නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්
ත්‍රෙඩ් එක දැම්මේ ගොඩ දෙනෙක් අහලා තිබුණා NZ වලට ස්ටුඩන්ට් වීසා වලින් යන්නේ කොහොමද කියලා අහලා. ත්‍රෙඩ් එකෙන් ගොඩ දෙනෙකුගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා හිතනවා. අහන්න දෙයක් තියනවා නං මට PM එකක් එවන්න.
New Zealand කිව්වම හැමෝම දන්න කියන රටක්නේ. නවසීලන්තේ විශාල දූපත් දෙකකින් එකතු වෙලා තමයි රට හැදිලා තියෙන්නේ. උතුරු හා දකුණු දුපත් දෙකකින්. නවසීලන්තේ අගනුවර ඇවිත් වෙලින්ටන්. විශාලම නගරේ වෙන්නේ ඕක්ලන්ඩ්. ප්‍රධාන නගර වෙන්නේ ඕක්ලන්ඩ්, වෙලින්ටන් හා ක්‍රයිස්ට්චර්ච්. ඊට අමතරව තව උප නගර විදියට හැමිල්ටන්, ගිස්බෝන්, ඩනේඩින්, නේපියර්, ටව්රන්ගා, නෙල්සන්, රෝටුරා වගේ ප්‍රධාන නගර වගේම තවත් නගර තියනවා. මේ අතරින් වැඩිම ජනගහන ඉන්නේ ඕක්ලන්ඩ් වල.
නවසීලන්තේ තාම යටත් වෙන්නේ දෙවන එලිසබෙත් මහ රැජින යටතට. අග්‍රාමාත්‍ය වෙන්නේ ජෝන් කී මහතායි. දැනට තියන සමීක්ෂණ අනූව ජීවත් වෙන්න හොඳම රටක් තමයි NZ.
දැන් කියන්න යන්නේ NZ වලට ඉගෙන ගන්න යනවා නං කොහොමද වෙන්නේ කියලා.
NZ වලට ඉගෙන ගන්න යන්නන වයස් සීමාවක් නෑ. NZ වල ඉගෙනුම අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. නවසීලන්ත ඩොලර් එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 95/- ක් වෙනවා. ඉඳලා හිටලා 100ක් වෙනවා. මේ අතරේ තමයි වෙනස් වෙන්නේ.
NZ යන්න කලින් හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගන්න. ලංකාවේ ගොඩක් ඒජන්ට්ලා ඉන්නවා පැටව් ගහලා වගේ. ඒක නිසා හරි විදියට NZ වලට රට යවන ඒජන්ට් කෙනෙකුටත් වැඩක් කරගන්න බෑ. අද මේක ලංකාවේ ලොකු රැකට් එකක් වෙලා. ළමයිට ගොඩක් සුරංගනා ලෝක මවලා කොලේජ් එකකින් ඔෆර් ලෙටර් එකක් ගෙන්නලා දීලා රුපියල් 20,000ක් 30,000/- ගන්නවා. ඉතුරු බාගේ වීසා හම්බුනාට පස්සේ ගෙවන්න කියලා. මෙයාලගේ මේ 20,000 - 30,000 තමයි බලාපොරොත්තු වෙන ගාන. මේ විදියට මාසෙකට ළමයි 10ක් සෙට් කරගන්නවා කියන්නේ හොඳ ගානක්. ඉතින් මේ වගේ ඒජන්ට් ලා බලන්න යන්න කලින් හොඳට හිතලා බලලා වැඩ කරන්න. මම මේ ලියන්නේ මම මේක ගැන හොඳට කට්ට කාලා කොහොම හරි ස්ටුඩන්ට් වීසා ගත්ත නිසයි.
අනන් මනං ඒජන්ට්ලට වැඩිය නවසීලන්තේම මයිග්‍රේෂන් ඒජන්ට්ස් ලා ඉන්නවා. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. ලංකාවෙත් හොඳ ඒජන්ට් ලා ඉන්නවා අපේ එළකිරි එකේ දර්ශන ලොක්කා වගේ.
http://www.iaa.govt.nz/
ඔය ලින්ක් එකේ ඉන්න අය හැමෝම නවසීලන්ත රජයේ රෙජිස්ටර් වෙච්ච අය. ඕනෙම දේකට එයාලා මැදිහත් වෙලා අපිට උදව් කරනවා. මම ගියෙත් මේ ඒජන්ට් කෙනෙක් හරහා. වැඩි විස්තර සඳහා PM එකක් එවන්න
ඉස්සර වෙලා ඒජන්ට් එක්ක කතා කරලා හොඳට අවශ්‍ය කරන දේ දැනගන්න. කරන්න ඕනේ විෂය, කොච්චර කාලෙකටද, ඒකට යන සල්ලි ඒවා ගැන. NZ වලට යන ස්ටුඩන්ට්ස්ලට සතියකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. නිවාඩු කාලේ එහෙම සීමාවක් නෑ. මේ තියෙන්නේ NZ ස්ටුඩන්ට් වීසා එකක්.
NZ වල පාට් ටයිම් වැඩ කරනවා නං පැයකට NZ$ 14-20ක් වගේ හොයන්න පුළුවන්. තමන් දැනගන්න ඕනේ ඉතින් වැඩ කරන විදිය කරගෙන ඉන්න. සමහර අය මීට වඩා හොයනවා. කුලියට ඉන්නවා නං පොඩි කාමරයක් රෙන්ට් එකට ගන්න පුළුවන්. එකත් තමන්ගේ වියදම අනූව තමයි. ගොඩක් පිටරට ළමයි සාමාන්‍ය කාමර 5ක් වගේ ගෙයක් අරන් ෂෙයාර් කරගෙන ඉන්නවා. සතියකට තමයි කාමර කුලී ගෙවන්න ඕනේ. හොඳට හොයලා බලලා ගත්තොත් NZ$ 80කට 90කට වගේ පොඩි කාමරයක් සෙට් කරගන්න බැරි කමක් නෑ.
හරි දැන් ඉගෙන ගන්න ඕනේ සබ්ජෙක්ට් එක දැනගත්තට පස්සේ ඒජන්ට් මාර්ගෙන් යුනි එකක්, කොලේජ් එකක් හරි ඉන්ස්ටිටියුට් එකක් හොයාගන්න පුළුවන්. එක එක තැන් වල එක එක ගණන්. සාමන්යෙන් IT ඩිප්ලෝමා එකකට වගේ අවුරුද්දකට NZ $ 18,000ත් 20,000ත් අතර ගානක් යනවා. NZ යනවා නං මේ සල්ලි එක්ක තව NZ $ 15,000ක් අපේ බැංකුවේ පෙන්නන්න ඕනේ. වැඩිපුර පෙන්නන තරමට හොඳයි.
කොලේජ් එකේ හරි යුනි එකේ හරි ඇක්සෙප්ට් කරන්න ඉස්සර වෙලා අපේ සහතික ඒජන්ට් මාර්ගෙන් කොලේජ් එකට හරි යුනි එකට යවන්න ඕනේ. සිංහලෙන් තියන සහතික ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න අමතක කරන්න එපා. ඒ කරලා ඒ සහතික ලොව්‍යර් කෙනෙක් මාර්ගෙන් සහතික කරලා යවන්න ඕනේ. මතක තියාගන්න වීසා වැඩේට අවශ්‍ය කරන්නේ ඔක්කොම සහතික වල ෆොටෝ කොපි විතරයි. කිසිම ඔරිජිනල් සහතිකයක් යවන්න ඕනේ වෙන්නේ නෑ. ඉගෙන ගණන් විෂය අනූව IELTS කරන්න ඕනේ
IELTS
IELTS කරනවා නං මම අනුමත කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ කරන්න කියලා. කරන්න ඕනේ ඇකඩේමික් විභාගේ. අනිවාර්යෙන් 6.5 හරි ඊට වඩා බෑන්ඩ් ස්කෝ එකක් ගන්න බලන්න. වැඩි විස්තර ඕනේ නං මේ ත්‍රෙඩ් එකේම අහන්න.
ඇක්සේප්ටන්ස් ලෙටර් එකක් ගන්න අපිට යවන්න වෙන්නේ ඕලෙවල්, ඒ ලෙවල් (ඒ ලෙවල් නැති උනාට කමක් නෑ ඩිප්ලෝමා වගේ එකකට) අනික් සහතික, IELTS සහතිකය. මේ සහතික කලින් කිව්වා වගේ ෆොටෝ කොපි කරලා ලොව්‍යර් කෙනෙකුට කියලා සහතික කරලා ස්කෑන් කරලා ඒජන්ට්ට යවන්න ඊමේල් එකෙන්.
ඔයාව ඇක්සේප්ට් කරාම ලියුමක් එවනවා ඔයාට ඒජන්ට් මාර්ගෙන්. ඒ ලියුම ඇවිත් දෙන්නේ අපිට වීසා ගන්න උදව් වෙන්න. ඒ ලියුමේ ඔයාගේ නම, උපන්දිනේ, ඉගෙන ගන්න විෂය, කාලය, ගාස්තුව, ඉවර වෙන දිනේ, ස්ථානය සඳහන් වෙලා තියෙන්න ඕනේ. දැන් ඇක්සේප්ටන්ස් ලෙටර් එක හරි. ඊට පස්සේ ඕනේ කරන්නේ පොලිස් රිපෝට් එක
පොලිස් රිපෝට්
පොලිස් රිපෝට් එකේ වැඩේට උපරිම සති 3ක් යනවා. පොලිස් රිපෝට් එකක් ගන්න ඉස්සර වෙලාම කරන්න ඕනේ මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාලා එකේ තියන විදියට පුරවන්න ඕනේ
http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate
මේ ෆෝම් එක පුරවලා තමන්ගේ ID කොපි 2ක්, පාස්පෝට් කොපියක්, රුපියල් 60ක් අලවපු තමන්ගේ ලිපිනය ලියපු රෙජිස්තර එන්විලොප් කවරයක්, ගාස්තු හැටියට රුපියල් 500ක් එක්ක කොළඹ කොටුවේ ඕල්කොට් මාවතේ තියන පොලිස් අශ්වාරෝහක මූලස්ථානයට ගිහින් දෙන්න ඕනේ. එතන කාටද මේ පොලිස් රිපෝට් එක ලියන්න ඕනේ තැන ලියන්න New Zealand Embassy, Mumbai, India කියලා. NZ වලට අනිවාර්යෙන් පොලිස් රිපෝට් ඕනේ වෙනවා මොකද ඒ රටේ නීතිය අපේ රටේ වගේ නැති නිසා. එන හැමෝගෙම කැරැට්ටුව හොඳට හොයලා බලනවා. කචල් එහෙම දාගෙන පොලිසියේ ගියා නං බඩු බනිස් පුතෝ.
හරි දැන් ඔක්කොම බාර දුන්නට පස්සේ ටික දවසකින් ඔයාලගේ ගෙවල් ළඟ පොලිසියේ රාළහාමි කෙනෙක් එනවා ඔයා දුන්න තොරතුරු හරිද කියලා බලන්න. ආවම ඔය අහන ප්‍රශ්න වලට උත්තර දීලා තේ එක්ක කේක් කෑල්ලක් දීලා කෙසෙල් ගෙඩියක් දීලා සංග්‍රහ කරලා යවන්න. සල්ලි එහෙම දෙන්න යන්න එපා මොකද එක වැරද්දක්.

ඔයාගේ තොරතරු ටික ලියාගත්තට පස්සේ ඒ තොරතුරු ටික ආයේ කොළඹ අපි ඇප්ලිකේෂන් එක බාරදුන්න ඔෆිස් එකට ෆැක්ස් කරලා යවනවා. සතියකට දෙකකට පස්සේ රෙජිස්තර් තැපැල් මගින් පොලිස් රිපෝට් එක ගෙදරටම එනවා. තව එකක්. NZ යන කොට ලංකාවට අමතරව වෙන රටක අවුරුදකට වැඩිය හිටියොත් ඒ හිටපු රටෙනුත් පොලිස් රිපෝට් එකක් අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. මට පොලිස් රිපෝට් 3ක් ගන්න ඕනේ උනා. එකක් ලංකාවේ, අනික මැලේසියාවේ, අනික දැන් ඉන්න රටේ ඕමාන් වලින්. මේ ඔක්කොම පෙන්නන්න ඕනේ ඔය හොර බොරු වංචා නැති පුද්ගලයෙක් කියලා.
සල්ලි
කලින් කිව්වා වගේම NZ යනවා නං අඩුම ගානේ තමන්ගේ හෝ ගෙදර අයගේ අකවුන්ට් එකේ ලක්ෂ 40ක් 45ක් පෙන්නන්න වෙනවා. ෆික්ස් ඩිපොසිට්, අනන් මනං තිබුනට බැංකුවේ සල්ලි තියන තරමට වීසා එක ගන්න වාසි.
කෝස් එකට දල වශයෙන් NZ$ 20,000
අවුරුද්දක වියදම සඳහා (1250x12) - NZ$ 15,000
එකතුව NZ$ 35,000
බැංකුවේ මැනේජර්ගෙන් මේ ලියුම ගන්න The Immigration Officer, New Zealand Embassy, Mumbai, India කියලා ඇඩ්‍රස් කරලා. මාස 6ක ස්ටේට්මන්ට් පෙන්නන වෙන එක ගොඩක් දුරට ශේප් කරගන්න පුළුවන් ඒජන්ට් ඒ වැඩේ ගැන කියයි. සල්ලි පෙන්නන පුළුවන් හැටියට තමයි විසා එක ෂුවර් වෙන්නේ. දෙන ලියුමත් කොපියක් අරන් ලොව්‍යර් කෙනෙකුට කියලා සර්ටිෆයි කරගන්න අමතක කරන්න එපා.
IOM Sri Lanka
NZ එම්බසි එකෙන් ලංකාවේ ඇප්ලිකන්ට්ස් ලගේ මූල්‍ය වාර්තා ගැන වාර්තාවක් දෙන්න කියලා ලංකාවේ IOM කියලා ඔෆිස් එකකට දීලා තියනවා. මේ ඔෆිස් එක තියෙන්නේ කොළඹ කොල්ලුපිටියේ ආනන්ද කුමාරස්වාමි මාවතේ. ගොඩක් වෙලාවට ඒජන්ට් ෆිට් නං මේ වැඩේ කෙරෙන්න ඕනේ වෙන්නේ නෑ. මොකද අපි IOM ඒකටත් සල්ලි ගෙවන්න ඕනේ මේ වැඩේට. මේ IOM එක කරන්නේ අපේ අකවුන්ට් චෙක් කරලා වෙනම රිපෝට් එකක් දෙනවා NZ එම්බසි එකට අපේ සල්ලි ගැන. මොකද ගොඩක් අය සල්ලි එහෙන් මෙහෙන් අරන් වෙන විදියට පෙන්නන නිසා. ඒක මගහැර ගන්න තමයි NZ එම්බසි IOM එක පත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ IOM සයිට් එක.
http://srilanka.iom.int/iom/
මෙඩිකල්
දැන් තමයි පුතෝ වැඩේ. NZ වලට මෙඩිකල් කරන්න යන්න ඕනේ නාරාහේන්පිට ආසිරි එකට. මුළු මෙඩිකල් එකටම රුපියල් 13,000ක් ගන්නවා. යන්න කලින් ආසිරි එකට කෝල් කරලා බලන්න. මෙන්න සයිට් එක.
http://www.asirihospitals.com/facilitiesallpage-10-1-1001-4.html
මෙඩිකල් එකට යන්න කලින් මේ ෆෝම් සෙට් එක ඕනේ. ඒක ඔයාට ඒජන්ට් දෙයි. එහෙම නැත්තන් INZ සයිට් එකෙන් බාගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ ඔරිජිනල් පාස්පෝට් එක, පාස්පෝට් ෆොටෝ 4ක්, NZ වීසා ෆෝම් සෙට් එක (INZ 1012), NZ මෙඩිකල් ෆෝම් සෙට් එක (INZ 1007), පපුවේ xරේ ෆෝම් සෙට් එක (INZ 1096), තව ඔයාලට කරපු ඔපරේෂන් ගැන තියන වාර්තා එහෙම අරන් යන්න. අර INZ ෆෝම් දෙක 1007, 1096 පුරවන් යන්න අමතක කරන්න එපා. මෙඩිකල් එක ඉවර උනාම අපිට රෙෆ් නම්බර් එකක් දෙනවා NZERXXXXX. මේ නොම්බරේ අපේ වීසා ඇප්ලිකේෂන් එකේ (INZ 1012) එකේ අදාල පිටුවේ ලියන්න ඕනේ. මෙඩිකල් එක ඒ වෙලාවේම දොස්තර ඔන්ලයින් එන්ටර් කරන්නේ. ලේ, මූත්‍රා, xරේ රිපෝට් හම්බුන ගමන් එයාලා ඒ විස්තරත් අප්ලෝඩ් කරනවා. ඒකට දවස් දෙකක් විතර යනවා. අපි ඉන්න ඕනේ නෑ. හැබැයි මෙඩිකල් වල මොනවා හරි අප්සෙට් එකක් තිබුනොත් ආයේ කරන්න ඕනේ. මෙඩිකල් එකට කලින් පැය 12ක් කන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක අනිවාර්යයි. මේ මෙඩිකල් එක ගොඩ දාගන්න බලන්න එක සැරේ. මොකද එම්බසි එකට ගියාට පස්සේ එයාලගේ සාමාන්‍ය රිපෝට් එක්ක අපේ රිපෝට් එකේ පොඩ්ඩක් හරි අවුලක් තිබුනොත් එයාලා ආයේ ඒ මෙඩිකල් එක වෙන පැනල් එකකට දාලා රිෆර් කරනවා. මේක නිසා ගොඩක් ඇප්ලිකේෂන් පරක්කු වෙනවා. සමහර වෙලාවට සති 10ක් 12ක් උනත් වෙන්න පුළුවන්. ඒක නිසා මෙඩිකල් වලට කලින් සතියකට දෙකකට කලින් සිගරට් බීම, අරක්කු බීම, කඩ චෝරු කන එක නවත්තලා පොඩ්ඩක් ව්‍යායාම් කරලා ඉන්න.
දැන් ඔක්කොම දේවල් හරි. ඊට පස්සේ බලමු විසා ඇප්ලයි කරන්න ඕනේ දේවල්
1. තමන් NZ වීසා ගන්න බලාපොරොත්තුවෙන් ඇප්ලයි කරනවා කියලා ලියුමක්
2. පාස්පෝට් කොපිය
3. පාස්පෝට් සයිස් ෆොටෝ එකක්
4. වීසා ඇප්ලිකේෂන් එක (INZ1012 ඔක්කොම පිටු 16යි
)
5. ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් ( Statement of Purpose) මේ ලියුම ගොඩක් වැදගත් එකක්. මේ ලියුමේ හරියටම ඔයාලා NZ ගිහින් ඉගෙන ගන්නේ ඇයි, ඉගෙන ගත්තට පස්සේ ඔයාට වෙන සෙත, අනාගත බලාපොරොත්තු ගැන හොඳට හිතලා බලලා පිටු 4ක් 5ක් වෙන්න හොඳට කඩ්ඩ පොලිෂ් කරලා ලියන්න. මේ තියෙන්නේ ඒ වගේ ලියුමක ආකෘතියක්
6. බැංකු ස්ටේට්මන්ට් ලියුම් (IOM ඇතුව හෝ නැතුව - ඒජන්ට් ගෙන් අහන්න)
7. පොලිස් රිපෝට්
8. IELTS රිසල්ට්ස් කොපිය
9. ඊමෙඩිකල් ෆෝම් එක (ආසිරි එකෙන් දෙන එක මෙඩිකල් එක ඉවර වෙලා)
10. උප්පැන්න සහතිකය (සිංහලෙන් නං ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා ගන්න ඕනේ)
11. ස්පොන්සර් ෆෝරම් එක (INZ 1014) මේ ෆෝම් එක අවශ්‍ය වෙන්නේ ඔයාට ඉගෙන ගණන් සල්ලි වලින් ස්පොන්සර් කරන්නේ කව්ද කියලා පෙන්නන්න. එයා ඔයාගේ පවුලේ අම්මා හරි තාත්තා අයියා හරි අක්කා වෙන්න පුළුවන්. එයා එක පුරවලා අත්සන් කරන්න ඕනේ.
12. INZ 1226 - ස්ටුඩන්ට් ඩේක්ලරේශන් ෆෝරම් එක - මේකේ තියෙන්නේ අපිට එයාලගේ රටේ නීති රීති වලට අවනත වෙලා හොඳ ළමයි වගේ ඉගෙන ගන්න පොරොන්දු වෙනවා වගේ එකක්. අත්සන් කරන්න
13. සමහර විට බැඳලා ඉන්නවා නං ළමයි ඉන්නවා නං ඒ අයගේ උප්පැන්න සහතික, විවාහ සහතික දෙන්න වෙනවා. කලින් වගේම සිංහලෙන් නං ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන්න ඕනේ. ඒකත් ඒජන්ට් ගෙන් අහන්න
14. ඒජන්ට්ගෙන් NZ එම්බසි එකට ලියුමක් එයා මාව ඉන්ටර්විව් කරා ඒ වගේම NZ නීති රීති අණුව මට ඉගෙන ගන්න පුළුවන් කම තියන නිසා මෙයාට විසා දෙන්න කියලා දෙන ලියුම.
දැන් ඔක්කොම හරි. දැන් මේ ටික අපි ඒජන්ට්ට යැව්වම එයා මේ ටික INZ ඔන්ලයින් ඇප්ලයි කරනවා. ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් යන එකේ හොඳම දේ තමයි මේක. INZ වීසා හැටියට රුපියල් 20,000/- ගෙවන්න ඕනේ වීසා ගාස්තු හැටියට. ඒක ඒජන්ට් ගෙන් අහන්න කොහොමද ගෙවන්න ඕනේ කියලා. මේක ගෙවන්නේ නැතුව මුකුත් කරන්න හම්බුවෙන්නේ නෑ.

දැන් ඔක්කොම සබ්මිට් කරාට පස්සේ අපිට රිසිට් එකක් එනවා. ඒ රිසිට් එකේ හැටියට අපිට අපේ පාස්පෝට් එක ඉන්දියාවට යවන්න වෙනවා මොකද ලංකාව ඇතුළු දකුණු ආසියාවේ NZ වීසා ගන්න පුළුවන් වෙන්නේ ඉන්දියාවේ තියන මුම්බායි වල එම්බසි එකෙන්. නවදිල්ලියේ තියන එම්බසි එකෙන් දැන් ස්ටුඩන්ට් වීසා දෙන එක නවත්තලා. මතක තියාගන්න වීසා ඇප්ලයි කරනකොට හොඳට මාස 6ක් වත් තියලා වීසා ඇප්ලයි කරන්න. බැරි වෙලාවත් මොනවා හරි වැඩිපුර ඉල්ලුවොත් වීසා ප්‍රොසෙස් කරන්න යන කාලේ වැඩි වෙනවා. මට මාස 4ක් ගියා විසා එක එන්න.

ගොඩක්ම කචල් යන්නේ මෙඩිකල්. ඒක නිසා මම කලින් කියපු දේවල් හොඳට හිතට ගන්න. ලංකාවේ ඉඳන් ඉන්දියාවට පාස්පෝට් එක යවන්න ඕනේ මෙන්න මේ ඒජන්ට් හරහා. මෙන්න ලින්ක් එක
https://www.ttsnzvisa.com/lk-en/Home
මේකේ තව විස්තර තියනවා. පාස්පෝට් එක දුන්නට පස්සේ එයාලා අපේ පාස්පෝට් එක ඉන්දියාවට කුරියර් කරනවා. ඊට පස්සේ ඉතින් වීසා එනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ.
වීසා හරි ගියාම අපිට ඒජන්ට් මාර්ගෙන් වීසා හරි කියලා ලියුමක් එවනවා. ඒ ලියුමේ විදියට අපි දැන් කෝස් එකට ගෙවන්න ඕනේ. සල්ලි බැංකුවෙන් එහෙ තියන කොලේජ් එකේ බැංකුවට සල්ලි ලැබුනට පස්සේ අපිට දෙන රිසිට් එක ඒජන්ට් මාර්ගෙන් ඉන්දියාවේ එම්බසි එකට යවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ පාස්පෝට් එකේ වීසා ස්ටිකර් එක ඇලවෙන්නේ. සල්ලි ගෙව්වේ නැත්තන් නෝ ස්ටෑම්ප් නෝ වීසා.
.
තව දෙයක් කියන්න ඕනේ සමහර කේස් වලදී එම්බසි එකෙන් කියනවා අවුරුද්දක සල්ලි NZ$ 15,000 එහෙ බැංකුවක එකවුන්ට් එකක් ඇරලා ඩිපොසිට් කරන්න කියලා. මෙහෙම කරන්නේ වීසා කේස් ගොඩක් මගහරවා ගන්න. ඒ සල්ලි මාස් පතා ආපහු ගෙදරට ගන්න පුළුවන්. මේක ඇවිත් ඉන්ෂුවරන් එකක් හැටියට තමයි කරන්නේ. මේකත් ඒජන්ට්ගෙන් කලින් අහලා තියාගන්න.
දැන් ඔක්කොම හරි ගියාට පස්සේ NZ ස්ටුඩන්ට් වීසා අලවපු ලස්සන ස්ටිකර් එක එක්ක අපේ පාස්පෝට් එක අර කලින් කිව්ව TTS ඔෆිස් එකට එනවා.
අපි එතනට ගිහින් පාස්පෝට් එක බාර දෙනකොට දුන්න තුණ්ඩුව දුන්නම අපේ පාස්පෝට් එක අපිට දෙනවා. ඊට පස්සේ ඉතින් NZ යන්න ටිකට් බුක් කරලා යන්න තියෙන්නේ රූන් ගාලා
කලින් කිව්වා වගේම වීසා ඇප්ලයි කරන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. හොඳට වෙලාව තියලා ඇප්ලයි කරන්න. තව විස්තර දැනගන්න ඕනේ නං මට PM එකක් එවන්න. එහෙනං ජය වේවා
මේ පින්තූරේ බලන්න. මේ විදියට තමයි ස්ටුඩන්ට් වීසා එකක් ප්‍රොසෙස් වෙන්නේ මුම්බායි ඔෆිස් එකේ

)5. ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් ( Statement of Purpose) මේ ලියුම ගොඩක් වැදගත් එකක්. මේ ලියුමේ හරියටම ඔයාලා NZ ගිහින් ඉගෙන ගන්නේ ඇයි, ඉගෙන ගත්තට පස්සේ ඔයාට වෙන සෙත, අනාගත බලාපොරොත්තු ගැන හොඳට හිතලා බලලා පිටු 4ක් 5ක් වෙන්න හොඳට කඩ්ඩ පොලිෂ් කරලා ලියන්න. මේ තියෙන්නේ ඒ වගේ ලියුමක ආකෘතියක්
6. බැංකු ස්ටේට්මන්ට් ලියුම් (IOM ඇතුව හෝ නැතුව - ඒජන්ට් ගෙන් අහන්න)
7. පොලිස් රිපෝට්
8. IELTS රිසල්ට්ස් කොපිය
9. ඊමෙඩිකල් ෆෝම් එක (ආසිරි එකෙන් දෙන එක මෙඩිකල් එක ඉවර වෙලා)
10. උප්පැන්න සහතිකය (සිංහලෙන් නං ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා ගන්න ඕනේ)
11. ස්පොන්සර් ෆෝරම් එක (INZ 1014) මේ ෆෝම් එක අවශ්‍ය වෙන්නේ ඔයාට ඉගෙන ගණන් සල්ලි වලින් ස්පොන්සර් කරන්නේ කව්ද කියලා පෙන්නන්න. එයා ඔයාගේ පවුලේ අම්මා හරි තාත්තා අයියා හරි අක්කා වෙන්න පුළුවන්. එයා එක පුරවලා අත්සන් කරන්න ඕනේ.
12. INZ 1226 - ස්ටුඩන්ට් ඩේක්ලරේශන් ෆෝරම් එක - මේකේ තියෙන්නේ අපිට එයාලගේ රටේ නීති රීති වලට අවනත වෙලා හොඳ ළමයි වගේ ඉගෙන ගන්න පොරොන්දු වෙනවා වගේ එකක්. අත්සන් කරන්න
13. සමහර විට බැඳලා ඉන්නවා නං ළමයි ඉන්නවා නං ඒ අයගේ උප්පැන්න සහතික, විවාහ සහතික දෙන්න වෙනවා. කලින් වගේම සිංහලෙන් නං ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන්න ඕනේ. ඒකත් ඒජන්ට් ගෙන් අහන්න
14. ඒජන්ට්ගෙන් NZ එම්බසි එකට ලියුමක් එයා මාව ඉන්ටර්විව් කරා ඒ වගේම NZ නීති රීති අණුව මට ඉගෙන ගන්න පුළුවන් කම තියන නිසා මෙයාට විසා දෙන්න කියලා දෙන ලියුම.
දැන් ඔක්කොම හරි. දැන් මේ ටික අපි ඒජන්ට්ට යැව්වම එයා මේ ටික INZ ඔන්ලයින් ඇප්ලයි කරනවා. ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් යන එකේ හොඳම දේ තමයි මේක. INZ වීසා හැටියට රුපියල් 20,000/- ගෙවන්න ඕනේ වීසා ගාස්තු හැටියට. ඒක ඒජන්ට් ගෙන් අහන්න කොහොමද ගෙවන්න ඕනේ කියලා. මේක ගෙවන්නේ නැතුව මුකුත් කරන්න හම්බුවෙන්නේ නෑ.

දැන් ඔක්කොම සබ්මිට් කරාට පස්සේ අපිට රිසිට් එකක් එනවා. ඒ රිසිට් එකේ හැටියට අපිට අපේ පාස්පෝට් එක ඉන්දියාවට යවන්න වෙනවා මොකද ලංකාව ඇතුළු දකුණු ආසියාවේ NZ වීසා ගන්න පුළුවන් වෙන්නේ ඉන්දියාවේ තියන මුම්බායි වල එම්බසි එකෙන්. නවදිල්ලියේ තියන එම්බසි එකෙන් දැන් ස්ටුඩන්ට් වීසා දෙන එක නවත්තලා. මතක තියාගන්න වීසා ඇප්ලයි කරනකොට හොඳට මාස 6ක් වත් තියලා වීසා ඇප්ලයි කරන්න. බැරි වෙලාවත් මොනවා හරි වැඩිපුර ඉල්ලුවොත් වීසා ප්‍රොසෙස් කරන්න යන කාලේ වැඩි වෙනවා. මට මාස 4ක් ගියා විසා එක එන්න.

ගොඩක්ම කචල් යන්නේ මෙඩිකල්. ඒක නිසා මම කලින් කියපු දේවල් හොඳට හිතට ගන්න. ලංකාවේ ඉඳන් ඉන්දියාවට පාස්පෝට් එක යවන්න ඕනේ මෙන්න මේ ඒජන්ට් හරහා. මෙන්න ලින්ක් එක
https://www.ttsnzvisa.com/lk-en/Home
මේකේ තව විස්තර තියනවා. පාස්පෝට් එක දුන්නට පස්සේ එයාලා අපේ පාස්පෝට් එක ඉන්දියාවට කුරියර් කරනවා. ඊට පස්සේ ඉතින් වීසා එනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ.
වීසා හරි ගියාම අපිට ඒජන්ට් මාර්ගෙන් වීසා හරි කියලා ලියුමක් එවනවා. ඒ ලියුමේ විදියට අපි දැන් කෝස් එකට ගෙවන්න ඕනේ. සල්ලි බැංකුවෙන් එහෙ තියන කොලේජ් එකේ බැංකුවට සල්ලි ලැබුනට පස්සේ අපිට දෙන රිසිට් එක ඒජන්ට් මාර්ගෙන් ඉන්දියාවේ එම්බසි එකට යවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ පාස්පෝට් එකේ වීසා ස්ටිකර් එක ඇලවෙන්නේ. සල්ලි ගෙව්වේ නැත්තන් නෝ ස්ටෑම්ප් නෝ වීසා.

. තව දෙයක් කියන්න ඕනේ සමහර කේස් වලදී එම්බසි එකෙන් කියනවා අවුරුද්දක සල්ලි NZ$ 15,000 එහෙ බැංකුවක එකවුන්ට් එකක් ඇරලා ඩිපොසිට් කරන්න කියලා. මෙහෙම කරන්නේ වීසා කේස් ගොඩක් මගහරවා ගන්න. ඒ සල්ලි මාස් පතා ආපහු ගෙදරට ගන්න පුළුවන්. මේක ඇවිත් ඉන්ෂුවරන් එකක් හැටියට තමයි කරන්නේ. මේකත් ඒජන්ට්ගෙන් කලින් අහලා තියාගන්න.

Last edited: