නිවන යනු කුමක්ද..
නිවන් අවබෝධය තුළින් සිදුවන්නේ මිනිසා තුළ ආකල්පමය වෙනසක් ඇති වීමයි. සෑම මිනිසකුගේම ආකල්පවල ස්වභාවය නම් අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් ගැනීම යි. දුක දේ සැප වශයෙන් ගැනීමයි. අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම යි. නිවන් දුටු විගස මෙම ආකල්ප නිවැරැදි වෙයි. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත්, දුක් දේ දුක් හැටියටත් අනාත්ම දේ අනාත්ම හැටියටත් ගෙන මෙතෙක් පැවැති සාවද්‍ය ආකල්ප රටාවෙන් වෙනස් වී නව මිනිසෙකු නිර්මාණය වෙයි.
මිනිසා මුහුණපාන අතිශෝචනීය ගැටලුව මරණය යි. එම නිසා සෑම ආගමක්ම මරණයෙන් නිදහස් වීමේ මඟ සොයා ඇති බව පෙනෙයි. බොහෝ ආගම්වල ඊට ඉදිරිපත් කරන විසඳුම නම් මරණය නැති තැනකට පුද්ගලයාව යැවීමයි. එතැන, සදාකාලික ස්වර්ගය විය හැකි යි. නැතිනම් සදාකාලික නිරය විය හැකි යි. බුදු දහම අමරණීයත්වය සේ දක්වන්නේ, නිර්වාණයයි. බුදු වූ සැණින් උන්වහන්සේ දේශනා කරන්නේ “අමතං අධිගතං” අමරණීයත්වය තේරුම් ගත් බව යි. බරණැස ඉසිපතනයට යන අතරමඟ දී තමන් වහන්සේට මුණ ගැසුණු උපක ආජීවකයාට කියා සිටින්නේ ‘අමතං දුන්දුහිං’ අමරණීයත්වයේ බෙරය හැඩවීමට යන බව යි. එහෙත් බුදු දහම පෙන්වා දෙන නිර්වාණය, අනෙක් ආගම්වල උගන්වන අමරණීයත්වයට වඩා වෙනස් ය.
ප්රාග් බෞද්ධ කිසිදු මූලාශ්‍රයක විමුක්තිය හැඳින්වීම සඳහා ‘නිර්වාණ’ යන පදය යොදා නැත. හින්දු සම්ප්රදාය තුළ භගවත් ගීතාවේ එය මුල් වරට දක්නට ලැබෙන නමුත් ස්ථිර වශයෙන් එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රචිත ග්රන්ථයක් සේ සැළකිය හැකි ය. ඒ අනුව විමුක්තිය සඳහා ‘නිර්වාණ’ යන පදය මුලින්ම භාවිත කොට ඇත්තේ බුදුරදුන් විසින් විය යුතු ය. ත්‍රිපිටකයේ පැරැණිතම සූත්‍රවල චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ සඳහන් වන තැන්වල බොහෝ විට යොදාගෙන ඇත්තේ ‘නිර්වාණ’ යන පදයයි. මේ අනුව බුදුන් වහන්සේ මුල සිටම විමුක්තිය හැඳින්වීම සඳහා ‘නිබ්බාණ’ යන පදය යොදාගත් බව පැහැදිලි ය. රතන සූත්‍රයේ දී ‘නිබ්බන්ති ධීරා යථා යම් පදිපො’ යනුවෙන් රහතුන්ගේ ස්වභාවය දක්වා ඇත.
නිබ්බාණ යන පදයට සමාන අර්ථවත් පදයක් ලෙස ‘නිරෝධ’ යන්න සූත්‍රවල යෙදී ඇත. නිර්වාණයේ ස්වරූපය මැනවින් කියැවෙන්නේ නිරෝධ යන පදයෙනි. පුහුදුන් තැනැත්තා ඇතැයි ගන්නා දේ නිරුද්ධ වීම ප්‍රකාශ කිරීමට නිරෝධ යන පදය යොදා ඇත. ‘අවිද්යායත්තේව අසේස විරාග නිරෝධො නිබ්බාණං’ ඒ අනුව නිර්වාණය, අවිද්‍යාවගේ නිරෝධය වන්නේ ය.
නිර්වාණය යනු, ස්ථානවාචී පදාර්ථයක් නොවේ. පාලි ත්‍රිපිටකයෙන් පසු රචනා වූ නෙත්තිප්පකරණය, පේටකෝපදේශය, මිලින්දපඤ්හය වැනි ග්‍රන්ථවල පවා නිර්වාණය ස්ථානවාචී පදාර්ථයක් සේ සලකා නැත. මිලින්ද පඤ්හයේ නිර්වාණය ගැන දිගු විස්තරයක් දක්නට ලැබේ. එහිදී නාගසේන මහරහතන් වහන්සේ අවධාරණය කරන්නේ නිර්වාණය කියා හඳුනාගත හැකි ස්ථානයක් හෝ පදාර්ථයක්, කොහෙත්ම නැති බවයි. එහෙත් අටුවා යුගය වන විට මෙය වෙනස් ස, නිර්වාණය ස්ථානයක්, පදාර්ථයක් හැටියට හඳුනා ගැනීමේ උත්සාහයක් පැවැති බව පෙනෙයි.