[FONT="]බෞද්ධ අපේ අරමුණ තමයි නිවන් දැකීම. එහෙමත් නැත්නම් දුකට නැවතීම තියන එක. සැපය අත් කර ගැනීම. නිවන කියන වචනය බෞද්ධයන්ට බුදුහාමුදුරුවො තරම්ම සමීපයි. නමුත් මේ වචනයත් එක්කම බැඳිච්ච අපිට නොතේරෙන දේවලුත් හුගක් තියෙනවා. නිවන කියන්නේ අල්ලන්න, දකින්න, දැනෙන දෙයක් නෙමෙයි. ඉතින් මිනිස්සුන්ට යමක් තමන්ගේ විෂයට ඇතුලත් වෙන්නේ නැත්නම් ඒ ගැන හිතලු ඇති කරගන්නවා. ඒ මානසික තත්වය නිවනටත් පොදුයි. එක එක්කෙනා නිවන ගැන දකින දැක්ම වෙනස්. නිවන ගැන මෙනෙහි කරන්න හැමෝටම බැහැ. ඒක කරන්න පුළුවන් ආර්යන්ටයි. ඒ කියන්නේ නිවන් අවබෝධකල ඒ සැනසුම සාමය විඳින්නන්ට අයිති දෙයක්. අපි නිවන් අවබෝධ කරගන්නාතෙක් අපිටත් ඒ විදියටම නිවන ගැන මෙනෙහි කරන්න බැරි බව මතක තියා ගන්න අවශ්‍යයි. නිවනේ ඇති සාමය එය අත්කරගැනීමෙන් තේරුම් ගත හැකියි. ඒකෙන් කියන්නේ නිවන් අත්විඳි අයට ඒක මතයක් පමණයි. මතය කියන්නේ මනසේ දියුණුවක් (භාවනාවක්) නෙවේ. [/FONT]
[FONT="]අපි දන්නවා පංචස්කන්ධයෙන් කොයිතරම් නම් ගින්නක් දුකක් අපිට ඇති කරනවාද කියලා. මේ හැම දුකටම මුල තණ්හාව. තණ්හාව නැති තැන ඇති ශාන්තිය තමයි නිවන කියන්නේ සරලවම කියනවානම්. මේකම තමයි පංචස්කන්ධය ඇති වීමෙන් ගැලවීම කියලා කියන්නෙත්. [/FONT]
[FONT="]ගිනි දෙවියන්ට වැඳපු පුදපු මිනිස්සු මරණය සහ අනිත්‍ය ගැන දැන ගත්තෙ නෑ. අදටත් බහුතරයක් එහෙමයි. මට මතකයි මන් මීට කලින් ලියපු පෝස්ට් එකකට කෙනෙක් අනිත්‍ය සංඥාව ගැන සඳහනක් කලා.... අනිත්‍ය සහ මරණය කියන දෙක ගැන හොඳ දැනීමක් ඇති කරගන්න ඕනා. මේ දෙක අපේ ජීවිත වලට තියෙන මහා ගිනි ජාලාවල්. මේ ගින්නෙන් ගැලවුන තැන සාමය තියෙනවා. යම් විදියකින් ඔයාලට මරණය ගැන හරියට දැක ගන්න බැරි වුනොත් පැවැත්මෙන් ගැලවීම කියන්නෙ මොකක්දැයි කියලා තේරුම් ගන්නත් අපහසු වෙනවා. නිවන ගැන දැක ගන්නත් බැරි වෙනවා. මරණයි කියන්නෙත් සංකලනයක් කියලා දැන ගන්න පුළුවන් වෙන තරමට ප්‍රඥාව දියුණු වුනාම තමයි නිවනේ විශේෂත්වය දකින්න පුළුවන් වෙන්නෙත්. [/FONT]
[FONT="]නිමක් නැති සංසාරයේ කෙනෙක් හෝ තමන් කියා දෙයක් නැත, ඇත්තේ ධාතු සහ ඒවායේ සංකලනයන් පමණි. [/FONT]
[FONT="]ගලා ගෙන යන දිය පාරක් දිහා ටිකක් හොඳින් බලන් ඉඳලා ඒ ගැන මෙනෙහි කරන්න. මේ ධාතු ක්‍රියාවලිය එකිනෙකා එක්ක බැඳිලා හැසිරෙන හැටි දකින්න පුළුවන් වෙයි. මොකක්ද මෙතනදි සිද්ධ වෙන්නේ? හැමතිස්සමෙ ඒවා වෙනස් වෙන එකයි. අපේ සංසාරය ගත්තත් තියෙන්නේ පංචස්කන්ධයේ ඇති වීම නැතිවීමයිඒ හා බැඳුන සංකලනයයි, හරියට ගලා ගෙන යන වතුර පාර වගේ. පුද්ගලයෙක් හෝ මම කවදාවත් එතන පවතින්නේ නෑ. තණ්හාව නැත්නම් පංචස්කන්ධයේ උප්පත්තියට හේතුව තියෙන තාක් කල් මේ සංසාරයෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑ. [/FONT]
[FONT="]සම්මා දෘෂ්ටිය ඇති වෙලා පැවතීමේ නියම ස්වභාවය දැක්කාට පස්සෙ ඇති වෙන ලෝකෝත්තර ප්‍රඥාවට පුළුවන් ක්ෂණයෙන් තණ්හාව වෙන් කරලා දකින්න. තණ්හාව ඉවත් කිරීම තමයි නිවන කියන්නේ. මරණය සහ නිවන අතර වෙනස දකින්න පුළුවන්. මරණය තමයි නාම රූප විනාශ කරවන ගින්න. නිවන තමයි සැනසීම. එය මරණයේ ගින්න සන්සිඳුවනවා. වරක් මේ සැනසීම ලද කෙනාට ආයිත් මරණයක් නෑ. මේ නිවන් ධාතුව වෙනත් ධාතුන්ගේ පිහිට පතන්නේ නෑ. තනියම ස්වාධීනවයි පවතින්නේ. අහස කිසි ගින්නකින් හරි වතුරෙන් හරි වෙන දෙයකින් හරි විනාශ කරන්න බැරුවා වගේ නිවන් ධාතුවටත් උප්පත්ති, ජරාව, මරණය, ලෝභ , ආශාව හා ද්වේශය වගේ ගින්නෙන් බලපෑමක් කරන්න බෑ. ප්රත්යක්ෂ නොකල සියළුම සත්වයන්ව දවන එකළොස් ගින්නෙන් ගැලවීමට ඇති මාර්ගයයි මේ. උපතක් නැති කල කොහෙන්ද ජරාවක්? දකින්නවත් ගණින්නවත් බෑ. මරණයක් නැති කල අවසානයකුත් නෑ. [/FONT]
[FONT="]ත්‍රිවිධ ලෞකික ලෝකයන්ගේම මරණයේ ගින්න බුර බුරා නැගෙනවා. මේ සංසාරය පුරාවටම ගණිනන්ට බැරි තරම් ප්‍රමාණයක් මරණයට පත් වෙලා තියෙනවා මේ ගින්නේ බලපෑම නිසා. අදටත් හෙටටත් එහෙමමයි. මරණයට ඇති බිය විශ්වීයයි. නමුත් ලෝකෝත්තර තලයේදී බබලන්නේ ධර්මයයි. ඒ ධර්මය නිවන කියලා හඳුන්වනවා. මතක තියාගන්න බුදු, පසේබුදු මහරහත් ආදීන් අත්කරගත් බැබැළීම.
[/FONT]