අවුලක් නැ බන් දාන්න පුළුවන්, එලියට පනින කම්බි පරිස්සම් කරගන්න, ස්ලැබ් එකෙන් එලියට පනින තැන ඇතුලට corrode වෙන්න බලන්නේ එතනින් වතුර බහින්න දෙන්න එපා. ඒ හරිය මලකඩ කෑවොත් එතනින් කැඩෙන්න පුළුවන්. සිමෙන්ති ගාන්න ශීට් දාල කවර කරන්න වගේ දේවල් කරන්න. වතුර ලීක් වෙන එක ගැන හිතන්න එපා උඩ තට්ටුව පස්සේ හදනවනේ.
මලකඩ කෑවත් බය වෙන්න එපා මාත් එෆ්බි එකේ පොස්ට් එකක් දාල එකේ ඉන්න උ44ගේ පුතාල එක එක උකේ කතන්දර කියල බය කරා කඩන් වැටෙයි දැන් ඉවරයි අපරාදේ සල්ලි කියල. මන් ඉන්ජින්යර් කෙනෙක්ම ගෙන්නලා බැලුව, සංස්ථා කම්බි නිසා අවරුදු 4ක් එළියේ තිබලත් දිරල තිබ්බේ නැ. මුහුද ලග නැත්තන් අවුලක් නැ . එහෙම දිරලත් ප්‍රශ්නයක් නැ දැන් chemical anchoring කියල එකක් තියෙනවා ස්ලැබ් එක ඇතුලට විදලා කම්බි බස්සල chemical එකක් දාල bonding කරන්න. එක ලොකු ගානක් නැ ෆින්කෝ එකේ තියෙන්නේ හොද එක මන් හිතන්නේ, 10000ක් ද කොහෙද එකෙන් හිල් 30කට වගේ දාන්න පුළුවන්. විදින්නත් එකෙක් කිව 350 කට කරලා දෙන්නම් කියල එකකට. හිල්ටි කොම්පැනි නම් ගණන් 900ක් වගේ ගන්නවා කිවා, ඔච්චර තමයි අමතර යන්නේ. මන් මේක ගැන ලගදි හෙව්වා ඒ නිසා ප්‍රයිස් හරි, හැබැයි වය්රස් එකට ගණන් යාවිද දන්නේ නැ . දැනට මේක කරන්න ඕනේ වෙන්නේ නැති වෙන්න කම්බි ටික පරිස්සම් කරගන්න.