නිවසේ ගෑස් කාන්දුවක් උනොත් මොකද කරන්නේ

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    නිවසේ ගෑස් කාන්දුවක් උනොත් මොකද කරන්නේ

    Untitled-053.jpg

    ගෑස්‌ සිලින්ඩරයක්‌ ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කිරීමේ දී මිල දී ගැනීමේ සිට ම ආරක්‌ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. එහි දී ගෑස්‌ සිලින්ඩරය ගැන වගේ ම ගෑස්‌ කුකරය, රෙගියුලේටරය සහ සම්බන්ධ වන බටය ගැනත් ඔබේ අවධානය යොමු කළ යුතු වනවා. මීට හේතුව ගෑස්‌ ආශ්‍රිත ව සිදු වන අනතුරුවල දී ගෑස්‌ කාන්දු වීමට වඩාත් ඉඩ ඇත්තේ ගෑස්‌ සිලින්ඩරයේ දෝෂ නිසා නො ව අනෙකුත් උපාංගවල මතු වන දොaෂ නිසා වීම හේතුවෙන්.

    ගෑස්‌ සිලින්ඩරය

    ලංකාවේ ගෑස්‌ අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙකක්‌ තිබෙනවා. මේ සාමාගම්වල බලය ලත් නියෝජිතවරුන් හරහා පමණක්‌ ගෑස්‌ සිලින්ඩර මිල දී ගැනීමට කටයුතු කිරීමෙන් ගෑස්‌ සිලින්ඩරවල ආරක්‌ෂිත බව පිළිබඳ යම් විශ්වසනීයත්වයක්‌ ඇති කරගත හැකියි. ගෑස්‌ පුරවන ලද සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර එහි කාන්දු පවතිනවා ද යන්න ගැන නිෂ්පාදන සමාගම කිහිප වරක්‌ පරීක්‌ෂා කරන අතර අලෙවි නියෝජිතයන් ද ගෑස්‌ සිලින්ඩර ආරක්‌ෂිත ව ගබඩා කිරීම හා පරිහරණය කිරීම ගැන මනාව දැනුවත් කරන්නට ඔවුන් කටයුතු කරනවා. එහි දී ඔබට අවශ්‍ය නම් ගෑස්‌ සිලින්ඩරය කිරා මැන බලා සිලින්ඩරයේ සඳහන් කර ඇති යකඩ බරට අමතර ව ගෑස්‌ නිවැරැදි බරට තිබෙනවා ද යන්න පිරික්‌සා බලන්නත් පුළුවන්.

    ගෑස්‌ සිලින්ඩරය මිල දී ගැනීමේ දී එහි මුද්‍රව නො කැඩී තිබෙනවාද යන්න පිරික්‌සා බැලීමට අමතර ව ගෑස්‌ සිලින්ඩරයේ කර හෝ බඳ ආශ්‍රිත ව යම් තෙත් ගතියක්‌ හෝ අසාමාන්‍ය සීතල ගතියක්‌ හෝ ඇත් ද යන්න පරීක්‌ෂා කර බලන්න. එබඳු ලක්‌ෂණයක්‌ ඇත්නම් එය ගෑස්‌ කාන්දුවක සලකුණක්‌ විය හැකි බැවින් සිලින්ඩරය මාරු කර ගන්න.

    ගෑස්‌ උදුන
    ගෑස්‌ උදුනක්‌ මිල දී ගැනීමේ දී ද තත්ත්වයෙන් ඉහළ උදුනක්‌ මිල දී ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේ ම ගෑස්‌ උදුන කිසියම් හෝ දොaෂ සහගත බවක්‌ දැක්‌වූ විට වහා ම එය නොසලකා නොහැර නැවත අලුත්වැඩියා කරගැනීමට කටයුතු කළ යුතුයි. ස්‌වයංක්‍රීය ගිනිදැල්වීමේ උපාංගය අක්‍රීය වූ විට ගිනිකූරකින් ගිනි දැල්වීමටත් උදුනේ දැල්ල මතුවන ගෑස්‌ විවර වලින් කොටසක්‌ ක්‍රියාත්මක නොවන විට පවා එය නො සලකා ඉවුම් පිහුම් කටයුතු කිරීමට අපේ සමහර ගෘහණියන් පුරුදු වී සිටිනවා. බැලු බැල්මට ගැටලුවක්‌ නොපෙනුනත් පසු කාලීනව ඔබ නොදැනුවත්වම ගෑස්‌ කාන්දුවක්‌ සිදුවීමට මෙබඳු අඩුපාඩු හේතු විය හැකියි.

    රෙගියුලේටරය

    වෙළෙඳපොළේ ඉතා අඩු මිල ගණනවලට සිලින්ඩරයට සම්බන්ධ කරන රෙගියුලේටර් මිල දී ගැනීමට තිබෙනවා. නමුත් ආවාට ගියාට රෙගියුලේටර් මිලට නො ගෙන ගෑස්‌ අලෙවි ආයතනයක්‌ හරහා හෝ වෙනත් ආයතනයක්‌ හරහා වගකීමක්‌ සහිතව උසස්‌ තත්ත්වයේ රෙගියුලේටරයක්‌ මිල දී ගැනීමට ඔබ වගබලාගත යුතුයි. ගෑස්‌ සිලින්ඩරයේ Psi (වර්ග අඟලකට රාත්තල්) 60-80ක පමණ පීඩනයකින් යුතු ව පවතින LP වායුව වර්ග Psi 0.4 දක්‌වා අඩු කර උදුන වෙත ලබා දෙන්නේ රෙගියුලේටරය මඟින්. එනිසා එය මනාව ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. සැම වසර පහකට වරක්‌ ම ඔබ සතු ව පවතින රෙගියුලේටරය ඉවත් කර අලුත් රෙගියුලේටරයක්‌ සවි කරන්නට මතක තබාගන්න. රෙගියුලේටරය සිලින්ඩරයට හොඳින් සම්බන්ධ වන්නේ නැත්නම් එය භාවිත කරන්න එපා. මෙබඳු බුරුල් රෙගියුලේටර උඩින් ගලක්‌ වැනි බරක්‌ තබා පාවිච්චි කරන්නට සමහරුන් කටයුතු කරනවා ඔබ දැක ඇති. මෙය භයානක අනතුරකට මුල පුරන්නක්‌ විය හැකියි.

    වායු බටය
    ඕනෑ ම බටයක්‌ රෙගියුලේටරයේ සිට උදුන දක්‌වා ගෑස්‌ ගෙන යැම සඳහා භාවිත කළ නොහැකියි. ඒ සඳහා BS 3212 යන ප්‍රමිතියෙන් යුතු බටයක්‌ වගකීම් සහගත අලෙවිකරුවකු ගෙන් ම ලබාගන්න. සෑම වසර 2කට වරක්‌ ම ගෑස්‌ බටයක්‌ මාරු කළ යුතුයි. රෙගියුලේටරය වගේ ම වායු බටය ද අලුත්වැඩියා කළ හැක්‌කක්‌ නො වෙයි. එය කැපීම් තුවාල වීම් ආදියට ලක්‌ වුව හොත් ටේප් පටි ආදිය යොදා එය අලුත්වැඩියා කර පාවිච්චි කරන්න එපා. එය ඉතා අවදානම් සහගත කටුයත්තක්‌. එමෙන් ම විවිධ හෝටල් ආදියෙහි ගෑස්‌ බට කපා මැදින් සම්බන්ධ කර උදුන් කිහිපයකට ගෑස්‌ ගැනීම ආදී කටයුතු කරනවා. මෙය ද නො කළ යුත්තක්‌. රෙගියුලේටරය හා උදුන අතර තිබිය යුත්තේ මීටර් 1.5කට අඩු එක්‌ අඛණ්‌ඩ ගෑස්‌ ටියුබයක්‌ පමණයි. රෙගියුලේටරයට හා උදුනේ නළයට බටය සම්බන්ධ වන දෙකෙළවර ක්‌ලිප යොදා වෙන් නො වන සේ හොඳින් තද කර සම්බන්ධ කිරීමට ඔබ විශේෂයෙන් ම මතක තබාගත යුතුයි.​


    එදිනෙදා පරිහරණයේ දී ඔබ කළ යුතු දැ

    * ගෑස්‌ සිලින්ඩරය හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනකින් තැබීමට වගබලාගන්න. මෙමගින් ගෑස්‌ කන්දුවක්‌ සිදු වුව ද වායුව එක්‌ රැස්‌ වීම අවම වේ.

    * අධික තාපයකට හෝ ගිනිදැල්වලට හෝ නිරාවරණය වන තැනක ගෑස්‌ සිලින්ඩරය නො බන්න.

    * ගෑස්‌ සිලින්ඩරය සැම විට ම කෙළින් අතට තබන්න. පෙරළාගෙන යැමෙන් හෝ බිමට අතහැරීමෙන් වළකින්න.

    * ගෑස්‌ බටය විවෘත ව පෙනෙන සේ තබන්න. එවිට එයට හානියක්‌ සිදු වුව හොත් ඔබේ ඇස ගැටෙනු ඇත.

    * සිලින්ඩරයට රෙගියුලේටරය සවි කරන අවස්‌ථාවේ දී ආසන්නයේ කිසියම් ගින්නක්‌ නො දැල්වීමටත් විදුලි ස්‌විච නිවා දැමීමෙන් හෝ පත්තු කිරීමෙන් වැළකීමටත් කටුයතු කරන්න.

    * ගෑස්‌ බටය හා රෙගියුලේටරය නිවැරැ දිව උදුනට හා සිලින්ඩරයට සවි ව ඇත් දැයි තහවුරු කරගන්න.

    * ඔබ සතුව ඇත්තේ ගිනිකූරකින් බාහිරව දැල්ල පත්තු කළ යුතු උදුනක්‌ නම් ගිනිකූර මුලින් දල්වා ඉන් පසුව ගෑස්‌ ධාරාව විවෘත කිරීමට වග බලා ගන්න. පිස අවසන් වූ පසු ගෑස්‌ ධාරාව නිවී ඇත් දැයි තහවුරු කර ගන්න.

    * පොළෝ මට්‌ටමෙන් යට ඇති කාමරවල ගෑස්‌ සිලින්ඩර භාවිත කිරීමෙන් වළකින්න. LP වායුව වාතයට වඩා බරින් වැඩි බැවින් කාන්දුවක්‌ සිදු වුව හොත් ඒවා එක්‌රැස්‌ වේ.

    * නිතර ම රෙගියුලේටරය ගලවා ඉවත් කිරීමෙන් වළකින්න. ගෑස්‌ සිලින්ඩරය වැය වී අවසන් වූ විට පමණක්‌ එය ඉවත් කිරීම ප්‍රමාණවත් ය.

    * භාවිත නො කරන විට රෙගියුලේටරයේ ස්‌විචය off ස්‌ථානයට කරකවා තබන්න.

    ගෑස්‌ කාන්දුවක දී ඔබ කළ යුතු දේ

    ගෑස්‌ සිලින්ඩරයක්‌ පුපුරා යැමෙන් තුවාල ලැබූ අය ගැන හෝ මිය ගිය අය ගැන විටින් විට පුවත් වාර්තා වනවා. නමුත් මේ ප්‍රකාශය බොහෝ විට එතරම් නිවැරැදි වන්නේ නැහැ. ඊට හේතුව ගෑස්‌ සිලින්ඩර මෙසේ පහසුවෙන් පුපුරා නො යැමයි. ගෑස්‌ සිලින්ඩරයක්‌ පුපුරා යැමට නම් එය සෘජු ව ම අධික තාපයකට නිරාවරණය විය යුතුයි. ගොඩනැඟිල්ලක්‌ ගිනිගත් විටෙක ආදී අවස්‌ථාවක මෙබඳු සිදුවීම් විය හැකියි. නමුත් නිවාස ආශ්‍රිත ව සිදු වන අනතුරුවල දී බොහෝ විට සිදු වන්නේ LP වායුව මිශ්‍ර වූ අවට ඇති වාතය ක්‌ෂණික ව දහනය වී පුපුරා යැමයි. එහි දී ගෑස්‌ සිලින්ඩරය පුපුරා යන්නේ නැහැ. වහා ගිනි ඇවිළෙනසුලු LP වායුව වාතයේ හොඳින් මිශ්‍ර වනවා. වාතයෙන් සියයට 2-10ක්‌ වැනි කුඩා ප්‍රමාණයක පවා එම වායුව මිශ්‍ර වූ විට එම වාතය දහනය වනසුලු වනවා. ජනෙල් දොරවල් වසා ඇති සංවෘත වටපිටාවක්‌ තුළ කාන්දුවක්‌ සිදු වන විට LP වායුව එක්‌රැස්‌ වී වාතය ඇති සැම තැනක ම පැතිර යනවා. විදුලි ස්‌විචයක්‌ දැල්වීමේ දී එහි අභ්‍යන්තරයේ නිකුත් වන කුඩා ගිනි පුළිඟුවකට පවා එම වායුව දහනය කළ හැකියි. ක්‌ෂණිකව සිදු වන මේ දහනයේ දී වාතය තැවරී ඇති සැම තැනක්‌ ම එකවර ගිනි ඇවිළෙනවා. ගෑස්‌ මගින් අනතුරට ලක්‌ වූවන් ගේ මුළු ශරීරය ම දැවී ගොස්‌ තුවාල වන්නේ මේ නිසයි.

    කෙතරම් ආරක්‌ෂිත ව ගෑස්‌ උදුන් භාවිත කළත් සමහර විට ගෑස්‌ කාන්දු වීමක්‌ ඔබේ නිවසේ සිදුවිය හැකියි. එබඳු අවස්‌ථාවක දැනුවත්ව කල්පනාකරී ව හැසිරුණ හොත් සිදු වන්නට ඉඩ තිබෙන විශාල විනාශයක්‌ වළක්‌වාගත හැකියි. LP ගෑස්‌වල පවතින දුර්ගන්ධය නිසා ගෑස්‌ කාන්දු වීමක්‌ සිදු වී ඇති බවට වාතයේ ගඳින් අපට පහසුවෙන් හඳුනාගත හැකියි. මීට අමතරව සමහරවිට කාන්දුවන තැනින් සියුම් ශබ්දයක්‌ පැන නැගිය හැකියි. එබඳු අවස්‌ථාවක ඔබ අනුගමනය කළ යුත්තේ මෙබඳු ක්‍රියා පටිපාටියක්‌.

    * ගිනි පුළිගුවක්‌ හෝ ඇති වීමට ඉඩ තිබෙන කිසිදු දෙයක්‌ කරන්න එපා. කිසි ම විදුලි ස්‌විචයක්‌ ක්‍රියාත්මක කිරීමෙන් හෝ නිවා දැමීමෙන් වළකින්න. ජංගම දුරකථනය පවා භාවිත කිරීමෙන් වැළකිය යුතුයිs. ඒ, ඒ තුළ ඇති පරිපථ පවා තාපය ජනනය කිරීමට ඉඩ ඇති නිසයි.

    * දල්වා තිබෙන ගින්නක්‌ වේ නම් එය වහා නිවා දමන්න.

    * වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ සියලු ජනෙල් දොරවල් විවෘත කරන්න.

    * කාන්දුව සිදු වන්නේ බෙහෝ විට උදුනෙන් හෝ බටයෙන් විය හැකි බැවින් එය නැවැත්වීමට රෙගියුලේටර වෑල්වය off කරන්න.

    * කාන්දුව සිදු වන්නේ සිලින්ඩරයෙන් නම් හෝ සිදු වන තැනක්‌ සිතා ගත නොහැකි නම් රෙගියුලේටරය ඉවත් කර සිලින්ඩරය නිවසින් පිටතට ගෙන ගොස්‌ පුද්ගලයන් නොගැවසෙන හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක තබන්න.

    * ගිනි නො දැල්වෙන බවට වගබලාගත් වටපිටාවක දී සබන් වතුර පරීක්‌ෂණය කිරීමෙන් කාන්දුව සිදු වන තැන හඳුනාගෙන හානියට ලක්‌ වූ කොටස අලුත් එකකට මාරු කරන්න.

    * සිලින්ඩරයෙන් ගෑස්‌ කාන්දු වන්නේ නම් එය එළිමහනේ කාන්දු වී අවසන් වීමට ඉඩ දී ඔබ ගේ අලෙවි නියෝජිතයා අමතා ඒ බව දැනුම් දෙන්න.

    ගින්නක්‌ ඇවිලී ඇත්නම්

    පිපිරීමක්‌ ඇති වන්නේ යම් කාලයක්‌ තිස්‌සේ වාතයෙහි එක්‌ රැස්‌ වූ LP වායුවට එක වර ගිනි ඇවිළීමෙනි. මීට අමතරව කාන්දුවකින් පිට වන LP වායු ධාරාවට ඒ මොහොතේ ම ගිනි ඇවිළී අඛණ්‌ඩව දැල්වෙන ගිනි දැල්ලක්‌ ඇති විය හැකි ය. මෙවැනි අවස්‌ථාවක ඔබ පළමුවෙන් කළ යුත්තේ ආරක්‌ෂිතව රෙගියුලේටර් වෑල්වය off කළ හැකි නම් එසේ කිරීමෙන් ගින්න නැවැත්වීමයි. රෙගියුලේටර් වෑල්වය වසා දැමිය නොහැකි නම් ගිනි දැල්ල පමණක්‌ නිවා දැමීමෙන් වළකින්න. මීට හේතුව එවිට කාන්දු වන ගෑස්‌ ධාරාව අඛණ්‌ඩව එකතු වී පිපිරීමක්‌ සිදු වීමට ඉඩ තිබීමයි. එබඳු අවස්‌ථාවක අවට ඇති වෙනත් ද්‍රව්‍යවලට ගිනි නො ඇවිළෙන පරිදි පාලනය කරගනිමින් කාන්දු වන එම වායු ධාරාව දහනය වී අවසන් වීමට ඉඩ හරින්න. මෙවැනි අවස්‌ථාවක සිලින්ඩරය සීතල කිරීමට පමණක්‌ එය මතට වතුර ඉසීම සිදු කළ හැකි ය.


    uputaganima නව ලොව
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කරන්නම දෙයක් නැත්තම් සිලින්ඩර් එක උස්සන් ගිහින් ළිඳකට, වලකට දාන්න
    එතකොට පිපිරුනත් හානිය අඩුයි
    ටොයිලට් වලකට එහෙම දැම්මොත් නම් මාසයක් දෙකක් ගෙවල් හෝදන්න බලන් දාන්න :baffled::dull:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    කරන්නම දෙයක් නැත්තම් සිලින්ඩර් එක උස්සන් ගිහින් ළිඳකට, වලකට දාන්න
    එතකොට පිපිරුනත් හානිය අඩුයි
    ටොයිලට් වලකට එහෙම දැම්මොත් නම් මාසයක් දෙකක් ගෙවල් හෝදන්න බලන් දාන්න :baffled::dull:

    :yes::yes::lol: