නීත්‍යනුකූල ව නොමිලේ ම ෆිල්ම් බලන්න වෙබ් අඩවි 7ක්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    ටොරන්ට් හරහා බාගත කිරීම හෝ නීත්‍යනුකූල නොවන වෙබ් අඩවි හරහා ෆිල්ම් හා tv series ආදිය stream කර නැරඹීම දත්ත සොරාගැනීමේ වරදට යටත් වෙනවා. නමුත් රැකියාවේ කාර්යබහුල බව සහ ජීවිතේ අනෙකුත් ප්‍රශ්න හමුවේ හිත නිදහස් කරගන්නට චිත්‍රපට හා ටෙලිකතා මාලාවන්ගෙන් ලැබෙන්නේ මහත් සහනයක්. මේ දෙපැත්ත ම සමබර කරගෙන වරදකුත් නොකර, හිතත් නිදහස් කරගෙන නිර්මාණ රසවිඳින්නට හැකි ආකාරයක් ගැන යි මේ කියන්නට යන්නේ.


    නීත්‍යනුකූල වෙන්නේ කොහොමද?

    PdBQ31NTN5h70T1G_1.jpg

    කළුසුදු චිත්‍රපට බොහොමයක හිමිකාරීත්වය කල්ඉකුත් ව තිබෙනවා (mentalfloss.com)

    මෘදුකාංග සඳහා නොමිලේ, නිදහස්, සහ විවෘත කේත මූලාශ්‍ර බලපත්‍ර තිබෙනවා සේ ම, චිත්‍රපට සඳහා ද නිදහස් සහ පොදු ස්වාමිත්ව (public domain) බලපත්‍ර තිබෙනවා. විශේෂයෙන් පැරණි කළු-සුදු චිත්‍රපටවල හිමිකාරීත්වය කල් ඉකුත් වීමෙන් මෙම තත්ත්වයට පත්වුණා. නූතන චිත්‍රපට ජවනිකාවල නළු නිළියන් කළු-සුදු චිත්‍රපට තම රූපවාහිනියෙන් නරඹමින් සිටිනු දකින්නට ලැබෙන්නේ මෙම හේතුව නිසා ම යි.

    කොහොම නමුත්, public domain යටතේ තිබෙන්නේ B ගණයේ අඩු ගුණාත්මක බවකින් හෝ අඩු රසවින්දනයකින් යුතු ඒවා ම නොවෙයි. වැඩි මුදලක් වියදම් කර සකසන ලද චිත්‍රපට පවා මේ ආකාරයට ජනතා රසවින්දනය වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒවා නොමිලේ ම මේ වෙබ් අඩවි හරහා නරඹන්නට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඇතැම්වා රූපවාහිනියෙන් චිත්‍රපට නරඹනවාක් මෙන් අනුග්‍රාහක දැන්වීම් සමග ම තිබෙන නිසා අග්‍රගණ්‍ය ගණයේ ඒවා පවා රසවිඳින්නට මින් අවස්ථාව ලැබෙනවා.

    SnagFilms

    VDdeIy7fQ5icz50c_2.png



    ඉතා හොඳ වර්ගීකරණයක් සහිත ව චිත්‍රපට පෙළගස්වා ඇති SnagFilms වෙබ් අඩවිය සතු ව වාර්තාමය, සංගීතමය, නාට්‍යමය ආදී වූ පුළුල් චිත්‍රපට පරාසයක් ද තිබෙනවා. එහි මුල් පිටුව යුද්ධමය, ඉතිහාසමය, ක්‍රීඩාමය පමණක් නොව දැනට ප්‍රසිද්ධ ව සිටින සිත්ගත් නළු නිළියන්ගේ (ෂර්ලොක් tv series එක හරහා ප්‍රසිද්ධ වූ David Cumberbatchගේ Wreckers - 2011 චිත්‍රපටය ආදියෙන්) මුල්කාලීන දක්ෂතා නරඹන්නට ද අවස්ථාව සලසමින් එහි චිත්‍රපට ලැයිස්තුව පෙළගස්වනවා.

    Vudu

    tMSDdQsO0ZKmCZWF_3.png


    CD, DVD, සහ වීඩියෝ බදු දෙන සේවාවක් වන Vudu වෙබ් අඩවිය හරහා සීමිත වෙළඳ දැන්වීම් සමග ඉහළ පෙළ චිත්‍රපට නරඹන්නට අවස්ථාව සලසා තිබෙනවා. නැරඹීමට ප්‍රථම එම වෙබ් අඩවියෙන් ගිණුමක් සකසා ගත යුතු අතර, අවශ්‍ය නම් චිත්‍රපට බද්දට ගැනීමට ද හැකියි. Predestinationහි ප්‍රධාන චරිත(ය) රඟපෑ Ethan Hawkeගේ Sinister වැනි චිත්‍රපටය, Taxi Driver, Karate Kid ආදිය මෙහි වෙළඳ දැන්වීම් සහිත නොමිලේ නරඹන්නට පුළුවන්.

    Popcorn Flix

    XiP2Ete4eShFP8OF_4.png


    NetFlix බලන්නට සල්ලි නැති අයට නොමිලේ චිත්‍රපට මෙන්ම tv shows ද බලන්නට අවස්ථාව ලබාදෙන PopcornFlix වෙබ් අඩවිය සතු ව ප්‍රසිද්ධ චිත්‍රපට රැසක් ම අඩංගු වෙනවා. අලුතින් එක් කරන ලද ඒවා, වැඩිපුර ම පිරිසක් නරඹන ලද චිත්‍රපට, ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, Standup Comedy ආදී ලෙස වර්ග රැසකින් ලැයිස්තුව ගොඩනැඟෙනවා. Hugo, Caroline, ජැකී චෑන්ගේ City Hunter, The Last Airbender වැනි චිත්‍රපට එහි අඩංගු අතර, වෙබ් අඩවියට නොපිවිසී ඔවුන්ගේ YouTube චැනලයෙන් වුව නරඹන්නට පුළුවන්.

    Kanopy

    reOAm3iB5GI6fXyw_5.png


    වින්දනාත්මක වීඩියෝ පමණක් නොව, අධ්‍යාපනයක් ලබන්නට ද කැමති අය වෙනුවෙන් Career development, Leadership training වැනි විෂයයන් ද ආවරණය කරමින් වීඩියෝ ගෙන එන Kanopy වෙබ් අඩවිය සතු ව දරුවන් වෙන්වෙන් වෙන් කරන ලද Kids area එකක් ද තිබෙනවා. ලෝක සිනමාව, සම්භාව්‍ය සිනමාව, ප්‍රහසන (comedy), ත්‍රාසජනක මෙන්ම කෙටි චිත්‍රපට ආදී ලෙස වෙනස් ම වර්ගීකරණයක් මේ වෙබ් අඩවිය සතු යි.

    Big Five Glories

    yHEGS4mxXhMv7G3X_6.png


    සම්භාව්‍ය චිත්‍රපට හෙවත් කළු සුදු අවධියේ චිත්‍රපටවලට ප්‍රිය කරන අයට වඩාත් පහසුවෙන් චිත්‍රපට සොයාගන්නට Big Five Glories වෙබ් අඩවිය තෝතැන්නක් වෙනවා. The Old Dark House, The Scar, චාලි චැප්ලින්ගේ The Kid ඇතුළු චිත්‍රපට රැසක් මෙහි අඩංගු වෙනවා. Ratings අනුව චිත්‍රපට පෙළගස්වා ගත හැකි නිසා වඩාත් හොඳ ඒවා පහසුවෙන් තෝරා බේරා ගන්නට අවස්ථාව ලැබෙනවා. Search කිරීමේ දී දශකය අනුව, නිශ්ශබ්ද බව, වර්ණ සහිත බව අනුව චිත්‍රපට තවදුරටත් පෙරහන් කරගත හැකිවීම විශේෂත්වයක්.

    Free Movies Cinema

    E8JcaNUv39JU7Hyh_7.png


    චිත්‍රපට 350කට වැඩි ප්‍රමාණයක් අඩංගු Free movies Cinema වෙබ් අඩවිය නිදහස් බලපත් යටතේ ඇති චිත්‍රපට හා කෙටි චිත්‍රපට රැසක් ගෙන එනවා. Han Solo: A Smuggler’s Trade, and Voldemort: Origins of the Heir වැනි Fanmade movies ද අඩංගු මෙය YouTube හා Vimeo වැනි player හරහා නැරඹීමේ අවස්ථාව සලසනවා. ගිණුමක් සකසන්නේ නැතිව ම චිත්‍රපට නැරඹිය හැකි නිසා පෞද්ගලික දත්ත පිළිබඳ වධ වීමට අවශ්‍ය වන්නේත් නැහැ.

    Tubi

    FDsTcwtT1EFWHy1r_8.png


    අතීත චිත්‍රපටවල සිට මෑත කාලීන ඒවා දක්වා ම Tubi වෙබ් අඩවිය අපූරුවට පෙළ ගස්වනවා. චිත්‍රපට මෙන්ම tv shows මෙන්ම Popeye වැනි කාටූන් ද මෙහි වර්ගීකරණයන්ට අඩංගු වෙනවා. කුඩා දරුවන්ට සහ මොන්ටිසෝරි වයසේ දරුවන් වෙනුවෙන් ද වෙන ම වර්ගීකරණයන් දෙකකින් යුත් වීඩියෝ වෙන් කර ඇති නිසා අධ්‍යාපනික දැනුම ද මේ වෙබ් අඩවියෙන් දරුවන්ට ලද හැකියි. බලපත්‍රයේ කාලසීමාව වැනි සාධක නිසා වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ආසන්න චිත්‍රපට ද වෙන්කර දක්වන නිසා ඒවා ද අතනොහැර ගන්නට අවස්ථාව සලසා තිබීම පහසුවක්.

    From -https://roar.media/sinhala/tech/list/7-websites-to-watch-movies-free-and-legally
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Streaming without distributed rights is not just illegal it is a serious crime. Jetflix ekava 10 years athuleta yewwa. Eth owa USA vala lankavata owa adala na. Lankave illegal streaming karanna website karana un nemai. Hiru ekai, Derana ekai. Theater vala duwana aluthin release vechcha indian film mun danava loke prathama vathavata kiyala loku title dala. Me rata ona jarawak leagal. Eh hinda hora site ekaka beluwath legal ai vena legal hoyanna ona na
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ ඒවත් stream ,share කරන්නත් පුළුවන්. එත් මම කිව්වේ මේකේ උන්ගේම web-based stream කරන VOD movies සහ free stream tv channel තියනව සැහෙන්න. හැබැයි add එක්ක..

    Flex kiyanne streaming service ekak newe. Streamin software ekak. Oya gawa thiyena digital library eka manage and stream karanna puluwan platform ekak
    ------ Post added on Nov 14, 2021 at 7:35 PM
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අපේ ඒවත් stream ,share කරන්නත් පුළුවන්. එත් මම කිව්වේ මේකේ උන්ගේම web-based stream කරන VOD movies සහ free stream tv channel තියනව සැහෙන්න. හැබැයි add එක්ක..


    ------ Post added on Nov 14, 2021 at 7:35 PM
    ah eka mama danan hitiye na. thanks info ekata!