදිය... ඕකට බණ අහන්න ඕනි
    ආයාසයක් අරන් සෝවාන් වෙන්න බැහැ

    මේ දෙක එකිනෙකට පරස්පරයි වගේ පේන්නැද්ද?

    "සකස් නොවීම" කියන සිතුවිල්ල හේතූන්ගේ සකස් වීමක් තමයි, සකස් නොවීමම හේතූන්ගෙන් පනවනව කියන එක අතාත්විකයිනෙ...

    සකස් නොවීම කොහොමත් හිතන්න බැහැ.
    ------ Post added on Dec 30, 2025 at 6:21 AM

    බණ අහන්න මල්ලි, මේක මෙහෙම කරන්න බැහැ, ඔයා කියන එක නෙමෙයි මම තේරුම් ගන්නෙ, මම කියන එක නෙමෙයි ඔයා තේරුම් ගන්නෙ

    බන අහනවා හැමදාම.
    ------ Post added on Dec 30, 2025 at 6:21 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඕකෙ අනික් පැත්ත නෙමෙයි ද කරන්න කියන්නේ?
    මග වඩලා ඵල ලැබීම

    සෝවාන් මගලාභී -> සෝවාන් ඵල ලාභී
    සකෘදාගාමී මගලාභී -> සකෘදාගාමී ඵලලාභී...
    නැහැ, සෝවාන් මගලාභී -> සෝවාන් ඵල ලාභී අතර කාලයෙ වෙනසක් නැහැ ආයෙත් ඔය කාලයේ හිරවෙල... ඕකෙන් ගොඩ එන එක තමයි අමාරු. එකක් පස්සෙ එකක් එනව කියන හැගීම එනවම තමයි. මගට එන්නෙ නැතුව මග වඩන්නෙ කොහොමද?

    මේ දෙක එකිනෙකට පරස්පරයි වගේ පේන්නැද්ද?

    සෝවාන් වෙන්න බණ අහනව කියන්නෙයි, බණ අහනව කියන්නෙයි එකක්ද දෙකක් ද?
    ------ Post added on Dec 30, 2025 at 6:22 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    සතිපට්ටානය කියන්නෙම සෝවාන් හින්ද, අකුණ ගහනකොටම එලිය තිබුන, අකුණ ඉස්සෙල්ල ඇවිල්ල එලිය පස්සෙ ආවා නෙමෙයි.

    සොවාන් වෙන්න කලින් බන අහනව කියන එක පවතිනවනම්...ඇයි සතිපට්ටානය පවතින්න බැරි?

    යොගියට කාලයක් තිබුනට, පරමාර්ථ ධර්මයන් කාලයෙන් පනවන්න බැහැ යෝගියා (මම) සෝවාන් වෙනව කියල එකක් නැහැ

    මම සොවාන් වෙනව කියල නැති උනාට...මම බන අහනව..සතිපට්ටනය වඩනව කියන එක නැති වෙන්න ඕනෙ ද?

    ඔන්න ඕක තමයි රෝෂ් අයියෙ මට මේකෙ කියල දෙන්න අමාරු... කෙනෙක් පනවගෙන දහම දිහා බැලුවොත් කොහොමත් අකාලිකත්වය ලෙෆ්ට්. දහම තුල දේවල් කාලයෙන් පනවන්න බැහැ.

    දහම තුල දේවල් කාලයෙන් පනවන්න බැ කිව්ව්..?

    අනික, බුදුන් ෆේස්ටු ෆේස් කියන කොට ඔය සුත්‍රයෙ, අකාලික වෙන්නයි..ලියපු සුත්‍රය කිඅවනකොට අකාලික ලෙෆ්ට් වෙන්නෙ කොහොම්ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    නැහැ, සෝවාන් මගලාභී -> සෝවාන් ඵල ලාභී අතර කාලයෙ වෙනසක් නැහැ ආයෙත් ඔය කාලයේ හිරවෙල... ඕකෙන් ගොඩ එන එක තමයි අමාරු. එකක් පස්සෙ එකක් එනව කියන හැගීම එනවම තමයි. මගට එන්නෙ නැතුව මග වඩන්නෙ කොහොමද?

    අකාලික කියන්නේ, imho, කාලයට නතු කරන්න බැහැ කියන එක. කාලය කියන්නේ ඔයා හිතන සංකල්පයට එහා දෙයක්, imho. සංකල්පමය කාලය මොහොතට ශූන්‍යයි. ඉතින් මොහොතෙ ජීවත් වෙන කෙනෙක්ට ඔයා කොහොමද කාලය පෙන්නන්නේ?

    හැගීම් එක්ක ගැටෙන එක කොහොමත් රහත් වෙනකන් තියෙනවා. හැගීම් නැති වෙන්නැහැ. ගැටීම නැති වෙන්නේ, imho

    සෝවාන් වෙන්න බණ අහනව කියන්නෙයි, බණ අහනව කියන්නෙයි එකක්ද දෙකක් ද?

    බන අහන්නේ ආයාසයෙන්නේ පෘථ්ගජනයා. තණ්හාවක් නැතුව ආයාසය යොදවන්න පුලුවන්ද?
    ------ Post added on Dec 30, 2025 at 6:31 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    සොවාන් වෙන්න කලින් බන අහනව කියන එක පවතිනවනම්...ඇයි සතිපට්ටානය පවතින්න බැරි?
    මේ අනික් problem එක... දැන් ඔයාට සතිපට්ටානය කියන්නෙ කාලය තුල පවතින දෙයක් වගෙ නේද හැගෙන්නෙ? මෙන්න දුක්ඛ සංඥාව පුළුවන් නම් අල්ලගන්න :)
    මම සොවාන් වෙනව කියල නැති උනාට...මම බන අහනව..සතිපට්ටනය වඩනව කියන එක නැති වෙන්න ඕනෙ ද?
    මම බණ අහනව කියන්නෙ එකක්, මම සතිපට්ටනය වඩනව කියන්නෙ වෙන වැරදි එකක්, සතිපට්ටනය මමක් ගෙන් පනවන්න බෑ.
    දහම තුල දේවල් කාලයෙන් පනවන්න බැ කිව්ව්..?

    අනික, බුදුන් ෆේස්ටු ෆේස් කියන කොට ඔය සුත්‍රයෙ, අකාලික වෙන්නයි..ලියපු සුත්‍රය කිඅවනකොට අකාලික ලෙෆ්ට් වෙන්නෙ කොහොම්ද?
    සරලවම කිව්වොත්, ලියපු දෙයක් කියවනකොට ඔයා එකක් පසුපස එකක් යන සිත් පරම්පරාවක් හදන්නෙ, තනි හිතකට බෑ ඔය ලියල තියෙන දේ එක පාරටම grasp කරන්න. ඕක slow වැඩියි, අහන එකෙත් ඔය problem එක තියෙනව නමුත් කියවනවට වඩා ඉක්මන්, ඒකයි බණ අහන්න කියන්නෙ.

    මේ ඔක්කොම මෙහම විස්තර කරන්න බෑ මොනව ඔයගේ හිතට යනවද දන්නෙ නැහැ. කියවල කොහොමත් බැරිකොට මම වගේ මේ යන්තං ගැටගහගත්ත එකෙක් forum එකක කොටන ඒවායින් කෙනෙක්ට ධර්මාවබෝධය ලැබෙයි කියල හිතාගන්නවත් බැහැ
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    මම බණ අහනව කියන්නෙ එකක්, මම සතිපට්ටනය වඩනව කියන්නෙ වෙන වැරදි එකක්, සතිපට්ටනය මමක් ගෙන් පනවන්න බෑ.

    පෘථග්ජනයා බන අහන පමණකින්ම අත්ත, නිච්ච, සුඛ.

    ඔයා කියන 'මම' කියන්නේ මොකක්ද කියන්න ඉස්සෙල්ලා?

    මේක මෙහෙමයි.. කියන්නේ සංකල්ප.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    අකාලික කියන්නේ, imho, කාලයට නතු කරන්න බැහැ කියන එක. කාලය කියන්නේ ඔයා හිතන සංකල්පයට එහා දෙයක්, imho. සංකල්පමය කාලය මොහොතට ශූන්‍යයි. ඉතින් මොහොතෙ ජීවත් වෙන කෙනෙක්ට ඔයා කොහොමද කාලය පෙන්නන්නේ?

    හැගීම් එක්ක ගැටෙන එක කොහොමත් රහත් වෙනකන් තියෙනවා. හැගීම් නැති වෙන්නැහැ. ගැටීම නැති වෙන්නේ, imho

    බන අහන්නේ ආයාසයෙන්නේ පෘථ්ගජනයා. තණ්හාවක් නැතුව ආයාසය යොදවන්න පුලුවන්ද?
    ------ Post added on Dec 30, 2025 at 6:31 AM
    ඔයා කැමති විදියට ගන්න මල්ලි, මාත් එක්ක ඕව justify/reason කරල වැඩක් නැහැ.... අකාලිකත්වය grasp උනා කියනෙත් ඔයා සෝවාන්ම තමයි. ඔය ඔක්කොම එකට වෙන්නෙ. කාලයට නතු කරන්න බැහැ කියනකොට, කාලය තියෙනව නේද? ඔතනම අහුවෙල ඉවරයි.

    ඔයා කියන 'මම' කියන්නේ මොකක්ද කියන්න ඉස්සෙල්ලා?
    In nutshell, මම කියන්නෙ ඉන්නව කියල එන හැගීම...
    ------ Post added on Dec 30, 2025 at 6:39 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඔයා කැමති විදියට ගන්න මල්ලි, මාත් එක්ක ඕව justify/reason කරල වැඩක් නැහැ.... අකාලිකත්වය grasp උනා කියනෙත් ඔයා සෝවාන්ම තමයි. ඔය ඔක්කොම එකට වෙන්නෙ. කාලයට නතු කරන්න බැහැ කියනකොට, කාලය තියෙනව නේද? ඔතනම අහුවෙල ඉවරයි.

    In nutshell, මම කියන්නෙ ඉන්නව කියල එන හැගීම...
    ------ Post added on Dec 30, 2025 at 6:39 AM

    කාලය කියන්නේ මොකක්ද?

    plus, ඉන්නවා කියන හැගීමම තමයි මන් කියන කාලය.

    නෑතුව වර්තමානය, අතීතය, අනාගතය කියන සංකල්ප නෙමෙයි.

    අකාලිකත්වය grasp උනා

    මේක වුනා කියලා කොහොමද දැනගන්නේ?
    ------ Post added on Dec 30, 2025 at 6:41 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    Great questions, but මේව හරියට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. ධර්මාවබෝධයෙන්ම තමයි මේවට උත්තර එන්නෙ.

    නිකං කිව්වොත්
    කාලය කියන්නේ මොකක්ද?
    ලොකුම බොරුවලින් එකක්
    plus, ඉන්නවා කියන හැගීමම තමයි මන් කියන කාලය.

    නෑතුව වර්තමානය, අතීතය, අනාගතය කියන සංකල්ප නෙමෙයි.
    ඔය දෙකම එක නමෙයි හැබැයි එකක් අනිකට ප්‍රත්‍ය වෙනව (අංඥ මංඥ ප්‍රත්‍ය මගෙ හිතේ)

    මේක වුනා කියලා කොහොමද දැනගන්නේ?
    ------ Post added on Dec 30, 2025 at 6:41 AM
    සෝවාන් උනාම
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානන්ති.

    -> රාගය කපා උදුරා අස්කර දැමීම
    -> ද්වේශය කපා උදුරා අස්කර දැමීම
    -> මෝහය කපා උදුරා අස්කර දැමීම

    නිවනයි !

    එතකොට :

    අ) රාගය, ද්වේශය, මෝහය යනු කුමක්ද සහ එය හට ගන්න අවස්තාව දැන ගත යුතුයි
    ආ) රාගය, ද්වේශය, මෝහය එන මොහොතේ නිවැරිදි සමතය සහ විපස්සනාව වඩන්න දැන ගත යුතුයි
    ඇ) රාගය, ද්වේශය, මෝහය ප්‍රහාන වුද, නැද්ද යන එක පසු විපරම් කිරීමෙන් තේරුම් ගන්න හැකියාවක් තිබිය යුතුයි.

    මෝහය හට ගන්න මොහොත අල්ල ගන්න අමාරුයි මුල් කාලයේ.

    එමනිසා රාගය හෝ ද්වේශය හදුනාගෙන ප්‍රහානය කිරීමෙන් පටන් ගන්න එක ලෙහෙසියි.

    නිවන් දැකීම යනු කුමක්ද?​

    නිවන් අවබෝධ කරගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිළි ලෙසම, සරළ ලෙසම විග‍්‍රහ කර ඇති බුද්ධ දේශණාව වන්නේ,

    “රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං”

    යන බුද්ධ දේශණාවයි.

    යම් කෙනෙකු රාගය, ද්වේෂය, මෝහය යන ලාමක ගති ලක්ෂණයන් තම චිත්තසංථානයෙන් පුර්ණ වශයෙන්ම ඛය කර දමන්නට, අතහැර දමන්නට, සදහටම එවැනි ගති ලක්ෂණ වලින් මිදී නිදහස් වන්නට හැකියාව ලැබුණොත්, ඒ උත්තමයා නිවන් අවබෝධ කර ගනී.

    -> ඉතිරි කොටස කියවන්න
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මේ අනික් problem එක... දැන් ඔයාට සතිපට්ටානය කියන්නෙ කාලය තුල පවතින දෙයක් වගෙ නේද හැගෙන්නෙ? මෙන්න දුක්ඛ සංඥාව පුළුවන් නම් අල්ලගන්න :)

    මට හගීමක් නැහැ සහ අදාලත් නැ නෙ... ඔබතුමා සොවාන් එන්න කලින් සතිපට්ටනය වඩන්න බැ කියන එකට මූලික පදනම තම මම අහන්නෙ

    මම බණ අහනව කියන්නෙ එකක්, මම සතිපට්ටනය වඩනව කියන්නෙ වෙන වැරදි එකක්, සතිපට්ටනය මමක් ගෙන් පනවන්න බෑ.

    සතිපට්ටානය මමක්ගෙන පනවන්න බැ කියන්නෙ මොකක්ද?

    සරලවම කිව්වොත්, ලියපු දෙයක් කියවනකොට ඔයා එකක් පසුපස එකක් යන සිත් පරම්පරාවක් හදන්නෙ, තනි හිතකට බෑ ඔය ලියල තියෙන දේ එක පාරටම grasp කරන්න. ඕක slow වැඩියි, අහන එකෙත් ඔය problem එක තියෙනව නමුත් කියවනවට වඩා ඉක්මන්, ඒකයි බණ අහන්න කියන්නෙ.

    බන අහනකොට උනත්. එක හිතකට ගන්න පුලුවන් ශබ්ද මාත්‍රයක් නම් එක හිතකින් ග්‍රැස්ප් කරන්නෙ කොහොමද?

    ආනික ස්ලොව් උනාම තියෙන අවුල මොකක්ද? ෆාස්ට් එකෙනුයු, ස්ලොව් වලිනුයි...අකාලික බව වෙනස් වෙන්නෙ කොහොමද?

    කෙනෙකුට ඕනෙ නම්...ලියල තියෙන දෙ.. කෙනෙක් කියනවට වැඩ්ය වේගයෙන් ගන්නත් පුලුවන් නෙ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මට හගීමක් නැහැ සහ අදාලත් නැ නෙ... ඔබතුමා සොවාන් එන්න කලින් සතිපට්ටනය වඩන්න බැ කියන එකට මූලික පදනම තම මම අහන්නෙ

    සතිපට්ටානය මමක්ගෙන පනවන්න බැ කියන්නෙ මොකක්ද?

    බන අහනකොට උනත්. එක හිතකට ගන්න පුලුවන් ශබ්ද මාත්‍රයක් නම් එක හිතකින් ග්‍රැස්ප් කරන්නෙ කොහොමද?

    ආනික ස්ලොව් උනාම තියෙන අවුල මොකක්ද? ෆාස්ට් එකෙනුයු, ස්ලොව් වලිනුයි...අකාලික බව වෙනස් වෙන්නෙ කොහොමද?

    කෙනෙකුට ඕනෙ නම්...ලියල තියෙන දෙ.. කෙනෙක් කියනවට වැඩ්ය වේගයෙන් ගන්නත් පුලුවන් නෙ?
    මේ ප්‍රශ්න ඔක්කොම වැරදියි... මට තියෙන problem කොහොමද වචන වලින් ඒ වැරදි පෙන්නල දෙන්නෙ කියල... මොකද මම මොන වචනෙ දැම්මත් ඔයාල ගන්නෙ වෙනම අදහසකින්, ඇත්තටම මටත් ඒක හරි පීඩාකාරීයි. සමාවෙන්න මට ඇත්තටම මේ අවුල ලෙහන්න තේරෙන්නෙ නැහැ. එක්කො ඔය කරන විදියට කරගෙන යන්න, මොකක් හරි පොටක් පෑදෙයි... නැත්නම් තව බණ අහන්න.
     
    • Wow
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මේ ප්‍රශ්න ඔක්කොම වැරදියි... මට තියෙන problem කොහොමද වචන වලින් ඒ වැරදි පෙන්නල දෙන්නෙ කියල... මොකද මම මොන වචනෙ දැම්මත් ඔයාල ගන්නෙ වෙනම අදහසකින්, ඇත්තටම මටත් ඒක හරි පීඩාකාරීයි. සමාවෙන්න මට ඇත්තටම මේ අවුල ලෙහන්න තේරෙන්නෙ නැහැ. එක්කො ඔය කරන විදියට කරගෙන යන්න, මොකක් හරි පොටක් පෑදෙයි... නැත්නම් තව බණ අහන්න.

    ඔබතුමා කිව්ව මොන දේ ද වැරදියට ගත්තෙ?...පලවෙනි එක කියන්න..ඒක නිවැරදි කරගෙන ඉදිරියට යන පුලුවන් නෙ?

    හරි, අවුල ලිහන්න තේරෙන්නෙ නැති නම්, අවුල තේරේනවද?.. ඒ මොකක්ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    මේ ප්‍රශ්න ඔක්කොම වැරදියි... මට තියෙන problem කොහොමද වචන වලින් ඒ වැරදි පෙන්නල දෙන්නෙ කියල... මොකද මම මොන වචනෙ දැම්මත් ඔයාල ගන්නෙ වෙනම අදහසකින්, ඇත්තටම මටත් ඒක හරි පීඩාකාරීයි. සමාවෙන්න මට ඇත්තටම මේ අවුල ලෙහන්න තේරෙන්නෙ නැහැ. එක්කො ඔය කරන විදියට කරගෙන යන්න, මොකක් හරි පොටක් පෑදෙයි... නැත්නම් තව බණ අහන්න.

    imho, වචනවලින් නිවන් දක්කන්න බැහැ. නිවන් දකින්න පාර විතරයි පෙන්නන්න පුලුවන්. සිහියෙන් හිටියොත් පෙන්නන පැත්ත දකින්න පුලුවන්. ඒ පැත්තට (හරි පැත්තට) ගිහින් බැලුවොත්, යෝනිසෝ මනසිකාරයට පත් වෙයි.

    ඔයා කියන දේ (මොන අදහසින් පෘථග්ජනයා ගත්තත්) පෘථග්ජනයට කොහොමත් ලෝකයම තමයි. සකස් වීමමයි, imho.

    දැනගැනීම දුකයි කියලා සිතුවිල්ලකින් දැනගන්න බැහැ.
    දැනගැනීම, නැත්තම් සකස් වීම තුල ඇති යථාර්ථය (උදයවැය) දැකලා, දුක අවබෝධ වෙනවා ඇරෙන්න, imho.

    imho, අවුල අවුල විදිහට දකින තැනම අවුල ලෙහෙනවා.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,496
    113
    මනොද්වාරයෙහි අරමුණ ධර්මාරම්මණය යි. එය අතීත අනාගත කාලවිමුත්තාදි වශයෙන් ද පවත්නා බැවින් රූපාදියෙහි මෙන් එකචිත්තක්‍ෂණාතීත ද්විචිත්තක්‍ෂණාතීතකාදි භේද එහි නැත්තේය. ඇත්තේ විභූත අවිභූත භේදයයි. විභූත නම් තමහට ප්‍රකට වූ අරමුණය. අවිභූත නම් අප්‍රකට වූ අරමුණ යි.