ඔය මොඩ්ල් වල ලොකු වෙනස් කමක් තියෙන්නේ DX හා GL වල විතරයි. DX කියන්නේ ඩිලිවරි වගේ වැඩ වලට හදපු වෑන් එකක්. ප්‍රධාන වශයෙන් DX එකේ මේ වෙනස්කම් තියනවා
*නිෂ්පාදකයාගේ වර්ගීකරණය ඩුවල් පර්පස්
*වාහනේ පාට සුදු
*ඔරිජිනල් පිටිපස්සේ සීට් සෙට් එක නෑ
*ෆ්රන්ට් AC විතරයි තියෙන්නේ
*පවර් ශටර්, පවර් මිර නෑ
*පිටිපස්සේ කට් ග්ලාස් නෑ
*බොහෝ විට දොර 5 එන්නේ
ඔය වගේ දේවල් තමා DX එකේ වෙනස්කම
GL, GLL, VX වගේ මොඩ්ල් වල මේ දේවල් තියනවා
*නිෂ්පාදකයාගේ වර්ගීකරණය පැසෙන්ජර් කෝච්
*වාහනේ විවිධ පාට වලින් එනවා
*ඩුවල් AC තියනවා
*පිටිපස්සේ අජෙස්ටබල් සීට් සෙට් එකක් තියනවා
*වෙල්වට් ඉන්ටිරියර් හා අපෝස්ට්‍රි
*කට් ග්ලාස්
*පවර් මිර, පවර් ෂටර්
*දොර 4
*යුනික් හීට් කන්ට්‍රෝලර්
*TV, DVD setup
*Auto Door
*RMP මීටර් එක එක්ක මීටර් පැනල් එකේ ඔප්ෂන් ගොඩක් තියනවා
*පිටිපස්සේ දුනු බුෂ් වෙනස් වගේම කම්පන පාලක තියනවා
මේවා තමා ප්‍රධාන වෙනස්කම්. තව ඒවා තියනවා පොදු ඒවා තමා දැම්මේ