නිව්_හොරයිසන්ස්_ආ_වේගයෙන්_ම_ප්ලූටෝ ගෙන් ඈ&#350

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    නිව්_හොරයිසන්ස්_ආ_වේගයෙන්_ම_ප්ලූටෝ ගෙන් ඈ&#350

    ජූලි 14 අ`ගහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.20ට පමණ ප්ලූටෝ වාමන ග්‍රහලොව ආසන්නයට ම ගිය නිව් හොරයිසන්ස් යානය ප්ලූටෝට වඩාත් ආසන්නයෙන් ඇදී ගියේ පැය භාගයක කාලයක් තුළ පමණයි. ඒ කාලය තුළ යානය හා ප්ලූටෝ අතර පැවතුණේ සැතපුම් 7750ක (කිලෝමිටර 12500) පමණ පරතරයක්. එම දුර පරතරය ඉන්දියාවේ මුම්බායි හා ඇමෙරිකාවේ නිව්යෝක් නගර අතර දුර පරතරයට ආසන්න පරතරයක්.

    මේ සටහන තබන මොහොත වන විට එනම් එම සිදුවීමෙන් දින 1කුත් පැය 5යි විනාඩි 11ක් ගත වූ මොහොතේ ප්ලූටෝ හා යානය අතර පරතරය සටහන් ව තිබුණේ කිලෝමීටර 1 446 631ක් ලෙසයි. ඒ අනුව යානය ප්ලූටෝ වෙතින් වේගයෙන් සමුගනිමින් තිබෙන බවයි පෙන්නුම් කෙරෙන්නේ. යානය තත්පරයට කිලෝමීටර 14ක ප්‍රවේගයකින් ප්ලූටෝ වෙතින් ඉවතට ඇදී යමින් පවතිනවා. යානයේ මීළ`ග ඉලක්කය වනු ඇත්තේ ක්‍යුපර් කලාපයේ පිහිටි ග්‍රහක කැබැලි අධ්‍යයනයයි. ඒ සඳහා සුදුසු ග්‍රහක කැබැලි කිහිපයක් මේ වන විටත් තෝරාගෙන ඇති අතර යානය ඒවා අධ්‍යයනය කරනු ඇත්තේ ද අසලින් ඇදී යමිනුයි. මේ ග්‍රහක කැබැලි සමග යානයේ හමුවීම් 2017 හා 2020 වසර අතර කාලයේ දී සිදු කිරීමටයි නියමිත ව තිබෙන්නේ. ඒ කියන්නේ මේ දුර ඈත මිතුරන් හමු වීමට නිව් හොරයිසන්ස් තව බොහෝ දුරක් යා යුතු ව ඇති බවයි.

    නිව් හොරයිසන්ස් යානය සැලසුම් කර තිබුණේ ප්ලූටෝ ආසන්නයෙන් ඇදී යමින් හැකි තරම් දත්ත ප්‍රමාණයක් රැස් කරගැනීමට මිස ප්ලූටෝ මත ගොඩබැසීමට හෝ ඒ වටා කක්ෂගත වීමට හෝ නො වෙයි. යානය ප්ලූටෝ වෙත වඩාත් ම ළංවූ කාල සීමාව තුළ ප්ලූටෝ භූමියෙහි මීටර 60ක් තරම් හරස්කඩකින් යුත් ප්‍රදේශයක පවා භූ විෂමතා පැහැදිලිව දර්ශනය කරගැනීමේ හැකියාව ඊට පැවතුණා. (ඊට කුඩා ප්‍රදේශයක තොරතුරු පැහැදිලිව හඳුනාගැනීමට යානයත් භූමියත් අතර දුර පරතරය ප්‍රමාණවත් වූයේ නැහැ).

    නිව් හොරයිසන්ස් යානයේ ප්‍රධාන මිනුම් උපකරණ 7ක් සවි කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයකට පැවරී තිබුණේ ප්ලූටෝ වායුගෝලය අධ්‍යයනයයි. යානය ප්ලූටෝ වෙත ළ`ගා වන ගමනේ දීත් ළගා වී තිබූ කාල සීමාවේ දීත් ඈත් වෙමින් පවතින කාලයේ දීත් මේ උපකරණ යොදාගෙන විවිධ මිනුම් ගැනීමට විද්‍යාඥයන් සැලසුම් කර තිබුණා. විශේෂයෙන් ම ප්ලූටෝ වෙතින් ඈත් වෙමින් යන ගමනේ දී යානය ප්ලූටෝ ගේ සෙවණැල්ලෙන් හිරු එළියට මුවා වන අවස්ථාවක ආපසු හැරී ප්ලූටෝ දෙස බලන යානයේ කැමරා උපකරණවලට හිරු එළිය පසුබිම් කරගෙන දිදුළන ප්ලූටෝ “තැටියේ” නියම හැඩය නිර්ණය කරගත හැකි වේ යැයි අපේක්ෂා කෙරෙනවා.

    නිව් හොරයිසන්ස් යානය ප්ලූටෝ වෙත ළං වූ අවස්ථාවේ සිට පැය ගණනාවක් යන තෙක් පෘථිවිය හා කිසිදු සන්නිවේදනයක යෙදුණේ නැහැ. ඒ කාලය තුළ සිය මුළු අවධානය ප්ලූටෝහි ලක්ෂණ අධ්‍යයනය සඳහා යොදවමින් මිනුම් ගනිමින් එය ක්‍රියාත්මක වූවා. 14 අ`ගහරුවාදා සවස් වරුවෙන් පසු යානයෙන් නැවත පෘථිවියට ඇමතුමක් ලැබුණේ ශ්‍රී ලංකා වේලාවෙන් 15 බදාදා උදේ 6.20ට පමණ. යානය ක්‍යුපර් කලාපයේ ග්‍රහවස්තුවක් හා ගැටීමට 10000ට 1ක අවදානමක් පවතින බව උපකල්පනය කර තිබූ නිසා යානය නිහඬ ව තිබූ කාලය තුළ එයට අනතුරක් සිදු වී ද නැද්ද යන්න ගැන විද්‍යාඥයන් තුළ තිගැස්මක් ද පැවතුණා.

    පෘථිවියෙන් වඩාත් ම ඈතින් පිහිටි ප්ලූටෝ වාමන ග්‍රහලොව වෙත මෙතරම් ළං වූ පළමු යානය නව් හොරයිසන්ස් වන අතර ඒ සඳහා යානය පෘථිවියෙන් පිටත් වූයේ වසර 9කට ඉහත දීයි. යානය පෘථිවියේ සිට ගෙවා ආ දුර සැතපුම් බිලියන 3ක් පමණ වනවා. එන අතරම`ග දී බ්‍රහස්පති ගේ ගුරුත්වයේ සහායයෙන් සිය ප්‍රවේගය ඉහළ නංවාගත් යානය සෞරග්‍රහ මණ්ඩලය හරහා වැඩි ම වේගයකින් ගමන් කළ යානය ලෙස ද වාර්තා පොතට එක් වුණා. එය පැයට කිලෝමීටර 5100ක වේගයක්.

    ප්ලූටෝ හා නිව් හොරයිසන්ස් අතර සමීපතම හමුව දැකබලාගන්නට ඇමෙරිකාවේ නාසා ආයතනයට අනුබද්ධ අදාළ විද්‍යාගාරයට පැමිණ සිටි විශේෂ ආරාධිතයන් අතර 1930 දී ප්ලූටෝ ග්‍රහලොව සොයාගත් ක්ලයිඞ් ටොම්බෝ ගේ දියණිය වන ඇනට් ටොම්බෝ ද සිටියා. නිව් හොරයිසන්ස් යානය තුළ කල්යිඞ් ටොම්බෝ ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුනක් ද ඇති බව වැඩි දෙනකු නො දන්නා කරුණක් විය හැකියි. එහි මතුපිට මෙසේ සටහන් ව තිබෙනවා. “ මෙය තුළ ඇත්තේ ප්ලූටෝ සහ ඉන් ඔබ්බෙහි ඇති සෙරග්‍රහ මණ්ඩලයේ 3 වැනි කලාපය සොයාගත් ඇමෙරිකානු ජාතික ක්ලයිඞ් විලියම් ටොම්බෝ ගේ භෂ්මාවශේෂයන් ය”. ඔහු ගේ මාපියන් බිරිඳ හා දරුවන් ගේ නම් ද එහි සඳහන් ව තිබෙනවා. නිව් හොරයිසන්ස් යානය ක්‍යුපර් කලාපයේ වස්තූන් අධ්‍යයනයෙන් ද නො නැවතී තවදුරටත් ඉදිරියට ගමන් කර වසර 2030 දී පමණ සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් සීමාව ද ඉක්මවා ගමන් කිරීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් ප්ලූටෝනියම් න්‍යෂ්ටික ඉන්ධන යානය සතුයි. (ප්ලූටෝනියම් මූලද්‍රව්‍යයට එම නම තබා ඇත්තේ ද ප්ලූටෝ ග්‍රහලොවේ නම අනුව යමින්). මේ අනුව පෘථිවිවැසියකු ගේ භෂ්මාවශේෂ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිටට ම රැගෙන ගිය පළමු යානය ලෙස ද නිව් හොරයිසන්ස් වාර්තා අතරට එක් වනවා ඇති.

    ප්ලූටෝ සොයාගත් ක්ලයිඞ් ටොම්බෝ
    33yge2h.jpg



    නිව් හොරයිසන්ස් යානයේ ඉහළ මහලේ ස්ථානගත කර ඇති ඔහු ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුනේ ඡායාරූපයක්.
    dbjrwi.jpg


    ටොම්බෝ ගේ වියපත් දියණිය ඇනට් ටොම්බෝ නිව් හොරයිසන්ස් ප්ලූටෝ හමුව දැක ඔල්වරසන් දුන් අවස්ථාව
    dn0bir.jpg


    යානය ප්ලූටෝ වෙත ළ`ගා වීමට පැය 16කට පෙර ජූලි 13 වැනි දින එහි සවි කර අැති Long Range Reconnaissance Imager (LORRI) කැමරාව මගින් හසු කරගත් ප්ලූටෝ ගේ දර්ශනයක්. එම අවස්ථාවේ යානය හා ප්ලූටෝ අතර දුර සැතපුම් 476000ක් (කිමී768000) විය. මෙහි ළා පැහැ කලාපය ''හදවත'' නමින් හැදින්වෙන විශේෂ ප්‍රදේශයකි.
    23h65x1.jpg


    නිව් හොරයිසන්ස් යානයේ රූපසටහනක් (එහි ඇති මිනුම් හා වෙනත් උපකරණවල නම් ද සමග)
    j80iac.jpg


    ප්ලූෙටා් සහ ක්‍යුපර් කලාපය
    2wlwt5e.jpg


    මේ සටහන තබන මොහොත වන විට යානය ගමන් කර තිබූ මාර්ගය (කොළ පාටින්) සහ ඉදිරි කාලයේ ගමන් කිරීමට නියමිත මාර්ගය (රතු පාටින්). ප්ලූටෝ සහ එහි පරිවාර චන්ද්‍රයන් ගේ පිහිටීම් පෙන්වන රූපයක් ද මෙහි පසෙකින් ඇත.
    1zvsf8k.jpg



    Source: Vidusara
    Credits goes: https://www.facebook.com/Vidusara/posts/911973375507537


    Updates from Press Conference 1.45AM 16th July 2015


    1 - ප්ලුටෝ වල අඩි 11000 පමන උස් වු අයිස් (Water) කදු ඇත.
    nqzgjp.jpg


    2 - ප්ලුටො මතුපිට ජල අයිස්, මීතෙන් අයිස් හා කාබන් මොනොක්සයි අයිස් ඇත.
    b9dhr5.jpg


    3 - ප්ලුටො හි ප්‍රධාන චන්ද්‍රයා ඉහල හැතැම්ම 4-6 ගැඹුර ආවාටයක් හෝ සානුවක් ඇත. Lord of the Rings කතාමලාවේ එන Mordor - මෝඩොර් ලෙස එය නම් කර ඇත.
    1116np0.jpg



     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    machan uba oya paththa gana dannawa nm poddak kiyapanko oya Spacecraft walata power eka ganne kohomada kiyala
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පට්ටම පට්ට ත්‍රෙඩ් එක මචන්. ගොඩක් වටිනවා :yes:
    මේක කියවද්දි හිතුනේ ඔහොම යානයක් හදන්න කොච්චර technology එකක් ඕනා ඇද්ද? ඒ ගැන ඉගෙනගන්න ආස හිතුනා :)