#නිසල_නොවූ_සිතිවිලි

cat123

Well-known member
  • Sep 25, 2007
    2,701
    4,444
    113
    #නිසල_නොවූ_සිතිවිලි

    මීට ටික කාලෙකට කලින් අපේ මහත්තයගෙ නෑදෑවෙන අයියා කෙනෙක් මාස්ටර් එකක් කරන්න මෙහෙ යුනි එකකට ආවා. කවදාවත් කාටවත් අනවශ්‍ය විදියට කරදර කරන කෙනෙක් නෙවෙයි. දවසක් රෑ නවයට විතර එයාගෙන් කෝල් එකක් එනවා.
    "මල්ලි මට ටිකක් සනීප මදි වගේ. මාව ෆේන්ට් වෙන්න යනවා වගේ"
    "අයියා කාලද?"
    "අද මගෙ final exam එකේ final assignment එක තිබුනා මල්ලි. ඒකට ටිකක් වැඩිපුර මහන්සි උනා. උදේ ඉඳලා කාලා නෑ මොකුත්"
    ගෙදර තිබුන බත් මාළු ටිකක් පෙට්ටියකට දාගෙන අපේ මහත්තයා සුටුස් ගාලා ගියා අයියගෙ flat එකට.
    "මේ, මූට බත් කව කවා ඉන්න බෑ. හොඳටම අමාරුයි. මම emergency අරං යනවා" කියලා මට කිව්වත්, මෙන්න පැයකින් විතර දෙන්නම ගෙදර ආවා. වෙනදට වාඩිවෙන්න කියනකල් වාඩි නොවෙන අයියා කෙලින්ම සෝෆා එකේ වැටුනා ගහක් කපලා දැම්මා වගේ.
    මෙහෙ emergency කියන්නේ OPD එක. ඒකට ඇතූල් වෙන්න admission විතරක් $570 වගේ ගාණක් ඕනෙ කිව්වලු අයියා මෙහෙ පුරවැසියෙක් නොවෙන නිසා. ඒක මාර ලොකු ගානක්. ගාන ඇහෙද්දි අයියගෙ ලෙඩ හොඳ වෙලා. පහුවදා උදේ අපේ family doctor ළගට යමු කියලා දෙන්නා ඇවිත් තියෙන්නේ. කොහොම හරි අයියා ගෙදරට එද්දී බීපු මිනිහෙක් වගේ වීසි වෙනවා. වමනෙ යනවා. හුස්ම ගන්න අමාරුයි. පාන්දර වෙද්දි අයියා coma එකකට ගිහින් සම්පූර්ණයෙන්ම මැරිලා ඉපදුණු කෙනෙක් විදියට පණ ගත්තෙ දවස් හයකට පස්සෙ. එහෙම ලෙඩෙක්ව තමයි සල්ලි ගෙව්වෙ නැත්තං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට බාර ගන්න බෑ කියලා ගෙදර එව්වෙ.

    මේ වසංගතය පැතිරිලා යන වෙලාවෙ දියුණු යැයි සම්මත එක රටක අගමැති කියනවා "non residence, if you can't survive here, pack bags n go home" කියලා. තවත් රටක නායකයෙක් කියනවා "non residence, don't ask more. If you can't go for the hospitals which don't have ventilators n modern facilities go back to your country" කියලා. තවත් රටවල ඒ රටේ පුරවැසියන්ට රෝහල් ඕනෙ කියලා අනිත් උන් මැරිච්චදෙන් කියලා අතහැරලා දාලා තියනවා.

    මේ වෙලාවේ,
    අපේ රටේ විතරමයි වෙන්න ඇති ආණ්ඩුවෙ සල්ලි වලින් කන්න බොන්න දීලා විදේශිකයන් වත් නිරෝධායනය කරන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති විදේශිකයන්වත් රෝහලේ තියාගෙන සල්ලි ගන්නෙ නැතුව බෙහෙත් කරන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති අපේ කොල්ලෙක්ව බේර ගන්න ගිය නැවක වෙන රටක ලෙඩෙක්ව දැකලා "අනේ අපොයි" කියලා බලෙන් උස්සගෙන ඇවිත් වෙදකම් සාත්තු සප්පායම් කරන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ. ඒකත් පඩි දවසටත් කලින්.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති කොහෙවත් යන්න එපා කියලා ගෙදරටම ලොරි වලින් බඩු එවන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති බඩු ගන්න mobile ATM ගෙදරටම එවන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති සල්ලි ගන්නෙ නැතුව බෙහෙත් ටික ගෙදරටම ගෙනත් දෙන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති ඩෝල් එක හම්බවෙන අයට ඒක ගෙදරටම ඇවිත් දීලා යන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති ගෙවල් වලටම වෙලා ඉඳිද්දි මිනිස්සුන්ට පාළුයි කියලා ඒ වත්තෙ දොරකඩට ඇවිත් ආරක්ෂක අංශ තූර්ය වාදක කණ්ඩායම් සල්ලි ගන්නෙ නැතුව සිංදු කියන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති ලෙඩේ තියාගෙන ඒක නොකියා හැංගිලා ඉන්න එවුන්ගෙ ගෙවල් වලට ගිහින් වඩම්මවා ගෙන ඇවිත් ආණ්ඩුවේ සල්ලි වලින් කන්න බොන්න දීලා උන්ව බලාගන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති හොම්බ රිවට් වෙන්න බැටන් එකෙන් ගහන්න ඕනෙ උන්ව සහ ඔලුව කුඩුවෙන්න වෙඩි තියන්න හිතෙන එවුන්ව වඩම්මවා ගෙන ගිහින් හිරේට දාන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති රටේ නායකයා උදේ හවහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ටීවි එකේ දාලා බයිලා ටිකක් කියන්නේ නැතුව ඒ වෙලාවෙත් කරන්න ඕනෙ දේවල් කරන්න බලන්නෙ.
    ඒ වගේම,
    අපේ රටේ විතරමයි වෙන්න ඇති හිතාමතාම ලෙඩේ හංගගෙන ඉස්පිරිතාල ගානේ වන්දනාවෙ ගිහින් නැති රිස්ක් එකක් ඇති කරන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති WHO එකට වඩා වසංගත ගැන ඒවා ආදාහනය කරන හැටි ගැන දන්න ඇමතිලා ඉන්නෙ.
    අපේ රටේ විතරමයි වෙන්න ඇති වහල්ලු වගේ වැඩ කරන සෞඛ්‍ය සේවකයො සහ ආරක්ෂක අංශයෙ අය බල්ලො වගේ බැනුම් අහන්නේ.
    ඒ නිසා අනේ දැන් ඇති. චුට්ටක් බුද්ධියට ඉඩ දෙන්න. අපේ මේ පුංචි ලංකාව මේ වෙලාවෙ මේ කරන්නෙ පහේ පංතියේ ළමයෙක් ඒ ලෙවල් බයෝ සයන්ස් පේපර් එකට ලියනවා වගේ වැඩක්. ඒ නිසා ඒ කරන මහා පරිමාණ වැඩපිලිවෙලට "පාලනය කරන අයට කීකරු වෙලා, ගෙදරටම වෙලා ඉඳලා විතරක්" උදව් කරන්න.
    ඔය පුංචි රටේ අගේ තේරෙන්න ඕකෙන් ඩිංගක් හරි එලියට ගිහින් එන්නම ඕනෙ. ඒකයි ඉන්න අය රට කන්නම ට්‍රයි කරද්දි ගිහින් එන අය පොළොව අල්ලලා වැඳලා එන්නෙ.


    fb : #නිසල_නොවූ_සිතිවිලි