චුයින්ගම් දෙකක් හොරෙන් කෑ වරදට සිය දියණියට අමානුෂික දඩුවමක් දුන් පියෙකු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස දඩුවමට ලක්වු දියණියගේ වයස අවුරුදු 08 ක් වන අතර, අත්අඩංගුවට ගැනුණු පියා 28 වැනි වියේ පසුවේ.
ඔහු විසින් දියණියගේ දකුණු අතේ ඇඟිලි පහම බ්ලේඞ් තලයකින් කපා තුවාලවලට ලූණු දමා තිබෙන බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම අමානුෂික දඩුවම ලබා දී තිබෙන්නේ ඉකුත් මාර්තු මාසයේ දී බවද හෙලිව ඇත.
එහෙත් පියා තර්ජනය කිරීම නිසා දඩුවමට ලක්වු දියණිය හෝ ඇගේ මව මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් හෙලිකර නොතිබිණ.
මව දික්කසාදයක් අපේක්ෂාවෙන් ඊයේ හොරොව්පතාන පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, මෙම අමානුෂික දඩුවම සම්බන්ධයෙන් කරුණු හෙලිදරව් වී ඇත්තේ, ඒ අවස්ථාවේදිය.
උපුටාගැනිම : මීරර් නිවුස්

ලංකාවේ දිනපතාම වගේ මේ වගේ අමානුෂික සිද්ධි අහන්න දකින්න ලැබෙනවා අපේ මිනිස්සුන්ට මොනවා වේලාද මන්ද මේ වගේ තිරිසන් වැඩ කරන්නේ ඇත්තෙන්ම තිරිසන් කියුවට තිරිසනුන් මේ වගේ වැඩ කරන්නේ නෑ ඒත් ඉතිං මුන්ට මිනුස්සු කියලා කියන්න බෑ 