නුතන නිළිය.....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුරඟන වෙස්වලා
    සියල්ල එළියේ දමා
    රඟන ලියන් බලා
    නෙත් බිඟු මත් වෙලා

    කලවා ලගට පලා
    කියන රහස කිමා
    අබිසරු ලියන් කියා
    නොකීමට බැරි නිසා

    රණ තිසරු යටින් පලා
    පෙන්නවමින් එයා
    මගේ ගාණ වැඩියි කියා
    නොකිය කියයි එයා



    පසුගියදා ආන්දෝලනයට ලක්වූ චන්දිමාල් ජයසිංහ උපන්දින සාද ඇඳුම් සම්බන්ධයෙන් පළවන කතාබහ අතරේ සායට රෙදි මදිවුණාදැයි කතා අසාගත් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ සම්බන්ධයෙන් විවාද සම්පන්න අදහසක් ඉදිරිපත් කර තිබේ.
    ඇය තරමක් තදින්
    සතිඅන්ත පුවත්පතකට කළ එම ප්‍රකාශය පහත පරිදිය.

    ‘කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි.අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.



    ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අදින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේදී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.

    මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.

    ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින්
    නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැනගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.‘


    2uj0608.jpg


    2vkjp5v.jpg