නිව්යෝර්ක් ප්‍රහාරය
නිව්යෝර්ක් ප්‍රහාරයෙන් 8 දෙනෙකු මරුට
දැනට පැය කිහිපයකට පෙර නිව්යෝර්ක් නගරයේ පදික හා පාපැදි මං තීරුවක් මතින් ට්‍රක් රථයක් ධාවනය කරවීම හේතුවෙන් අවම වශයෙන් 8 දෙනෙකු මරුමුවට පත්ව 12 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිද්දිය නිව්යෝර්ක් නගරාධිපතිවරයා හදුන්වා දුන්නේ සාමාන්‍ය ජනතාව වෙත එල්ල කල තස්ත්‍රවාදී ප්‍රහාරයක් ලෙසය.
නිව්යෝර්ක් වේලාවෙන් සවස 3.05 පමණ (19:05 GMT) බටහිර මැන් හැටර්න් ප්‍රදේශයේ පදික හා පාපැදි මං තීරුවක් මතින් ධාවනය කොට පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකු යට කරමින් ට්‍රක් රථය පදවා ඇත. පසුව ට්‍රක් රථය පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් හා ගැටී ඇති අතර පාසැල් බස් රථයේ සිටි ළමුන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත.
පාසැල් බස් රථය හා ගැටීමෙන් පසුව ව්‍යාජ ගිනි අවි සමග ට්‍රක් රථයෙන් පිටතට පැමිණි රියදුරාට නිව්යෝර්ක් පොලිසිය ( NYPD ) විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. නිව්යෝර්ක් පොලිසිය පවසන්නේ ට්‍රක් රථයේ රියැදුරා වයස 29 ක පුද්ගලයෙකු වන අතර ඔහු ට්‍රක් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවය. පොලිසිය වෙඩි තැබීමේදී සැකකරුගේ උදාර ප්‍රදේශය තුවාල වීමෙන් ඔහුව රෝහල් ගත කල බව පොලිස් අධිකාරි ජේම්ස් ඕ නිල් මාධ්‍ය සාකච්චාවක් හමුවේ පවසා සිටියේය.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවකට ප්‍රථමාධාර ලබා දෙමින්
මෙම පදිකයන් මතට එල්ල කල ප්‍රහාරය සිදු වී තිබෙන්නේද 2001 නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයට ආසන්නයේමය. පසු ගිය කාලයේ ලෝකයේ ඇති වූ මේ හා සමාන සිද්දීන් සැලකිල්ලට ගනිමින් මෙය පැහැදිලිවම තස්ත්‍රවාදී ප්‍රහාරයක් බව පොලිසිය පවසයි. ( US Department of Homeland Security (DHS) ) වැඩි විස්තර සඳහා ලෝක පුවත් සේවය සමග රැඳී සිටින්න.
---------------------------------------------
Update 2
මේ අවස්ථාවේ විශේෂ පරික්ෂා මෙහෙයුමක් සිදු කරන බැවින් හැකිතාක් එම ස්ථානයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප්‍රහාරකයා විසින් ට්‍රක් රථය පාසැල් බසයේ හප්පා ව්‍යාජ ගිනි අවි දෙකක් ද සමගින් එලියට බැස අල්ලා අක්බාර් කියමින් දිව යමින් සිටියදී රාජකාරියෙන් බැහැරව සිටි පොලිසි නිලදරියෙකු විසින් වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇත. ඇසින් දුටුවකු රූපවාහිනි සේවාවකට ප්‍රකාශ කලේ අධික වේගයකින් පැමිණි ට්‍රක් රථයක් පදිකවේදිකාවේ සිටි මිනිසුන් යට කරගෙන ගොස් බස් රථයක ගැටුණු බවය. ඒ සමගම වෙඩි පහරවල් කිහිපයක හඬවල් ඇසුණු බව ඔහු සඳහන් කර සිටියේය.
දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ අනුව 29 හැවිරිදි ප්‍රහාරකයා මිට වසර 7 කට පමණ පෙර උස්බකිස්ථානයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අයකු බව සඳහන් කරයි. ප්‍රහාරකයාගේ නම " සෙයි ෆුලෝ සයිපොව් ( Sayfullo Saipov) ලෙස හඳුනාගෙන ඇත. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටැම්පා නගරයේදී රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇති මොහු ඉන් පසු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකටම සංක්‍රමණය වී ඇත. ට්‍රක් රථ කුලියට ලබා දීමේ සමාගමෙන් ලබා ගත් තොරතුරු සහ රියදුරු බලපත්‍ර තොරතුරු ඔස්සේ ඔහුගේ හිත මිත්‍රාදීන්ගෙන් , ඥාතින්ගෙන් සහ පවුලේ සාමාජිකයින්ගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යනු ලබයි. මොහු කිසියම් තස්ත්‍රවාදී සංවිධානයක් සමග හෝ වෙනත් කෙනෙකුගේ පෙලෙබවිම මත මේම ප්‍රහාරය සිදු කලේ දැයි පරීක්ෂණ පවත්වමින් සිටී. මේ වන විට ප්‍රහාරකයා තුවාල ලබා රෝහලක ප්‍රතිකාර ලබයි.
Source www.lokapuwath.com

Last edited:

කරපු ගමං ප්‍රතිඵල නෑ මේ කලිං ආපු උන්නෙ. ඒත් ඌ කරපු වැඩෙන් අනාගතේ වෙන්න තියෙන මේ වගේ සිද්ධි කීයක් වැලකෙන්න ඇද්ද