නිවාඩුවට යන්න තැනක් ↦ 3

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
නිවාඩුවට යන්න තැනක් ↦ 3

Coral Sands Hotel - Hikkaduwa
ගාල්ල පැත්තේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට නවතින්න කියාපු හෝටලයක් තමයි coral sands hotel එක.
හික්කඩුව ප්‍රදේශයේ තියෙන මේ හොටෙල් එකේ සෑම අතින්ම පහසුකම් ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා.
මුහුදට මුහුණලා ඉදිකරලා තියෙන නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්වෙලා තිබෙනවා.
ඒ වගේම මදුසමය ගත කරන යුවළකට වුනත් coral sands hotel එක හොඳින් ගැලපෙනවා.

මෙම හොටෙල් එකේ මුළු කාමර සංඛ්‍යාව 82ක්, standard rooms 21ක්, deluxe rooms 56ක්, super deluxe rooms 3ක්,
සහ suite 1ක් විදියට තමයි තියෙන්නේ. මේ හැම කාමරයක්ම මුහුද දෙසට මුහුණලා තියෙන නිසා වටපිටාවේ සුන්දරත්වය ද විඳගන්න පුළුවන්.
ඒ වගේම සියලුම කාමර වායු සමීකරණය කරලා තියෙනවා වගේම මෙන්න මේ පහසුකම් ද තිබෙනවා...

* 21" LCD TV
* Mini bar
* Safety Deposit
* Telephone
* Complimentary tea and coffee making facilities
* Hair dryer
* Complimentary Toiletries
* Wi-fi

දේශීය විදේශීය සැමදෙනාටම ඉතාමත් රසවත් ආහාර මෙහිදී ලබාගන්න පුළුවන්. මෙහි නවාතැන් ගන්නා ඔබට උදෑසන - රාත්‍රී බුෆේ ක්‍රමයට ආහාර ලබාගන්න පුළුවන්.
බුෆේ එක්දි විවිධ ආහාරපාන රාශියක් තිබෙනවා, ඔබට කැමති ප්‍රමාණයක් බෙදාගෙන ඕනම විදියකට කෑමට ගන්න පුළුවන්.
මේ හොටෙල් එකේ ලස්සන පූල් එකක් තියෙනවා. මෙතනට මුහුදත් පෙන නිසා හරිම ලස්සනයි. රාත්‍රී 11 පමණ වනතුරු පූල් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම හොටෙල් එකේ ආයුර්වේද මධ්යස්ථානයකුත් තියෙනවා. මෙහි නවාතැන් ගන්නා ඔබට නොමිලේ foot massage එකක් කරගන්න පුළුවන්.

මෙහිදී කල හැකි දේවල්...

Surfing
Diving
Boat riding
Madu Ganga
Galle Fort
Whale Watching

online බුක් කරනවා නම් booking.com / agoda වැනි සයිට්ස් වලින් 8000 - 10,000ත් අතර මුදලකට කාමරයක් වෙන්කරගන්න පුළුවන්.

Contacts : 326, Galle Road
Hikkaduwa
091 2 277513

TrI4bEx.jpg


FnMMQwT.jpg


6oRhO7e.jpg


aoi8VFo.jpg


vVqjBTC.jpg


DptwObZ.jpg


ssC2jzL.jpg



නිවාඩුවට යන්න තැනක් ↦ 1

නිවාඩුවට යන්න තැනක් ↦ 2
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඕක පට්ට ප්ලේස් එක :yes:

ඔව්....කන්න පුළුවන් ඇති වෙන්න...:D rooms එහෙමත් මරු..

You must spread some Reputation around before giving it to csaranga46 again.
 

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔව්....කන්න පුළුවන් ඇති වෙන්න...:D rooms එහෙමත් මරු..

    You must spread some Reputation around before giving it to csaranga46 again.
    එකෙන්ම පට්ට place එක :cool: