බෞද්ධාගම හැරෙන්නට අනිකුත් ආගම් වල ඉගැන්වෙන විමුක්ති සුවය වනුයේ සදාකාලික වූ ද වින්දනීය වූ ද තත්වයකි. බ්‍රහ්මයා සමග එක් වීම ලෙස හෝ දිව්‍ය රාජ්‍යය වෙත පැමිණීම හෝ අමරණීයත්වයට පත් වීම ලෙස අනෙකුත් ආගම් වල නානා විදිවලට ඉගැන්වේ. දීඝ නිකායෙහි බ්‍රහ්මජාල සූත්‍රයේ කියැවෙන පරිදි මේ සංකල්ප සියල්ල වැරදි විශ්වාසයන් ය. බෞද්ධ ධර්මයේ පුනපුනා කියවෙන ඉගැන්වීම වනුයේ සියල්ල අනිත්‍ය බවයි.
මජ්ඣිම නිකායේ බකබ්‍රහ්ම සුත්‍රය සම්බන්ධව ඉගැන්වෙන කරුණු වලින් පෙනී යන්නේ සමහර දේව කොට්ඨාස විසින් තම දීර්ඝ ආයුෂ කාලය අමරණීය ආත්මයක් ලෙස වරදවා වටහා ගෙන මෝහයෙන් මුලාවී දිව්‍ය සැපත විදින බවයි.ඒ අනුව ආත්මය සමග එක්වීම, දිව්‍ය රාජ්‍යය වෙත පැමිණීම හා අමරණීයත්වයට පත් වීම යන සංකල්ප සියල්ලම මනාව පැහැදිලි කළ හැකිය. එනම් දීර්ඝ ජීවන කාලයක් සහිත ලොවක ඉපදීම අමරණීයත්වය ලෙස වරදවා වටහා ගෙන ඇති බවයි.
නිවන පිළිබඳ බෞද්ධ සංකල්පය අනෙකුත් ආගම් වල ඉගැන්වෙන සංකල්ප හා සමීප සංකල්පවලින් ඉඳුරාම වෙනස් වේ. අගක් මුලක් සොයාගත නොහැකි පුනර්බව දාමය හෙවත් සංසාර චක්‍රය නිම කර දැමීම බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඉලක්කයයි. බුදුන් දේශිත නිවන් මග හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමෙන් මෙහි ඉලක්කය තම ජීවිත කාලය තුළදීම සපුරා ගැනීමට අවකාශය ඇත. මෙහි නිවන් මග පියවරෙන් පියවර සම්පූර්ණ කෙරෙන ආකාරය සප්ත විශුද්ධි මූලධර්මයන් පැහැදිලි කෙරෙයි. නිවන් මගේ අවසාන ඉලක්කය අරහත් ඵලයයි . අර්හත් ඵලය ලැබූවෝ නිවන් සුවය විඳීමට සුදුසුකම් ලබති.
බෞද්ධ ඉගැන්වීම් අනුව නිවන් සුවය අවේදයිත සුඛයකි. එනම් විඳීම් වලින් තොර සුඛයකි. බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඉලක්කය වන නිර්වාණ සුවය ආකාර දෙකකි
නිවනෙහි ලක්ෂණ කවරේද යන්න පිළිබඳව බුද්ධ කාලයට පසුව බොහෝ මත වාද ඇතිවිය, ආත්ම වාදයෙහි ඇලී සිටි සමහර බ්‍රාහ්මණ පිරිස් නිර්වාණය ගැන මතක් කිරීමට පවා අකමැති වූහ. සදාකාලික වූ ද වින්දනීය වූ ද මෝක්ෂයක් අපේක්ෂා කළ පිරිස් වලට මේ සංකල්පය කිසිදිනක තේරුම් ගත නොහැකි විය.
භවත් ගෞතමයන් විසින් පසස්නා ලද නිර්වාණයට යාමට වඩා සිවලෙකු ඉපිද දුෂ්කර ජීවිතයක් ගෙවීම මැනවැයි එක බ්‍රාහ්මණයෙකු කී බව සඳහන්ය. මන්දයත් ආත්ම වාදියා සිතනුයේ නිවනෙන් ආත්මය විනාශ වීමක් සිදුවන බවයි.
බෞද්ධයන් විසින් අපේක්ෂා කරන නිර්වාණයෙහි ප්‍රධාන ලක්ෂණ තුනකි.
බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ ශ්‍රාවක යානය පමණක් යැයි සමහර ථෙරවාදී දාර්ශනිකයෝ අදහති. මහායානිකයන් කල්පනා කරනුයේ බුදුවී මිස සංසාර කෙළවර කළ නොහැකි බවයි. මහායානයේ ප්‍රධානතම ඉගැන්වීම් ඇතුලත් සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයෙහි දැක්වෙන පරිදි රහතන් වහන්සේ පවා ඉපදීමට ලක්ව පසුව බුදු වී පිරිනිවන් පායි.
ඉහත දක්වන ලද ථෙරවාදීන්ගේ මත ද මහායානික මත ද සත්‍යයට සමීප නොවේ. නියම බුද්ධ ඉගැන්වීම ත්‍රිවිධ යානයකි. මෙයින් අදහස් වනුයේ සසර දුක කෙළවර කිරීමට ක්‍රම තුනක් ඇති බවයි.
නිවන සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි නිවනෙහි ශුන්‍යත භාවය හෙවත් ශුන්‍ය ස්වභාවය තදින්ම ඉගැන්වේ. නිවනෙහි ඇති ශුන්‍යතාව සාමාන්‍ය ද්වීකෝටික තර්ක රීති අනුව තේරුම් කළ නොහැකිය. නමුත් එය චතුස්කෝටික තර්කනය ඇසුරෙන් පහදා දිය හැකිය. ඒ අනුව නිවන යනු ඇති බවක්ද, නැති බවක් ද නැති පරම ශූන්ය තත්වයකි. එබැවින් නිවනට යන කෙනෙක් ඇද් ද නිවනෙහි යමක් වේද යන තර්ක නිවනට අදාළ නොවේ; ඇති බවක්, නැති තැනකට යන්නෙක්, එහි සිටින්නෙකු ගැන කතා කළ නොහැකි බැවිනි. අප මෙයින් අදහස් කරනුයේ අරහත් ඵලය නොව අනුපාදිශේෂ නිර්වාණය හෙවත් අරහත් ඵලය ලද්දා මියගිය පසුව ඇතිවන තත්වය ගැනයි.
නමුත් සසරෙහි ශූන්‍යතාව එවැන්නක් නොවේ. සසරෙහි හෙවත් ජීවිතයෙහි විදීම් ඇත. එකිනෙකට සාපේක්ෂව පවත්නා සිත කාය බාහිර ලෝකය හා සංවේදන හඳුනාගත හැකිය. එබැවින් සසරෙහි ශූන්‍යතාව ගණිතයෙහි ඉගැන්වෙන ශුන්‍යයට වඩා ධනාත්මක ලක්ෂණයෙන් යුක්තය. මන්දයත් අවම වශයෙන් සාපේක්ෂක පැවැත්මක් වත් ජීවිතයේ පවතින බැවිනි.
භාවනාවක් ලෙස ශුන්‍යතාව ප්‍රගුණ කරන ආකාරය
ථෙරවාදය සහ සෙන් දහමෙහි ශුන්‍යතාව භාවනා කර්මස්ථානයක් ලෙස ඉගැන්වේ. මෙහිදී නිවනෙහි ශූන්‍යතාව හා සසරෙහි ශුන්‍යතාව එකිනෙකට වෙනස් කර්මස්ථාන බව සැලකීම වැදගත්ය.
සසරෙහි ශුන්‍යතාව දකින යෝගියා මෝඝරාජ ගේ සිද්ධියෙහි දී මෙන් තම සිතට එන සෑම අරමුණක ම ශුන්‍යතාව හෙවත් නිස්සාර බව මෙනෙහි කළ යුතුය. පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ ද තමාට එන සිතුවිලි ද ශුන්‍ය හා නිස්සාර බව මෙනෙහි කළ යුතුය. මෙලෙස එකී අරමුණු වීමට හේතුව ඒවා අස්ථිර නිසා සාපේක්ෂව පමණක් හඳුනාගත හැකි නිසාත් බව හොඳින් වටහා ගත යුතුය. මෙලෙස මුළු ලෝකයම ශූන්‍ය ලෙස සලකන යෝගියා ක්‍රමයෙන් තමා කෙරේත් අන්‍යයන් කෙරෙන් ලෞකික සම්පත් කෙරෙහි ඇති ඇල්ම දුරලයි.
නිවනෙහි ඇති ශුන්‍යතාව මෙනෙහි කරන යෝගියා නිවනෙහි ඇති ශුන්‍යතා ලක්ෂණය මැනවින් වටහා ගැනීමට උත්සාහ කළ යුතුය. උපතක් නැති මරණයක් නැති විඳීමක් නැති ඇති වීමක් නැති නැති වීමක් නැති නිර්වාණයෙහි අවශ්‍යතාව ඔහු හොඳින් වටහා ගත යුතුය. මෙලෙස නිවනෙහි ශුන්‍යතාව මෙනෙහි කරන රෝගියා ක්‍රම ක්‍රමයෙන් නිවනට ළං වෙයි.

- රහතන්වහන්සේලා හෙවත් සත්‍යාවබෝධය කළ උතුමන් මරණින් පසු නැවත නූපදිති ඔවුන්ගේ සිත මරණින් මතු අභාවයට යන බැවින් එම තත්ත්වය අවේදයිත සැපයකි.
- අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේලා සහ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී හෙවත් නැවත මෙලොවට නොවෙන මාර්ගඵල ලාභීහු තාවකාලිකව නිවන් සුවයට පත්වීමට සමත් වෙති. මෙම තත්වය නිරෝධ සමාපත්තිය නම් වේ. එම තත්ත්වයේ දී සිත අක්‍රීය වෙයි. එයද අවේදයිත සැපයකි.
නිවනෙහි ලක්ෂණ කවරේද යන්න පිළිබඳව බුද්ධ කාලයට පසුව බොහෝ මත වාද ඇතිවිය, ආත්ම වාදයෙහි ඇලී සිටි සමහර බ්‍රාහ්මණ පිරිස් නිර්වාණය ගැන මතක් කිරීමට පවා අකමැති වූහ. සදාකාලික වූ ද වින්දනීය වූ ද මෝක්ෂයක් අපේක්ෂා කළ පිරිස් වලට මේ සංකල්පය කිසිදිනක තේරුම් ගත නොහැකි විය.
භවත් ගෞතමයන් විසින් පසස්නා ලද නිර්වාණයට යාමට වඩා සිවලෙකු ඉපිද දුෂ්කර ජීවිතයක් ගෙවීම මැනවැයි එක බ්‍රාහ්මණයෙකු කී බව සඳහන්ය. මන්දයත් ආත්ම වාදියා සිතනුයේ නිවනෙන් ආත්මය විනාශ වීමක් සිදුවන බවයි.
බෞද්ධයන් විසින් අපේක්ෂා කරන නිර්වාණයෙහි ප්‍රධාන ලක්ෂණ තුනකි.
- අනිමිත්ත ස්වභාවය - කිසිදු නිමිත්තක් නැති බව
- අප්පණිහිත ස්වභාවය - ආශාවන්ගෙන් හා බැඳීම් වලින් තොර බව
- ශුන්‍යත ස්වභාවය - පරම ශූන්‍ය වූ බවය
- උපධිශේෂ සහිත නිවන - රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙද්දී එතුමාගේ කය හා සිත ක්‍රියාකාරීත්වයේ පවතී. එතුමා එතුමා උපධිශේෂ සහිත නිවනෙහි පෙළඹී සිටින බව ව්‍යවහාර වේ.
- උපධිශේෂ රහිත නිවන - රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑ විට හෙවත් මරණයට පත්වූ විට එතුමන්ගේ කය හා සිත බිඳී යයි. නැවත උපතක් ද සිදුනොවේ. එතුමන් උපධිශේෂ රහිත නිවනෙහි එළැඹී සිටින බව කියවේ.
බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ ශ්‍රාවක යානය පමණක් යැයි සමහර ථෙරවාදී දාර්ශනිකයෝ අදහති. මහායානිකයන් කල්පනා කරනුයේ බුදුවී මිස සංසාර කෙළවර කළ නොහැකි බවයි. මහායානයේ ප්‍රධානතම ඉගැන්වීම් ඇතුලත් සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයෙහි දැක්වෙන පරිදි රහතන් වහන්සේ පවා ඉපදීමට ලක්ව පසුව බුදු වී පිරිනිවන් පායි.
ඉහත දක්වන ලද ථෙරවාදීන්ගේ මත ද මහායානික මත ද සත්‍යයට සමීප නොවේ. නියම බුද්ධ ඉගැන්වීම ත්‍රිවිධ යානයකි. මෙයින් අදහස් වනුයේ සසර දුක කෙළවර කිරීමට ක්‍රම තුනක් ඇති බවයි.
- මහායානය - බුදු බව ලැබ සංසාරේ නිම කිරීමයි. මේ සඳහා අවුරුදු වලින් ගණන් කළ නොහැකි තරම් කාලයක් ප්‍රතිපත්ති පිරිය යුතුය. බුදුන් සංකස්ස පුරයේදී කළ දේශනාවක සඳහන් වනුයේ මෙලෙස කැමති කෙනෙකුට බුදු බව පැතීමට නිදහස ඇති බවයි.
- මජ්ඣිම යානය - පසේ බුදු පදවිය ලැබ සංසාරය නිම කිරීමයි. මේ සඳහා ද අවුරුදු වලින් ගණන් කළ නොහැකි තරම් දීර්ඝ කාලයක් ප්‍රතිපත්ති පිරිය යුතුය. පසේ බුදුවරයෙකුගේ වෙනස වනුයේ උත්සාහයෙන් ධර්මය අවබෝධ කරගන්නා නමුත් සංවිධානාත්මක ශාසනයක් නොතිබීමයි. ඉසිගිලි සූත්‍රයේ දැක්වෙන පරිදි බුද්ධ කාලයට පෙර සිටි මෙවැනි පසේබුදුවරුන් සාමාන්‍ය සෘෂිවරුන් ලෙසම ජනතාවගේ හඳුනා ගැනීමට ලක් විය.
- ශ්‍රාවක යානය - බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස අරහත් ඵලයට පත්ව සංසාරය නිම කිරීමයි. මේ සඳහා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුනොවේ. නියමිත පරිදි ප්‍රතිපත්ති පුරන්නන්ට මේ ජීවිතය තුළදීම අරහත් ඵලයට එළැඹීමට හැකියාව මෙන්ම අයිතිය ද ඇති බව දීඝ නිකායේ සහ මජ්ඣිම නිකායේ ඇති සූත්‍ර ධර්ම අනුව පෙනී යයි.