නිළමේ සන්නිය..
අපේ තිලිණයාගේ වෙඩිමේ දෙවන මනමාලයා ලෙස නිළමෙ කිට් එකක්ද ඇඳගෙන උගේ මනස්කාන්ත වායුසමනය කරන ලද outdoor පෝරුවට පින් සිදුවන්නට නුවර බහිරව කන්ද උඩට වැටෙන විටමින් D වලින් පිරිපුන් උදෑසන හිරු කිරණට බාබකියු වෙමින් සිටින විට මාගේ මතකය අතීතයට දිවගියේ නිතැතින්මය..
මීට කලකට පෙර පැවැති අපේ මී ගොයියා අයියාගේ විවාහ මංගල උත්සවයේද දෙවන මනමාළයා වීමේ අභාග්‍යය මට හිමිවුණි. මීයාගේ ගෙවල් අලව්වේය. වයිෆ් (අපි ඇයට සුමනා කියමු) මීරිගමය. මෙලෝ නෑදෑයෙකුට තියා උන්ගේ ගෙදරට ලියුම් ගෙනෙන ලියුම් කාරයාට වත් නුවරට කිසිම සම්බන්ධයක් ගෑවිලාවත් නැත. හැබැයි මගුලට අඳින්නේ උඩරට මුල් ඇඳුමය. මා මුල් වරට නිළමේ ඇන්දේ එම විවාහයේදීය.
උන් දෙන්නා සෙට් වුණේද අපූරු ආකාරයකටය. සුමනා ඉංග්‍රීසි ගුරුවරියකි. කන්නේ බොන්නේ රෙදි හෝදන්නේ කෙටියෙන්ම ශරීර කෘත්‍ය කරන්නේ පවා ඉංග්‍රිසියෙනි. සිංහල එතරම් හුරු නැත. අපේ එකා.. එක්කෝ ඒ හරිය ඕන නැත.. දිනක් දෙදෙනා එකම දුම්රියෙහි ගමන් ගනිමින් සිටියහ.
"වොටීස් ද නෙක්ස්ට් ස්ටෙයිෂන් අයියාහ්?"
අඹේපුස්ස පහුවන විට සුමනා එහා පැත්තේ හිටි ගොබිලාගෙන් ඇසුවාය. ඇගේ කරුමෙට එහා පැත්තේ සිටියේ අපේ මීයාය. මූ කටේ පිරී තිබුණු බුලත් විට හපමින්ම යන්තම් කට උල් කරගෙන "අලව්ව්ව්ව්යු" කීවේය.
මීයා කිව්වේ අලව්ව කියා මුත් සුමනාට ඇසී තිබුණේ අයි ලව් යූ කියාය..
ඇයද හැරෙන තැපෑලෙන් "අනා සෝ ස්වීට්.. අයි ලව් යූ ටූ අයියාහ්" කියා අපේ මී ගොයියාව බදාගත්තාය.
ඔන්න දැන් විවාහයට සියල්ල සූදානම්ය. ඇඳුම නිළමේ ය. මමත් අනෙක් දෙවන මනමාලයා වූ ඇක්ෂනුත් පෙරදා රාත්‍රියේ මීයාගේ ගෙදර නැවතුනේ පසුදා පාන්දර 4 වන විට අන්දන පොර එන බැවිනි.
පාන්දර 4 වන විට අන්දන පොර සිය ශිල්ප දැක්වීම පටන්ගත්තේය. බැනියමක් හා සුදු දිග කලිසම ඇඳ සිටි අහිංසක අපට මේස් සපත්තු දමා බෙල්ලට මොකක්දෝ ඒප්‍රන් එකක් දමා මූ හිතක් පපුවක් නැතිව එක එක ජාතියේ රෙදි එතීමට පටන්ගත්තේය.
ඌ රෙද්දක් ගෙන හතරට නවා හිරවෙන්න ඔතා මුළු ඇඟේම ශක්තිය යොදා අපේ හුස්ම හිරවී හීක් ගෑවෙන සේ ගැටයක් ගසයි. ඉන් නොනැවතී මේ ජිම් යන පාපතරයා රෙදි පටියක්ද ගෙන ඇඟ වටේ ඔතා අපට හූක් ගෑවෙන තරම් තද ගැටයක් ගසයි. ගැටය තදවී අපව මරණයට ලංවන තරමට ඌට සතුටුය. නැවතත් තවත් රෙද්දක් ගෙන 4ට නවා ඉහත වැඩ ටිකම කළේය. නැවතත් තවත් රෙද්දක් ගෙන 4ට නවා ඉහත වැඩ ටිකම කළේය. නැවතත් තවත් රෙද්දක් ගෙන 4ට නවා ඉහත වැඩ ටිකම කළේය.
ඔහොම කීපවරක්ම කළේය. අවසානයේ නැවතත් තවත් රෙද්දක් ගෙන 4ට නවා ඉහත වැඩ ටිකම කළේය. දැන් හුස්ම ගතහැක්කේ යන්තමිනි. ඉන්පසුව නිළමේ කෝට් එක අන්දවා ඉහළින් බොන්සායි අඹ ගසක් සවිකරන ලද නිළමෙ තොප්පිය දැමුවේය. බඩට කිණිස්සක්ද එබුවේය. ඒ අස්සටම ෆෝන් එකද ඔබාගත්තෙමු. දැන් අපට හෙලවෙන්න වත් බැරිය. මෝල් ගස් ගිලපු එවුන් වගේය. දැන් නැවෙන්නට වාඩිවෙන්නට හිතන්නවත් බැරිය. ඇවිදීමද මාර දුෂ්කර ක්‍රියාවකි.
මීයාගේ අම්මා ලොකු කෑම මේසයක් සූදානම් කර තිබු නමුත් අපට වැඩිපුර කෑමට නොහැකි වුණේ ඇඳුමේ හිරට අපි කන කෑම බෙල්ලෙන් පහළට නොබැසීම නිසාවෙනි. ඊජිප්තු මමියක් මෙන් රෙදි ඔතාගෙන චූලෝදර හමුවීමට වොස්රූං ගොස් සිදුවූ අකරතැබ්බ කිව නොහැක්කේ මෙහි කුඩා ළමුන් ගැවසෙන බැවිනි.
නොයෙක් විගඩම් මධ්‍යයේ අපි හෝටලයට ගියෙමු. අපේ මීයා ටොයිලට් යන්නේද නැකතටදැයි සිතෙන තරමට නැකත් දමාගෙන තිබුණි. පෝරුවට නගින නැකතත් පෝරුවෙන් බහින නැකතත් අතර කාලය පැය 2ක් පමණ විය. මීයා සහ සුමනා පෝරුව උඩ පැය 2ක් තිස්සේ චාටර් වෙයි. අපි පහළ සිට චාටර් වෙයි. අෂ්ඨක කියන අංකල් පැය 2ක් තිස්සේ කියාගන්නට අෂ්ඨක නැතිව චාටර් වෙයි. ඔක්කොම අවසන් වී කෑම කන නැකත පැමිනුණි. නමුත් පෙර ආනිශංසයමය. කන කෑම පහළට බසින්නේ නැති නිසා කොතරම් බඩගිනි වුණත් කෑමට නොහැකිය. උදේට කාපුවා තාමත් උගුර පහළය. දවල්ට කාපුවා උගුර මැදය. ඩෙසර්ට් එක උගුරත් කටත් අතර බෝඩරයේය.
සවස 3 පමණ වන විට සියල්ල අවසන් වී රෙදි ගැලවෙන නැකත උදාවිය. ඒ වන විටද පැය 11ක් සාර්ථක ලෙස නිළමේ ඇඳුම ඇඳගෙන දුෂ්කර ක්‍රියා කර තිබූ බැවින් මේ මගුල ගලවා දමන තුරු අපට සිහියක් නොවීය. රෙදි ගලවා දැමූ විට එකවර සිසේරියන් සැත්කම් හත අටක් කලා වගේ ඇඟ පුරාම කැති පාරවල් මෙන් රෙදි පටි වලට කැපුණු කැපුම් සලකුණුය. අත දමා අක්මාව එළියට ගත හැකි තරම් විශාල කැපුම් තුවාල ඇති විට මාර ජොලි ය. ඒවාට වතුර වැටෙන විට ජම්බෝ ජොලි ය. ඒ මදිවාට මෙතෙක් වෙලා උගුරේ සිරවී තිබූ කෑම සියල්ල එකවර බඩට බසින්නට වීමත් සමග බඩ තුල වෙනම ආතල් එකක්ද නිර්මාණය වී ඇත. අවසානයේ මී ගොයියා චූන් එකේ හනිමූන් යද්දී උගේ පව් ගෙවන්නට ඇඟ කපාගත් අපි අතීත නිළමේ වරුන්ගේ මව්ගුණ ගයමින් ඔටුවන් සේ හිස් අතින්ම ගෙදර ගියෙමු..
- රෙහාන්
හුදෙක් විනෝදාස්වාදය සදහා .....
facebook එකේ තිබුනේ repost ද දන්නෑ .......