නුඹ ගියත්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නුඹ ගියත්....

රේඛා මැකීලා වර්ණ සේදී ගියපු....
අතීතේ අපි එකට ඇන්ද සිතුවම් පුවරු....
අනාරාධිතවවිත් හදගැබේ ලැගුම්ගෙන...
නිදි නොමැති නෙතු මතම මැවෙයි මහ මැදියමෙත්....

දිනෙන් දින ගෙවීලා..සිතින් අප වෙන්වෙලා...
නුඹ මගේ හදවතින් ඈතටම ඉගිලිලා...
දොසක් නෑ මගේ හිතේ එදා වාගෙයි අදත්....
තුන් හිතම නුඹ කෙරේ ආදරේ දෝරෙයන....

දෙනෙත් යුග රිද්දමින් වැගිරුනත් කඳුලුවැල්.....
හදවතම දෙදරමින් හෙලුනමුත් සුසුම් වැල්...
වදන් පවසනු බැරිව ගොලුවුනත් මා දෙතොල්...
දරාගමි වේදනා නුඹ නමින් මතු මතුත්...


 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දිනෙන් දින ගෙවීලා..සිතින් අප වෙන්වෙලා...
    නුඹ මගේ හදවතින් ඈතටම ඉගිලිලා...
    දොසක් නෑ මගේ හිතේ එදා වාගෙයි අදත්....


    නියමයි ලස්සනයි නියමෙට ගලපලා
    :love::love::love::love:
    දිගටම ලියන්න අරුත් ඇති මෙවන් නිසදැස්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Nice one ashmi akkiyo... :) :love:
    "විරහවක් සිත කොනක
    ඇති බවක් දැනේවී මට..."
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar385521_7.gif
    =
    avatar_81db79b8776f_128.png


    :P:P:P:P:P:P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ටයි. මොකෝ දැන් අර හායි එලකිරියා පේන්න නැත්තේ.? :dull:

    බයිද වේ අක්කේ එකක් කියන්න අමතක උනා. මාත් එක්ක වලියක් ගියොත් එහෙම මේ පෝස්ට් එක කෝට් කරන්න එපා "වරණපාල තියරි" කියලා සම(හරක්) වගේ.:rofl::rolleyes::dull: