නිශ්ශංක_සේනාධිපති
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණි අවස්ථාවේදීය.
එසේම, ඇවන්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති්රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා මෙම සැකකරු අද (17) සවස 2.00 ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලංකාදීප