නුඹ ගැනම සිතමින්ම......!

manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    නුඹ ගැනම සිතමින්ම......!

    නුඹ ගැනම සිතමින්ම......!





    කවි කරුවෙකු නම් නොවෙයි
    කියන්නට කවි නුඹට...
    එහෙත් ගෙතුවා පදවැලක්....
    නුඹේ තතු කියන්නට....
    මතකයිද ඒ දවස
    හමුවුනා අප දෙදෙන
    වදන් නොමැතිව වුවද
    දොඩමළු වුනා අප
    කෙලෙස අමතක වෙයිද
    ලංව සිටි ඒ දවස
    මා දෙතොල නුඹෙ දෙතොල
    ලං වෙන්න වෙර දරපු

    තුරුළු වන්නට උණුසුමට
    අපේ සිත් තැත්කලත්
    ආයාසයම අප
    සිත් තුලින් ඉපදිච්ච
    සුන්කලා ඒ මොහොත......
    කඳුල ඉතිරි කර මට
    කඳුළු සඟවා නුඹ
    කෙසේ ඔබ කීවාද
    "ඈත් වෙමු අපි"
    දුරස් වූ පමණින්ම
    ගතින් දුර ඈතටම
    සිතින් කල නොහැකි බව
    තේරෙනව ඇති නුඹට...
    ඇත්ත ඒ සිතන හැටි
    මගේ සිතිවිලි දැහැන
    නුඹේ ගැන උපන් ඒ
    ආදරය වැඩි කමට...


    මෙක මම නෙවෙයි ලිඋවෙ, යාලුවෙක්ගෙන් ඉල්ලගත්තෙ:D