නීති උදව්වක් | ඉඩමක් තියලා පොලියට සල්ලි ගන්න එක

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මචංලා, දන්න කෙනෙක් උදවු කරපන් මට. අපේ ඉඩමක් තියනවා මට සල්ලි හදිස්සියකට ඔ්ක තියලා පොලියට සල්ලි දෙන කෙනෙක් සෙට් වුනා. ලක්ෂ 20ක් දෙන්නම් කිවුවා ඉඩම තියලා. වෙලාවෙ හැටියට මට වැඩේ කරන්න වෙනවා. පොර මගෙන් ඉඩමෙ ඔප්පුවෙ photo ඒකක් අරගෙන පත්ඉරු චෙක් කරවා ගත්තා..


    දැන් මේක කරන හරි විදිය ගැන කවුරු හරි නීතිමය කාරණා ටික පොඩ්ඩක් කියලා දෙනවද, ඒ් කියන්නෙ දැන් ඊට පස්සෙ Lawyer කෙනෙක් ගාවට ගිහින් ඇපකරයක් ලියනවා නේද? ඒ්ක ලියලා ඔප්පුව Lawyer ගාව තියනවද මම ගන්නවද, කොටින්ම මචං මේ වගේ දේකදි කරන Process ඒක දන්න කෙනෙක් කියලා දියන්කො, ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: sami_boy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔය වගේ උන්ට තිබ්බොත් නම් බේරගන්න සෑහෙන අමාරුවෙයි. ලේසි පොලියකුත් නෙමෙයි එන්නෙ ගොඩක් එවුන් සින්න කරගන්න බලාගෙන තමයි උගස් ගන්නෙ.

    මම දන්න තරමින් ගොඩක් එවුන් තමුන්ගෙ නමට සින්නක්කර ලියාගෙන තමයි සල්ලි දෙන්නෙ.

    බැංකුවකට තියලා ගන්න බැලුවා නම් තමයි හොඳ?
     

    Sen-lu

    Well-known member
  • මම දන්න තරමින් ගොඩක් එවුන් තමුන්ගෙ නමට සින්නක්කර ලියාගෙන තමයි සල්ලි දෙන්නෙ.
    මේක තමයි වෙන්නෙ නිකං agreement ගහල පොලියට දෙන්නෙ නෑ. පරිස්සම් වෙන්න. ඕක විකුණුවා නම් හොඳයි කියල හිතෙයි පස්සේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උකස් ඔප්පුවක් ලියල රෙජිස්ටර් කරනව. පස්සෙ ඒක බේරගන්න උකස සම්පූර්ණයෙක් ගෙව්ව කියල උකස් හිමියගෙන් ලියුමක් දෙන්න ඕනෙ.

    ඔය විදිහට ණය දෙන එවුන් පොලිය ගණන් හදන්න දන්නෙ නෑ. ඒ නිසා මාසෙට 5%යි වගෙ කියල මුලු මුදලට මාසෙකට 5% ගානෙ පොලිය ගන්නව. ගොඩක් පාඩුයි ඒක.

    බැංකුවකින් ණයක් ගන්න බලපන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපෙ ගේවල් පැත්තෙ ඩැල් එකක් කොටි 5ක් විතර වටින ගෙයක්. ලක්ශ 50ට උගස් තියලා. අන්තිමට පොලිය ගෙවන්න යද්දි පොලිකාරයා පොලිය නොගෙන මග ඇරලා. ඌට ගෙදර අයිති උනා. අරූට හාට් ඇටැක් එකක් ඇවිත් මැරුන
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බැංකුවකට තියන්න බෑ මචං, දවසක් දෙකක් ඇතුලත සල්ලි ඕන,

    උකස් ඔප්පුවක් ලියල රෙජිස්ටර් කරනව. පස්සෙ ඒක බේරගන්න උකස සම්පූර්ණයෙක් ගෙව්ව කියල උකස් හිමියගෙන් ලියුමක් දෙන්න ඕනෙ.

    ඔය විදිහට ණය දෙන එවුන් පොලිය ගණන් හදන්න දන්නෙ නෑ. ඒ නිසා මාසෙට 5%යි වගෙ කියල මුලු මුදලට මාසෙකට 5% ගානෙ පොලිය ගන්නව. ගොඩක් පාඩුයි ඒක.

    බැංකුවකින් ණයක් ගන්න බලපන්

    මෙන්න මේ විදිය තමයි මචං මම බැලුවෙ, ඊට පස්සෙ ඔප්පුව තියාගන්නෙ මමද නැත්තම් Lawyer ගාවද?

    කොහොමත් මිනිහට ලියන්නෙ නම් නැහැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවකට තියන්න බෑ මචං, දවසක් දෙකක් ඇතුලත සල්ලි ඕන,



    මෙන්න මේ විදිය තමයි මචං මම බැලුවෙ, ඊට පස්සෙ ඔප්පුව තියාගන්නෙ මමද නැත්තම් Lawyer ගාවද?

    කොහොමත් මිනිහට ලියන්නෙ නම් නැහැ.
    ඔරිජිනල් ඔප්පුව ණය දෙන මනුස්සයට දෙන්න වෙයි මම හිතන්නෙ. ඒක හරියටම කොහොමද කරන්නෙ කියල නොතාරිස් කෙනෙකුට කතා කරල අහගන්න
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    normally in this kind of transactions you may have to transfer it to the said value the person may promise to re transfer it to you once you settle the loan. This is how practically done.
    Only banks will get mortgage but they have strict rules to qualify. It is safer for you to get if possible . Private money lenders are prohibited under our law to charge interest so they will get land transfer but if refuse to transfer to you ? Litigation is not only costly in sl but also very time consuming
     
    • Like
    Reactions: honesty

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔරිජිනල් ඔප්පුව ණය දෙන මනුස්සයට දෙන්න වෙයි මම හිතන්නෙ. ඒක හරියටම කොහොමද කරන්නෙ කියල නොතාරිස් කෙනෙකුට කතා කරල අහගන්න

    පත්තීරු වලට යනවා බන් එතකොට උගස් කරා කියලා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Thanks මචං හැමා්ටම.

    ඉඩම තියෙන්නෙ අපි දැනට ඉන්න ගෙදරම පිටිපස්සෙ, ඒකට වෙනම පාරක් නෑ, අපේ ඉඩම උඩින් යන්න ඕන. ඒක නිසා මම බැලුවෙ ලොකු අවුලක් වෙන්නැතිවෙයි කියලා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම මගේ ඔප්පුවක් තියලා ණය අරන් තියෙනවා 5% කට ඔය වගේ කෙනෙක්ගෙන්.ලෝයර් කෙනෙක් ගාව අත්සන් කලේ ඇප කරේකට . පොළියට දුන්න මනුස්සයත් එහෙම අවුලක් නෑ. හොඳ මිනිහෙක්. ලෝයරුත් අපිව හොඳට දන්නවා. ඒ නිසා බය නැතුව තිබ්බා.සල්ලි ගෙවපු ගමන් ඉඩම නිදහස් කරලා දුන්නා. මම දන්න විදිහට ඕකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඉඩම පොළී කාරයට සම්පූර්ණයෙන්ම ලියනවා. ඒක පස්සේ බේරගන්නවා. එහෙමත් නැත්තන් සින්නක්කරව ලියන්නේ නැතුව කරන්න විදිහකුත් තියෙනවා. නිකන් ඇග්‍රිමන්ට් එකක් ගහලා වගේ. අපි නම් කලේ ඔය දෙවෙනි විදිහ ලෝයරුයි පොළීකාර්යයි දෙන්නම දන්නව අපි පොලු තියන උන් නෙමේ කියලා. ඒ විශ්වාසෙට තමයි එහෙම තිබ්බේ.පොළීකාරයට ඔප්පුව ලියලා කරනවානම් වියදමත් ටිකක් වැඩිපුර යනවා. දෙවෙනි විදිහට කරන්වානම් ඉතින් ලොයරුත් අවධානමක් අරන් කරන්නේ ඒ නිසා හොඳටම දන්න කෙනෙක් වෙන්න ඕනේ ලෝයරුයි පොළීකාරයයි දෙන්නාම
     
    • Like
    Reactions: Dishta Didin