නුඹෙ කෝලකම් වලට...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කෙහෙරැළි නුඹේ පාව යයි
    සුළඟ හා එක්ව...
    සිනහවක් යන්තමින්
    නැඟුවාය හැඟුම්බර...
    විසිරුවා හැරියා ය
    දෑතින් ම කොණ්ඩය ම...
    ඇවිදිමින් සිටියා ය
    හෙමි හෙමින් මිදුලේ ම...

    සුළඟ හා පාව ආ
    පත්‍රයක් ගසක පොඩි...
    නුඹේ මුව සිපගනියි
    ප්‍රේමයෙන් විය යුතුයි...
    අතට ගෙන ඒ කොළය
    නුඹ බිමට පා කරයි...
    නුඹෙන් වෙන් වී ගියේ
    ශෝකයෙන් විය යුතුයි...

    දුරකථනෙ හඬනගයි
    කෘමියෙක්ගෙ හඬක් ගෙන...
    කතාවක ඇරඹුමක් වගෙයි
    බෝ කල් ගෙවෙන...
    අත මානේ මල් ගසේ
    කොළ කඩා බිම වැටෙයි...
    නුඹෙ කෝලකම් වලට
    මල් ගසක් දුක් විඳියි...

    ස. මභීර ර.
    2206281514
    'ස. මභීර ර.' පළකිරීම : 2207031619

    #smabheerar
    #spn
     
    • Like
    Reactions: kinkon