නීතිය/Low ! පාරේ සුදු ඉරි හා ඒවා කැඵීම
අදාල නීතිය දන්න කෙනෙක් , ඉන්නවා නම් සියල්ලගේ දැනගැනීම පිණිස කියලා දෙනු මැනවී!
මේක මේ හැමදාම හිතේ තියෙනවා අහන්න කෙනෙකුත් නෑ, ඇහුවට දන්න එකෙකුත් නෑ අප්පා.හනේ ඉතිං දැං පොලිසියට අලුතින් බයික් ගෙනල්ලා මල වදේ.කමක් නෑ නීතිය තියෙන්නේ අපිටමනේ, ඒවගේම පොලිසිය ඉන්නේ අපේ ආරක්සාවටලුනේ.
ඒත් වැඩේ තියෙන්නේ, මට හරි ප්‍රශ්ණේ බං, ඉරි කපන එක හා ඉරි කැපෙන එක
අඳුරගන්න බැරිකම තමා.
මම පවුනේ.
උදාහරණයකින් පැහැදිළි කලොත්, පාරේ තනි/ද්විත්ව ඉරි, පාර මාරුවන කහ ඉරි ඇති තැන්වල වාහන, දිගටම හෝ තාවකාලිකව නවතා තැබීම නිසා පිටුපසින් එන වාහන වලට ඉදිරියට යාමටනම් අනිවාර්යයෙන්ම අදාල ඉරි කැපිය යුතුම වේ.බොහෝ විට මෙය සිදුවන්නේ පාරේ මගී බස් නැවතුම් අදාල ඉරි තිබෙන වංගු,පල්ලම් අදී තැන්වල පිහිටුවා තිබීමයි.
පසුකරයන්නට උත්සාහ කරන්නේ කෙටි දුර ධාවන බසයක් නම් , ඇතැම්විට නිකරුනේ මේ ආකාරයෙන් ඉස්සරහා කිරීමට නොහැකිව නිකරුනේ කාලය, ඉන්ධන කාදැමීමට සිදුවන අවස්ථා අනන්තයි.ඒ වගේම වෙළඳසැල්,විශේෂයෙන් පාසල්, පුද්ගලික පංති ආරම්භය හා අවසානයේදී ඒ ආදිය අසල පුද්ගලික රථවාහනද(3විල් ගැනනම් කතාකරන්න එපා අප්පා) මෙලෙස අඩි 3,4ක් පාරට සිටින සේ නවතා තිබෙනු අත්දැක නැත්තක් විය නොහැක.
බොහෝවෙලාවට බස් රියදුරුට අදාල නැවතුමේදී බසය, පාරේ තාර කට්ටයෙන් ඉවතට ගෙන නැවැත්වීමට ඉඩ තිබුනත් නොකරන අතර, වැඩිමනක්ම තැන්වල මෙම නැවතුම් නිමකර ඇත්තේ බසයට පාර මැදම නැවැත්වීම හැර වෙන කිසිවක් කිරීමට ඉඩ නොතබායි.ඇතැම් තැන්වල පුද්ගලික වාහනද මෙසේ කෙටි කාලයකට පාරේ නවත්වන අතර, පිටුපසින් පැමිණෙන වාහන ඒවා පසුකිරීමටනම්, ඉදිරියෙන් වාහන පැමිණෙන්නේ නැතිනම්, අදාල ඉරි කපාගෙන යා යුතුයි.වාහන විතරක් නෙවෙයි ඇතැම්විට කහ ඉරක් නොමැතිව පාර පනින පදිකයින් බේරා යාමටත් මෙලෙස ඉරි කැපීමට සිදු වේ.
ගැටළුව පැමිණෙන්නේ මෙතනදීයි. මෙවැනි අවස්ථාවලදී රථවාහන පොලීසිය සිටියොත් දඩ කෑමට සිදු වේද නොවේද? අප අතින් නීතිය කඩකිරීමක් සිදු වෙයිද?නොවෙයිද? එසේ නොමැතිව, පැය ගානක් සිට හෝ අදාල වාහනය පිටත් වූ පසු යා යුතුද?
එය එසේ නම්,!......
ඉඩ තිබියදීත් පරේ ඉඩ අවුරා තැබූ වාහනය නීතිය කඩකිරීමක් කර නැත්ද? පාරේ මගී නැවතුමේ ඉඩ නැත්තම්, නීතිය කඩකලේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියද(මොකා හරි, හදපු එකා)?
අදාල අවස්ථාවේ පොලීසිය , ඉර කැපූ වාහනයට දඩ ලියයිනම්, එයට විරුද්ධවිය නොහැකිද?පාරේ ඉඩ ඇහිරූ වාහනයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැවසිය නොහැකිද?පාරේ කෘතිමව වාහන තද බදයක් ඇතිකරවූ වාහන හා එම කෘතිම තදබදය දැක දැකත් එය සමනය කරනු නොව දඩ කොළ දීමටම සැරසුනු පොලීසිය වැරදි නොවේද?
මේවා මෙසේනම් , ඒ වෙලාවට අපි නිවැරදියි(අපි කවදත් කියන්නේ අපි හරි කියලානේ)/වැරදියි(පොලිසියේ මාමලා දඩ දෙන්න හැමවෙලේම කියන්නේ අපි වැරදියි කියලානේ) කියන දෙකම කියන්න තියෙන නීති රෙගුලාසි, ව්‍යවස්ථා වගන්ති, දණ්ඩනීති වගන්ති අරවා මේවා , මොනනාහරි, කියන්න දන්න කෙනෙක් ඉන්නවාද?
මම හිතනවා මේක දන්න, නොදන්න හැමෝටම හොඳ කතිකාවතක් වේවි.

එ පාරවල් හරියට හුරු නැති හින්ද, ඉරි කපන් නැතුව යනවනම් අනතුරු වීමේ සම්බාවිතාව ඉතාම අල්පයි.