නිවැරදි UPS එකක් තෝරා ගන්නේ කෙසේද [Must See]

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
නිවැරදි UPS එකක් තෝරා ගන්නේ කෙසේද [Must See]

නිවැරදි UPS(Uninterruptible power supply) එකක් තෝරා ගන්නේ කෙසේද


ඔබගේ පරිගණකයේ Hardware උපාංග වල දරිතාවට අනුකුලව නිවැරදි UPS එකක් තොරා ගන්නා ආකාරය විමසා බලමු. නැත්නම් ඔබගේ UPS එක ඉක්මනින් දැවී යාමට හෝ Backup time එක අඩු වීමට හෝ ඉඩ ඇත .අපට ප්‍රදාන වශයෙන් 650VA , 1000VA, 1200VA දරිතාවන්ගෙන් UPS දැකගත හැක ... UPS උපාංග වල දාරිතාව මනිනු ලබන්නේ VA ( Volt Amps ) වලිනි

M7694_0_v1_m56577569835168478.JPG

W = VA * PF
W= watt , VA=Volt Amps , PF =Power Factor

පරිගණක සහ සාමාන්‍ය විද්‍යුත් උපාංග සදහා මම PF අගය 0.70 පමණ වේ ශීතකරණ සදහා මෙම අගය 0.40 පමණ වේ

උදාහරණයක්‌ ලෙස අපි හිතමු අපගේ පරිගණකය 430W පමණ උපරිම ක්ෂමතාවයෙන් ක්‍රියාකරන බව .. ඔබගේ පරිගණකයේ උපරිම ක්ෂමතාවය මෙතනින්මැන ගන්න. තවද ඔබගේ power supply එක 80+ certified එකක් නම 80% කාර්යක්ෂම තාවයෙන් ක්‍රියාකරන බව උපකල්පනය කල හැක

ඔබගේ මොනිටෙර් එක 17- 20 inch LCD නම් සාමාන්‍ය ක්ෂමතාවය 30W-40W පමණ වේ ,15-19 CRT එකක් නම 70W පමණ වේ

power supply එක ලබාගන්නා උපරිම ක්ෂමතාවය = 430W * 100/ 80 (80% නිසා)
--------------------------------------------------= 537.5W


පරිගණකය සදහා වූ මුළු ක්ෂමතාවය = 40W + 537.5
------------------------------------= 577.5

ඔබගේ UPS එක සදහා අවශ්‍ය උපරිම VA ප්‍රමානය = W/PF
-------------------------------------------------= 577.5 W / 0.70
-------------------------------------------------= 825 VA

එබැවින් 1000VA ලෙස සදහන් UPS එකක් බාවිතා කිරීම සුදුසුය ...

මෙම උදාහරණය ඔබගේ දැනුම සදහා බැවින් ඔබගේ UPS එක ඔබගේ පරිගණකයට සුදුසු එකක් දැයි මෙතනින් බලාගත හැක
 
Last edited:

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
Good post.
Power supply:
My wattage was 250W min, 300W recommended. (I have 450W)

UPS:
360 VA (min)
500 VA (recommended)
I have 600 VA