නිවන පිළිබඳ සංකල්පය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බෞද්ධාගම හැරෙන්නට අනිකුත් ආගම් වල ඉගැන්වෙන විමුක්ති සුවය වනුයේ සදාකාලික වූ ද වින්දනීය වූ ද තත්වයකි. බ්‍රහ්මයා සමග එක් වීම ලෙස හෝ දිව්‍ය රාජ්‍යය වෙත පැමිණීම හෝ අමරණීයත්වයට පත් වීම ලෙස අනෙකුත් ආගම් වල නානා විදිවලට ඉගැන්වේ. දීඝ නිකායෙහි බ්‍රහ්මජාල සූත්‍රයේ කියැවෙන පරිදි මේ සංකල්ප සියල්ල වැරදි විශ්වාසයන් ය. බෞද්ධ ධර්මයේ පුනපුනා කියවෙන ඉගැන්වීම වනුයේ සියල්ල අනිත්‍ය බවයි.

    මජ්ඣිම නිකායේ බකබ්‍රහ්ම සුත්‍රය සම්බන්ධව ඉගැන්වෙන කරුණු වලින් පෙනී යන්නේ සමහර දේව කොට්ඨාස විසින් තම දීර්ඝ ආයුෂ කාලය අමරණීය ආත්මයක් ලෙස වරදවා වටහා ගෙන මෝහයෙන් මුලාවී දිව්‍ය සැපත විදින බවයි.ඒ අනුව ආත්මය සමග එක්වීම, දිව්‍ය රාජ්‍යය වෙත පැමිණීම හා අමරණීයත්වයට පත් වීම යන සංකල්ප සියල්ලම මනාව පැහැදිලි කළ හැකිය. එනම් දීර්ඝ ජීවන කාලයක් සහිත ලොවක ඉපදීම අමරණීයත්වය ලෙස වරදවා වටහා ගෙන ඇති බවයි.

    නිවන පිළිබඳ බෞද්ධ සංකල්පය අනෙකුත් ආගම් වල ඉගැන්වෙන සංකල්ප හා සමීප සංකල්පවලින් ඉඳුරාම වෙනස් වේ. අගක් මුලක් සොයාගත නොහැකි පුනර්බව දාමය හෙවත් සංසාර චක්‍රය නිම කර දැමීම බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඉලක්කයයි. බුදුන් දේශිත නිවන් මග හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමෙන් මෙහි ඉලක්කය තම ජීවිත කාලය තුළදීම සපුරා ගැනීමට අවකාශය ඇත. මෙහි නිවන් මග පියවරෙන් පියවර සම්පූර්ණ කෙරෙන ආකාරය සප්ත විශුද්ධි මූලධර්මයන් පැහැදිලි කෙරෙයි. නිවන් මගේ අවසාන ඉලක්කය අරහත් ඵලයයි . අර්හත් ඵලය ලැබූවෝ නිවන් සුවය විඳීමට සුදුසුකම් ලබති.

    බෞද්ධ ඉගැන්වීම් අනුව නිවන් සුවය අවේදයිත සුඛයකි. එනම් විඳීම් වලින් තොර සුඛයකි. බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඉලක්කය වන නිර්වාණ සුවය ආකාර දෙකකි
    1. රහතන්වහන්සේලා හෙවත් සත්‍යාවබෝධය කළ උතුමන් මරණින් පසු නැවත නූපදිති ඔවුන්ගේ සිත මරණින් මතු අභාවයට යන බැවින් එම තත්ත්වය අවේදයිත සැපයකි.
    2. අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේලා සහ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී හෙවත් නැවත මෙලොවට නොවෙන මාර්ගඵල ලාභීහු තාවකාලිකව නිවන් සුවයට පත්වීමට සමත් වෙති. මෙම තත්වය නිරෝධ සමාපත්තිය නම් වේ. එම තත්ත්වයේ දී සිත අක්‍රීය වෙයි. එයද අවේදයිත සැපයකි.
    නිර්වාණයෙහි ලක්ෂණ

    නිවනෙහි ලක්ෂණ කවරේද යන්න පිළිබඳව බුද්ධ කාලයට පසුව බොහෝ මත වාද ඇතිවිය, ආත්ම වාදයෙහි ඇලී සිටි සමහර බ්‍රාහ්මණ පිරිස් නිර්වාණය ගැන මතක් කිරීමට පවා අකමැති වූහ. සදාකාලික වූ ද වින්දනීය වූ ද මෝක්ෂයක් අපේක්ෂා කළ පිරිස් වලට මේ සංකල්පය කිසිදිනක තේරුම් ගත නොහැකි විය.
    භවත් ගෞතමයන් විසින් පසස්නා ලද නිර්වාණයට යාමට වඩා සිවලෙකු ඉපිද දුෂ්කර ජීවිතයක් ගෙවීම මැනවැයි එක බ්‍රාහ්මණයෙකු කී බව සඳහන්ය. මන්දයත් ආත්ම වාදියා සිතනුයේ නිවනෙන් ආත්මය විනාශ වීමක් සිදුවන බවයි.
    බෞද්ධයන් විසින් අපේක්ෂා කරන නිර්වාණයෙහි ප්‍රධාන ලක්ෂණ තුනකි.
    • අනිමිත්ත ස්වභාවය - කිසිදු නිමිත්තක් නැති බව
    • අප්පණිහිත ස්වභාවය - ආශාවන්ගෙන් හා බැඳීම් වලින් තොර බව
    • ශුන්‍යත ස්වභාවය - පරම ශූන්‍ය වූ බවය
    නිවන් දැකීම යනු සංසාරයෙන් එතෙර වීම හෙවත් පුනර්භව දාමය සිඳලීම බව ඕනෑම බෞද්ධයෙක් දන්නා කරුණකි. මෙකී නිවනෙහි ස්වරූප දෙකකි.
    1. උපධිශේෂ සහිත නිවන - රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙද්දී එතුමාගේ කය හා සිත ක්‍රියාකාරීත්වයේ පවතී. එතුමා එතුමා උපධිශේෂ සහිත නිවනෙහි පෙළඹී සිටින බව ව්‍යවහාර වේ.
    2. උපධිශේෂ රහිත නිවන - රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑ විට හෙවත් මරණයට පත්වූ විට එතුමන්ගේ කය හා සිත බිඳී යයි. නැවත උපතක් ද සිදුනොවේ. එතුමන් උපධිශේෂ රහිත නිවනෙහි එළැඹී සිටින බව කියවේ.
    නිර්වාණයට එළඹෙන්නන්ගේ පුද්ගල විවිධත්වය

    බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ ශ්‍රාවක යානය පමණක් යැයි සමහර ථෙරවාදී දාර්ශනිකයෝ අදහති. මහායානිකයන් කල්පනා කරනුයේ බුදුවී මිස සංසාර කෙළවර කළ නොහැකි බවයි. මහායානයේ ප්‍රධානතම ඉගැන්වීම් ඇතුලත් සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයෙහි දැක්වෙන පරිදි රහතන් වහන්සේ පවා ඉපදීමට ලක්ව පසුව බුදු වී පිරිනිවන් පායි.

    ඉහත දක්වන ලද ථෙරවාදීන්ගේ මත ද මහායානික මත ද සත්‍යයට සමීප නොවේ. නියම බුද්ධ ඉගැන්වීම ත්‍රිවිධ යානයකි. මෙයින් අදහස් වනුයේ සසර දුක කෙළවර කිරීමට ක්‍රම තුනක් ඇති බවයි.
    1. මහායානය - බුදු බව ලැබ සංසාරේ නිම කිරීමයි. මේ සඳහා අවුරුදු වලින් ගණන් කළ නොහැකි තරම් කාලයක් ප්‍රතිපත්ති පිරිය යුතුය. බුදුන් සංකස්ස පුරයේදී කළ දේශනාවක සඳහන් වනුයේ මෙලෙස කැමති කෙනෙකුට බුදු බව පැතීමට නිදහස ඇති බවයි.
    2. මජ්ඣිම යානය - පසේ බුදු පදවිය ලැබ සංසාරය නිම කිරීමයි. මේ සඳහා ද අවුරුදු වලින් ගණන් කළ නොහැකි තරම් දීර්ඝ කාලයක් ප්‍රතිපත්ති පිරිය යුතුය. පසේ බුදුවරයෙකුගේ වෙනස වනුයේ උත්සාහයෙන් ධර්මය අවබෝධ කරගන්නා නමුත් සංවිධානාත්මක ශාසනයක් නොතිබීමයි. ඉසිගිලි සූත්‍රයේ දැක්වෙන පරිදි බුද්ධ කාලයට පෙර සිටි මෙවැනි පසේබුදුවරුන් සාමාන්‍ය සෘෂිවරුන් ලෙසම ජනතාවගේ හඳුනා ගැනීමට ලක් විය.
    3. ශ්‍රාවක යානය - බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස අරහත් ඵලයට පත්ව සංසාරය නිම කිරීමයි. මේ සඳහා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුනොවේ. නියමිත පරිදි ප්‍රතිපත්ති පුරන්නන්ට මේ ජීවිතය තුළදීම අරහත් ඵලයට එළැඹීමට හැකියාව මෙන්ම අයිතිය ද ඇති බව දීඝ නිකායේ සහ මජ්ඣිම නිකායේ ඇති සූත්‍ර ධර්ම අනුව පෙනී යයි.
    නිවනෙහි ශූන්‍යතාවය සහ සසරෙහි ශූන්‍යතාවය

    නිවන සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි නිවනෙහි ශුන්‍යත භාවය හෙවත් ශුන්‍ය ස්වභාවය තදින්ම ඉගැන්වේ. නිවනෙහි ඇති ශුන්‍යතාව සාමාන්‍ය ද්වීකෝටික තර්ක රීති අනුව තේරුම් කළ නොහැකිය. නමුත් එය චතුස්කෝටික තර්කනය ඇසුරෙන් පහදා දිය හැකිය. ඒ අනුව නිවන යනු ඇති බවක්ද, නැති බවක් ද නැති පරම ශූන්ය තත්වයකි. එබැවින් නිවනට යන කෙනෙක් ඇද් ද නිවනෙහි යමක් වේද යන තර්ක නිවනට අදාළ නොවේ; ඇති බවක්, නැති තැනකට යන්නෙක්, එහි සිටින්නෙකු ගැන කතා කළ නොහැකි බැවිනි. අප මෙයින් අදහස් කරනුයේ අරහත් ඵලය නොව අනුපාදිශේෂ නිර්වාණය හෙවත් අරහත් ඵලය ලද්දා මියගිය පසුව ඇතිවන තත්වය ගැනයි.

    නමුත් සසරෙහි ශූන්‍යතාව එවැන්නක් නොවේ. සසරෙහි හෙවත් ජීවිතයෙහි විදීම් ඇත. එකිනෙකට සාපේක්ෂව පවත්නා සිත කාය බාහිර ලෝකය හා සංවේදන හඳුනාගත හැකිය. එබැවින් සසරෙහි ශූන්‍යතාව ගණිතයෙහි ඉගැන්වෙන ශුන්‍යයට වඩා ධනාත්මක ලක්ෂණයෙන් යුක්තය. මන්දයත් අවම වශයෙන් සාපේක්ෂක පැවැත්මක් වත් ජීවිතයේ පවතින බැවිනි.

    භාවනාවක් ලෙස ශුන්‍යතාව ප්‍රගුණ කරන ආකාරය

    ථෙරවාදය සහ සෙන් දහමෙහි ශුන්‍යතාව භාවනා කර්මස්ථානයක් ලෙස ඉගැන්වේ. මෙහිදී නිවනෙහි ශූන්‍යතාව හා සසරෙහි ශුන්‍යතාව එකිනෙකට වෙනස් කර්මස්ථාන බව සැලකීම වැදගත්ය.

    සසරෙහි ශුන්‍යතාව දකින යෝගියා මෝඝරාජ ගේ සිද්ධියෙහි දී මෙන් තම සිතට එන සෑම අරමුණක ම ශුන්‍යතාව හෙවත් නිස්සාර බව මෙනෙහි කළ යුතුය. පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ ද තමාට එන සිතුවිලි ද ශුන්‍ය හා නිස්සාර බව මෙනෙහි කළ යුතුය. මෙලෙස එකී අරමුණු වීමට හේතුව ඒවා අස්ථිර නිසා සාපේක්ෂව පමණක් හඳුනාගත හැකි නිසාත් බව හොඳින් වටහා ගත යුතුය. මෙලෙස මුළු ලෝකයම ශූන්‍ය ලෙස සලකන යෝගියා ක්‍රමයෙන් තමා කෙරේත් අන්‍යයන් කෙරෙන් ලෞකික සම්පත් කෙරෙහි ඇති ඇල්ම දුරලයි.

    නිවනෙහි ඇති ශුන්‍යතාව මෙනෙහි කරන යෝගියා නිවනෙහි ඇති ශුන්‍යතා ලක්ෂණය මැනවින් වටහා ගැනීමට උත්සාහ කළ යුතුය. උපතක් නැති මරණයක් නැති විඳීමක් නැති ඇති වීමක් නැති නැති වීමක් නැති නිර්වාණයෙහි අවශ්‍යතාව ඔහු හොඳින් වටහා ගත යුතුය. මෙලෙස නිවනෙහි ශුන්‍යතාව මෙනෙහි කරන රෝගියා ක්‍රම ක්‍රමයෙන් නිවනට ළං වෙයි.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මහණෙනි, නූපන්නාවූ නොවූ නොකරණ ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ නිවන ඇත්තේය.
    මහණෙනි. නොඋපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ එක්ව නො සකස්කරන ලද්දාවූ නිවන ඉදින් නොවීනම් උපන්නාවූ එක්ව සකස්කරන ලද්දාවූ මේ නොපැවැත්ම නො පෙණෙන්නේය,
    මහණෙනි, යම්හෙයකින් වනාහි නූපන්නාවූ නොවූ නොකරන ලද්දාවූ, පිළියෙළ නොකරණ ලද්දාවූ නිවන ඇත්තේද, එහෙයින් උපන්නාවූ කරනලද්දාවූ පිළියෙළ කරන ලද්දාවූ නොපැවැත්ම පෙනෙන්නේයයි
    https://pitaka.lk/main?n=39173
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101

    බුඩිස්ට්ලට. :)
    කරන ඔක්කොම බවුද්ධ වැඩටික ටික කාලෙකට නවත්තල, එක මාසයක් සතිය හදපල්ල.
    අඩුමගානෙ විනාඩි 10ක්, 15ක්, 30ක්, පැයක් සතියෙන් සමාධියෙන් ඉන්න.
    එතකොට ඊටපස්සෙ කරන්න ඔනා ටිකත් ගානට සෙට් වෙනව.

    සතිපාසල, විශෙශයෙන් ධම්ම විපස්සනා කියන ඔන්ලයින් වැඩමුලුවෙන් මේවා කරගන්න පුලුවන් කියල මට හිතෙන්නේ.

    දැන් ඇති පූජා බණ අහ අහ ඉන්න එක. නැත්තන් අර ආච්චිල සීයල වගේ ඉපදුන දවසේ ඉදලා අවුරුදු 80 වෙනකල් ලැකර්ගග කිසිත් නොලබාම යන්න වෙන්නෙ.

    දැනටමත් මේවා කරන අයට අදාල නැත.

    ධ්‍යානයක, සාමාධියක තියන ආතල් එකවත් අඩුමගානේ විදපල්ල.
    මෙච්චර මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එක තියන රටේ.
    එතකොට අර ආගම් කියන්නේ පිස්සු ඔවගෙන් ගන්න මොනාද තියෙන්නෙ කියන එවුන් ගැන කෙන් හිනායනව.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සියල්ල අනිත්‍ය බවයි.
    නිවනෙහි ශුන්‍යත භාවය හෙවත් ශුන්‍ය ස්වභාවය
    මේ කියන කාරනා ගැන නම් මට චකිතයක් තියනවා
    අනික
    ගොඩක් ගැඹුරින් මොනවදෝ ගොඩක් විග්‍රහ කරලා තියනවා
    හරිම අගෙයි
    අනේ මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැ

    ජනපද නිරුක්තියෙන් දහම් දෙසන්න කියලා බොදුහාමුදුරුවෝ කොවලු
    ඒ කියන්නේ ඒ ඒ කාලවලට උචිත ඒ ඒ කාල වල තියන උදාහරණ අරගෙන
    මේ ටික එහෙම සරලව කියන්න විදියක් නැද්ද

    නිකන් හිතන්න කවදාවත් ගෙයක් දැකල නැති කෙනෙකුට
    දොර උළුවස්ස මොකක්ද කියලා කියල දෙන්න උනා කියලා
    එතකොට ??

    අපි නිවන දන්නේ නැ
    අද තියන උදාහරණ වලින් නිවන / නිවන් දකින විදිය පැහැදිලි කරන්න බැරි නම්
    බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ ජනපද නිරුක්තියෙන් දහම දෙසන්න කියලා
    නේද
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බුඩිස්ට්ලට. :)
    කරන ඔක්කොම බවුද්ධ වැඩටික ටික කාලෙකට නවත්තල, එක මාසයක් සතිය හදපල්ල.
    අඩුමගානෙ විනාඩි 10ක්, 15ක්, 30ක්, පැයක් සතියෙන් සමාධියෙන් ඉන්න.
    එතකොට ඊටපස්සෙ කරන්න ඔනා ටිකත් ගානට සෙට් වෙනව.

    සතිපාසල, විශෙශයෙන් ධම්ම විපස්සනා කියන ඔන්ලයින් වැඩමුලුවෙන් මේවා කරගන්න පුලුවන් කියල මට හිතෙන්නේ.

    දැන් ඇති පූජා බණ අහ අහ ඉන්න එක. නැත්තන් අර ආච්චිල සීයල වගේ ඉපදුන දවසේ ඉදලා අවුරුදු 80 වෙනකල් ලැකර්ගග කිසිත් නොලබාම යන්න වෙන්නෙ.

    දැනටමත් මේවා කරන අයට අදාල නැත.

    ධ්‍යානයක, සාමාධියක තියන ආතල් එකවත් අඩුමගානේ විදපල්ල.
    මෙච්චර මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එක තියන රටේ.
    එතකොට අර ආගම් කියන්නේ පිස්සු ඔවගෙන් ගන්න මොනාද තියෙන්නෙ කියන එවුන් ගැන කෙන් හිනායනව.

    කොළඹ අවට ඔය වගේ තැන් මොනවද තියෙන්නෙ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිවන චතුශ්කෝටියෙන් පහදන්න පුලුවන් කියන එකට ඇරෙන්න අනිත් සියල්ලටම වගේ එකඟ වෙන්න පුලුවන්. එකඟ නොවෙන තැන පැහැදිලි කලොත්, OP එකේ තියනවා

    නිවනෙහි ශූන්‍යතාවය සහ සසරෙහි ශූන්‍යතාවය

    නිවන සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි නිවනෙහි ශුන්‍යත භාවය හෙවත් ශුන්‍ය ස්වභාවය තදින්ම ඉගැන්වේ. නිවනෙහි ඇති ශුන්‍යතාව සාමාන්‍ය ද්වීකෝටික තර්ක රීති අනුව තේරුම් කළ නොහැකිය. නමුත් එය චතුස්කෝටික තර්කනය ඇසුරෙන් පහදා දිය හැකිය. ඒ අනුව නිවන යනු ඇති බවක්ද, නැති බවක් ද නැති පරම ශූන්ය තත්වයකි. එබැවින් නිවනට යන කෙනෙක් ඇද් ද නිවනෙහි යමක් වේද යන තර්ක නිවනට අදාළ නොවේ; ඇති බවක්, නැති තැනකට යන්නෙක්, එහි සිටින්නෙකු ගැන කතා කළ නොහැකි බැවිනි. අප මෙයින් අදහස් කරනුයේ අරහත් ඵලය නොව අනුපාදිශේෂ නිර්වාණය හෙවත් අරහත් ඵලය ලද්දා මියගිය පසුව ඇතිවන තත්වය ගැනයි.

    මෙතන බෝල්ඩ් කරලා තියන කොටසින් හඟවනවා නිවන් යනු ඇති බවක්ද නැති නැති බවක්ද නැති තත්වයක් ලෙස. එක චතුශ්කෝටියේ හතරවෙනි අවස්ථාවට සමානයි. ඒකියන්නෙ ඇත්තේද නැත නැත්තේද නැත කියන එක. නමුත් මේක හුදු ප්‍රපංචයක් බව මහාකොට්ටිත සූත්‍රය කියවනකොට අපිට තේරෙනවා.

    ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.

    ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.

    ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.

    ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.

    මහාකොට්ටිත ස්වාමීන්වහන්සේත් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් අතර ඇතිවූ මෙම දෙබසින් පැහැදිලි වෙන්නෙ අනුපාදිශේෂ නිර්වාණයට පත්වුවෙකු ගැන චතුස්කෝටික තර්කනය අනුව හිතීම යුතු නොවන බවයි. විශේශයෙන්ම ඕපී එකේ තියන "ඇති බවක්ද නැති නැති බවක්ද නැති" කියන එක නිවන පිළිබඳව විග්‍රහයෙදි සැරියුත් තෙරණුවන් ප්‍රතික්ෂේප කරනවා.

    ඒ සඳහා හේතුව විදිහට සැරියුත් හිමියන් "ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි" යන පාඨය ඉදිරිපත් කරනවා. ද්විකෝටිකය වේවා චතුස්කෝටිකය වේවා මේ සියල්ලම ප්‍රපංචයෝය. ප්‍රපංචයාගේ නිරෝධය, පපංචෝවූපසම වූ අවස්ථාවකට පපංචය ආරෝපණය කිරීම හුදු තාර්කික චින්තනයේ අතිධාවනක් විනා අත්දැකිය හැකි යථාර්ථයක් නොවන බව තමා සැරියුත් හිමියන් මෙහිදී අපට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    චතුශ්කෝටි කතාවේ නොගැලපීම ඇරෙන්න මම ඉහත කෝට් කරපු කොටසෙ අග ටිකත් බොහොම නිවැරදියි කියලා තමා මගේ හැඟීම.

    කොළඹ අවට ඔය වගේ තැන් මොනවද තියෙන්නෙ?
    කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
    කඳුබොඩ සුමතිපාල සෙනසුන.
    මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය.
    ------ Post added on Oct 10, 2022 at 12:15 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    නිවන චතුශ්කෝටියෙන් පහදන්න පුලුවන් කියන එකට ඇරෙන්න අනිත් සියල්ලටම වගේ එකඟ වෙන්න පුලුවන්. එකඟ නොවෙන තැන පැහැදිලි කලොත්, OP එකේ තියනවා

    මෙතන බෝල්ඩ් කරලා තියන කොටසින් හඟවනවා නිවන් යනු ඇති බවක්ද නැති නැති බවක්ද නැති තත්වයක් ලෙස. එක චතුශ්කෝටියේ හතරවෙනි අවස්ථාවට සමානයි. ඒකියන්නෙ ඇත්තේද නැත නැත්තේද නැත කියන එක. නමුත් මේක හුදු ප්‍රපංචයක් බව මහාකොට්ටිත සූත්‍රය කියවනකොට අපිට තේරෙනවා.

    ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.

    ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.

    ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.

    ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.

    මහාකොට්ටිත ස්වාමීන්වහන්සේත් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් අතර ඇතිවූ මෙම දෙබසින් පැහැදිලි වෙන්නෙ අනුපාදිශේෂ නිර්වාණයට පත්වුවෙකු ගැන චතුස්කෝටික තර්කනය අනුව හිතීම යුතු නොවන බවයි. විශේශයෙන්ම ඕපී එකේ තියන "ඇති බවක්ද නැති නැති බවක්ද නැති" කියන එක නිවන පිළිබඳව විග්‍රහයෙදි සැරියුත් තෙරණුවන් ප්‍රතික්ෂේප කරනවා.

    ඒ සඳහා හේතුව විදිහට සැරියුත් හිමියන් "ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි" යන පාඨය ඉදිරිපත් කරනවා. ද්විකෝටිකය වේවා චතුස්කෝටිකය වේවා මේ සියල්ලම ප්‍රපංචයෝය. ප්‍රපංචයාගේ නිරෝධය, පපංචෝවූපසම වූ අවස්ථාවකට පපංචය ආරෝපණය කිරීම හුදු තාර්කික චින්තනයේ අතිධාවනක් විනා අත්දැකිය හැකි යථාර්ථයක් නොවන බව තමා සැරියුත් හිමියන් මෙහිදී අපට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    චතුශ්කෝටි කතාවේ නොගැලපීම ඇරෙන්න මම ඉහත කෝට් කරපු කොටසෙ අග ටිකත් බොහොම නිවැරදියි කියලා තමා මගේ හැඟීම.

    කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
    කඳුබොඩ සුමතිපාල සෙනසුන.
    මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය.
    ------ Post added on Oct 10, 2022 at 12:15 PM

    භාවනා කරන්න කලින් බුද්ධාගම ගැන කොතරම් දුරට ඉගෙනගෙන තියෙන්න ඕනෙද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    චතුශ්කෝටි කතාවේ නොගැලපීම ඇරෙන්න මම ඉහත කෝට් කරපු කොටසෙ අග ටිකත් බොහොම නිවැරදියි කියලා තමා මගේ හැඟීම.
    සුපිරි විග්‍රහයක් 💯 මමත් එකඟයි..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    භාවනා කරන්න කලින් බුද්ධාගම ගැන කොතරම් දුරට ඉගෙනගෙන තියෙන්න ඕනෙද?

    ඕක ගැන විවිද මත තියනවා. මට ප්‍රිය සහ ප්‍රයෝජනවත් වෙච්ච මතය අනුව නම් සමාන්‍ය දැනුමක් තිබුනම ප්‍රමාණවත්. මොකද භාවනා උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා දිනපතාම කමටහන් (භාවනා උපදේශනය) කියලා දෙනවා.

    ඒ නිසා සීලය ගැන සාමාන්‍ය දැනුමක්, බුදුරදුන් කෙරෙහි විශ්වාසයක් තිබුණම ඇති. මම භාවනාවට මුලින්ම යනකොට කියවලා තිබ්බෙ රේරුකාණේ ස්වාමීන්වහන්සේගේ සූවිසි මහා ගුණය කියන පොත විතරයි මට මතක විදිහට. ඒක කියවලා තමා මෙහෙම ගුණ තියන කෙනෙක්නම් මේ පුද්ගලයා කියන දේ කරලා බලන එක සුදුසුයි කියන තැනට ආවෙ.

    අවුරුදු සියයක් භාවනා කරලා අත්දැකීම් තිබ්බත් සෑම භාවනා ගුරුවරයෙක්ම පාහෙ දෙන උපදෙසක් වන්නෙ "ආධුනික මනසකින්" භාවනාවට වාඩිවෙන්න කියන එක. හැමදාම, අද තම භාවනාවට ඉස් ඉස්සෙල්ලාම වාඩිවෙන දවස කියන මයින්ඩ්සෙට් එකෙන් භාවනා කරන්න කියන එක.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,636
    1
    5,956
    113
    "බෞද්ධාගම හැරෙන්නට අනිකුත් ආගම් වල ඉගැන්වෙන විමුක්ති සුවය වනුයේ සදාකාලික වූ ද වින්දනීය වූ ද තත්වයකි. බ්‍රහ්මයා සමග එක් වීම ලෙස හෝ දිව්‍ය රාජ්‍යය වෙත පැමිණීම හෝ අමරණීයත්වයට පත් වීම ලෙස අනෙකුත් ආගම් වල නානා විදිවලට ඉගැන්වේ. දීඝ නිකායෙහි බ්‍රහ්මජාල සූත්‍රයේ කියැවෙන පරිදි මේ සංකල්ප සියල්ල වැරදි විශ්වාසයන් ය. "

    මේ කාරනය නිවැරදි නෑ. නිවන කියන සංකල්පය බුදුන් පහල වීමට පෙර ඉන්දියාවේ පැවතුන එකක්. බුද්ධාගමට වඩා පැරණි ආගමක් වන ජෛන ආගමේ නිවන අර්ත ගන්වා තියනවා.

    "ජෛන දර්ශනයේ නිර්වාණය යනු ආත්මයක් තම සියලු කර්මයන්ගෙන් මිදුණු විට ලබන අසීමිත ප්‍රීතිය, අසීමිත දැනුම සහ අසීමිත සංජානනයයි. ආත්මය මෙම අවස්ථාවට පැමිණි පසු, එය තවදුරටත් ජීවිතය හා මරණය යන චක්‍රයට යටත් නොවන අතර සදහටම මෙම ප්‍රීතිමත් තත්වයේ පවතී."
     
    • Like
    Reactions: NRTG

    ඒක වැරදි නෑ.. ජෛන ආගමේ කියන්නෙ ආත්මය අමරණීයත්වයට පත් කිරීමක් ගැන නෙ.. බුද්ධාගමේ නිවන කියන්නෙ ඊට වඩා වෙනස් සංකල්පයක්..
     
    මොකක්ද වෙනස ?