නිවැරදිව මීයා අල්ලමු
1 . මවුස් එක එහා මෙහා කරද්දි නිතරම වැලමිට එහා මෙහා කරන්න. හැකි තරම් මැණික් කටුවෙන් අත සොලවන එක අඩු කරන්න.
මොකද දිගු කාලයක් එහෙම කරනකොට ඔබට ඇඟිලි සහ මැණික් කටුව අසලින් වේදනාවක් හටගන්න ඉඩ තියෙනවා.
2. මවුස් එක හෝ කී බෝඩ් එක වැනි ඇඟිලි හා අතින් මෙහෙයවන උපකරණ භාවිත කරනකොට විනාඩි 20කට වරක් වත්
කෙටි විවේකයක් අරගෙන ඉරියව්ව වෙනස් කරන්න. එකම ඉරියව්වෙන් දිගටම ඉන්න එපා.
3. හැකි තරම් කී බෝඩ් ශෝට් කට් පාවිච්චි කරන්න. මවුස් එකෙන් කරන දෑ හැකි තරම් අඩු කරගන්න.
4. දිගු ලිපියක් සංස්කරණය කරනවා නම් හෝ අන්තර්ජාලයේ දිගු ලිපියක් කියවනවා නම් ස්ක්‍රෝල් කිරීමට ස්ක්රේල් වීල් එක පාවිච්චි කරන්න.
5. මවුස් එක හෝ කී බෝඩ් එකේ බොත්තම් තද කිරීමට ලොකූ බලයක් යොදන්න එපා. බොත්තම් නිතරම මෘදුව ඔබන්න.
6. ඒ වගේම ඔබ නිවැරදිව මවුස් එක අල්ලනවා ද කියලා සැලකිලිමත් වෙන්න
මවුස් බොත්තම් ඔබන්නට අවශ්‍යය වෙලාවක් නෙමෙයි නම් හැකි තරම් ඇඟිලි නිදහස්ව මවුස් එක මත තබාගන්න.
මවුස් එක ඇඟිලි වලින් තද කරන්න එපා.
මවුසය මෘදුව අල්ලගන්න. අතින් තද කරලා අල්ලගෙන ඉන්න එපා. ඒක ඔබට කාලයත් සමග අතේ සහ ඇඟිලි වල
වේදනා ඇති කරන්න ඉඩ තියෙනවා. කොහොමටත් වැඩිය මිරිකන්න දෙයක් නෑ මවුස් කිවුවට ඔය මවුස් පැනලා යන්නෙ නෑනෙ.
මුවස් එක පාවිච්චි කරන්නෙ නැත්තම් මවුස් එක අල්ලගෙන ඉන්න එපා.
අතේ ඇගිලි සිට ඔබේ මැණික් කටුව අසලින් වැලමිට දක්වා පොලොවට සමාන්තරව තියාගන්න. මැණික් කටුව අසලින් අත
පහලට එල්ලා වැටෙන විදිහට වත් ඉහලට නැමෙන විදිහට වත් තියාගන්න එපා.
ඔබට හැකි නම් මවුස් එක අත් දෙකෙන්ම පාවිච්චි කරන්න උත්සහ කරන්න.
එතකොට එක් අතකට විතරක් වැඩි වෙහෙසක් වෙන්නෙ නැහැ.

Last edited: