නුවරඑළියේ සුරංගනා ලෝකය-සඳ තැන්න

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    අද අපි කතා කරන්නේ නුවරඑළියේ යන ගොඩක් දෙනෙක්ට යන්න අමතක වෙන සුරංගනා ලෝකයක් ගැනයී.ඒ නමින් සඳ තැන්නයී.

    මේ ප්‍රදේශය තැනිතලා බිමකට තණකොළ වලින් වැසුණු පැතලි කඳු මුහුණතක් කිව්වොත් වඩාත් නිවැරදියි. 2014 අවුරුද්දේ සඳ තැන්න ප්‍රදේශය සංචාරකයන් සඳහා විවෘත කෙරුණේ.මේකට සඳ තැන්න කියන්න හේතුව නම් අපි හරියටම දන්නේ නැහැ.


    හැබැයි මේක සුරංගනා කතවල තියෙන ලස්සන මිටියාවතක් වගේමයි.සඳ තැන්න, එහෙමත් නැතිනම් මූන් ප්ලේන්ස් (Moon Plains) කියන්නේ නුවරඑළියට එන වැඩි දෙනා නොදන්න තවත් සුන්දර ඉසව්වක්.


    නුවර එලිය දිස්ත්‍රික්කයේ නගරයේ සිට 2.5km දුරකින් පිහිට ඇති මේ සුන්දර පරිසරය මහජනතාවට 2014 වසරේදී විවෘත කෙරුණා.ඉතාමත් සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ ප්‍රදේශය එම ස්ථානයේ ඇති රථ වාහන වලින් පමණක් ගමන් කිරීමට අවසර ඇති අතර පිට වාහන ඇතුළු කිරීම තහනම් කර ඇත්තේ එම පරිසරය ආරක්ෂා කරගැනීම සඳහායි.

    නුවරඑළිය කිව්වාම වැඩි දෙනාගේ මතකයට එන්නේ එක්කෝ සීතල, නැතිනම් උස කඳු, තේ වතු, ස්ට්‍රෝබෙරි වගේ දේවල් නේ. හැබැයි මේ සඳ තැන්න ප්‍රසිද්ධ වන්නේ අර්තාපල් වගාවටයි.සඳ තැන්න ගමන හරි සුන්දරයි මොකද වටපිටාව බලන්න පුළුවන් ලස්සන පාරක් දිගේ තමයි ගමන තියෙන්නේ.

    මේකත් ටිකක් සෆාරි ගමනක් වගේ. මග දිගටම තැනිතලා නිසා බොහොම ඈතට ලස්සන දර්ශනයක් දැක ගන්න පුළුවන්. ජීප් එකකින් තමා යන්න හොද. සඳ තැන්නේ.කොළ පාටට වැවුණු තණකොළ වල තිබුණේ අමුතුම ලස්සනක්, සනීප සීතල සුළඟෙත් අමුතුම මිහිරි ගතියක් තිබුණා. මුළු වටපිටාවම හොඳින් පෙනෙන තරම් වාතය හරිම පැහැදිලියි.

    පාර දිගේ යනකොට වතු වල වැඩ කරන ගොවීන් එහෙම දැක ගන්න පුළුවන්.අපි කලිනුත් කිව්වා වගේ සඳ තැන්න කියන්නේ කඳු මුහුණතක්. මේ නිසා ගමනේ මැදක් හරියේදී ප්‍රදේශයේ උස් බිමකට ලඟා වෙනවා. මේ හරිය අපි ලංකාවේදී දැකපු ලස්සනම දර්ශන පිරුණු තැනක් කිව්වොත් වැරැද්දක් නෑ.

    බලන බලන හැම පැත්තකටම කිලෝමීටර් ගණනාවක් ඈතට කිසිම බාධාවක් නැතිව දැකගන්න පුළුවන්. හරියට මුහුද මැද්දේ තියෙන පුංචි දූපතක ඉඳන් වටපිට බලනවා වගේ. වටපිටාව බලන්න හොඳම තැන පොඩි උස් මිටියාවතක් උඩ හදපු නැරඹුම් වේදිකාවක් තියෙනවා. අංශක 360 පින්තූර ගන්න කියාපු තැන.පැහැදිලි දවස් වලට අවට කදු 9ක්ම බලන්න පුලුවන් තැනක්.

    ගමන් විස්තරේ මෙහෙමයි,සඳ තැන්න තියෙන්නේ නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් දුරින්. මෙතනට එන්න වැව පහු කරගෙන මාගස්තොට පාරේ ඉදිරියට එන්න අවශ්‍යයි. මාගස්තොටින් උතුරට හැරිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය අර්තාපල් බීජ ගොවිපොළ තියෙන පැත්තට එන්න. නුපුරුදු කෙනෙක්ට මේ පැත්ත ටිකක් හොයා ගන්න අපහසු වෙන්න පුළුවන්.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ehe nm patta thama, math anthimat giya september wala aya kauruth hithiye na api kattiya witharai, patta sithalai, hulagai, meedumai :P thibba sithalata d mnda phone eke 80% wage thibba battery ek 0% vela off vela giya :(
     
    • Like
    Reactions: netudara and NRTG

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මට නම් වැඩි විශේෂත්වයක් නෑ. ඕකේ ඇවිදින්නත් බෑ. සෆාරි කරපු බොලෙරෝ එකක උඩ විසි වෙවී ගිහින් ඔතන බලලා ආයි ඒකෙම නැගලා එන්න තියෙන්නේ. සෆාරි බොලෙරෝවට ගෙවන ගානත් පාඩුයි කියලා හිතුනා.
     
    • Like
    • Wow
    Reactions: netudara and NRTG

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    View eka hondai. Oya kiyana tharam aathal ekak naha. Othanata safari bolero eke yaddi oluwa karawilla enawa 😅😅😅
     
    • Like
    Reactions: netudara

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට නම් වැඩි විශේෂත්වයක් නෑ. ඕකේ ඇවිදින්නත් බෑ. සෆාරි කරපු බොලෙරෝ එකක උඩ විසි වෙවී ගිහින් ඔතන බලලා ආයි ඒකෙම නැගලා එන්න තියෙන්නේ. සෆාරි බොලෙරෝවට ගෙවන ගානත් පාඩුයි කියලා හිතුනා.

    කීයක් ගෙවන්න ඕනද?
     
    • Like
    Reactions: netudara