ලන්කාවෙ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නන්,
1) මුලින් ඩොලර් එක පා කරන්න ඕන. - ඩොලර් එකට නියම මිල ලැබෙනකොට රටට ඩොලර් එන්න ගන්නව. අපනයන කර්මාන්ත වල යෙදෙන අයගෙ පඩි වැඩි කරන්නත් පුලුවන්.
2) ඔය ඉන්ධන , ගෑස් වගේ පිට රටින් ගේන දේවල් වලත් මිල පා කරන්න වෙනව ආණ්ඩුවෙන් දෙන සහන නවත්තල. - මෙහෙම කලොත් මිනිස්සු අරපිරිමැස්මෙන් පාවිච්චි කරාවි.
3) විදුලිය නිපදවන්න යන සැබෑ වියදම මිනිස්සුන්ගෙන් අය කරගන්න වෙනව.- මෙහෙම කලොත් අකන්ඩ විදුලි සැපයුමක් දෙන්න පුලුවන්. තව solar power projects වලට ලෝ ඉන්ටරෙස්ට් ණය දෙන්න ඕන.
4) බැන්කුවල පොලී අනුපාත වැඩි කරන්න ඕන උද්දමනයට සාපේක්ශව.
මේ හතර කලා නන් මාස කීපයක් ඇතුලත ඔය පෝලින් යුගය නවත්තන්න තිබුන.